Tuesday, February 27, 2018

Led පැනල් ලයිට් සදහා සුදුසු පරිපථයක්...


ඔබට මෙම Led පැනල් ලයිට් පරිපථය සදහා ටෝර්ච් Led බල්බ 126 ශ්‍රේණිගත ආකාරයට සවිකරගන්න පුළුවන්...මෙම පරිපථය සදහා අවම උපාංග ගණනක් භාවිතා කර ඇති නිසා එය ඔබට වඩාත් පහසුවක් වේවි. මෙම Led පැනල් ලයිට් සදහා සුදුසු පරිපථය ම ඔබට ඉදිරිපත් කලද, Led පැනල් ලයිට් සදහා හවුසින් නම් තවම වෙලදපොලේ මිලට ගන්න නම් නැහැ. එම නිසා වියාපාරික මට්ටමින් මෙම Led පැනල් ලයිට් නිෂ්පාදනය කිරීමට ඔබට හැකියාවක්  නැහැ. නමුත් බල්බ 126 යුතු මෙම පරිපතයෙන් ඔබට ඉතා දීප්තිමත් ආලෝකයක් ලබාගන්න පුළුවන්. මෙම පරිපථය පහතින්.....


මෙම Led පැනල් ලයිට් සදහා සුදුසු පරිපථයේ ඇති සියලුම උපාංග ඔබට ඉතා හුරු පුරුදු උපාංග බැවින් ඒවා පිළිබධ නැවත විස්තර කිරීමට ම අදහස් නොකරමි. ඒවගේම මෙම පරිපත්ය පුරාවටම 230v විදුලිය ගමන් කරන බැවින් ඔබ ඒ පිලිබදව සැලකිලිමත් වීම අනිවාර්යෙන් කලයුතු වේ.

Wednesday, February 21, 2018

ලොතරැයි කූඩු සහ ජංගම අළෙවි රථ සදහා සුදුසු ඇම්ප්ලිෆයරයක්...


දිනෙන් දිනම දියුණුවන ලෝකයත් සමග මිනිසාගේ ජීවන රටාවත් ඉතා සංකීර්ණවීම වැලැක්විය නොහැක්කක්. ඔබ සහ මම කුඩා අවධියේදී, පරණ පත්තර සහ බෝතල් මිලට ගන්න කෙනා ඔබගේ නිවසට පැමිණියේ,කුඩා කරත්තයකින් හෝ බයිසිකලයෙන් බව ඔබට මතක ඇති. ඒ වාගේම ඔවුන් පැමිණෙන බවට ජනතාව දැනුවත් කලේ, බෝතාල් ....පත්තරේ.... කියා කෑගසා කියමින්...ඒත් අද තත්වය හාත්පසින්ම වෙනස් වෙලා.. අද බෝතල්,පත්තර මිලට ගන්න එන්නෙත් වාහනයකින්..එදා , බෝතාල් ....පත්තරේ.... කියා කෑගසා කියන කර්කෂක හඩ  වෙනුවට ශබ්ද විකාශන පද්ධතියකින් ඉතා ලයාන්විත සංගීත රාවයක් සමග සුමිහිරි වදන් පෙලකින් ඔබ අමතනවා.. මේ ආකාරයට ජංගම ශබ්ද විකාශන පද්ධති භාවිතයට අද බොහෝදෙනෙක් පෙලබිලා තිබෙනවා. ලොතරැයි කුඩු, ජංගම ලොතරැයි රථ, ජංගම වෙළද රථ ආදිය මෙයින් ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් මම අද ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි ජංගම අලෙවි රථ සදහා සුදුසු ඇම්ප්ලිෆයර පරිපථයක්.


LA 4440 නම් වූ Pin 14 කින් යුතු වූ IC උපාංගයක් පාදක කරගෙන නිර්මාණය වී ඇති මෙම ඇම්ප්ලිෆයරයෙන් වොට් 19 ක බලයක් අපට ලබාගත හැකියි.IC උපාංගයේ Pin ගණනය කරගන්නා ආකාරයද පහත රුපයක් මගින් ඉදිරිපත් කර ඇත. ඒ වාගේම මෙම  ඇම්ප්ලිෆයරයට පහත රුප වලින් පෙන්වා ඇති ආකාරයේ කුඩා Reflex Horn(කුඩා ලවුඩ් ස්පීකර් ) එකක් සවිකළ හැකියි.



පරිපථය කුඩාවට සාදා,වෙළද පොලේ විකිනීමට ඇති කුඩා  ඇම්ප්ලිෆයර කේසින් එකක පරිපතය සවිකළ හැකි අතර, පරිපථයේ +12v  යනුවෙන් සදහන් ස්ථානයට + විදුලියත්, Earth සලකුණ ඇති ස්ථානයට (-) විදුලියත් ලබාදෙන්න. ජංගම රථයක මෙම ඇම්ප්ලිෆයරය භාවිතා කරන්නේ නම් එම රථයේ ඇති බටරියෙන්ම විදුලිය සැපයිය හැක.

පරිපථයේ Audio Input නම්වූ ස්ථානයට සහ Earth සලකුණ ඇති ස්ථානයට, රේඩියෝවක හෝ වෙනත් ප්‍රභවයක Output Signal එක ලබාදෙන්න. තවද මම මිට කලින් ලිපියකින් ඉදිරිපත් කල Mic Preamplifier එක සාදාගෙන මෙම පරිපතයට එක්  කරගැනීමෙන් Mic එකක් සවිකර ඇමතීමේ පහසුකමද ලැබෙනු ඇත.
Small Reflex Horns

Mic Preamplifier එකක් සවි නොකරන්නේ නම්, භාවිතයෙන් ඉවත් කරන ලද Land Phone එකක Handset එකේ ඇති Ear Phone එක, පරිපථයේ Audio Input නම්වූ ස්ථානයට සහ Earth සලකුණ ඇති ස්ථානයට සවිකර Mic එකක් ලෙස භාවිතා කල හැක.

පරිපථයේ Speaker යනුවෙන් සදහන් ස්ථානයට වොට් 20 පමණ, රුප වලින් පෙන්වා ඇති ආකාරයේ Reflex Horn එකක් සවි කරන්න. ඔබගේ නිර්මාණශීලි හැකියාව මත මෙම  ඇම්ප්ලිෆයර නිෂ්පාදනය ව්‍යාපාරයක් ලෙස වුවද සිදුකල හැක.

 මෙම  ඇම්ප්ලිෆයරයට Volume Control එකක් සවිකරන ආකාරය.

10K  Volume Control එකක් ගෙන එහි දෙපස ඇති Pin දෙකෙන් එකක් (-) විදුලියටත්,අනෙක Audio Input ස්ථානයටත් සවි කරන්න. ඉන්පසු මැද පින් එකටත්, Earth සලකුණ ඇති ස්ථානයටත්  රේඩියෝවක හෝ වෙනත් ප්‍රභවයක Output Signal එක ලබාදෙන්න.

Sunday, February 18, 2018

CCTV කැමරා ස්ථාපනය පහසු කරන උපකාරක උපාංගයක්.( CCTV Installation Supporting Component )


අපගේ වෙබ් අඩවියෙන් දැනුම ලබාගෙන CCTV කැමරා සවිකිරීම ස්වයන් රැකියාවක් ලෙස කරන්න, ගොඩක් අය පෙලබිලා ඉන්නවා කියලා මට දිනපතා ලැබෙන දුරකතන ඇමතුම් වලින් දැනගන්න ලැබෙනවා..ඉතින් ඒ සියලුම දෙනාට තමන්ගේ රැකියාව ඉතා උසස් ගුණාත්මක  මට්ටමින් කිරීමට අවශ්‍ය, CCTV කැමරා ස්ථාපනයේදී අවශ්‍ය උපකාරක උපාංගයක් තමයි මම අද ඔබට හදුන්වල දෙන්නේ... මේකට කියන්නේ CCTV Tester කියල..

ඔබ යම්කිසි ස්ථානය කැමරාවක්  සවිකළ පසු, එම කැමරාවෙන්, ඔබේ සේවාදායකය බලාපොරොත්තුවන ආවරණ ප්‍රදේශය නිවැරදිවම  ආවරණය වනවාද කියා බැලීමට DVR එකට  සවිකර ඇති මොනිටරය හෝ TV එක අසලට යාමට සිදුවනවා...ඔබ කැමරා 8 ක හෝ 16 ක  ඊටත් වැඩි කැමරා ගණනක CCTV කැමරා පද්ධතියක් සවිකරන විට ඒවායේ ආවරණ ප්‍රදේශ පිරික්සීමට ඔබ කොපමණ නම් වාර ගණනක් මොනිටරය හෝ TV එක අසලට යාමට සිදුවේද? ඉතින් CCTV කැමරා ටෙස්ටර්  එකක් තිබේනම් ඔබට මෙම ගැටලුවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒවගේම මෙවැනි පරීක්ෂණ උපකරණ ඔබේ සේවාදායකයා ඉදිරියේදී ඔබ භාවිතා කිරීම තුලින් ඔබේ සේවාව පිළිබද සේවාදායකයට පැහැදීමක් ඇතිවනවා මෙන්ම ඔබගේ සේවාව ප්‍රවර්ධනය වීමකුත් ඉබේම සිදුවනවා.


ඔබට කරන්න තිබෙන්නේ මෙම CCTV කැමරා ටෙස්ටර් එකට, ඔබ සවිකරන ලද කැමරාවේ Video Out වරයා සහ කැමරාවේ විදුලි සැපයුම් වයරය සවිකිරීම පමණයි. එවිට CCTV කැමරා ටෙස්ටර් එකේ ඇති Lcd Display එක තුලින් කැමරාවේ දර්ශන දර්ශනය වනවා. දැන් ඔබට පුළුවන්  Lcd Display එක දෙස බලාගෙන ඔබට ආවරණය කරගත යුතු නිවැරදි ආවරණ කලාපයට කැමරාව සකසාගන්න. ඉතින් විවිධ මාදිලියේ  CCTV කැමරා ටෙස්ටර් තිබෙන අතර එවැනි මාදිලි දෙකක් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා.. 

Saturday, February 17, 2018

ඔබ සාදන Led බල්බ් වල හෝල්ඩර් බේස් එක සවිකරන්න උපකරණයක්...

ඉතින් ගොඩක් අය අපේ වෙබ් අඩවියෙන් ඉගෙනගෙන Led බල්බ් හදනවා කියල Call කරලා කියනවා..ඉති තමන්ගේ නිවසේ භාවිතයට පමණක් Led බල්බ හදාගන්න අයට නම්, බල්බ් හවුසින් එකේ කරට හෝල්ඩර් බේස් එක අලවල සවි කරන්න පුළුවන්. ඒත්  වියාපාරයක් විදිහට මහාපරිමාණයෙන් ඔබ බල්බ නිෂ්පාදනය කරනවානම් හෝල්ඩර් බේස් එක අලවන එක ප්‍රයෝගික නැතුවා මෙන්ම ඔබ සාදන බල්බයේ ගුණාත්මක බවටත් එහි නිමවටත් අඩුවක් වනවා. ඉති ඒ නිසා මම අද ඔබට හදුන්වලා දෙනවා නියම ආකාරයටම හෝල්ඩර් බේස් එක සවිකරන්න පුළුවන් උපකරණයක්. මේකට කියන්නේ Holder Base Fixing Tool කියල..පහතින්  පෙන්නලා තිබෙන්නේ එම උපකරණය  තමයි.



මෙහි කොන් හතරේ ඇති සිදුරු මගින් ඇන යොදා මෙම උපකරණය බිත්තියක හෝ වෙනත් සුදුසු ස්ථානයක  සවිකර ගන්න. ඉන්පසු බල්බ හවුසින් එක කරට හෝල්ඩර් බේස් එක තබා උපකරණයේ මැද සිදුරට තබා හැන්ඩ්ල් එක පහතට කරන්න. එවිට හෝල්ඩර් බේස් එක බල්බ හවුසින් එකේ කරට හොදින් හක්වනු ඇත. මෙම උපකරණය පිටකොටුවේ Unitech ආයතනයෙන් ලබාගත හැක.

Wednesday, February 14, 2018

ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සරයක සදහන්ව ඇති තොරතුරු...


අපට පරිපතවලදී හමුවන ඕනෑම ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සරයක එහි බදෙහි පහත සදහන් තොරතුරු සදහන් කර තිබෙනවා. ඉති ඒවා මොනවද යන්න ඔබ දැනගෙන සිටීම ඉතා වැදගත් වනවා...





(1) එහි අගය.
(2) එයට ලබාදියහැකි උපරිම වෝල්ටීයතාවය.
(3) එයට දැරිය හැකි උපරිම උෂ්ණත්වය.
(4) (-) පදය හදුනාගැනීමට සලකුණු කර ඇති ආකාරය.




Tuesday, February 13, 2018

විසිතුරු බල්බයක් සකසාගත හැකි සරලම ක්‍රමය...


ශ්‍රී ලංකාවාසී අපි, වෙසක් උත්සවය, නත්තල් උත්සවය වගේම නොයෙකුත් උත්සව අවස්ථාවන්හිදී විදුලි ආලෝකය විසිතුරු ලෙස භාවිතා කරන්න පුරුදු වී සිටිනවා...මංගල උත්සව, ප්‍රියසම්භාෂණ ආදී අවස්ථාවලත් තත්වය එසේමයි. මෙම ආලෝක  රටා මවන්නට නොයෙකුත් උපකරණ සහ උපාංග භාවිතා කරනවා..එත් මම අද ඔබට කියල දෙන්නේ සරල ක්‍රමයකට යම්කිසි බල්බයක්, අකුණු ගසනවා වැනි ආකාරයට පත් කරන්නේ කෙසේද කියලා...මේ සදහා ඔබට සාමාන්‍ය බල්බ, Spot බල්බ වැනි බල්බ වර්ග භාවිතා කරන්න පුළුවන්, මේසදහා අවශ්‍ය වන්නේ ටියුබ් ලයිට් සදහා භාවිතාකරන ස්ටාටරයක් පමණයි. ස්ටාටරය බල්බයට සවි කරන ආකාරය මම පහතින් ඉදිරිපත් කරලා තිබෙනවා..


මෙම ක්‍රමය තනි බල්බයකට මෙන්ම බල්බ වැලකට  වුවද භාවිතා කරන්න පුළුවන්. ඔබ කල යුත්තේ තනි බල්බයට හෝ බල්බ වැලට ශ්‍රේණිගත ලෙස ස්ටාටරය සවිකිරීම පමණයි. ඔබට අවශ්‍ය නම් පහත දක්වා ඇති ආකාරයේ සාමාන්‍ය Led බල්බ 100 ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර ස්ටාටරයද ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර 230v වලින් දල්වන්න පුළුවන්.

Sunday, February 11, 2018

වාහන වල රිවස් ලයිට් වැඩකරන හැටි...


එදිනෙදා  ජිවිතයේ සාමාන්‍ය දැනීමට මේ වගේ දේවල් දැනගෙන සිටීම  ඉතා වැදගත් වනවා. විශේෂයෙන්ම වාහනයක්  තිබෙන කෙනෙක් මේවගේ දේවල්, අනිවාර්යෙන්ම  දැනගෙන සිටිය යුති අතර, වාහනයක් නොමැති කෙනෙකුට වුවත් මේ වගේ දේවල් පිළිබද ක්‍රියාකාරිත්වයේ අවබෝධයක් ලබාගෙන තිබීම අපතේ නොවන දෙයක් වනවා. අපි දන්නවා, ඕනෑම වාහනයක රිවස් ගියර් එක දාපු ගමන්ම රිවස් ලයිට් දැල්වෙනවා..ඉතින් මෙය ඉතාම සරල ක්‍රියාදාමයක්. මෙහිදී සිදු වන්නේ සාමාන්‍ය ආකාරයටම වාහනයේ බැටරියෙන් ස්විචයක් හරහා රිවස් ලයිට් වල ඇති බල්බ වලට විදුලිය සැපයීමයි. ඉතින් මෙම ස්විචය, Push to On මාදිලියේ ස්විචයක් වන අතර මෙම ස්විචයට කියන්නේ රිවස් ලයිට් ස්විච් කියල. පහතින් මම පෙන්නලා තිබෙන්නේ රිවස් ලයිට් ස්විච් එකක් තමයි.








මෙය ක්‍රියා කරන්නේ මෙහෙමයි...ඔබට පෙනෙනවා ඇති මෙම ස්විචයේ, ත්‍රෙඩ් එකක් සහ ඉන් ඉදිරියෙන් තරමක සිලින්ඩරාකාර කොටසක් තිබෙන බව. මෙම සිලින්ඩරාකාර කොටස Press කරගෙන සිටින තෙක්  මෙම ස්විචය On වී තිබෙනවා.එය නිදහස් කල ගමන්ම ස්විචය ඔෆ්ෆ් වනවා..ඉතින් මෙම ස්විචය සවි වන්නේ වාහනයේ ගියර් බොක්ස් එකට. එනම්, මෙම ස්විචයේ සිලින්ඩරාකාර කොටස, ගියර් බොක්ස් එකේ ඇතුලට සිටින පරිදි ස්විචයේ ඇති ත්‍රෙඩ් වලින් ගියර් බොක්ස් එකේ බදට සවිවනවා. පහත රුපය මගින් එය ඔබට තව දුරටත් පැහැදිලි වේවි.




අපි වාහනයේ රිවස්  ගියර් එක දමනවත් සමගම ගියර් බොක්ස් එක ඇතුලත තිබෙන Arm එකකින් මෙම ස්විචයේ සිලින්ඩරාකාර කොටස Press වී ස්විචය On වන අතර, එය මගින් පරිපථය සම්පුර්ණ වී වාහනයේ  රිවස් ලයිට් දැල්වෙනවා.මෙය ඉතාම සරල ක්‍රියාදාමයක් බව දැන් ඔබට වැටහෙනවා ඇති.

කිසියම් වාහනයක රිවස් ලයිට් දැල්වෙන්නේ නැත්නම්, එයට හේතුව මේවා වෙන්න පුළුවන්

(1) වාහනයේ රිවස් ලයිට් වල ඇති බල්බ පිලිස්සී තිබීම.
(2) වාහනයේ රිවස් ලයිට් වලට අදාල විදුලි පරිපථයේ Fuse එක දැවී 
      ගොස් තිබීම.
(3) වාහනයේ රිවස් ලයිට් ස්විචය අක්‍රිය වී තිබීම.

කිසියම් වාහනයක රිවස් ලයිට් එක දිගටම දැල්වී තිබේනම්, එනම් ඉදිර ගියර් දම තිබෙන විටද රිවස් ලයිට් එක දිගටම දැල්වී තිබේනම්, එයට හේතුව වන්නේද  රිවස් ලයිට් ස්විචයයි. එනම්, රිවස් ලයිට් ස්විචය On තත්වයේ තිබියදීම අක්‍රිය වී ඇත. මෙම රිවස් ලයිට් ස්විචය On තත්වයේ තිබියදීම අක්‍රිය වී තිබීමේ දෝෂය බොහෝ ත්‍රිරෝද රථ වල දක්නට ලැබෙන සුලබ දෝෂයකි.

Saturday, February 10, 2018

වාහන සදහා Wireless රිවස් කැමරා පද්ධති සවිකිරීම...


ඉතින් මම කලින් ලිපියෙන්  ඉදිරිපත්කල රිවස් කැමරා පද්ධතියේ කැමරාව සහ මොනිටරය සම්බන්ධ කලේ Video Cable එකක් මාර්ගයෙන් කියල ඔබට මතක ඇති. නමුත්, දිනෙන් දිනම ඇතිවන තාක්ෂණයේ දියුණුවත් සමග, Wireless වාහන රිවස් කැමරා පද්ධතිත් දැන් වෙළද පොලට පැමිණ තිබෙනවා. මෙයත් ඉතාම සරල ක්‍රියාදාමයක්. මෙම ක්‍රමයේදීද  කැමරාවට සහ මොනිටරයට විදුලිය සැපයීමට වයර් භාවිතා කලත්, කැමරාවෙන් ලැබෙන දර්ශන මොනිටරය වෙත ගෙනයාමට වයර් භාවිතා වෙන්නේ නැහැ. කැමරාව සහ මොනිටරය සම්බන්ධ වන්නේ Radio Signal  මාර්ගයෙනි. මෙහිදී, කැමරාවේ දර්ශන විසුරුවාහැරීමට කැමරාවට, සවිකිරීමට Transmeter යුනිට් එකකුත්, එම දර්ශන ග්‍රහණය කරගැනීමට මොනිටරයට සවිකරන Receiver යුනිට් එකකුත් තිබෙනවා. කැමරාවට සවිවන Transmeter යුනිට් එක මම පහතින් ඉදිරිපත් කර ඇත.


මෙම Transmeter යුනිට් එකේ පාට ජැක් එක කැමරාවේ Video Out ස්ථානයට සවිකරන්න. රතු පාට ජැක් එක කැමරාවේ Power සොකට් එකට සවිකරන්න. ඉන්පසු DC 12v නම් වූ + වයරය වාහනයේ රිවස් ලයිට් එකක + වයරයට සවිකරන්න. GND නම් වූ - වයරය එම රිවස් ලයිට් එකේම - වයරයට සවි කරන්න.

පහතින් ඉදිරිපත් කර ඇත්තේ, මොනිටරයට සවිවන Receiver යුනිට් එකකි.


මෙම Receiver යුනිට් එකේ, කහපාට ජැක් එක මොනිටරයට සවි කරන්න. ඉන්පසු වාහනයේ විදුලි පද්ධතියෙන් DC 12v හා GND යනුවෙන් සදහන් ස්ථානයට විදුලිය සපයන්න. ඔබට අවශ්‍ය නම්,වාහනයේ සිගරට් ලයිටරයෙන් වුවද විදුලිය සැපයිය හැක. ඔබ මොනිටරයට විදුලිය සපයා තැබුවා කියා දිගටම මොනිටරය ON  වී තිබෙන්නේ නැහැ. මොනිටරය ON වන්නේ කැමරාවෙන් මොනිටරයට එන  Signal එක මගිනි. එනම් රිවස් ගියර් එක දැමු ඕනෑම මොහොතක කැමරාව ස්වයන්ක්‍රියව ON වේ.

Wireless වාහන රිවස් කැමරා පද්ධතියක් සවිකරන ආකාරය පහතින් ඉදිරිපත් කර ඇති Video එක තුලින්ද බලන්න.

Wednesday, February 7, 2018

බුදු මැදුරු සහ ආගමික ස්ථාන සදහා Led විදුලි පහනක්...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ බුදු මැදුරු සහ ආගමික ස්ථාන සදහා Led විදුලි පහනක් සාදාගන්නා ආකාරයයි. සාමානයෙන් බුදු මැදුරු සහ ආගමික ස්ථාන වල දල්වන විදුලිපහන්, නිවා දැමීමකින් තොරව එක දිගටම දල්වා තබන නිසා ඒ සදහා විශාල විදුලි ප්‍රමාණයක් වැය  වනවා. ඔබගේ නිවසේ ඇති බුදු පිළිමය ලග ඇති විදුලිපහන වුවත් එහෙම තමයි. ඉතින් මම අද ඔබට ඉදිරිපත් කරන මෙම විදුලි පහන සදහා ඉතා අවම විදුලිය ප්‍රමාණයක්. ඔබ මෙම විදුලි පහන සාදා, නිවසේ අනෙකුත් සියලුම විදුලි උපකරණ නිවා දමා මෙම විදුලිපහන පමණක් දල්වා නිවසේ විදුලි මීටරය දිහා බලන්න. මීටරය කරකැවීම ඔබගේ ඇසට පේන්නෙවත් නැති තරම්. අවම උපාංග ගණනක් සහිත එම පරිපථය පහතින් මම ඉදිරිපත් කරලා තිබෙනවා.


 ඔබ මෙම පරිපථය සදහා භාවිතා කල යුත්තේ සාමාන්‍ය Led බල්බ් තමයි. පහතින් පෙන්වා ඇති ආකාරයේ  Led බල්බ ඔබට මේ සදහා භාවිතා කරන්න පුළුවන්. වර්ණ Led බල්බ මෙන්ම වර්ණ කිහිපයකින් දැල්වෙන Led බල්බද මේ සදහා යොදාගැනීමෙන් වඩාත් ආකර්ශනීය විදුලි පහනක් ඔබට නිමවා ගත හැකි වනු ඇත.




මෙම විදුලි පහනේ හවුසින් එක  සදහා පහත පෙන්වා ඇති ආකාරයේ 5w ඇලුමිනියම් විදුලි පහනක හවුසින් එක භාවිතා කරන්න පුළුවන්. එහි බල්බ පාස්සන Plate එකට 1w ලෙඩ බල්බ වෙනුවට සාමාන්‍ය Led බල්බ පාස්සගන්න. ඒවගේම පරිපතයද ඉතා කුඩාවට සාදාගෙන වයරින් ටේප් හෝ මාස්කින් ටේප් වලින් ඔතා හවුසින් එක තුලට ඇතුළු කරන්න.