අපගේ වෙබ් අඩවියෙන් දැනුම ලබාගෙන CCTV කැමරා සවිකිරීම ස්වයන් රැකියාවක් ලෙස කරන්න, ගොඩක් අය පෙලබිලා ඉන්නවා කියලා මට දිනපතා ලැබෙන දුරකතන ඇමතුම් වලින් දැනගන්න ලැබෙනවා..ඉතින් ඒ සියලුම දෙනාට තමන්ගේ රැකියාව ඉතා උසස් ගුණාත්මක මට්ටමින් කිරීමට අවශ්‍ය, CCTV කැමරා ස්ථාපනයේදී අවශ්‍ය උපකාරක උපාංගයක් තමයි මම අද ඔබට හදුන්වල දෙන්නේ... මේකට කියන්නේ CCTV Tester කියල..
ඔබ යම්කිසි ස්ථානය කැමරාවක් සවිකළ පසු, එම කැමරාවෙන්, ඔබේ සේවාදායකය බලාපොරොත්තුවන ආවරණ ප්‍රදේශය නිවැරදිවම ආවරණය වනවාද කියා බැලීමට DVR එකට සවිකර ඇති මොනිටරය හෝ TV එක අසලට යාමට සිදුවනවා...ඔබ කැමරා 8 ක හෝ 16 ක ඊටත් වැඩි කැමරා ගණනක CCTV කැමරා පද්ධතියක් සවිකරන විට ඒවායේ ආවරණ ප්‍රදේශ පිරික්සීමට ඔබ කොපමණ නම් වාර ගණනක් මොනිටරය හෝ TV එක අසලට යාමට සිදුවේද? ඉතින් CCTV කැමරා ටෙස්ටර් එකක් තිබේනම් ඔබට මෙම ගැටලුවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒවගේම මෙවැනි පරීක්ෂණ උපකරණ ඔබේ සේවාදායකයා ඉදිරියේදී ඔබ භාවිතා කිරීම තුලින් ඔබේ සේවාව පිළිබද සේවාදායකයට පැහැදීමක් ඇතිවනවා මෙන්ම ඔබගේ සේවාව ප්‍රවර්ධනය වීමකුත් ඉබේම සිදුවනවා.
ඔබට කරන්න තිබෙන්නේ මෙම CCTV කැමරා ටෙස්ටර් එකට, ඔබ සවිකරන ලද කැමරාවේ Video Out වරයා සහ කැමරාවේ විදුලි සැපයුම් වයරය සවිකිරීම පමණයි. එවිට CCTV කැමරා ටෙස්ටර් එකේ ඇති Lcd Display එක තුලින් කැමරාවේ දර්ශන දර්ශනය වනවා. දැන් ඔබට පුළුවන් Lcd Display එක දෙස බලාගෙන ඔබට ආවරණය කරගත යුතු නිවැරදි ආවරණ කලාපයට කැමරාව සකසාගන්න. ඉතින් විවිධ මාදිලියේ CCTV කැමරා ටෙස්ටර් තිබෙන අතර එවැනි මාදිලි දෙකක් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා..



No comments:
Post a Comment