එදිනෙදා ජිවිතයේ සාමාන්‍ය දැනීමට මේ වගේ දේවල් දැනගෙන සිටීම ඉතා වැදගත් වනවා. විශේෂයෙන්ම වාහනයක් තිබෙන කෙනෙක් මේවගේ දේවල්, අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුති අතර, වාහනයක් නොමැති කෙනෙකුට වුවත් මේ වගේ දේවල් පිළිබද ක්‍රියාකාරිත්වයේ අවබෝධයක් ලබාගෙන තිබීම අපතේ නොවන දෙයක් වනවා. අපි දන්නවා, ඕනෑම වාහනයක රිවස් ගියර් එක දාපු ගමන්ම රිවස් ලයිට් දැල්වෙනවා..ඉතින් මෙය ඉතාම සරල ක්‍රියාදාමයක්. මෙහිදී සිදු වන්නේ සාමාන්‍ය ආකාරයටම වාහනයේ බැටරියෙන් ස්විචයක් හරහා රිවස් ලයිට් වල ඇති බල්බ වලට විදුලිය සැපයීමයි. ඉතින් මෙම ස්විචය, Push to On මාදිලියේ ස්විචයක් වන අතර මෙම ස්විචයට කියන්නේ රිවස් ලයිට් ස්විච් කියල. පහතින් මම පෙන්නලා තිබෙන්නේ රිවස් ලයිට් ස්විච් එකක් තමයි.
මෙය ක්‍රියා කරන්නේ මෙහෙමයි...ඔබට පෙනෙනවා ඇති මෙම ස්විචයේ, ත්‍රෙඩ් එකක් සහ ඉන් ඉදිරියෙන් තරමක සිලින්ඩරාකාර කොටසක් තිබෙන බව. මෙම සිලින්ඩරාකාර කොටස Press කරගෙන සිටින තෙක් මෙම ස්විචය On වී තිබෙනවා.එය නිදහස් කල ගමන්ම ස්විචය ඔෆ්ෆ් වනවා..ඉතින් මෙම ස්විචය සවි වන්නේ වාහනයේ ගියර් බොක්ස් එකට. එනම්, මෙම ස්විචයේ සිලින්ඩරාකාර කොටස, ගියර් බොක්ස් එකේ ඇතුලට සිටින පරිදි ස්විචයේ ඇති ත්‍රෙඩ් වලින් ගියර් බොක්ස් එකේ බදට සවිවනවා. පහත රුපය මගින් එය ඔබට තව දුරටත් පැහැදිලි වේවි.
අපි වාහනයේ රිවස් ගියර් එක දමනවත් සමගම ගියර් බොක්ස් එක ඇතුලත තිබෙන Arm එකකින් මෙම ස්විචයේ සිලින්ඩරාකාර කොටස Press වී ස්විචය On වන අතර, එය මගින් පරිපථය සම්පුර්ණ වී වාහනයේ රිවස් ලයිට් දැල්වෙනවා.මෙය ඉතාම සරල ක්‍රියාදාමයක් බව දැන් ඔබට වැටහෙනවා ඇති.
කිසියම් වාහනයක රිවස් ලයිට් දැල්වෙන්නේ නැත්නම්, එයට හේතුව මේවා වෙන්න පුළුවන්
(1) වාහනයේ රිවස් ලයිට් වල ඇති බල්බ පිලිස්සී තිබීම.
(2) වාහනයේ රිවස් ලයිට් වලට අදාල විදුලි පරිපථයේ Fuse එක දැවී
(2) වාහනයේ රිවස් ලයිට් වලට අදාල විදුලි පරිපථයේ Fuse එක දැවී
ගොස් තිබීම.
(3) වාහනයේ රිවස් ලයිට් ස්විචය අක්‍රිය වී තිබීම.
කිසියම් වාහනයක රිවස් ලයිට් එක දිගටම දැල්වී තිබේනම්, එනම් ඉදිර ගියර් දම තිබෙන විටද රිවස් ලයිට් එක දිගටම දැල්වී තිබේනම්, එයට හේතුව වන්නේද රිවස් ලයිට් ස්විචයයි. එනම්, රිවස් ලයිට් ස්විචය On තත්වයේ තිබියදීම අක්‍රිය වී ඇත. මෙම රිවස් ලයිට් ස්විචය On තත්වයේ තිබියදීම අක්‍රිය වී තිබීමේ දෝෂය බොහෝ ත්‍රිරෝද රථ වල දක්නට ලැබෙන සුලබ දෝෂයකි.



No comments:
Post a Comment