අද මම ඔබට ඉදිරිපත් කරන්නේ බුදු මැදුරු සහ ආගමික ස්ථාන සදහා Led විදුලි පහනක් සාදාගන්නා ආකාරයයි. සාමානයෙන් බුදු මැදුරු සහ ආගමික ස්ථාන වල දල්වන විදුලිපහන්, නිවා දැමීමකින් තොරව එක දිගටම දල්වා තබන නිසා ඒ සදහා විශාල විදුලි ප්‍රමාණයක් වැය වනවා. ඔබගේ නිවසේ ඇති බුදු පිළිමය ලග ඇති විදුලිපහන වුවත් එහෙම තමයි. ඉතින් මම අද ඔබට ඉදිරිපත් කරන මෙම විදුලි පහන සදහා ඉතා අවම විදුලිය ප්‍රමාණයක්. ඔබ මෙම විදුලි පහන සාදා, නිවසේ අනෙකුත් සියලුම විදුලි උපකරණ නිවා දමා මෙම විදුලිපහන පමණක් දල්වා නිවසේ විදුලි මීටරය දිහා බලන්න. මීටරය කරකැවීම ඔබගේ ඇසට පේන්නෙවත් නැති තරම්. අවම උපාංග ගණනක් සහිත එම පරිපථය පහතින් මම ඉදිරිපත් කරලා තිබෙනවා.
ඔබ මෙම පරිපථය සදහා භාවිතා කල යුත්තේ සාමාන්‍ය Led බල්බ් තමයි. පහතින් පෙන්වා ඇති ආකාරයේ Led බල්බ ඔබට මේ සදහා භාවිතා කරන්න පුළුවන්. වර්ණ Led බල්බ මෙන්ම වර්ණ කිහිපයකින් දැල්වෙන Led බල්බද මේ සදහා යොදාගැනීමෙන් වඩාත් ආකර්ශනීය විදුලි පහනක් ඔබට නිමවා ගත හැකි වනු ඇත.
මෙම විදුලි පහනේ හවුසින් එක සදහා පහත පෙන්වා ඇති ආකාරයේ 5w ඇලුමිනියම් විදුලි පහනක හවුසින් එක භාවිතා කරන්න පුළුවන්. එහි බල්බ පාස්සන Plate එකට 1w ලෙඩ බල්බ වෙනුවට සාමාන්‍ය Led බල්බ පාස්සගන්න. ඒවගේම පරිපතයද ඉතා කුඩාවට සාදාගෙන වයරින් ටේප් හෝ මාස්කින් ටේප් වලින් ඔතා හවුසින් එක තුලට ඇතුළු කරන්න.





No comments:
Post a Comment