Saturday, July 31, 2021

Led Lamp Dimmer එකක් සාදමු...

 

පහත දැක්වෙන්නේ ඉතාමත් සරල Led Lamp Dimmer පරිපතයකි. LM 358 IC උපාංගය සහ BC 547 ට්‍රාන්සිස්ටරය මෙම පරිපථයේ ප්‍රධානතම උපාංග වන අතර,පරිපථයට ලබාදිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 5 කි.




Friday, July 30, 2021

Ni - Cd Battery Charger...



නැවත ආරෝපණය කල හැකි  Ni - Cd Battery Charger පරිපථයක් පහතින් ඉදිරිපත්කර ඇති අතර, මෙම පරිපථයට 12v - 15v අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැකියි. මෙම පරිපථයේ විශේෂත්වයක් වන්නේ, බැටරි වල අග්‍ර මාරු වුවත් පරිපථයට හානියක් නොවනසේ නිර්මාණය කර තිබීමයි. පරිපථයේ Q2 ලෙස ට්‍රාන්සිස්ටර් දෙකක් ලෙස  පෙන්වා ඇත්තේ, BD 679 Darlington වර්ගයේ ට්‍රාන්සිස්ටර් එකකි. 


Parts List

P1 = 1K
R1 = 680R
R2 = 47K
R3 = 1R-3W
Q1 = BC557
Q2 = BD679 (Darlington)
D1-D5 = 1N4148
D6 = 1N4001

Thursday, July 29, 2021

USB Table Lamp...

 

පහතින් දක්වා ඇත්තේ,ඔබට ඉතාමත් පහසුවෙන් සාදා ගත හැකි  USB Table Lamp පරිපථයකි. Led බල්බ 12 කින් සමන්විත මෙම පරිපථය සදහා ඕම්ස් 50 රෙසිස්ටර් 4 ක් සහ ඕම්ස් 60 රෙසිස්ටර් 4 ක් භාවිතා කර ඇත. ඔබ රාත්‍රී කාලයේ පරිගණකයේ වැඩ කරන විට පරිගණකයේ යතුරු පුවරුවට එලිය ලබාගැනීමට වුවද මෙම USB Table Lamp පරිපථය යොදාගත හැක.

Tuesday, July 27, 2021

සෝලා බැටරි චාජරයක් සාදමු...


අද මම ඔබට කියල දෙන්නේ හිරු එළියෙන් බැටරි චාර්ජ්  කොහොමද කියලා...යම් කෙනෙකුට සිතෙන්න පුළුවන්, Solar Panel එකක වයර් දෙක බටරියකට සවි ක්‍රම බැටරිය චාර්ජ් වෙනවා නේද කියලා...බටරිය නම් චාර්ජ් වෙනවා තමයි, ඒවගේම බැටරිය ප්‍රමාණය ඉක්මවා චාර්ජ් වී (Over Charge ) බැටරියේ ආයු කාලය අඩුවීම හෝ බැටරිය සම්පුර්ණයෙන්ම අඩපන වෙන්නත් පුළුවන්. ඉති මම පහත ඉදිරිපත්කරලා තිබෙන සෝලා බැටරි චාජර් එක මගින් බැටරිය නියමිත ප්‍රමාණයට චාර්ජ් වූ සැනින් ස්වයන්ක්‍රියව, බැටරියට ලැබෙන  විදුලිය නවතාලනු ලබනවා. එම නිසා බැටරියේ ආරක්ෂාව ගැන ආයේ දෙවරක් සිතන්න අවශ්‍ය නැහැ. 


මෙම සෝලා බැටරි චාජරයෙන් 6v   4.5Ah (ඇම්පියර් 4,5) ක රිචාජබල් බැටරියක් චාර්ජ්  කරන්න පුළුවන්. ඒ වාගේම මෙම බැටරි චාජරයට අවශ්‍ය වන්නේ 12v  10w හෝ 20w  සෝලා පැනල් එකක්. මෙම  සෝලා පැනල් මිලදී ගත හැකි ස්ථානත්  මම පහතින් ඉදිරිපත්කරලා තිබෙනවා. Solar Panel එක පරිපතයට සවිකිරීමේදී, Solar Panel එකේ + සහ (-) හොදින් බලා නිවැරදිව පරිපතයට සවි කරන්න.පරිපථයේ ZD ලෙස දක්වා ඇත්තේ සෙනර් ඩයෝඩයකි.




                                                 Solar Panel

ඔබ Solar Panel එක අලුතෙන්ම මිලදී ගන්නවානම් පහත සදහන් ආයතනයෙන් එය මිලදී ගත හැකියි.

Unitech Trading (pvt) Ltd,
No.15,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2334100

Saturday, July 24, 2021

Power Supply Failure Alarm...

 

ඔබ භාවිතා කරන පරිපථයක විදුලිය සැපයීම ඇනහිටී බව Alarm එකක් ආධාරයෙන් ඔබට දැනුම් දෙන Power Supply Failure Alarm පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. 5v සිට 15v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයකින් යුතු පරිපත සදහා මෙම  Power Supply Failure Alarm පරිපථය සවිකළ හැක. ට්‍රාන්සිස්ටරය සදහා BC 558 හෝ BC 158 ට්‍රාන්සිස්ටරයක් භාවිතා කල හැකි අතර, යම්කිසි පරිපථයක විදුලිය සැපයීම නතර වූ විගස මෙම පරිපථයේ ඇති බසරය නාද වී ඒබව ඔබට දනුදෙනු ඇත.

Friday, July 23, 2021

400W Power Amplifier...


පහතින් දැක්වෙන්නේ.Out Put එක වොට් 400 වන Power Amplifier පරිපථයකි. ට්‍රාන්සිස්ටර් 8 කින් සහ එක් IC උපාංගයකින් සමන්විත මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 34 කි.  මෙම Power Amplifier පරිපථය සදහා වොට් 400 ට වැඩි ස්පීකරයක් භාවිතා කල යුතු අතර, මහජන ඇමතුම් පද්ධති සදහා මෙම Power Amplifier එක භාවිතා කල හැක. ට්‍රාන්සිස්ටර් සියල්ලම සදහා Heat Sink භාවිතා කල යුතුවේ.

Thursday, July 22, 2021

ට්‍රාන්සිස්ටර් ටෙස්ටරයක් සාදමු...


පහත දැක්වෙන්නේ ආධුනික ඔබට ඉතා වැදගත්වන පරිපථයකි. ඔබට මල්ටි මීටරයක් නොමැති නම්, මෙම පරිපථය මගින් ට්‍රාන්සිස්ටර් පරික්ෂා කරගන්න පුළුවන්. පරිපථයේ S1 ලෙස ඇත්තේ සෙලෙක්ටර් ස්විචයක් වන අතර, පරිපථයේ B ,C ,E ස්ථානයන්ට පරික්ෂ කරන ට්‍රාන්සිස්ටරයේ  B ,C ,E පින් සවිකර සෙලෙක්ටර් ස්විචය අවශ්‍ය පරිදි සැකසු විට, පරිපථයේ ඇති Led බල්බ මගින් ට්‍රාන්සිස්ටරයේ හොද නරක බලා ගත හැක. 

Wednesday, July 21, 2021

230v Transformerless Power Supply...


ඉතාමත් ප්‍රයෝජනවත්  විය හැකි තවත් ට්‍රාන්ස්ෆෝමර් රහිත Power Supply පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම  Power Supply පරිපථයේ Output එක 5.1v වනවා. පරිපථයේ දක්වා ඇති උපාංග වල වොට් ප්‍රමාණයන් එම දක්වා ඇති ප්‍රමාණයන් ගෙන්ම යෙදීමට වගබලා ගතයුතුවේ. පරිපථයේ MOV ලෙස පෙන්වා ඇත්තේ, Metal  Oxide Varistor උපාංගයක් වන අතර  සාමානය පෙනුම පහතින් පෙන්වා ඇත. 











MOV

Tuesday, July 20, 2021

Mains Operated Led Lamp Circuit...

 

Led 25 කින් සමන්විත 230v වලින් ක්‍රියාකරන Led Lamp පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. Led බල්බ සදහා ඉතා වැඩි දීප්තියකින් යුතු Led 25 භාවිතා කරන්න. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් පරිපථය අත්හදා බැලීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න.

Monday, July 19, 2021

Dark Activated Lamp...


Triac උපාංගයක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති අදුර වැටෙනවත් සමගම ස්වයන්ක්‍රියව දැල්වෙන  Dark Activated Lamp පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙහි ආලෝක සංවේදකය ලෙස LDR උපාංගයක් ක්‍රියාත්මක වන අතර, බල්බය දැල්විය යුතු ආලෝක තත්වය පරිපථයේ ඇති R3 10K  Preset එක මගින් සකසා ගත හැක. Triac උපාංගයට Heat Sink එකක් යෙදීම අවශ්‍ය වන අතර, පරිපථය 230v වලින් ක්‍රියාත්මක වන නිසා අත්හදා බැලීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න.

Sunday, July 18, 2021

NE 555 Alarm Circuit...

 

පහතින් දැක්වෙන්නේ ඉතාමත් අසාර එලාම් පරිපථයකි. NE 555 IC උපාංගයක් සහ BD 136 ට්‍රාන්සිස්ටරයක් පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ. ස්පීකරය සදහා ඕම්ස් 8 කුඩා ප්‍රමාණයේ ස්පීකරයක් භාවිතා කරන්න.


Saturday, July 17, 2021

Night Security Lamp...


පහත දැක්වෙන්නේ, අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රීයව  දැල්වෙන Security Lamp පරිපථයකි. මෙහි BT 136  ට්‍රයැක් එක සදහා හොද Heat Sink එකක් යෙදිය යුතු අතර, ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 500 ක පමණ 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුවේ. පරිපථයේ L1 ලෙස පෙන්වා ඇත්තේ, 230v ,60W බල්බයකි.

Friday, July 16, 2021

USB Led Lamp...

 

ඉතාමත් සරල USB Led Lamp පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථය Led හතරකින් සමන්විත වන අතර, පරිගණකයේ වැඩ කරන අවස්ථාවලදී Key Board එකට ආලෝකය ලබා ගැනීම සදහා භාවිතා කල හැක.



Thursday, July 15, 2021

50W Audio Amplifier...

 

Field Effect ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ තවත් ට්‍රාන්සිස්ටර් 4 කින් සමන්විත මෙම Audio Amplifier පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 35v වේ. මෙම Audio Amplifier පරිපථයේ Out Put එක 50w වේ. පරිපථයේ පෙන්වා ඇති L1 කොයිලය සදහා, 22 SWG කොයිල් කම්බියෙන් විෂ්කම්බය සෙන්ටිමීටර් 1 වන ප්ලාස්ටික් ෆෝමරයක පොටවල් 12 ඔතා ගන්න. ස්පීකරය සදහා 50w වලට වඩා වැඩි ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න. IRF 530 සහ IRF 9530 Field Effect ට්‍රාන්සිස්ටර් දෙක සදහා අනිවාර්යෙන්ම Heat Sink යොදන්න.

Wednesday, July 14, 2021

Electronic Mosquito Repellent...


12v වලින් ක්‍රියාත්මක කල හැකි ඉලෙක්ට්‍රොනික් මදුරු නාශක පරිපථයක් පහත ඉදිරිපත්කර තිබෙන අතර, CD 4047 IC උපාංගයක් සහ ට්‍රාන්සිස්ටර් 4 ක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. මෙම පරිපථයේ K1 ලෙස ඇත්තේ බසරයකි. පරිපථයේ පෙන්වා ඇති R1 10K Preset එක මගින් බසරයෙන් නිකුත් වන නාදයේ තීර්ව තාවය සකසා ගත හැක. 

Tuesday, July 13, 2021

Led Lamp Circuit...

 

පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ, Led 54 කින් යුතු Led Lamp පරිපථයකි. මෙය ට්‍රාන්ස්ෆෝමරයක් රහිතව Driver පරිපථයක් මගින් ක්‍රියාත්මක වන අතර, Led සදහා සුදු පැහැති Led භාවිතා කරන්න. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් අත්හදා බැලීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න.

Monday, July 12, 2021

1W Led Emergency Lamp...

 

ප්‍රධාන විදුලිය විසන්ධි වූ විගස, ස්වයන්ක්‍රීයව දැල්වෙන 1W Led Emergency Lamp පරිපථයක් පහත දක්වා තිබෙනවා..මෙහි ට්‍රාන්ස්ෆෝමරය සදහා 4.5v ,300ma ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතු අතර, බැටරිය සදහා 4.5v Rechargeable බැටරියක් භාවිතා කල යුතුවේ. Led බල්බය 1w Led බල්බයකි. 

Sunday, July 11, 2021

Hi - Fi Stereo Amplifier...

 

වොට් 18 ක Out Put එකක් ඇති Amplifier පරිපතයක් පහත දක්වා තිබෙන අතර, එවැනි පරිපත දෙකක් සාදා ගනිමින් Hi - Fi Stereo  Amplifier එකක් වුවද ඔබට සාදාගන්න පුළුවන්. මෙම පරිපථය සදහා ඇම්පියර් 3 ක වෝල්ට් 18 ක වෝල්ටීයතාවයක් ලබාදියයුතු අතර, ස්පීකරය සදහා වොට් 20 , ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කල හැක.


Parts List

R1 = 22K
R2 = 680R
R3 = 22K
R4 = 1R-1w
D1 = 1N4001
D2 = 1N4001
C1 = 1uf-25V
C2 = 22uF-25V
C3 = 100nF-63V
C4 = 100nF-63V
C5 = 100uF-25V
C6 = 100uF-25V
C7 = 220nF-63V
IC = TDA2030

Saturday, July 10, 2021

Led Tube Light ...

 

Led බල්බ 30 කින් සමන්විත  Led Tube Light පරිපථයක් පහතින් දක්වා තිබෙන අතර මෙම පරිපථය කෙලින්ම 230v වලින් ක්‍රියාත්මක කල හැකි වනු ඇත. Led බල්බ සවිකිරීමේදී ලෙඩ බල්බ වල + සහ - අග්‍රයන් නිවැරදිව සවිකිරීමට කල්පනාකාරී වන්න.

Friday, July 9, 2021

Four Tone Siren Circuit...


මෙම සයිරන් පරිපථය, එකිනෙකට වෙනස් නාද හතරකින් යුතු වන අතර, බැටරි කැබලි දෙකක් භාවිතා කරමින් 3v වෝල්ටීයතාවයක් ලබා දිය හැක. UM 3561 මෙලඩි IC උපාංගයක් භාවිතා කරමින් මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර, ස්පීකරය සදහා 0.5w  ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න.

Thursday, July 8, 2021

Solar Power Multi Battery Charger...


පහතින් දැක්වෙන්නේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු විවිධ වොල්ටියතාවයෙන් යුතු බැටරි ආරෝපණය  කරගත හැකි Solar Power Multi Battery Charger පරිපථයකි. පරිපථයේ පෙන්වා ඇති B ස්ථානයට, 1.2V  නිකල් කැඩ්මියම් බැටරි 4 ක් සවිකර ආරෝපණය කල හැකි අතර, පරිපථයේ පෙන්වා ඇති C  ස්ථානයට, 3.6v ලිතියම් අයන් බැටරියක් සවිකර ආරෝපණය කල හැක.     

Wednesday, July 7, 2021

230v Led Lamp...

 

තවත් Led විදුලි පහනක් සාදන ආකාරය පහතින්  තිබෙනවා. මෙම විදුලි පහන Led බල්බ 25 කින් සමන්විතවන අතර, ඉතා වැඩි දීප්තියකින් යුතු Led බල්බ මේ සදහා යොදා ගත යුතු වනවා. IN 4007 Rectifier වෙනුවට Bridge Rectifier වුවද භාවිතා කල හැකියි. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් පරිපථය අත්හදාබැලීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න.