අද මම ඔබට කියල දෙන්නේ හිරු එළියෙන් බැටරි චාර්ජ් කොහොමද කියලා...යම් කෙනෙකුට සිතෙන්න පුළුවන්, Solar Panel එකක වයර් දෙක බටරියකට සවි ක්‍රම බැටරිය චාර්ජ් වෙනවා නේද කියලා...බටරිය නම් චාර්ජ් වෙනවා තමයි, ඒවගේම බැටරිය ප්‍රමාණය ඉක්මවා චාර්ජ් වී (Over Charge ) බැටරියේ ආයු කාලය අඩුවීම හෝ බැටරිය සම්පුර්ණයෙන්ම අඩපන වෙන්නත් පුළුවන්. ඉති මම පහත ඉදිරිපත්කරලා තිබෙන සෝලා බැටරි චාජර් එක මගින් බැටරිය නියමිත ප්‍රමාණයට චාර්ජ් වූ සැනින් ස්වයන්ක්‍රියව, බැටරියට ලැබෙන විදුලිය නවතාලනු ලබනවා. එම නිසා බැටරියේ ආරක්ෂාව ගැන ආයේ දෙවරක් සිතන්න අවශ්‍ය නැහැ.
මෙම සෝලා බැටරි චාජරයෙන් 6v 4.5Ah (ඇම්පියර් 4,5) ක රිචාජබල් බැටරියක් චාර්ජ් කරන්න පුළුවන්. ඒ වාගේම මෙම බැටරි චාජරයට අවශ්‍ය වන්නේ 12v 10w හෝ 20w සෝලා පැනල් එකක්. මෙම සෝලා පැනල් මිලදී ගත හැකි ස්ථානත් මම පහතින් ඉදිරිපත්කරලා තිබෙනවා. Solar Panel එක පරිපතයට සවිකිරීමේදී, Solar Panel එකේ + සහ (-) හොදින් බලා නිවැරදිව පරිපතයට සවි කරන්න.පරිපථයේ ZD ලෙස දක්වා ඇත්තේ සෙනර් ඩයෝඩයකි.
Solar Panel
Unitech Trading (pvt) Ltd,
No.15,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2334100





No comments:
Post a Comment