Monday, May 31, 2021
Sunday, May 30, 2021
Vehicle Lamp Failure Indicator...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ වාහන සදහා භාවිතා කරන්න පුළුවන් පරිපථයක්. මෙම පරිපථය හරහා වහනයක බ්‍රේක් ලයිට් වලට හෝ හෙඩ් ලයිට් වලට විදුලිය සපයා තැබූ විට බ්‍රේක් ලයිට් හෝ හෙඩ් ලයිට් එම බ්‍රේක් ලයිට් හෝ හෙඩ් ලයිට් දැවී ගිය විට පරිපථයේ ඇති Led බල්බය දැල් වී ඒ බව ඔබට දැනුම් දෙයි. මෙහිදී ඔබ බ්‍රේක් ලයිට් සදහා මෙය සවි කරන්නේ නම් බ්‍රේක් ලයිට් දෙක සදහා පරිපත දෙකක් අවශ්‍ය වේ. ඒ වගේම ඔබ මෙය හෙඩ් ලයිට් වලට සවි කරන්නේ නම්,හෙඩ් ලයිට් දෙක සදහාද පරිපත දෙකක් අවශ්‍ය වේ. BC 559 ට්‍රාන්සිස්ටරයක් සහ TLP 521 ඔප්ටොකප්ලර් (Optocoupler) උපාංගයක් පදනම් කරගෙන මෙම පරිපථය නිර්මාණය වී ඇත. පහතින් දක්වා ඇත්තේ එම පරිපතයයි.
මෙම පරිපථය වාහනයකට සවිකරන ආකාරය.
ඔබ මෙය වාහනයක බ්‍රේක් ලයිට් වලට සවි කරන්නේ නම්, වාහනයේ බ්‍රේක් පැඩ්ල් එක අසල සවි කර ඇති බ්‍රේක් ලයිට් ස්විචයේ සිට බ්‍රේක් ලයිට් දක්වා යන වයරය හරහා මෙම පරිපථය සවි කරන්න. ඔබ මෙය වාහනයක හෙඩ් ලයිට් වලට සවි කරන්නේ නම්, වාහනයේ හෙඩ් ලයිට් රිලේ එකේ සිට හෙඩ් ලයිට් දක්වා යන වයරය හරහා මෙම පරිපථය සවි කරන්න. පරිපථයේ Earth සලකුණ යොදා ඇති සියලුම ස්ථාන එකට එකතු කර වාහනයේ Body එකට සවි කරන්න.
BC 559 ට්‍රාන්සිස්ටරයේ TLP 521 ඔප්ටොකප්ලර් (Optocoupler) උපාංගයේ Pin හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත්කර ඇත.
Saturday, May 29, 2021
1w Led Driver Circuit...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් දීප්තිමත් ලෙස 1w Led එකක් දැල්විය හැකි Driver පරිපථයකි. BC 557 සහ BC 337 ට්‍රාන්සිස්ටර් දෙක පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර පරිපථයේ පෙන්වා ඇති Inductor Coil එක, පෙරයිට් මුද්දක් වටා 22 SWG කොපර් වයර් වලින් පොටවල් 40 ඔතා සාදා ගත යුතුයි. පරිපථය සදහා 1.5v බැටරියකින් විදුලිය සැපයිය හැක.
Parts List
- One BC557 transistor
- One BC337 transistor
- One 47kOhm resistor
- One 33pF capacitor
- Inductor coil, 40 turn on a 5x2mm ferrite toroid.
- One 1N4148 Diode
- One 47uF electrolytic capacitor
- One 1 watt white LED
- A battery of cource, AA or AAA NiMH/Alkaline or Zinc Carbon
Friday, May 28, 2021
Thursday, May 27, 2021
Knight Rider Circuit...
ඉලෙක්ට්‍රොනික වැඩ දාන කට්ටිය ගොඩක් ආස පරිපථයක් තමයි නයිට් රයිඩර් පරිපත.LED බල්බ පේලියක් එහාට මෙහාට දැල්වෙමින් නිවෙමින් ගමන් කරන ආකාරයේ ඉතා සරල පරිපථයක් තමයි මේක.කුඩා වෙරෝ බෝර්ඩ් කැබැල්ලක අනවශ්‍ය පාත් ඉවත්කර නියමිත IC බේස් භාවිතා කර සකසා ගන්න.වෝල්ට් හයකින් පරිපථය වැඩකරන්න පුළුවන් උපකරණ ලැයිස්තුව හා අදාළ පරිපථය පහතින් දක්වා ඇත.මෙම පරිපත වෙළෙඳ පොලේ PCB ලෙස ලබා ගැනීමටද ඇත.නමුත් පරිපතයම ඔබ විසින්ම සකසා නියම අත්දැකීම් ලබා ගැනීම අනාගතයට වටී.
අවශ්‍ය උපාංග.
1x NE555 Timer
1x 4017 (IC)
6x LED (Red)
1x 330 Resistor (1/4W)
1x 22k Resistor (1/4W)
1x 500K Resistor (variable)
1x 1uF Electrolytic Capacitor (16V)
8x 1n4007 diode
battery 6V
1x 4017 (IC)
6x LED (Red)
1x 330 Resistor (1/4W)
1x 22k Resistor (1/4W)
1x 500K Resistor (variable)
1x 1uF Electrolytic Capacitor (16V)
8x 1n4007 diode
battery 6V
Wednesday, May 26, 2021
සැටලයිට් TV ස්ප්ලිටර්ස් ගැනත් දැනගන්න...
ඔබට මතක ඇති මම මිට කලින් දවසක ඉදිරිපත් කළා, කොහොමද සැටලයිට් ඇන්ටනා පද්ධතියකින් සැටලයිට් TV චැනල් බලන්නේ කියලා...ඉතින් අද මම ඔබට කියල දෙන්නම්,එකම සැටලයිට් ඇන්ටනාවකට,සැටලයිට් රිසීවර් කිහිපයක් සවිකර විවිධ ස්ථානවල ඇති රුපවාහිනී කිහිපයක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා...මේකට විශේෂ උපාංගයක් අවශ්‍ය වෙනවා...ඒකට කියන්නේ Satellite TV Spliter කියලා....පහත රුපයේ තියෙන්නේ එවැනි ස්ප්ලිටර් එකක්....
Satellite TV Spliter එක සවිකරන ආකාරය....
ස්ප්ලිටරයේ IN යනුවෙන් සදහන් ස්ථානයට සැටලයිට් ඇන්ටනාවේ LNBF එකේ සිට එන වයරය සවිකරන්න....පසුව ස්ප්ලිටරයේ Out යනුවෙන් සදහන් ස්ථාන දෙකට වයර් සවිකර සැටලයිට් රිසීවර් දෙකක් සවිකර TV දෙකක් සම්බන්ධ කරන්න. මෙහි මා ඉදිරිපත් කර ඇත්තේ 2Way ස්ප්ලිටර් එකකි..තවද 4Way, 6Way, 8Way ආදී වශයෙන් ස්ප්ලිටර් වෙළද පොලේ පවතී...
6Way ස්ප්ලිටර් එකක්
Tuesday, May 25, 2021
Automatic Light Controller...
තවත් Automatic Light Controller පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. එනම් මෙම පරිපථයේ ඇති LDR එකට ආලෝකය වැටීමත් සමගම පරිපථයේ රිලේ උපාංගය හරහා සවිකර ඇති බල්බය නිවී යන අතර, LDR එකට අදුර වැටීමත් සමගම එම බල්බය නැවතත් දැල්වෙනු ඇත. BC 557 සහ BC 547 ට්‍රාන්සිස්ටර් දෙක පරිපථයේ ප්‍රධානතම උපාංග දෙක ලෙස හදුන්වන්න පුළුවන්. LM 7806 පරිපථයේ Voltage Regulator එක ලෙස ක්‍රියා කරන අතර, VR1 470K Preset මගින්, බල්බය දැල්විය යුතු ආලෝක තත්වය සකසා ගත හැක. ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 250 පමණ 12v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතු අතර රිලේ උපාංගය සදහාද 12v රිලේ උපාංගයක් යොදාගන්න.තවද පරිපථයේ ZD1 ලෙස පෙන්වා ඇත්තේ, 8.2v සෙනර් ඩයෝඩ් එකකි.
Saturday, May 22, 2021
ට්‍රාන්සිස්ටර් ටෙස්ටරයක් සාදමු...
අද ඉදිරිපත් කරන්නේ, ඉතාමත් සරල ට්‍රාන්සිස්ටර් ටෙස්ටරයක් සාදාගන්නා ආකාරයයි. මෙම ට්‍රාන්සිස්ටර් ටෙස්ටරය මගින් NPN සහ PNP යන ට්‍රාන්සිස්ටර් වර්ග දෙකම පරික්ෂා කල හැකි අතර, පරිපථය සදහා, 6v ට්‍රාන්ස්ෆෝමරයක් මගින් විදුලිය සැපයිය හැක. පරික්ෂා කලයුතු ට්‍රාන්සිස්ටරයේ B,C,E පාද තුන, පරිපථයේ ඇති B,C,E ස්ථානයන්ට පිලිවෙලින් සවි කල විට, ට්‍රාන්සිස්ටරය හොද ක්‍රියාකාරිත්වයේ පවතී නම් පරිපථයේ ඇති කොළ පාට හෝ රතු පාට Led එක දල්වෙනු ඇත. ඔබ පරීක්‍ෂා කලේ NPN ට්‍රාන්සිස්ටරයක් නම්, කොළ පාට Led එකද, ඔබ පරීක්‍ෂා කලේ PNP ට්‍රාන්සිස්ටරයක් නම්, රතු පාට Led එකද දැල්වෙනු ඇත. පරිපථයේ S1 ලෙස ඇත්තේ, රොටරි ස්විචයක් වන අතර, එමගින් ඔබ පරීක්ෂා කරන ට්‍රාන්සිස්ටරය ලැබිය යුතු Base වෝල්ටීයතාවය තෝරාගත හැක.
Rotary Switch
Friday, May 21, 2021
Thursday, May 20, 2021
ට්‍රාන්ස්ෆෝමර් රහිත Led Emergency Lamp...
පහතින් දැක්වෙන්නේ, සුදු පැහැති Led බල්බ 24 න් යුතු Led Emergency Lamp පරිපතයකි. ට්‍රාන්ස්ෆෝමරයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් වන අතර එම නිසා මෙය ඉතා හුරු බුහුටි ලෙස නිර්මාණය කර ගැනීමට ඔබට හැකිවේවි. මෙහි බැටරිය සදහා 9v රිචාජබල් බැටරියක් යොදා ගන්න පුලුවන්. BD 140 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථයට, සපයා ඇති 230v විදුලිය විසන්ධි වූ විට 9v රිචාජබල් බැටරිය ආධාරයෙන් ස්වයන්ක්‍රියව Led බල්බ දැල්වේ. මෙම පරිපථය පහතින් පෙන්වා ඇති Led බල්බ හවුසින් එකක් තුල සවිකර ගැනීමෙන් ඔබ නිවසේ හෝල්ඩර් එකකටම සවි කල හැකි ඉතා හුරු බුහුටි Led Emergency Lamp එකක් සාදා ගත හැක.
Parts List.
R1 = 1M,
R2 = 10K,
C1 = 1uF/400V PPC,
C2 = 470uF/25V,
D1, D2 = 1N4007,
D3, D4 = 1N5402,
Z1 = 12 V/ 1Watt,
T1 =BD140,
LEDs, White, High Efficiency, 5mm
Wednesday, May 19, 2021
12v DC Fluorescent Lamp Circuit...
අද මම ඔබට අරගෙන ආවේ, 12v කාර් බැටරියකින් දැල්වියහැකි ටියුබ් ලයිට් පරිපථයක්. මේ සදහා ඔබට 12v 5w ටියුබ් ලයිට් එකක් භාවිතා කරන්න පුළුවන්. පරිපථයේ දක්වා ඇති T1 ට්‍රාන්ස්ෆෝමරය සදහා, මිලිඇම්පියර් 500 ක 12v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝමරයේ 230v පැත්ත ටියුබ් ලයිට් එකට සවි විය යුතුයි. මෙම පරිපථයේ TLC 555 ලෙස දැක්වෙන්නේ NE 555 IC උපාංගයක්ම වන අතර IRF 510 ලෙස දැක්වෙන Field Effect ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.
Tuesday, May 18, 2021
Monday, May 17, 2021
Sunday, May 16, 2021
Saturday, May 15, 2021
High Power Siren Circuit...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ට්‍රාන්සිස්ටර් තුනකින් සමන්විත අධි බල සයිරන් පරිපථයක්. මෙම පරිපථය BC 557 ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ BC 337 ට්‍රාන්සිස්ටර් එකකින් සමන්විත වනවා. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 12v විදුලියක් සැපයිය යුතු අතර, වොට් 5 ක ඕම්ස් 8 ක ස්පීකරයක් හෝ පහතින් පෙන්වා ඇති ආකාරය කුඩා Reflex Horn එකක් භාවිතා කල හැක. පරිපථයේ P1 ලෙස දක්වා ඇත්තේ Push Button ස්විචයකි.
Parts List.
R1,R3_________1K 1/4W Resistors
R2,R5_________10K 1/4W Resistors
R4___________220R 1/4W Resistor
R6___________220K 1/4W Resistor
R7___________22K 1/4W Resistor
R8___________100K 1/4W Resistor
R2,R5_________10K 1/4W Resistors
R4___________220R 1/4W Resistor
R6___________220K 1/4W Resistor
R7___________22K 1/4W Resistor
R8___________100K 1/4W Resistor
C1,C2_________22µF 25V Electrolytic Capacitors
C3___________10nF 63V Polyester or Ceramic Capacitor
C4___________47µF 25V Electrolytic Capacitor
C3___________10nF 63V Polyester or Ceramic Capacitor
C4___________47µF 25V Electrolytic Capacitor
Q1,Q2________BC557 Transistors
Q3__________ BC337 Transistor
Q3__________ BC337 Transistor
SW1________ SPST Toggle or Slide Switch
P1__________ SPST Pushbutton Switch
SPKR________8 Ohm speaker
B1__________ 12V Battery
Reflex Horn
Friday, May 14, 2021
Melody Circuit...
Door Bell එකක් ලෙස වුවද භාවිතා කල හැකි Melody පරිපථයක් පහතින් දක්වා ඇත. මෙම පරිපථය ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ Melody IC උපාංගයකින් සමන්විත වන අතර ඒවායේ පින් හදුනාගන්නා ආකාරයද ඉදිරිපත් කර ඇත. වෝල්ට් 9 සිට වෝල්ට් 12 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් මෙම පරිපථයට ලබා දිය හැකි අතර ස්පීකරය සදහා ඕම්ස් 8 කුඩා ස්පීකරයක් භාවිතා කරන්න.
Thursday, May 13, 2021
Wednesday, May 12, 2021
විසිතුරු Led පරිපථයක්...
පහතින් දැක්වෙන්නේ Led 10 කින් සමන්විත විසිතුරු Led පරිපථයකි. ඔබට ඉතාමත් හුරුපුරුදු CD 4017 සහ NE 555 IC උපාංග භාවිතා කරමින් මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර, පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. ඔබගේ නිර්මාණශීලි හැකියාව අනුව මෙම පරිපථය නොයෙක් අලංකරණ කටයුතු සදහා භාවිතා කල හැක. පරිපථයේ ඇති 10K Preset එක මගින් බල්බ දැල්වීමේ වේගය සකසා ගත හැක.
Tuesday, May 11, 2021
Two Tone Electronic Siren...
TTL 7400 සහ LM 386 IC උපාංග භාවිතයෙන් නිර්මාණය කරන ලද නාද දෙකකින් සමන්විත සයිරන් පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. පරිපථයේ දක්වා ඇති R5 Volume Control එක මහින් සයිරන් එකේ ශබ්දය පාලනය කල හැක. TTL 7400 IC උපාංගය සයිරන් පරිපථය ලෙස ක්‍රියාකරන අතර, LM 386 IC උපාංගය ඇම්ප්ලිෆරය ලෙස ක්‍රියා කරයි. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වන අතර, ස්පීකරය සදහා ඕම්ස් 8 ප්‍රමාණයේ ස්පීකරයක් භාවිතා කරන්න.
Parts List
R1-R2-R3: 2.2KΩ
R4: 1KΩ
R5: 10K (potentiometer)
R6: 470Ω
C1 - C2: 10 uF
C3 - C4: 470 nF
C5: 10 uF
C6: 220 uF
IC1: Integrated Circuit TTL 7400
IC2: LM386
Z1: Zener 5 volts 1/2 watt
Speaker 8 Ω
R4: 1KΩ
R5: 10K (potentiometer)
R6: 470Ω
C1 - C2: 10 uF
C3 - C4: 470 nF
C5: 10 uF
C6: 220 uF
IC1: Integrated Circuit TTL 7400
IC2: LM386
Z1: Zener 5 volts 1/2 watt
Speaker 8 Ω
Subscribe to:
Comments (Atom)



















































