Wednesday, May 26, 2021

සැටලයිට් TV ස්ප්ලිටර්ස් ගැනත් දැනගන්න...

 

ඔබට මතක ඇති මම මිට කලින් දවසක ඉදිරිපත් කළා, කොහොමද සැටලයිට් ඇන්ටනා පද්ධතියකින් සැටලයිට් TV චැනල් බලන්නේ කියලා...ඉතින් අද මම ඔබට කියල දෙන්නම්,එකම සැටලයිට් ඇන්ටනාවකට,සැටලයිට් රිසීවර් කිහිපයක් සවිකර විවිධ ස්ථානවල ඇති රුපවාහිනී කිහිපයක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා...මේකට විශේෂ උපාංගයක් අවශ්‍ය වෙනවා...ඒකට කියන්නේ Satellite TV Spliter කියලා....පහත රුපයේ තියෙන්නේ එවැනි ස්ප්ලිටර් එකක්....
Satellite TV Spliter එක සවිකරන ආකාරය....

ස්ප්ලිටරයේ IN යනුවෙන් සදහන් ස්ථානයට සැටලයිට් ඇන්ටනාවේ LNBF එකේ සිට එන වයරය සවිකරන්න....පසුව ස්ප්ලිටරයේ Out යනුවෙන් සදහන් ස්ථාන දෙකට වයර් සවිකර සැටලයිට් රිසීවර් දෙකක් සවිකර TV දෙකක් සම්බන්ධ කරන්න. මෙහි මා ඉදිරිපත් කර ඇත්තේ 2Way ස්ප්ලිටර් එකකි..තවද 4Way, 6Way, 8Way ආදී වශයෙන් ස්ප්ලිටර් වෙළද පොලේ පවතී...
                                                           6Way ස්ප්ලිටර් එකක්

No comments:

Post a Comment