Saturday, July 28, 2018

මෝටර් රථ බැටරිය ගැන ඉගෙනගමු (5)


මෝටර් රථ බැටරියක්, මෝටර් රථය ධාවනය වන අවස්ථාවේදී, මෝටර් රථයේ ආරෝපණ පද්ධතියෙන් බැටරිය ආරෝපණය වුවද ආරෝපණ පද්ධතියේ යම් දෝෂයක් ඇති වුව හොත්, බැටරිය නිසිආකාරව ආරෝපණය නොවන අවස්ථාවක හෝ යම් වහනයක් නිතර ධාවනය නොවන අවස්ථාවක හෝ එම බැටරිය පිටතින් ලබාදෙන ධාරාවකින්, එනම් බැටරි චාජරයකින් එම බැටරිය චාර්ජ් කල යුතුවේ. මෙහිදී බැටරි චාජරයකින් එම බැටරිය චාර්ජ් කිරීමට පෙර බැටරියේ අම්ල මට්ටම සම්පුර්ණ කිරීම අනිවාර්යෙන්ම කල යුතු කාර්යක් වේ.

 බැටරි ආරෝපණය කල හැකි ක්‍රම.

(1) සාමාන්‍ය ආරෝපණය.
(2) අධි ආරෝපණය.

ඇම්පියර් 100 පමණ බැටරියක් නම්, බැටරිය පැය 10ක් හෝ 20 ක් ආරෝපණය කිරීම සාමාන්‍ය ආරෝපණය නම්වේ. මෙහිදී ඇම්පියර් 10 බැගින් ලබාදී පැය10 ආරෝපණය කිරිම හෝ ඇම්පියර් 5 බැගින් ලබාදී පැය 20ක් ආරෝපණය කිරීම කල හැක. මෙවැනි සාමාන්‍ය ආරෝපණයක් මගින් බැටරියේ ආයු කාලයට කිසිදු හානියක් සිදු නොවේ.

බැටරියක් ඉතා ඉක්මනින් ආරෝපිත තත්වයට පත්කර ගැනීම සදහා බැටරි චාජරයක් මගින්, වැඩි ඇම්පියර් ප්‍රමාණයක ධාරාවකින් අඩු කාලයකින් ආරෝපණය කිරීම, අධි ආරෝපණය නම්වේ. ඉතා හදිසි අවස්ථාවක හැර වෙනත් කිසිදු අවස්ථාවක, මෙම අධි ආරෝපණ ක්‍රමය භාවිතා නොකල යුතුවේ. බැටරිය නිතර නිතර මෙම අධි ආරෝපණ ක්‍රමයෙන් ආරෝපණය කළහොත් අනිවාර්යෙන්ම එම බැටරියේ ආයු කාලය අඩුවනු  ඇත.

Monday, July 23, 2018

මෝටර් රථ බැටරිය ගැන ඉගෙනගමු (4)


මෝටර් රථ බැටරියක් නැවත ආරෝපණය කිරීමේදී, සිදුවන රසායනික ප්‍රතික්‍රියාවේදී අඩුවන අම්ල මට්ටම නැවත නියමිත මට්ටමේ පවත්වා ගැනීම සදහා ආසුත ජලය හෙවත් බැටරි වතුර යොදන බව කලින් පාඩමෙන් මම ඔබට කියා දුන්නා. අද මම ඔබට කියල දෙන්නම් මෙම ආසුත ජලය හෙවත් අපට ඉතා හුරු පුරුදු බැටරි වතුර කියන්නේ මොනවද කියාල සහ සාමාන්‍ය ජලය මේ සදහා යොදා නොගන්නේ මන්ද යන කාරණය...
ජලය උණු කිරීමෙන් ඇතිවන වාෂ්ප නැවත සිසිල් කිරීම මගින් ලබා ගන්නා  වූ ජලය ආසුත ජලය (බැටරි වතුර) වේ. මෙම ක්‍රියාවලියෙන් ජලයෙහි ඇති ලෝහ ලවන ආදිය සම්පුර්ණයෙන්ම ඉවත්වන අතර, බැටරි වලට දැමීමට ඉතා සුදුසු තත්වයේ පවතී.  නල ජලය හෝ ලිං ජලය මේ සදහා යොදා නොගන්නේ, ඒවායේ නොයෙකුත් ලවන වර්ග සහ ලෝහ වර්ග මිශ්‍ර වී ඇති බැවින් වන අතර, බැටරි වලට එම ජලය යෙදුව හොත්, බැටරියේ ඇති ඊයම් සහ අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමෙන් බැටරිය ඉතා ඉක්මනින්  තත්වයට පත්වේ. ඕනෑම බැටරියක අම්ල මට්ටම තිබිය යුතු අවම මට්ටම සහ උපරිම මට්ටම සදහන් කර ඇති  අතර, අවම සීමාවත් උපරිම සීමාවත් අතර අමල මට්ටම සැමවිටම තබාගත යුතුවේ.

Tuesday, July 17, 2018

මෝටර් රථ බැටරිය ගැන ඉගෙනගමු (03)


මෝටර් රථ බැටරියක, ප්‍රතික්‍රියකාරකයක් වශයෙන් සල්ෆියුරික් අම්ලයද, ලෝහයක් ලෙස ඊයම් ද තිබෙන බව දැන් අපි දනිමු. මෙම බැටරි වල තනුක සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීම සදහා ඊයම් සහ ඊයම් සංයෝග වලින් සාදන ලද ඉලෙක්ට්‍රොඩ භාවිතා කරයි. මෙම බැටරියක විදුලිය භාවිතා කිරීමේදී, මෙම බැටරිය අක්‍රිය තත්වයට පත්වන අතර, බැටරිය නැවත පෙර තත්වයට ගෙන ඒමට නම් පිටතට ගිය විද්‍යුත් ශක්තිය නැවත බැටරියට ලබාදිය යුතුවේ. එනම් මෙම බැටරි චාජ් කිරීමේදී පිටතින් ලබාදෙන විදුලි සැපයුමකින් එම පිටව ගිය විද්‍යුත් ශක්තිය නැවත බැටරියට ලබාදේ. මෙම නැවත බැටරියට විද්‍යුත් ශක්තිය ලබාදීම බැටරිය චාජ් කිරීම යනුවෙන් හදුන්වයි. මෙලෙස නැවත බැටරිය පෙර තත්වයට පත්වීමේදී, සල්ෆියුරික් අම්ලයේ ඇති ජලය ප්‍රමාණය අඩු වීම නිසා බැටරියේ අම්ල මට්ටම අඩුවෙන් පෙන්වන අතර, බටරුයේ නිසි අම්ල  මට්ටම පවත්වාගැනීම සදහා නැවත ආසුත ජලය(බැටරි වතුර) එක්කල යුතුවේ. වෝල්ට් 12 සහ වෝල්ට් 6 ප්‍රමාණයෙන්, විවිධ ධරිතාවයන්ගෙන් (විවිධ ඇම්පියර් ප්‍රමාණයන්ගෙන්) මෙම බැටරි නිෂ්පාදනය කර ඇති අතර ඇම්පියර් ප්‍රමාණය වැඩිවන විට බැටරියේ ප්‍රමාණයද විශාලවේ. බැටරියේ ඇති ඊයම් තහඩු විශාල වුවද කුඩා වුවද, සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාවෙන් ඇතිවන වෝල්ටීයතාවය වෝල්ට් 1.99 වන අතර එය ආසන්නව වෝල්ට් 2 ක් ලෙස සැලකේ.
එනම් 12v බැටරියක, ඉහත පෙන්වා ඇති ආකාරයට කෝෂ (Cells) හයක් ඇති අතර එම සෑම කෝෂයකින්ම වෝල්ට් 2 බැගින් නිපදවේ. එම සෑම කෝෂයක්ම ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති නිසා, කෝෂ හයෙන් වෝල්ට් 12 ක් ලැබේ.

Monday, July 16, 2018

විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණවල ධාරාව ගණනය කරන ආකාරය...


මම අද ඔබට කියලා දෙන්නේ විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණවල සහ විදුලි පහන් වල ක්ෂමතා අගයන් අනුව ඒවා ලබා ගන්නා ධාරාවන් ගණනය කරන ආකාරය. ඒ සදහා ඔබ කල යුත්තේ, අදාල උපකරණයේ වොට් ප්‍රමාණය, 230v වලින් (විභව අන්තරයෙන්) බෙදීමයි.. 

5w විදුලි පහනක් 230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
5/230 = 0.021A  ( 21mA )

 
25w විදුලි පහනක් 230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
25/230 = 0.108A  ( 108mA ) 


40w විදුලි පහනක් 230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
40/230 = 0.173A  ( 173mA )

 
60w විදුලි පහනක් 230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
60/230 = 0.260A  ( 260mA )

 
75w විදුලි පහනක් 230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
75/230 = 0.326A  ( 326mA )

 
100w විදුලි පහනක් 230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
100/230 = 0.434A  ( 434mA )


150w විදුලි පංකාවක්  230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
150/230 = 0.652A  ( 652mA )

 
750w අයන් එකක්  230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
750/230 = 3.36A 


400w වොෂින් මැෂින් එකක් 230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
400/230 = 1.74A 


500w ශීතකරණයක්  230v  විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
500/230 = 2.18A 

Wednesday, July 11, 2018

මෝටර් රථ බැටරිය ගැන ඉගෙනගමු (02)


ඕනෑම ඊයම් අම්ල බැටරියක් මුලික වශයෙන් නිෂ්පාදනය කරඇති ආකාරය සමාන වුවද, නිෂ්පාදනය කරන සමාගම් අනුව එහි නිෂ්පාදන ස්වරුපය සුළු වශයෙන් වෙනස් විය හැක. බැටරියේ කවරය මෙයට කදිම උදහරනයක්වේ. එනම් ඇතැම් නිෂ්පාදකයින් බැටරියේ කවරය ඉතා තද රබර් වලින් නිමවන අතර තවත් සමහර නිෂ්පාදකයින් එය කෘතීම ද්‍රවය වලින් නිම කරයි. තවද බැටරියේ කෝෂ සියල්ල සමාන ලෙස නිෂ්පාදනය කර ඇති අතර, රසායනික ප්‍රතික්‍රියාව සදහා භාජනය වන ඊයම් සහ ඊයම් මිශ්‍ර ඉලෙක්ට්‍රොඩ සෑම කෝෂයක් තුලම තබා ඇත. මේවා බැටරි තහඩු ලෙසද හදුන්වනු ලබයි. පහත දැක්වෙන්නේ එක කෝෂයක් ( Cell එකක් ) තුල එම තහඩු පිහිටුවා ඇති ආකාරයයි.

එම තහඩු එකිනෙක නොගෑවෙන  ලෙස පරිවාරක වලින් වෙන් කර ඇති අතර, එම පරිවාරක තද රබර් වලින් හෝ කෘතීම ද්‍රව්‍ය වලින් සාදා ඇත. එනම් එක කෝෂයක සෑම තහඩුවක්ම සමාන්තර ලෙස පිහිටුවා ඇති අතර, එවැනි තහඩු ගොනු දෙකක් එක කෝෂයක් තුල ඇත. එනම් එක තහඩු ගොන්නක් ඍන තගඩු ගොන්න ලෙසද අනෙක් තහඩු ගොන්න ධන තහඩු ගොන්න වශයෙන් හදුන්වනු ලැබේ. 12v බැටරියක් ගත හොත් එහි කෝෂ හයක් ඇති අතර, එම සෑම කෝෂයකම ඍන තගඩු ගොනු එකට සම්බන්ධ කර ඇති අතර, එහි සෑම කොශයකම ඇති ධන තහඩු ගොනුද එකට සම්බන්ධ කර ඇත. බැටරියේ ධන අග්‍රය සහ ඍන අග්‍රය වන්නේ මෙයයි.  

Tuesday, July 10, 2018

මෝටර් රථ බැටරිය ගැන ඉගෙනගමු.(01)


මෝටර් රථ වාහනවල භාවිතා වන බැටරි හදුන්වන්නේ ඊයම් අම්ල බැටරි හෙවත් Led Acid බැටරි ලෙසයි. මෙම Led Acid බැටරි සෑදීමේදී මුලික වශයෙන් භාවිතා කර ඇත්තේ ඊයම් සහ සල්ෆියුරික් අම්ලයයි. එම නිසා මෙය Led Acid බැටරි ලෙස හදුන්වනු ලබයි. එනම් ඊයම් සහ සල්ෆියුරික් අම්ලය අතර ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවක් මගින් මෙහි විදුලිය ජනනය වීම සිදුවේ. 12v බැටරියක නම්, ඊයම් සහ සල්ෆියුරික් අම්ලය සහිත කුටීර හයකින්ද, 6v බැටරියක් නම්, ඊයම් සහ සල්ෆියුරික් අම්ලය සහිත කුටීර තුනකින්ද සමන්විතවේ. මෙම එක කුටීරයක් කෝෂයක් ලෙස හදුන්වනු ලැබේ. එනම් මෙම Led Acid බැටරි නිෂ්පාදනය කර ඇත්තේ, මෙම ඊයම් අම්ල කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම මගිනි. මෙම Led Acid බැටරි මගින් සැමවිටම සරල ධාරාවක් ලබාගත හැක.

Sunday, July 8, 2018

Automatic Fan Controller Circuit...


ඉතින් මම අද ඔබට ඉදිරිපත් කරන්නේ,ඉතාමත් පහසුවෙන් සාදාගන්න පුළුවන් සරල පරිපථයක්. එය තමයි පරිසරයේ උෂ්ණත්වය අනුව ස්වයන්ක්‍රියව විදුලි පංකාවක් ක්‍රියාත්මක කල හැකි පරිපථයක්.. LM 35 Temperature Sensor එක පිටකොටුවේ සැල් වලින් මිලදී ගන්න පුළුවන්. පිට පළාත් වල යට මෙය සොයා  අපහසු නම් පිටකොටුවෙන්  මිලට ගත  හැකියි. පරිපථයේ සවි කර ඇත්තේ කුඩා කැසට් මෝටරයක් වුවද, එම කැසට් මෝටරය ගලවා එම ස්ථානයට 12v  රිලේ උපාංගයක් සවිකර රිලේ උපාංගය හරහා Ceiling Fan එකක් හෝ Table Fan ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කල හැක.

230v Led Circuit Diagram...


Thursday, July 5, 2018

නිවෙමින් දැල්වෙන Led පරිපථයක්...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල නිවෙමින් දැල්වෙන Led පරිපථයක්. ඉතාමත් අඩු උපාංග ප්‍රමාණයක් යොදාගෙන තිබීම මෙම පරිපථයේ විශේෂත්වයක් වනවා. මෙම පරිපතයට යොදාගෙන ඇති IC උපාංගය වන්නේ ඔබ හොදින් හදුනන NE 555, IC උපාංගයයි. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 9v විදුලි බලයක් සැපයිය යුතු වනවා. එවිට Led  බල්බය නිවෙමින් දැල්වෙනවා. පරිපථයේ Led බල්බය ඇති ස්ථානයට 9v රිලේ උපාංගයක් සවිකර, රිලේ උපාංගයේ ස්විචය හරහා 230v බල්බයක් වුවද සවි කල හැක. මෙම පරිපථය ඕනෑම ස්ථානයක අනතුරු ඇගවීමේ බල්බයන් දැල්වීම සදහා භාවිතා කල හැක. 

Sunday, July 1, 2018

කිව්ආර් කෝඩ් ගැන යමක්...


වැඩි විස්තර වෙත  යොමුවක් ලෙස කිව්ආර් කෝඩ් එකක් ප්‍රින්ට් කර තැබීමට යන ඉඩ වැඩි වන අතර,එය අකුරින් ලිවිම ඊට පහසු වේ.වෙබ් අඩවියකට පිවිසීමට  අවශ්‍යමනම් එහි වෙබ් ලිපිනය ටයිප් කිරීම, කෝඩ් ස්කෑන් කරනවාට  වඩා පහසු කාර්යක් වේ. කිව්ආර් කෝඩ් එකකින් ඇති වගන්තියක් පරිවර්තනය කර ස්මාර්ට් ෆෝන් එකකින් කියවනවාට වඩා මුද්‍රණය කර ඇති වගන්තියක් කියවීම පහසුවේ. එම නිසා කිව්ආර් කෝඩ් යනු විශේෂ අවස්ථා වල යොදාගත හැකි පහසු යෙදුමක් වුවත්, එදිනෙදා සාමාන්‍ය වැඩ වල යෙදෙන්නන්ට පහසු යෙදුමක් නොවේ.