අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල නිවෙමින් දැල්වෙන Led පරිපථයක්. ඉතාමත් අඩු උපාංග ප්‍රමාණයක් යොදාගෙන තිබීම මෙම පරිපථයේ විශේෂත්වයක් වනවා. මෙම පරිපතයට යොදාගෙන ඇති IC උපාංගය වන්නේ ඔබ හොදින් හදුනන NE 555, IC උපාංගයයි. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 9v විදුලි බලයක් සැපයිය යුතු වනවා. එවිට Led බල්බය නිවෙමින් දැල්වෙනවා. පරිපථයේ Led බල්බය ඇති ස්ථානයට 9v රිලේ උපාංගයක් සවිකර, රිලේ උපාංගයේ ස්විචය හරහා 230v බල්බයක් වුවද සවි කල හැක. මෙම පරිපථය ඕනෑම ස්ථානයක අනතුරු ඇගවීමේ බල්බයන් දැල්වීම සදහා භාවිතා කල හැක.


No comments:
Post a Comment