Thursday, May 31, 2018
Wednesday, May 30, 2018
Tuesday, May 29, 2018
Monday, May 28, 2018
Sunday, May 27, 2018
Saturday, May 26, 2018
Friday, May 25, 2018
Wednesday, May 23, 2018
Tuesday, May 22, 2018
Monday, May 21, 2018
Sunday, May 20, 2018
Friday, May 18, 2018
Thursday, May 17, 2018
Mobile Phone එකෙන් ඔබගේ Computer එකට Internet ගන්නේ මෙහෙමයි...
අන්තර්ජාලය භාවිතා කරන්නන් අතරින් බහුතරයක් අන්තර්ජාලයට පිවිසෙනු ලබන්නේ තමන්ගේ ජංගම දුරකතනයෙන් හෝ ඩොන්ගල් එකක් මහින් ලැප්ටොප් එකෙන්.ඉතින් මේ සදහා එක ඩේටා සිම් එකක් පාවිච්චි කරන ඔබට නිරන්තරයෙන්ම ඔබගේ දුරකතනයෙන් සිම් එක ගලවා ඩොන්ගල් එකට යොදා පරිගණකය මගින් internet පිවිසීම හිසරදයක් වෙලා ඇති..සත්‍ය වශයෙන්ම ජංගම දුරකතනයෙන්ම පරිගණකයට ඉන්ටර්නෙට්ගැනීමේ හැකියාව දැන් අපට උදාවෙලා තිබෙනවා. ඉතා සරල ක්‍රමවේදයක් මගින් එය අපට කල හැකියි. ඔබට Android ස්මාර්ට් දුරකතනයක් තිබේ නම් මෙය පහසුවෙන්ම කල හැක.
මුලින්ම ඔබ අන්තර්ජාලයට යාමට භාවිතා කරන සිම් එක දුරකථනයට ඇතුලත් කරන්න,ඉන්පසු දුරකතනයේ ඩේටා කේබලය මගින් එය පරිගණකයට සවි කරන්න.දැන් දුරකතනයේ Settings වලට ගොස් පහත පෙන්වා ඇති පරිදි Settings සාදන්න..කෙටි වෙලාවකින් ඔබේ දුරකථනය මගින් පරිගණකයට Internet පහසුකම ලැබෙනු ඇත..ඩොන්ගල් එකේ මෙන් Software Install කිරීමට අවශ්‍ය නොවීම මෙහි ඇති ප්‍රධාන වාසියක් වනු ඇත. තවද දුරකතනයේ බැටරිය, ඩේටා කේබල් එක ආධාරයෙන් පරිගණකය මගින් සපයන විදුලියෙන් Charge වන බැවින් බැටරිය බැස යාමක් සිදු නොවීමත් තවත් වාසියක් වනු ඇත. මෙහිදී සිදුවන්නේ Android ස්මාර්ට් දුරකතනය මොඩම් එකක් ලෙස ක්‍රියාකිරීමයි.
Saturday, May 12, 2018
ත්‍රීරෝද රථයක විදුලි පද්ධතිය...
අපේ රටේ විශාල වශයෙන් ත්‍රීරෝද රථ භාවිතා කරන අතර ඕනෑම ත්‍රීරෝද රථ හිමියෙකු එහි විදුලි පද්ධතිය පිලිබදව නිසි අවබෝධයක් ලබා තිබීමත් ඉතා වැදගත් වනවා. 4 Stroke ත්‍රීරෝද රථයක විදුලි පද්ධතිය ප්‍රධාන කොටස් කීපයකට බෙදා දැක්විය හැකියි. මෙයිනුත් එන්ජිම පණගැන්වීමේ විදුලි පද්ධතිය ප්‍රධාන වන අතර ඊට අමතරව, Charging System, Parking Lamp System, Head Lamp System, Brake Lamp System, Reverse Lamp System, Signal Lamp System, Cabin Lamp System, Horn System ආදී වශයෙන් දැක්විය හැක.
ත්‍රීරෝද රථ විදුලි පද්ධතියක ඇතිවිය හැකි දෝෂයන් පිලිබදව ඔබව දැනුවත් කිරීම මෙම පාඩම් මාලාවේ අරමුණ වන අතර, එහි ඇතිවිය හැකි සරලම දෝෂයවන බල්බ පිලිස්සී යාම සහ එම බල්බ අලුතෙන් යෙදීම පිලිබදව ඔබ මුලින්ම දැනුවත් කිරීමට මා බලාපොරොත්තු වනවා. බල්බ පිලිස්සී යාම සාමාන්‍ය තත්වයක් වුවද, මෙහිදී ඉතා වැදගත් කාරණය වන්නේ, එම පිලිස්සී ගිය බල්බයට සමාන බල්බයක් නැවත යෙදීමයි. මෙහිදී ඔබ අලුතෙන් යොදන බල්බයේ ප්‍රමාණය සහ හැඩයෙන් පමණක් අපට සෑහීමට පත්විය නොහැක. පිලිස්සී ගිය බල්බයේ ප්‍රමාණය සහ හැඩය මෙන්ම එහි වෝල්ටීයතාවය සහ වොට් ප්‍රමාණයට සමාන බල්බයක් අලුතෙන් යෙදීම අනිවාර්යෙන්ම කල යුතුවේ. එසේ නොවුන හොත් විදුලි පද්ධතිය තව තවත් අවුලෙන් අවුලට පත්වනු ඇත. ඉතින් ඔබගේ පහසුව සදහා, ත්‍රීරෝද රථ බැටරියේ සහ ඒ ඒ බල්බ වල වෝල්ටීයතාවයන් සහ වොට් ප්‍රමාණයන් පහතින් දක්වා ඇත.
(1) Battery - 12v 32Ah
(2) Head Lamp - 12v 35w
(3) Signal Lamp - 12v 10w
(4) Parking & Brake Lamp - 12v 10w
(5) Battery Charging & Oil Pressure Indicating Lamps - 12v 2w
(6) Cabin Lamps - 12v 5w
(2) Head Lamp - 12v 35w
(3) Signal Lamp - 12v 10w
(4) Parking & Brake Lamp - 12v 10w
(5) Battery Charging & Oil Pressure Indicating Lamps - 12v 2w
(6) Cabin Lamps - 12v 5w
Thursday, May 10, 2018
Tuesday, May 8, 2018
Hot Water ෂවර් එක වැඩි දියුණූ කරමු...
මම ඔබට කලින් ඉදිරිපත් කරන ලද Hot Water ෂවර් එක වැඩි දියුණූ කරන්න පරිපථයක් මම අද ඔබට ඉදිරිපත් කරනවා..මම ඔබට ඉදිරිපත්කල Hot Water ෂවර් එකේ එක දුර්වල තාවයක් තමයි, හීටර් එකේ ස්විචය ON කර තිබියදීම ෂවර් එකේ ජල සැපයුම නතර කළහොත් හීටරය පිලිස්සී යාම. ඉතින් මම පහතින් ඉදිරිපත් කර ඇති පරිපථය හරහා හිටරයට විදුලි සැපයුම ලබා දුන හොත්, හීටරය ON වන්නේ ජලය ඇති විට පමණයි. ජල සැපයුම නතර වූ වහාම හිටරයට විදුලිය සැපයීමත් ස්වයන්ක්‍රියව නතර වනවා.
මේ සදහා ඔබ හීටර් එලිමන්ට් එක ෆයිබර් ගම් යොදා සීල් කරගැනීමේදී, පහත රුපයේ පරිදි එන්ඩ් කැප් එක හරහා කම්බි දෙකක්ද දමා සීල් කරගත යුතු වනවා..ඉන්පසු පහත රුපයේ A සහ B යනුවෙන් ඇති එම කම්බි දෙක පරිපථයේ A සහ B යනුවෙන් ඇති ස්ථාන දෙකට වයර් මගින් සම්බන්ධ කරන්න. ඒවගේම පරිපතයටත් 12v විදුලි සැපයුමක් ලබා දෙන්න. ඉන්පසු පරිපථයේ ඇති රිලේ උපාංගයේ රිලේ ස්විචය හරහා හීටරයට විදුලිය සපයන්න. ඉන්පසු ෂවර් එකට ජල සැපයුම ලබාදුන් විට A සහ B කම්බි දෙකේ යට කෙළවරවල් දෙකට ජලය පැමිණීමත් සමගම පරිපථයේ රිලේ උපාංගය ක්‍රියාත්මක වී හීටරය ON වේ. ජල සැපයුම නතර කලවිට ජල මට්ටම පහත බැසීමත් සමගම හිටරය OFF වේ. (මෙහිදී A සහ B කම්බි දෙකේ යට කෙළවරවල්, හෑන්ඩ් ෂවර් එක සවිකරන ස්ථානයට ඉහලින් තිබෙන සේ තබා එන්ඩ් කැප් එක සීල් කිරීමට ඔබ වග බලාගත යුතුවේ.)
පරිපථයේ ඇති 2 N 3904 ට්‍රාන්සිසිටර් එකේ පාද හදුනාගන්නා ආකාරය පහතින් දක්වා ඇත.
Monday, May 7, 2018
රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (07)
මම කලින් පාඩමෙන් ඔබට කියාදුන් ආකාරයට, ඕනෑම චැනලයකට අදාලව රුපවාහිනී ඇන්ටෙනාවක් නිර්මාණය කිරීම සදහා අදාල ගණනය කිරීම් කරන්න දැන් ඔබට පුළුවන්. ඉතින් අද මම ඔබට කියා දෙන්නම්, රුපවාහිනී චැනල කීපයකට ගැලපෙන පරිදි ඇන්ටෙනාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියල... මෙයත් ඉතාම පහසු දෙයක්. උදාහරණයක් ලෙස UHF චැනල් 22,24,25 කියන චැනල් තුනම ග්‍රහණය කරගැනීමට හැකි වනසේ ඇන්ටෙනාවක් නිර්මාණය කිරීමට ගණනය කරන ආකාරය දැන් අපි බලමු.
කලින් පාඩමෙන් මම ඔබට ඉදිරිපත්කල, UHF කලාපය චැනල 48 ට බෙදා ඇති ආකාරය දැක්වූ වගුව අනුව, UHF චැනල් 22,24,25 ට අදාල තරංග පංති පහතින් ඉදිරිපත් කර ඇත.
22 477 - 484
24 491 - 498
25 498 - 505
24 491 - 498
25 498 - 505
දැන් මෙහි Medium Frequency එක සෙවීමට, චැනල 22 ට අදාල තරංග පංතියේ පළමු Frequency එක වන 477 ත්, චැනල 25 ට අදාල තරංග පංතියේ අවසාන Frequency එක වන 505 ත් එකතු කර දෙකෙන් බෙදිය යුතුවේ.
477 + 505 = 982
982 / 2 = 491 Mhz
එනම් Medium Frequency එක 491 Mhz වේ.
දැන් ඔබට කලින් පාඩමෙන් මම කියාදුන් ආකාරයට, අදාල ගණනය කිරීම් කර ඩයිපෝලයේ දිගත්, රිෆ්ලෙක්ටරයේ දිගත්, ඩිරෙක්ටර් වල දිගත්, ඩයිපෝලයේ සිට රිෆ්ලෙක්ටරයට සහ ඩිරෙක්ටරයට ඇති දුරත් සොයා ගත හැක.
රුපවාහිනී ඇන්ටෙනා සෑදීමට අවශ්‍ය සියලුම උපාංග, පිටකොටුවේ පළමුවන හරස් විදියේ, ක්‍රිස්ටල් ප්ලාසා හි ඇති, කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් මිලට ගත හැක.
Sunday, May 6, 2018
රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (06)
යම්කිසි රුපවාහිනී චැනලයකට අදාලව රුපවාහිනී ඇන්ටෙනාවක් නිර්මාණය සදහා ගණනය කිරීම.
රුපවාහිනී ඇන්ටෙනාවක් නිර්මාණය කිරීමේදී, ප්‍රථමයෙන්ම අදාල තරංග පන්තියේ එක සයිකලයක දිග සොයාගත යුතුයි. කොපමණ රුපවාහිනී චැනල තිබුනත්, ඒවා ගුවන් ගත කරන්නේ,VHF කලාපයේ චැනල 11 කින් සහ UHF කලාපයේ චැනල 48 කින් පමණි. ඒ ඒ චැනලයට අදාලව වෙන්කර ඇති තරංග පන්තීන් මා පහතින් ඔබට ඉදිරිපත් කර ඇත.
VHF කලාපය චැනල 11 කට බෙදා ඇති ආකාරය.
U HF කලාපය චැනල 48 කට බෙදා ඇති ආකාරය.
අපි දැන් අපේ රටේ ජාතික රුපවාහිනිය විසින් චැනල අංක 5 ඔස්සේ පිදුරුතලාගල විකාශනාගාරයේ සිට විකාශනය කරන තරංග මාලාව සදහා ඇන්ටෙනාවක් නිර්මාණය කරමු. ඉහත දක්වා ඇති VHF කලාපයේ සටහන අනුව චැනල් අංක 5 ට අදාල චැනල් Frequency එක මෙග හර්ට්ස් 174 - 181 වේ. මුලින්ම මෙම තරංග පංතියේ Medium Frequency එක සොයා ගත යුතුයි. ඒ සදහා, 174 සහ 181 එකතුකර දෙකෙන් බෙදන්න.
174 + 181 = 355 / 2 =177.5 මෙග හර්ට්ස්
ඕනෑම තරංග පංතියක් තත්පරයකට ගමන් කරන දුර මීටර් 300000000 වේ.
ගණන සැදීමට පෙර මෙග හර්ට්ස්, හර්ට්ස් වලට හැරවිය යුතුයි. ( මෙග හර්ට්ස් 1 කට , හර්ට්ස් 1000000 )
177.5 X 1000000 = හර්ට්ස් 177500000 කි.
දැන් තරංග පංතියක් තත්පරයට ගමන් කරන දුර මීටර් 300000000, හර්ට්ස් 177500000 න් බෙදිය යුතුයි.
300000000 / 177500000 = 1.69
එනම් චැනල් 5 විකාශනය කරන තරංග පංතියේ එක් සයිකලයක දිග වනුයේ මීටර් 1.69 කි. මෙය සෙන්ටි මීටර් වලට හරවාගත් විට, සෙන්ටි මීටර් 169 කි.( 1.69 X 100 = 169 cm )
එනම්, ඩයිපෝලයේ දිග විය යුත්තේ එම තරංග පංතියේ එක සයිකලයක දිගෙන් බාගයක් බව මම කලින් ඔබට සදහන් කල මතක ඇති. එනම්, චැනල් 5 ග්‍රහණය කර ගැනීම සදහා අප සාදන ඇන්ටනාවේ, ඩයිපෝලයේ දිග විය යුත්තේ 169cm බෙදීම 2 වේ.
169cm / 2 = 84.5 cm
එනම්,චැනල් 5 ග්‍රහණය කර ගැනීම සදහා අප සාදන ඇන්ටනාවේ, ඩයිපෝලයේ දිග සෙන්ටිමීටර් 84.5 කි.
දැන්, මම ඔබට කලින් කියා දී ඇති ආකාරයට රිෆ්ලෙක්ටරයේ දිගත්, රිෆ්ලෙක්ටරයත්, ඩයිපෝලයත් අතර දුරත් ඔබට ගණනය කරගත හැක. ඒ වගේම, ඩිරෙක්ටරයේ දිගත්, ඩයිපෝලයත් ඩිරෙක්ටරයත් අතර දුරත් ඔබට ගණනය කරගත හැක. ඩිරෙක්ටර් ගණන වැඩි වන්නට වැඩි වන්නට ඇන්ටෙනාවේ ගේන් එකද වැඩි වේ..
තවත් කොටසක් බලාපොරොත්තුවන්න....
Saturday, May 5, 2018
රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (05)
මම ඔබට මීට කලින් පාඩමෙන්,රුපවාහිනී ඇන්ටෙනාවක කොටස් ඉදිරිපත් කරනු ලැබුවා. ඒවා නම්,ඩයිපෝල්,රිෆ්ලෙක්ටර්, ඩිරෙක්ටර් යනුවෙනි. මෙහිදී ඩයිපෝලයේ ක්‍රියාකාරිත්වය පිලිබදව දැන් ඔබට ඉතා හොද අවබෝධයක් ලැබී ඇති අතර රිෆ්ලෙක්ටරයේ සහ ඩිරෙක්ටරයේ ක්‍රියාකාරිත්වය පිලිබදව මම දැන් ඔබට පැහැදිලි කරන්නම්.
ඩයිපෝලයට වඩා මදක් දිගින් වැඩි ඇලුමිනියම් බට කැබැල්ලක්, ඩයිපෝලයට මදක් දුරින් සමාන්තරව තැබූ විට, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඩයිපෝලයේ විකිරණ පැට්න් එක වැඩිවේ. ප්‍රතිවිරුද්ධ දිශාව යනු තරංග පැමිණෙන දිශාව වේ. මෙය ඇන්ටෙනා එකේ ගේන් එක වැඩි වීමක් ලෙස අපට සැලකිය හැක. රිෆ්ලෙක්ටර් එක ලෙස අප හදුන්වන්නේ මෙයයි. පහතින් ඉදිරිපත්කර ඇති රුපයෙන් ඔබට මෙය තවදුරටත් පැහැදිලි කරගත හැකි වේවි.
ඒවාගේම පහත රුපයේ ආකාරයට, රිෆ්ලෙක්ටර් එකතැබූ පැත්තට විරුද්ධ පැත්තෙන්, ඩයිපෝලයට වඩා මදක් දිගින් අඩු ඇලුමිනියම් බට කැබැල්ලක් තැබූ විට එම විකිරණ පැට්න් එක තරංග පැමිණෙන දිශාවට තවත් විශාලවී ඇන්ටනාවේ ගේන් එක තවත් වැඩිවේ. ඩිරෙක්ටරය ලෙස අප හදුන්වන්නේ මෙයයි. මේ ආකාරයට ඩිරෙක්ටර් එලිමන්ට් කීපයක් තැබුවිට ඇන්ටෙනා එකේ ගේන් එක තවත් වැඩි කරගත හැක.
ඕනෑම ඇන්ටනාවක් සැදීමේදී, රිෆ්ලෙක්ටරයේ දිග සහ, ඩයිපෝලයේ සිට රිෆ්ලෙක්ටර් එකට ඇති දුර පහත පරිදි ගණනය කරගත හැක.
එනම්, ඇන්ටෙනාවට ලබාගන්නා තරංග පන්තියේ සයිකලයක දිගෙන් 1/8 සිට 1/4 දක්වා වූ ප්‍රමාණයට සමාන දුරක් , ඩයිපෝලයත් රිෆ්ලෙක්ටරයත් අතර තැබිය යුතුවේ. ඒවාගේම රිෆ්ලෙක්ටරයේ දිග ඩයිපෝලයට වඩා සියයට 5 වැඩි විය යුතුවේ.
ඒවාගේම ඕනෑම ඇන්ටෙනාවක් සැදීමේදී, ඩිරෙක්ටරයේ දිග සහ ඩයිපෝලයේ සිට ඩිරෙක්ටර් එකට ඇති දුරද පහත පරිදි ගණනය කරගත හැක.
ඇන්ටෙනාවට ලබාගන්නා තරංග පන්තියේ සයිකලයක දිගෙන් 1/10 සිට 3/20 දක්වා වූ ප්‍රමාණයට සමාන දුරක් , ඩයිපෝලයත් ඩිරෙක්ටරයත් අතර තැබිය යුතුවේ. ඒවාගේම ඩිරෙක්ටරයේ දිග ඩයිපෝලයට වඩා සියයට 5 අඩු විය යුතුවේ.( ඒ ඒ රුපවාහිනී නාලිකා වලට අනුව එම තරංග පන්ති වල දිග සොයා ගන්න ආකාරය ඉදිරියේදී ඉදිරිපත් කරනු ලැබේ)
තවත් කොටසක් බලාපොරොත්තුවන්න...
Friday, May 4, 2018
රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (04)
රුපවාහිනී විකාශනාගරයකින් ක්‍රම දෙකකට තම විකාශන කටයුතු සිදුකල හැක. ඒවානම්, Vertical Polarization සහ Horizontal Polarization වේ. රුපවාහිනී විකාශනාගරයකින් වැඩසටහන් විසුරුවාහරින ඇන්ටෙනාව සහ එම වැඩසටහන් ලබාගන්නා ඇන්ටෙනාවද එක සමානවේ. Vertical Polarization සහ Horizontal Polarization ක්‍රමයට තරංග විසුරුවාහරින ආකාරය පහත රුපයෙන් ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.
යම්කිසි රුපවාහිනී විකාශනාගරයකින් තම විකාශන කටයුතු සිදු කරන්නේ Vertical Polarization ක්‍රමයට නම් එම වැඩසටහන් ලබාගන්නා ඇන්ටෙනා එකද Vertical ආකාරයට සවිකලයුතු වන අතර යම්කිසි රුපවාහිනී විකාශනාගරයකින් තම විකාශන කටයුතු සිදු කරන්නේ Horizontal Polarization ක්‍රමයට නම් එම වැඩසටහන් ලබාගන්නා ඇන්ටෙනා එකද Horizontal ආකාරයට සවිකලයුතු වේ. අපේ රටේ සියලුම රුපවාහිනී ආයතන තම විකාශන කටයුතු සිදුකරනු ලබන්නේ Horizontal Polarization ක්‍රමයටයි. Horizontal ආකාරයට සහ Vertical ආකාරයට ඇන්ටෙනා සවිකරන ආකාරය පහත රුපයෙන් වඩාත් ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත.
රුපවාහිනී ඇන්ටෙනා එකක කොටස්.
තවත් කොටසක් බලාපොරොත්තුවන්න...
Thursday, May 3, 2018
රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (03)
ෆෝල්ඩඩ් ඩයිපෝලය.
පහත රුපයේ E වලින් පෙන්වා ඇති ආකාරයට, තරංගයක සයිකලයක දිගෙන් බාගයක ප්‍රමාණයට ඩයිපෝලයේ දෙකෙළවර සිටිනසේ ඇලුමිනියම් බටයක් නවාගෙන සාදා ගන්නා ඩයිපෝලය, ෆෝල්ඩඩ් ඩයිපෝලය නම් වේ. එහි B වලින් පෙන්වා ඇත්තේ ඩයිපෝලයේ දෙකෙළවර ඇති පරතරයේ, ඉම්පිඩන්ස් එකයි. එය ඕම්ස් 300 වශයෙන් දක්වා ඇත.ඒවාගේම පහත රුපයේ H වලින් පෙන්වා ඇත්තේ, ෆෝල්ඩඩ් ඩයිපෝලයේ විකිරණ පැට්න් එක පිහිටන ආකාරයයි. තවද පහත රුපයේ G වලින් පෙන්වා ඇත්තේ, ෆෝල්ඩඩ් ඩයිපෝලයට ඇන්ටෙනා වයරයක් සවිකර ඇති ආකාරයයි.
අප කලින් පාඩමෙන් ඉගෙනගත් Half wave Dipole එකෙහි දෙකෙළවර ඇති පරතරයේ ඉම්පිඩන්ස් එක ඕම්ස් 75 ක් වේ.එනම් ඕනෑම Half wave Dipole එකකට පහතින් පෙන්වා ඇති ආකාරයේ ඕම්ස් 75 Coaxial ඇන්ටෙනා වයරය කෙලින්ම ඩයිපෝලයට සවිකල හැක.
ඒවාගේම, අප මෙම පාඩමෙන් ඉගෙනගත් ෆෝල්ඩඩ් ඩයිපෝලයේ දෙකෙළවර ඇති පරතරයේ ඉම්පිඩන්ස් එක ඕම්ස් 300 ක් වේ. එනම්,ඕනෑම ෆෝල්ඩඩ් ඩයිපෝලයකට පහතින් පෙන්වා ඇති ආකාරයේ ඕම්ස් 300 පැතලි ඇන්ටෙනා වයරයක් කෙලින්ම ඩයිපෝලයට සවිකල හැක.
යම්කිසි අවස්ථාවක Half wave Dipole එකකට, ඕම්ස් 300 පැතලි ඇන්ටෙනා වයරයක් සවි කරන්නේ නම්, ඩයිපෝලයේත් ඇන්ටෙනා වයරයේත් ඉම්පිඩන්ස් මැච් කිරිම සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ Matching Transformer එකක් භාවිතා කල යුතු වේ. එනම්, Matching Transformer එකේ ඕම්ස් 75පැත්ත ඩයිපෝලයටත්, Matching Transformer එකේ ඕම්ස් 300 පැත්ත පැතලි ඇන්ටෙනා වයරයටත් සවිකළ යුතුවේ.
තවද,යම්කිසි අවස්ථාවක Folded Dipole එකකට, ඕම්ස් 75 ඇන්ටෙනා වයරයක් සවි කරන්නේ නම්, ඩයිපෝලයේත් ඇන්ටෙනා වයරයේත් ඉම්පිඩන්ස් මැච් කිරිම සදහාද පහතින් පෙන්වා ඇති ආකාරයේ Matching Transformer එකක් භාවිතා කල යුතු වේ. එනම්, Matching Transformer එකේ ඕම්ස් 300 පැත්ත ඩයිපෝලයටත්, Matching Transformer එකේ ඕම්ස් 75 පැත්ත Coaxial ඇන්ටෙනා වයරයටත් සවිකළ යුතුවේ.
තවත් කොටසක් බලාපොරොත්තුවන්න....
Wednesday, May 2, 2018
රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (02)
කලින් පාඩමෙන් මම ඔබට පැහැදිලි කලා, යම්කිසි තරංගයක සයිකලයක දිගෙන් කාලක ප්‍රමාණයේ ඇලුමිනියම් බට කැබලි දෙකක් සමතලව , සුළු පරතරයක් තබා තැබීමෙන් එම බට දෙක අතර වෝල්ටීයතාවයක් ඇතිවන බව..එය තව දුරටත් පහත රුපයෙන් මම ඔබට පැහැදිලි කරන්නම්.. පහත රුපයේ, A සහ B යනුවෙන් දක්වා ඇත්තේ තරංගයක එක් සයිකලයක දිගවන අතර, C සහ D ලෙස දක්වා ඇත්තේ, තරංගයක එක් සයිකලයක දිගෙන් බාගයකි. එනම් C සිට D දක්වා වූ දුරට සමාන ඇලුමිනියම් බට කැබැල්ලක් ගෙන එය දෙකට කපා සුළු පරතරයක් ඇතිව අවකාශයේ තැබූ විට මෙම බට දෙක අතර යම්කිදී වෝල්ටීයතාවයක් ඇතිවේ.
Half wave ඩයිපෝලය.
ඉහතින් මම ඔබට විස්තර කල ක්‍රියාකාරකම හදුන්වනු ලබන්නේ Half wave ඩයිපෝලය වශයෙනි. පහත රුපයෙන් පෙන්වා ඇත්තේ Half wave ඩයිපෝලයක් සාදාගන්න ආකාරයයි. එනම් යම්කිසි තරංගයක සයිකලයක දිගෙන් කාලක ප්‍රමාණයේ ඇලුමිනියම් බට කැබලි දෙකක් සමතලව , සුළු පරතරයක් තබා සවිකර ඇති අතර, එම බට දෙකේ කෙලවරට ඇන්ටෙනා වයරයක් සවිකර එම වයරයේ අනෙක් කෙලවර රුපවාහිනී යන්ත්‍රයකට සවිකර ඇත. මෙය Half wave ඩයිපෝලය නම්වේ.
Tuesday, May 1, 2018
රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (01)
රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය පිළිබද පාඩම් මාලාව අද සිට ඔබට ඉදිරිපත් කරනවා. මෙම පාඩම් මාලාව අවසාන වන විට රුපවාහිනී ඇන්ටෙනාවක ක්‍රියාකාරිත්වය පිළිබද ඉතා හොද අවබෝධයක් ඔබට ලබා ගත හැකි වනවාසේම, ඕනෑම Frequency එකකට අනුව ඇන්ටෙනා නිර්මාණය කිරීමේ හැකියාවත් ඔබට ලැබේවි.
රුපවාහිනී ඇන්ටෙනාවක් යනු කුමක්ද?
රුපවාහිනී විකාශනාගාරයකින් ගුවන් ගත කරන ගුවන් විදුලි තරංග හිස් අවකාශයේ විසුරුවා හැරීමටත්,එසේ විසුරුවා හරිනු ලබන ගුවන් විදුලි තරංග, රුපවාහිනී යන්ත්‍රයකට ලබාගැනීමටත්,ඇන්ටෙනා අපට අවශ්‍ය වේ. ඇන්ටෙනාවක් යානි ඉහල අවකාශයේ තබනු ලබන සන්නායකයක් නොහොත් කන්ඩක්ටරයකි. Conductor එකක් යනු විදුලිය ගැන කතා කිරීමේදී,විදුලිය ගමන් කරනු ලබන Copper ,Aluminum ආදී ලෝහ වර්ගයන්වේ. වෙනත් ලෝහ වර්ග සන්නායක වුවත් විදුලියේ ගමන ඉතා හොදින් සිදුවන මෙන්ම, මිල අඩුවෙන්ද ලබාගත හැකි ලෝහ වර්ගයක් ලෙස ඇත්තේ අලුමිනියම්ය. මේ නිසා ඇලුමිනියම් ලෝහය ඇන්ටෙනා නිපදවීමේදී භාවිතා කරනු ලබයි.. ප්‍රයෝගිකව, ගුවන් විදුලි තරංගයක එක් සයිකලයක දිගෙන්, කාලක දිගට සමාන ඇලුමිනියම් බට දෙකක්,සුළු පරතරයක් ඇතිව, සමතල ස්ථානයක තැබූ විට ගුවන් විදුලි තරංග පන්තියේ වොල්ටියතාවයට සමාන වෝල්ටීයතාවයක් බට දෙකෙහි ඇතිවන බව සොයාගෙන ඇත.
මෙම බට දෙකෙහි ඇතිවන වෝල්ටීයතාවය, අටේ ඉලක්කමේ හැඩයට ඉහත පෙන්වා ඇති පරිදි විහිදෙනු ලබයි. මෙය විකිරණ පැට්න් එක ලෙසද හදුන්වනු ලබයි..මෙය ඇන්ටෙනාවක Directivity හෙවත් නියමක ගුණය ලෙස හදුන්වයි. මෙම Directivity එක ඇන්ටෙනාවක Gain එක වැඩි කරගැනීමට බොහෝසෙයින් ඉවහල්වේ. ඇන්ටෙනාවක Gain එක යනු, තරංග ලබාගැනීමේ කාර්යක්‍ෂම තාවය නොහොත්, ඇන්ටෙනාවේ ප්‍රබල තාවයයි.
තවත් කොටසක් බලාපොරොත්තුවන්න.
Subscribe to:
Comments (Atom)









































