Tuesday, May 1, 2018

රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (01)


රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය පිළිබද පාඩම් මාලාව අද සිට ඔබට ඉදිරිපත් කරනවා. මෙම පාඩම් මාලාව අවසාන වන විට රුපවාහිනී ඇන්ටෙනාවක ක්‍රියාකාරිත්වය  පිළිබද  ඉතා හොද අවබෝධයක් ඔබට ලබා ගත හැකි වනවාසේම, ඕනෑම Frequency එකකට අනුව ඇන්ටෙනා නිර්මාණය කිරීමේ හැකියාවත් ඔබට ලැබේවි.


රුපවාහිනී ඇන්ටෙනාවක් යනු කුමක්ද?

රුපවාහිනී විකාශනාගාරයකින් ගුවන් ගත කරන ගුවන් විදුලි තරංග හිස් අවකාශයේ විසුරුවා හැරීමටත්,එසේ විසුරුවා හරිනු ලබන ගුවන් විදුලි තරංග, රුපවාහිනී යන්ත්‍රයකට ලබාගැනීමටත්,ඇන්ටෙනා අපට අවශ්‍ය වේ. ඇන්ටෙනාවක් යානි ඉහල අවකාශයේ තබනු ලබන සන්නායකයක් නොහොත් කන්ඩක්ටරයකි. Conductor එකක් යනු විදුලිය ගැන කතා කිරීමේදී,විදුලිය ගමන් කරනු ලබන Copper ,Aluminum ආදී ලෝහ වර්ගයන්වේ. වෙනත් ලෝහ වර්ග සන්නායක වුවත් විදුලියේ ගමන ඉතා හොදින් සිදුවන මෙන්ම, මිල අඩුවෙන්ද ලබාගත හැකි ලෝහ වර්ගයක් ලෙස ඇත්තේ අලුමිනියම්ය. මේ නිසා ඇලුමිනියම් ලෝහය ඇන්ටෙනා නිපදවීමේදී භාවිතා කරනු ලබයි.. ප්‍රයෝගිකව, ගුවන් විදුලි තරංගයක එක් සයිකලයක දිගෙන්, කාලක දිගට සමාන ඇලුමිනියම් බට දෙකක්,සුළු පරතරයක් ඇතිව, සමතල ස්ථානයක තැබූ විට ගුවන් විදුලි තරංග පන්තියේ වොල්ටියතාවයට සමාන වෝල්ටීයතාවයක් බට දෙකෙහි ඇතිවන බව සොයාගෙන ඇත.



මෙම බට දෙකෙහි ඇතිවන වෝල්ටීයතාවය, අටේ ඉලක්කමේ හැඩයට ඉහත පෙන්වා ඇති පරිදි  විහිදෙනු ලබයි. මෙය විකිරණ පැට්න් එක ලෙසද හදුන්වනු ලබයි..මෙය ඇන්ටෙනාවක  Directivity  හෙවත් නියමක ගුණය ලෙස හදුන්වයි. මෙම  Directivity  එක ඇන්ටෙනාවක Gain එක වැඩි කරගැනීමට බොහෝසෙයින් ඉවහල්වේ. ඇන්ටෙනාවක Gain එක යනු, තරංග ලබාගැනීමේ කාර්යක්‍ෂම තාවය නොහොත්, ඇන්ටෙනාවේ ප්‍රබල තාවයයි.

       තවත් කොටසක් බලාපොරොත්තුවන්න.

No comments:

Post a Comment