Thursday, May 17, 2018

Mobile Phone එකෙන් ඔබගේ Computer එකට Internet ගන්නේ මෙහෙමයි...


අන්තර්ජාලය භාවිතා කරන්නන් අතරින් බහුතරයක් අන්තර්ජාලයට පිවිසෙනු ලබන්නේ තමන්ගේ  ජංගම දුරකතනයෙන් හෝ ඩොන්ගල් එකක් මහින්  ලැප්ටොප් එකෙන්.ඉතින් මේ සදහා  එක ඩේටා සිම් එකක් පාවිච්චි  කරන ඔබට නිරන්තරයෙන්ම ඔබගේ  දුරකතනයෙන් සිම් එක ගලවා ඩොන්ගල් එකට යොදා  පරිගණකය මගින් internet  පිවිසීම හිසරදයක් වෙලා ඇති..සත්‍ය වශයෙන්ම ජංගම දුරකතනයෙන්ම පරිගණකයට ඉන්ටර්නෙට්ගැනීමේ හැකියාව දැන් අපට උදාවෙලා තිබෙනවා. ඉතා සරල ක්‍රමවේදයක් මගින් එය අපට කල හැකියි. ඔබට Android ස්මාර්ට් දුරකතනයක් තිබේ නම් මෙය පහසුවෙන්ම කල හැක.

මුලින්ම ඔබ අන්තර්ජාලයට යාමට  භාවිතා කරන සිම් එක දුරකථනයට  ඇතුලත්  කරන්න,ඉන්පසු  දුරකතනයේ ඩේටා කේබලය මගින් එය පරිගණකයට සවි කරන්න.දැන් දුරකතනයේ Settings  වලට ගොස් පහත පෙන්වා  ඇති පරිදි Settings සාදන්න..කෙටි වෙලාවකින් ඔබේ දුරකථනය මගින් පරිගණකයට  Internet පහසුකම ලැබෙනු ඇත..ඩොන්ගල් එකේ මෙන් Software Install   කිරීමට අවශ්‍ය නොවීම මෙහි ඇති ප්‍රධාන වාසියක් වනු ඇත. තවද  දුරකතනයේ බැටරිය, ඩේටා කේබල් එක ආධාරයෙන්  පරිගණකය මගින් සපයන විදුලියෙන් Charge වන බැවින්  බැටරිය බැස යාමක් සිදු නොවීමත් තවත් වාසියක් වනු ඇත. මෙහිදී සිදුවන්නේ Android ස්මාර්ට් දුරකතනය මොඩම් එකක් ලෙස ක්‍රියාකිරීමයි.





No comments:

Post a Comment