Wednesday, December 27, 2017
Saturday, December 16, 2017
Led Torch Driver Circuit...
පහත දැක්වෙන්නේ Led Torch Driver පරිපථයක් වන අතර, එය සදහා වැඩි දීප්තියකින් යුතු සුදු පැහැති Led බල්බ 10 භාවිතා කර ඇත. මෙහි Driver IC එක ලෙස ක්‍රියා කරන, LM 3914 IC උපාංගය මගින්, Led බල්බ ඉතා වැඩි දීප්තියකින් යුතුව දල්වනු ලබයි. මෙයට සැපයිය යුතු වෝල්ටීයතාවය 4.5v වන අතර එය 1.5v බැටරි කැබලි 3 ක් මගින් සැපයිය හැක.
Thursday, December 7, 2017
Thursday, November 30, 2017
Low Voltage & Over Voltage Protection Circuit...
මෙම පරිපථය මගින් ඔබගේ විදුලි උපකරණ වලට විදුලිය සැපයු විට, අඩු වොල්ටියතාවයකදී මෙන්ම අධි වොල්ටියතාවයකදීද ඔබගේ විදුලි උපකරණ ආරක්ෂා කරනු ලබනවා. මෙම පරිපථය සදහා සුදුසු බාහිර ආවරණයක් සකසා ගත හොත් වෙළද පොලට පවා ඉදිරිපත් කල හැකි නිෂ්පාදනයක් වනවා. රිලේ උපාංගය සදහා 12v රිලේ උපාංගයක් භාවිතා කරන්න.
Wednesday, November 29, 2017
Wednesday, November 22, 2017
Tuesday, November 21, 2017
Monday, November 20, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 18
සාදා නිමකරන ලද පවර් සේවර් උපාංගයක් පහත Video එක මගින් ඉදිරිපත්කර තිබෙන අතර, මෙම පවර් සේවර් උපාංගය ඔබ නිෂ්පාදනය කිරීමේදී යම් ගැටළු ඇත්නම් ඒවා තේරුම් ගැනීමට, එම Video එක ඔබට ඉතා ප්‍රයෝජනවත් වේවි.
තවත් කොටසක් හෙට දිනයේදී....
Sunday, November 19, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 17
පවර් සේවර් උපාංගයට අදාල පරිපථය සෑදීමේදී, ඔබට තවත් පහසු වනු පිණිස පරිපථය පිළිබද තව දුරටත් පැහැදිලි කිරීමක් පහත Video එක මගින් ඔබට ඉදිරිපත්කර තිබෙනවා.
තවත් කොටසක් හෙට දිනයේදී...
Saturday, November 18, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 16
මෙම පවර් සේවර් උපාංගය සෑදීමේදී ආවරණය සදහා ප්ලාස්ටික් පෙට්ටියක් ඔබ විසින් සපයා ගතයුතු වන අතර එය පහත Video එකේ පරිදි සිදුරු විද සකසා ගත යුතු වනවා.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න...
Friday, November 17, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 15
ඊළගට අප කල යුත්තේ, Phone Charger එකට සහ DC Jack එකට වයර් පාස්සා ගැනීමයි. පහත Video එකෙන් ඒ පිලිබදව ඔබට මනා අවබෝධයක් ලබාගත හැකිවේවි.
තවත් කොටසක් හෙට දිනයේදී....
Thursday, November 16, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 14
මෙම පවර් සේවර් උපාංගය සෑදීමේදී, Arduino බෝඩ් එකට 5v විදුලිය සැපයීමට අප භාවිතා කරන්නේ, Mobile Phone Charger එකකි. පරිපථයේ Phone Charger යනුවෙන් පෙන්වා ඇත්තේ එයයි. ඉතින් මෙම Mobile Phone Charger එකක් මේ සදහා සකසා ගන්නා ආකාරය පහත Video එක මගින් මම ඔබට ඉදිරිපත් කරමි.
තවත් කොටසක් හෙට දිනයේදී....
Wednesday, November 15, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 13
මෙම පවර් සේවර් උපාංගයේ පරිපථය මම ඔබට ඉදිරිපත්කර තිබෙන අතර, එහි යම් අපැහැදිලි තැන් ඇත්නම් පහත Video එක නැරබීමෙන් එම ගැටළු නිරාකරණය කරගැනීමට ඔබට හැකිවේවි.
තවත් කොටසක් හෙට දිනයේදී....
Tuesday, November 14, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 12
මෙම පවර් සේවර් උපාංගයට අදාල පරිපථය, ඊලග පාඩමෙන් ඔබට ඉදිරිපත් කරන අතර අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, පරිපථයට සම්බන්ධ වන. Arduino බෝඩ් එකේ සම්බන්ධතාවයන් මොනවාද යන්නයි. එය Video පාඩමක් ලෙස මා විසින් සකස් කර ඇති අතර එය තේරුම් ගැනීම ඔබට ඉතා පහසු වනු ඇත.
තවත් කොටසක් හෙට දිනයේදී....
Monday, November 13, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 11
මෙම පවර් සේවර් උපාංගය සෑදීම සදහා, Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන ආකාරය මම කලින් පාඩමෙන් ඔබට ඉදිරිපත් කළා. දැන් අපට තිබෙන්නේ, Arduino බෝඩ් එක සම්බන්ධ කිරීමට අවශ්‍ය වන පරිපථය සාදා ගැනීමයි. ඒ සදහා අපට ඉලෙක්ට්‍රොනික උපාංග කීපයක් අවශ්‍ය වන අතර ඒවා මොනවද යන්න, පහත Video එකෙන් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා.
තවත් කොටසක් හෙට දිනයේදී...
Sunday, November 12, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 10
අපි අද බලමු මෙම පවර් සේවර් උපාංගය සෑදීම සදහා Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කර ගන්නේ කෙසේද කියා.. පවර් සේවර් උපාංගය සෑදීම සදහා Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන ආකාරය පහත Video එක මගින් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා.
තවත් කොටසක් හෙට දිනයේදී .....
Saturday, November 11, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 09
අද මම ඔබට කියල දෙන්නේ, Arduino බෝඩ් එකෙහි Board Setting සහ Port Setting සකසා ගන්න ආකාරයයි. මෙම Board Setting සහ Port Setting සකසා ගත් පසු, මෙම පවර් සේවර් උපාංගය සෑදීමට, Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න අපට පුළුවන්. ඉතින් Board Setting සහ Port Setting සකසා ගන්න ආකාරය පහත Video එක මගින් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා.
තවත් කොටසක් හෙට දිනයේදී.....
Friday, November 10, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 08
ඉතින් Arduino බෝඩ් එකේ software එක Install කරන ආකාරය මම කලින් පාඩමෙන් ඔබට කියා දුන්නා. දැන් අපට කරන්න තිබෙන්නේ, Arduino බෝඩ් එකෙහි Drivers Install කරගැනීමයි. පහත Video එකෙන් Arduino බෝඩ් එකෙහි Drivers Install කරන ආකාරය මම ඉදිරිපත්කර තිබෙනවා.
තවත් කොටසක් හෙට දිනයේදී....
Thursday, November 9, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 07
Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කිරීම සදහා අවශ්‍ය වන Software එක ඔබ දැනටමත් Download කරගෙන ඇති. අපි දැන් බලමු ඔබහේ පරිගණකයේ Download ෆෝල්ඩරය තුල ඇති මෙම Software එක ඔබගේ පරිගණකයට Install කර ගන්නේ කෙසේද කියලා. එම Software එක ඔබගේ පරිගණකයට Install කරන ආකාරය මම පහත Video එක තුලින් ඉදිරිපත්කර තිබෙනවා.
තවත් කොටසක් හෙට දිනයේදී...
Wednesday, November 8, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 06
මෙම පවර් සේවර් එක සෑදීමේදී, Arduino බෝඩ් එක පරිගණකයෙන් ප්‍රෝග්‍රෑම් කලයුතු වන අතර, ඒ සදහා අවශ්‍ය කරන Software එක අපට අන්තර්ජාලයෙන් Download කරගන්න පුළුවන්. මම පහතින් දක්වා ඇති ලින්ක් එක click කර එම වෙබ් අඩවියට පිවිස, පහත Video එකේ පරිදි Software එක Download කරගන්න.
තවත් කොටසක් හෙට දිනයේදී...
Tuesday, November 7, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 05
ඔබ මිලට ගත් Arduino බෝඩ් එක ඔබට ලැබුණු USB කේබලය ආධාරයෙන් ඔබගේ පරිගණකයට සම්බන්ධ කරන්න. එවිට පහත රුපයේ පරිදි, Arduino බෝඩ් එක මත කොළ පාට Led බල්බයක් සහ කහ පාට Led බල්බයක් ඔබට දැකිය හැක. කොළ පාට Led බල්බයෙන්, Arduino බෝඩ් එකට විදුලිය ලැබී ඇති බව පෙන්වන අතර, Arduino බෝඩ් එක මත, නිවෙමින් දැල්වෙන කහ පාට Led එක මගින්, Arduino බෝඩ් එක තුල යම් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වන බව පෙන්වයි. අප ඊළගට කල යුත්තේ, මෙම පවර් සේවර් උපංගය සෑදීමට Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කර ගැනීමයි.
තවත් කොටසක් හෙට දිනයේදී....
Monday, November 6, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 04
අප සාදන මෙම පවර් සේවර් උපාංගය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර, ඒවා නම්, Arduino Micro Control Board එක සහ Driver පරිපතයයි. අපි දැන් මුලින්ම Arduino Micro Control Board එක හදුනාගමු. පහතින් පෙන්වා ඇත්තේ, Arduino Uno වර්ගයේ Micro Control Board එකකි.
ඉහතින් පෙන්වා ඇති Arduino බෝඩ් එකෙහි USB Port එකක් සහ External Power Socket එකක් පෙන්වා ඇත. බෝඩ් එක මිලදී ගන්න විට USB කේබලයක්ද ඔබට ලබා දෙන අතර, ඉදිරියේදී මෙම බෝඩ් එක පරිගණකයෙන් ප්‍රෝග්‍රෑම් කිරීමට මෙම කේබලය අවශ්‍ය වනු ඇත. මෙම බෝඩ් එකෙහි External Power Socket එකක් ඇත්තේ, බෝඩ් එකට පිටතින් විදුලිය සැපයීමටයි. මෙම පවර් සේවර් උපාංගය සැදීමේදීද මෙම බෝඩ් එකට විදුලිය සපයන්නේ,මෙම External Power Socket එක ආධාරයෙනි.
තවත් කොටසක් හෙට දිනයේදී....
Sunday, November 5, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 03
මෙම පවර් සේවර් උපංගය භාවිතා කරන ආකාරය.
ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ Temperature Controllers (උෂ්ණත්ව පාලක) Middle Level එකට සකසන අයුරු.
තවත් කොටසක් හෙට දිනයේදී.....
Saturday, November 4, 2017
ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 02
මෙම පවර් සේවර් උපාංගයේ ක්‍රියාකාරිත්වය.
මම ඔබට නිෂ්පාදනය කිරීමට කියා දෙන මෙම උපාංගය ආධාරයෙන්, සෑම විනාඩි 10 කටම වරක් ශීතකරණය ස්වයන්ක්‍රියව ON වීම සහ OFF වීම සිදුවනවා. මෙය Micro Control එකක් පරිගණකය ආධාරයෙන් Program කර නිපදවන උපාංගයකි. ඕනෑම ශිතකරණයකට හෝ අධි ශිතකරණයකට මෙම උපාංගය හරහා විදුලිය සැපයු විට එයට විදුලිය සපයෙම්මේ විනාඩි 10 න් 10 ට නිසා පැයක කාලයක් සලකා බැලුව හොත්, ශීතකරණය ක්‍රියාත්මක වන්නේ විනාඩි 30 කි. පැය 24 ක කාලයක් සලකා බැලුව හොත්, ශීතකරණය ක්‍රියාත්මක වන්නේ පැය 12 කි. මා මුලින් කීවා මෙන්, ශීතකරණයේ ඇතුලත උෂ්ණත්වයද නියමිත ප්‍රමාණයට පැමිණීමෙන් පසුද, ශීතකරණය off වන නිසා දිනකදී මෙම on වී තිබෙන කාලය පය 12 කටත් වඩා අඩුවේ.
එමන් මෙම උපාංගය භාවිතයට පෙර,දිනකට ශීතකරණය සදහා විදුලි ඒකක 6 ක් වැය වුයේ නම්, මෙම උපාංගය භාවිතා කරන විට ශීතකරණය සදහා වැය දිනකට වැය වන්නේ විදුලි ඒකක 3 ක් හෝ ඊටත් වඩා අඩු ප්‍රමාණයකි. මෙම උපාංගය භාවිතා කරන විට ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ Temperature Controllers (උෂ්ණත්ව පාලක) Middle Level එකට කරකවා තැබිය යුතු අතර, ශීතකරණයේ දොර බීඩින් ද Cool එක පිටතට කාන්දු නොවනසේ ඉතා හොද තත්වයෙන් තිබිය යුතුවේ.
තවත් කොටසක් හෙට දිනයේදී.....
Friday, November 3, 2017
ශීතකරණය සදහා පවර් සේවර් උපාංගයක් - 01
ශීතකරණයක ක්‍රියාකාරිත්වය.
ශීතකරණයක් හෝ අධි ශීතකරණයක් කිසිම් අවස්ථාවක නොකඩවා ක්‍රියාත්මක වන්නේ නැහැ. එනම් එම ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ උෂ්ණත්ව පාලකය මගින් සකසා ඇති ප්‍රමාණයට ඇතුලත උෂ්ණත්වය පැමිණි පසු, උෂ්ණත්ව සංවේදකයක් හරහා ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ කොම්ප්‍රෙෂර් එකට විදුලිය සපයා ඇති නිසා කොම්ප්‍රෙෂර් එක ස්වයන්ක්‍රියව ක්‍රියා විරහිත වනවා. නැවතත් ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ ඇතුලත උෂ්ණත්වය වැඩි වන විට, ස්වයන්ක්‍රියව කොම්ප්‍රෙෂර් එක ක්‍රියාත්මක වනවා. ශීතකරණයට හෝ අධි ශීතකරණයට විදුලිය සපයා ඇති තෙක් දිගින් දිගටම සිදුවන්නේ මෙම ක්‍රියාවලියයි.
තවත් කොටසක් හෙට දිනයේදී......
Thursday, November 2, 2017
ශීතකරණයට වැය වන විදුලිය 50% අඩු කරන Power Saver එකක් සාදමු...
බව ඔබ නොදන්නවානිවසක භාවිතා කරන විදුලියෙන් 2/3 පමණ වැය වන්නේ ශීතකරණයට විය හැක. ඉතින් ශීතකරණයට වැයවන විදුලිය 50% අඩුකරන Power Saver Unit එකක් සාදන ආකාරය හෙට සිට කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. මෙම Power Saver Unit එක සාදා ගැනීම සදහා රු.2000 පමණ මුදලක් වැය වන අතර, මා විසින් අවුරුදු තුනක පමණ කාලයක් මගේ ශීතකරණයට සවි කර අත්හදා බලා තිබෙනවා.
Monday, October 30, 2017
Saturday, October 28, 2017
On Grid Solar Power System එකක් ක්‍රියාත්මක වන ආකාරය...
දැරිය නොහැකි විදුලි බිලත් සමග බොහෝ දෙනා දැන් දැන් සෝලා විදුලි පද්ධති ගැන දක්වන්නේ ලොකු උනන්දුවක්. ඉතින් මම අද පහතින් පෙන්වා තිබෙන්නේ, On Grid Solar Power System එකක් ක්‍රියාත්මක වන ආකාරයයි. මෙමගින් හිරු එළියෙන් වැඩිපුර නිපදවන විදුලිය ප්‍රධාන විදුලි පද්ධතියට මුදාහැරිම සිදුවන අතර ඒ සදහා ඔබට මුදල් ලබාගන්න පුළුවන්.
Friday, October 27, 2017
රිලේ උපාංගයක් ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි...
රිලේ උපාංගයක ඇතුලත ක්‍රියාකාරිත්වය, එහෙමත් නැත්නම් රිලේ උපාංගයක් ක්‍රියාකරන ආකාරය පහතින් ඉදිරිපත්කර තිබෙනවා. එය තුලින් ඔබට රිලේ උපන්ගයක ක්‍රියාකාරිත්වය පිළිබද ඉතාමත් හොද අවබෝධයක් ලබාගැනීමට හැකි වේවි. නිර්මාණාත්මක පරිපත ගොඩනැගීමේදී, රිලේ උපාංගයක ක්‍රියාකාරිත්වය පිළිබද හොද අවබෝධයක් ලබා තිබීම ඔබට ඉතා වැදගත් වේවි.
Wednesday, October 25, 2017
Led Torch Circuit with Driver...
Driver එකකින් යුතු Led Torch පරිපථයක් තමයි පහතින් දක්වා තිබෙන්නේ. Led බල්බයක් සාමාන්‍ය පරිදි බැටරියකින් දල්වනවාට වඩා වැඩි එළියක්, Driver පරිපථයක් හරහා දැල්වීමේදී ලබාගත හැක. එම නිසා මෙම පරිපථය Led Torch එකක් සදහා භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වනවා. මෙම පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 6v වේ.
Tuesday, October 24, 2017
Thursday, October 19, 2017
Wednesday, October 18, 2017
Touch Controlled Musical Bell...
පහතින් දැක්වෙන්නේ UM 3481 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කරන ලද Touch Controlled Musical Bell පරිපතයකි. මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 3 ක වන අතර, පරිපථයේ පෙන්වා ඇති TP ස්ථානය ස්පර්ශ කල විට පරිපථය ක්‍රියාත්මක වනු ඇත.
Tuesday, October 17, 2017
Fire Alarm Circuit...
BC 548, BC 558, SL 100B ට්‍රාන්සිස්ටර් 3 කින් සහ NE 555 IC උපාංගයක් ආධාරයෙන් නිර්මාණය කරන ලද Fire Alarm පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථයේ Sensor එක ලෙස ක්‍රියා කරන්නේ පරිපථයේ T1 ලෙස පෙන්වා ඇති ත්ර්මිස්ටරයයි. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 6කි.
Monday, October 16, 2017
Sunday, October 15, 2017
Saturday, October 14, 2017
Best Free YouTube Downloader for Windows - 2017
යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න අපි මීට කලින් විවිධ මෘදුකාංග ලබාදීලා තිබෙනවා. අද මෙම ලිපියෙන් ලබාදෙන්නේ ඒ සියල්ලටම වඩා කාර්යක්ෂම මෘදුකාංගයක්.
මේ මගින් 4K වීඩියෝද ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. යූටියුබ් වලට අමතරව Vevo, Facebook, Dailymotion, Metacafe, Vimeo වැනි වෙබ් අඩවි 300 කට මෙය සහාය දක්වනවා. වීඩියෝ Resolution 4096x2160, 3840x2160, 1920x1080 හෝ 1080x720 බාගන්න පුළුවන්.
ඒවගේම වීඩියෝ වල screenshot ගන්නත් පුළුවන්. ඒවා .png format එකෙන් save කරන්න පුලුවන්. යූටියුබ් එකෙන් Music video ඩවුන්ලෝඩ් කරන අයට නම් මේක ගොඩක් වටිනා මෘදුකාංගයක්.
පහත ලින්ක් එකෙන් පිවිස මෙම Software එක Download කර ගන්න පුළුවන්.
Thursday, October 12, 2017
Tuesday, October 10, 2017
Automatic Vehicle Headlight Dimmer Circuit...
සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී වාහනයක් පදවන විට අපට ඉදිරියෙන් වාහනයක් පැමිණෙන විට අපගේ වාහනයේ Head ලයිට් Dim කිරීම අප විසින් නිරන්ත රයෙන් සිදුකරන කාර්යක් වනවා. ඉතින් එයට පිලියමක් ලෙස ඉදිරියෙන් වාහනයක් පැමිණෙන විට ස්වයන්ක්‍රියව අපගේ වාහනයේ Head ලයිට් Dim වන
Automatic Vehicle Headlight Dimmer පරිපථයක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ. මෙම පරිපථය LDR උපාංගයක් මගින් ක්‍රියා කරන අතර, එනම් LDR එක මතට ඉදිරියෙන් පැමිණෙන වාහනයේ Head ලයිට් වල එලිය වැටුණු විගස මෙම පරිපථය ක්‍රියාත්මක වී අපගේ වාහනයේ Head ලයිට් Dim වීම සිදු වනවා. පරිපථයට වාහනයේ බැටරියෙන්ම 12v ලබාදිය හැක.
Parts List
R1 = 1K,
P1 = 10 K,
LDR = With resistance @ around 10 to 50 K when illuminated in daylight (under shade).
T1 = BC547,
D1 = 1N4007
Relay = coil 400 Ohms, DPDT, 12 volts
P1 = 10 K,
LDR = With resistance @ around 10 to 50 K when illuminated in daylight (under shade).
T1 = BC547,
D1 = 1N4007
Relay = coil 400 Ohms, DPDT, 12 volts
Sunday, October 8, 2017
ඉලෙක්ට්‍රොනික් මදුරු නාශකය...
ඉතාමත් සරල සහ ඉතාමත් අඩු මුදලකින් සාදාගත හැකි ඉලෙක්ට්‍රොනික් මදුරු නාශක පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වන අතර, Piezo බසරයෙන් නිකුත්වන නාදයෙහි තියුණු බව 1M Preset එක මගින් සකසා ගත හැක.
Saturday, October 7, 2017
Vehicle Ignition Coil Wiring Diagram...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, පෙට්‍රල් වාහනයක Spark Plugs සදහා විදුලිය සපයන Ignition Coil Wiring පරිපථයකි. මෝටර් රථවාහන තාක්‍ෂණය පිලිබදව උනන්දුවක් දක්වන අයට, මෝටර් රථයක Ignition පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීමට මෙම පරිපථය උපකාරී වේවි.
Subscribe to:
Comments (Atom)
















































