Saturday, November 4, 2017

ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 02

මෙම පවර් සේවර් උපාංගයේ ක්‍රියාකාරිත්වය.

මම ඔබට නිෂ්පාදනය කිරීමට කියා දෙන මෙම උපාංගය ආධාරයෙන්, සෑම විනාඩි 10 කටම වරක් ශීතකරණය ස්වයන්ක්‍රියව ON වීම සහ OFF වීම සිදුවනවා. මෙය Micro Control  එකක් පරිගණකය ආධාරයෙන් Program කර නිපදවන උපාංගයකි. ඕනෑම ශිතකරණයකට හෝ අධි ශිතකරණයකට මෙම උපාංගය හරහා විදුලිය සැපයු විට එයට විදුලිය සපයෙම්මේ විනාඩි 10 න් 10 ට නිසා පැයක කාලයක් සලකා බැලුව හොත්, ශීතකරණය ක්‍රියාත්මක වන්නේ විනාඩි 30 කි. පැය 24 ක කාලයක් සලකා බැලුව හොත්, ශීතකරණය ක්‍රියාත්මක වන්නේ පැය 12 කි. මා මුලින් කීවා මෙන්, ශීතකරණයේ  ඇතුලත උෂ්ණත්වයද  නියමිත ප්‍රමාණයට පැමිණීමෙන් පසුද, ශීතකරණය off වන නිසා දිනකදී මෙම on වී තිබෙන කාලය පය 12 කටත් වඩා අඩුවේ. 

එමන් මෙම උපාංගය භාවිතයට පෙර,දිනකට ශීතකරණය සදහා විදුලි ඒකක 6 ක් වැය වුයේ නම්, මෙම උපාංගය භාවිතා කරන විට ශීතකරණය සදහා වැය දිනකට වැය වන්නේ විදුලි ඒකක 3 ක් හෝ ඊටත් වඩා අඩු ප්‍රමාණයකි. මෙම උපාංගය භාවිතා කරන විට ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ Temperature Controllers (උෂ්ණත්ව පාලක) Middle Level එකට කරකවා තැබිය යුතු අතර, ශීතකරණයේ දොර බීඩින් ද Cool එක පිටතට කාන්දු නොවනසේ ඉතා හොද තත්වයෙන් තිබිය යුතුවේ.


තවත් කොටසක් හෙට දිනයේදී.....   

No comments:

Post a Comment