Sunday, January 31, 2016

මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි නිර්මාණය.

මෙම පාඩම් මාලාව සදහා ඉදිරියට ගෙන යාම සදහා දායක කරගත යුතු සමහර වෙබ් අඩවි තුල ඇති වී තිබෙන අවහිරතාවයන්  සහ තවත් වෙබ් අඩවි වල එම අවශ්‍ය  පහසුකම් අත්හිටුවා ඇති බැවින් මෙම පාඩම් මාලාව ඉදිරියට  ගෙන යාමට නොහැකි තත්වයක් පවතී. එබැවින් මෙයට විකල්ප පාඩම් මාලාවක් ලගදීම බලාපොරොත්තු වන්න.

Saturday, January 30, 2016

Facebook, Twitter වල තියෙන Hashtag එක කියන්නේ මොකද්ද?

ශ්‍රී ලංකාවේ Facebook, Twitter වැනි Social Networks භාවිතා කරන අය මිලියන ගානක් ඉන්නවා.

  • 2003 වසරේදී Facebook, Twitter වගේම අනිත් Social Networks වල වැඩ කිඩ
  • වැඩියෙන් social media පාවිච්චි කරන්නේ කව්ද? Men VS Women
  • Facebook ගැන ඔබ නොදත් තොරතුරු රැසක්

    මෙවැනි Social Networks වල ඔබ Hashtag එක ඕන තරම් දැකලා ඇති. නමුත් Hashtag එක භාවිතා කරන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? Hashtag එකෙන් ඔබට ලබාගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද කියලා ඔබ දන්නවාද?
    මේ සියලු දේවල් ඔබට කියලා දෙන Video එකක් Chanux නිර්මාණය කරලා තිබෙනවා.

Saturday, January 23, 2016

Flash Player එක නිවැරදිව Up Date කර ගමු.

ඔබ අන්තර්ජාලය භාවිතා කරන අයකු නම්, බොහෝ විට Flash Player එක Update කරගැනීමට සිදුවන්නට ඇති. අන්තර්ජාලයේ ඇති යම් යම් Video, Flash Banners ආදිය බැලීමට අපට උදව් වන්නේ අප Install කරගෙන ඇති Flash Player එකයි. Flash Player එක update  කරන විට මෙවන් ගැටළු දෙකකට ඔබ මුහුණ දී තිබේද? එනම් Flash Player එක update කරන විට අතරමග නතර වුනාද? එසේත් නැත්නම් Flash Player එක update කරන විට Flash File Corruption Error ලෙස Message එකක් ආවාද?


මම ඉහත කි ගැටළු දෙක ඇතිවන්නේ ඔබගේ පරිගණකයේ Install කර ඇති වයිරස් ගාඩ් එක නිසා බව මතක තබා ගන්න. මෙම ගැටලුවෙන් මිදී ඉතා පහසුවෙන් Flash Player එක update කරගැනීමට නම්, ඔබ Flash Player එක update කරන අවස්ථාවේදී වයිරස් ගාඩ් එක තාවකාලිකව deactivate කර Flash Player එක update කරන්න. එවිට එම ගැටළු මග හැරෙනු ඇත. Quick Launch අයිකන් අතර තිබෙන වයිරස් ගාඩ් අයිකන් එක හරහා පිවිසීමෙන්, වයිරස් ගාඩ් එක තාවකාලිකව deactivate කර ගත හැක.

Monday, January 18, 2016

මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි නිර්මාණය (04)

ඔබට මතක ඇති මම කලින් පාඩමෙන් ඔබට කිව්වා,අලුතෙන් email ලිපිනයක් සාදා ගන්න අවශ්‍ය බව. ඉතින් දැන් ඔබ එම email ලිපිනයට ලොග් වී එම email ලිපිනයට අලුතෙන්ම ලැබී ඇති Wordpress නමින් ඇති email එක open කරන්න. දැන් එම email එකේ ඇති, Confirm email Address  යනුවෙන් සදහන් බට්න් එක Click කරන්න. දැන් ඔබ ඔබේ වෙබ් අඩවියට අදාල email verification එක සිදු කර අවසානයි. දැන් ඔබ  ඔබගේ email Account එකෙන් Sign Out වන්න. දැන් අප වෙබ් ලිපිනයක් සාදාගෙන එය Verify කරගෙනත් අවසානයි. දැන් අප සිදු කල යුතුව ඇත්තේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමයි. 

ඉතින් වෙබ් අඩවිය නිර්මාණය කරන ආකාරය ඔබට වඩාත් හොදින් තේරුම්ගැනීමට පහසුවන පරිදි, සිංහල පැහැදිලි කිරීම් සහිතව Video පාඩම් මාලාවක් ලෙස ඉදිරිපත් කිරීමට ම බලාපොරොත්තු වනවා.. 

Sunday, January 17, 2016

මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි නිර්මාණය (03)

ඉතින් අපි අද බලමු ඔබ සෑදීමට බලාපොරොත්තුවන වෙබ් අඩවිය සදහා වෙබ් ලිපිනයක් සකසා ගන්නේ කෙසේද කියා. මුලින්ම ඔබ gmail වලින් අලුත්ම ඊ මේල් ඇඩ්රස් එකක් සාදාගත යුතු වනවා. ඊ මේල් ඇඩ්රස් එකක් සාදා ගැනීම සදහා අවශ්‍ය දැනුම ඔබ සතුව ඇතැයි මා සිතමි. ඉන් පසු මා පහතින් ඔබට ඉදිරිපත්කර ඇති ලින්ක් එකෙන් වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවියට පිවිසෙන්න.


දැන් එම වෙබ් අඩවියේ, Create Website යනුවෙන් නිල් පැහැයෙන් ඇති බට්න් එක Click කරන්න. ඉන්පසු ඔබට ලැබෙන තිරයේ වම පස උඩ කෙලවරේ ඇති, Enter a domain or keyword යනුවෙන් සදහන් ස්ථානයේ, ඔබට අවශ්‍ය වෙබ් ලිපිනය ටයිප් කරන්න. එවිට පහලින් ඔබගේ වෙබ් ලිපිනය පෙන්වන අතර එය ඉදිරියේ ඇති Select බට්න් එක Click කරන්න. ඉන් පසු ලැබෙන තිරයේ පහල වම පස ඇති Select Free Plan යනුවෙන් සදහන් නිල් පැහැති බට්න් එක click කරන්න. දැන් ඔබට ලැබුණු තිරයේ, ඔබ අලුතෙන් සාදා ගත් email ලිපිනයත්, ඔබ කැමති Username එකකුත්, ඔබ කැමති Password එකකුත් ලබාදී, Create M y Account යනුවෙන් සදහන්ව ඇති බට්න් එක click කරන්න. දැන් ඔබ වෙබ් ලිපිනය සාදා අවසන්...

 තවත් කොටසක් බලාපොරොත්තුවන්න.     

Saturday, January 16, 2016

මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි නිර්මාණය.(02)

මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී අප මුලින්ම ඉගෙන ගත යුතු වන්නේ වෙබ් අඩවියක් සාදා ගන්නේ කෙසේද කියාය. ඔබ මුලින්ම තීරණය කල යුතුයි, ඔබ සාදන වෙබ් අඩවියෙහි ඇතුලත් කරනු ලබන්නේ කුමක්ද කියා..එනම් ඔබ සාදන වෙබ් අඩවිය ගොසිප් වෙබ් අඩවියක්ද, විනෝදාස්වාදය මත පදනම් වූ වෙබ් අඩවියක්ද, වීඩියෝ වෙබ් අඩවියක්ද, ඉඩම් විකිණීමේ වෙබ් අඩවියක්ද, වාහන විකිණීමේ වෙබ් අඩවියක්ද  ආදී වශයෙන් ඔබ සෑදීමට බලාපොරොත්තු වන වෙබ් අඩවිය තීරණය කරන්න.

ඉන් පසු ඔබ සෑදීමට තීරණය කල වෙබ් අඩවියට ගැලපෙන ලෙස වෙබ් අඩවිය සදහා නමක් සොයා ගන්න. උදාහරණ ලෙස ඔබ සාදන්නේ ගොසිප් වෙබ් අඩවියක් නම්, Real Gossip, Gossip Net ආදී වශයෙනි. ඔබ සාදන්නේ වීඩියෝ වෙබ් අඩවියක් නම්, Lak Video, Video Shop ආදී වශයෙනි. ඔබ සාදන්නේ ඉඩම් විකිණීමේ වෙබ් අඩවියක් නම්, Lanka Idam Sale, Idam Kade ආදී වශයෙනි.

දැන් අප කලයුතු වන්නේ, වෙබ් අඩවිය සදහා වෙබ් ලිපිනයක් සාදාගැනීමයි. මෙහිදී ඔබ වෙබ් අඩවියට යෙදු නමට ගැලපෙන ලෙස වෙබ් ලිපිනය සාදා ගතයුතු වන අතර එය සිදු කරන ආකාරය හෙට දිනයේ ඔබට ඉදිරිපත් කරමි. එම නිසා අද දිනයේදී, ඔබ සාදන වෙබ් අඩවිය, සාදන වෙබ් අඩවියට යොදන නම ආදිය  තීරණය කර හෙට දිනයේදී වෙබ් ලිපිනය සාදාගැනීමට සුදානම්ව සිටින්න.

Friday, January 15, 2016

මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි නිර්මාණය.

අවුරුද්දක් පුරා අප සමග සිටි ඔබට තවත් අලුත්ම අත්දැකීමක් ලබාගැනීමට සහ ඒ තුලින් අදායමක් ලබාගන්නා  ආකාරයත් අද සිට ඔබට කියාදෙනවා. ඒ තමයි මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි නිර්මාණය පාඩම් මාලාව. අවුරුද්දක් පුරා අප ආ ගමන් මග තුල අප සමග රැදෙමින් ඔබ අපට දුන් ශක්තිය සහ සහයෝගය අප ඉතාමත්  සලකනු ලබන අතර එය අපට විශාල දයිර්යක්  වූ බව පවසනු කැමැත්තෙමු. අප වෙබ් අඩවිය ආරම්භ කරනු ලැබූ කාලයේ සිංහල තාක්ෂණ වෙබ් අඩවියක් නොමැති වූ  අතර ඔබ සම අප සමග එක්වුයේ එවන් කාල වකවානුවක් තුලයි. 18000  ඉක්මවූ අපගේ සාමාජිකත්වය ලබාගත් ඔබ එයට කදිම උදාහරණයකි.තවද අපගේ වෙබ් අඩවිය කොපි කරමින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ රජයේ රෝහලක සේවය කරන පිරිමි නර්ස් කෙනකු විසින් පවත්වාගෙන යනු ලබන අපගේ ලිපි කොපි කරන වෙබ් අඩවියටද කදිම කනේ පහරකි. ඉතින්, මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි නිර්මාණය පාඩම් මාලාව හෙට සිට පියවරෙන් පියවර මුල සිටම ගෙන ඒමට අප සියලු කටයුතු සුදානම් කර අවසානයි. මෙය ඇඩ්සෙන්ස් හෝ එහා සමාන වැඩසටහනක් නොවන බවද අවධාරණය කරනු කැමැත්තෙමු. ඉතින් ඔබට ජයෙන් ජය ............       

Thursday, January 14, 2016

මහජන ඇමතුම් පද්ධති සැපයීමේ ව්‍යාපාරයක් සදහා තාක්ෂණ දැනුම (3)

මෙම පාඩම් මාලාවෙන් මම ඔබට මුලින්ම ඉදිරිපත් කරන්නේ, මහජන  ඇමතුම් පද්ධති සදහා භාවිතා කරන මයික් වල ඇති කනෙක්ටර්ස් පිලිබදවයි. ඔබ මයික් මිලදී ගන්න විට, මයික් එක සමග මයික් වයරයද, මයික් එක මයික් ස්ටෑන්ඩ් එකක් මත රැදවීමට අවශ්‍ය මයික් හෝල්ඩරයද ඔබට ලැබෙනු ඇත. මේ සියල්ල කුඩා රෙක්සින් පර්ස් එකක දම ඇත. ඔබට ලැබෙන මයික් වයරයේ දෙකෙළවර ඇත්තේ එකිනෙකට වෙනස් ජැක් දෙකකි. එනම් එක කෙළවරක ඇති ජැක් එක XLR ජැක් එකක් වශයෙන් හදුන්වන අතර, අනෙක් කෙලවරේ ඇති ජැක් එක සාමාන්‍ය මයික් ජැක් එකක් වේ. එය පහත රුපය මගින් ඔබට හදුනා ගත හැකිවනු ඇත.

මෙම මයික් වයරයේ ඇති XLR ජැක් එක මයික් එකට සවිවන අතර, අනෙක් කෙලවරේ ඇති මයික් ජැක් එක ඇම්ප්ලිෆයරයේ මයික් සවිකරන ජැක් බේස් එකට සවිවේ. XLR ජැක් එක සවිකිරීමේදී, XLR ජැක් එකේ ඇති කුඩා බොත්තම තදකරගෙන XLR ජැක් එක සවිකළ යුතු අතර, XLR ජැක් එක මයික් එකෙන් ගැලවිමේදීද මෙම බොත්තම තද කරගෙන ගැලවිය යුතුවේ.


ඔබට මයික් එක මිලදී ගැනීමේදී ලැබෙන මයික් වයරය දිගින් ප්‍රමාණවත් නොවේ නම්, අවශ්‍ය දිගින් යුතු මයික් වයර් ඔබටම සාදා ගත හැක. ඒ සදහා අවශ්‍ය මයික් වයර්, XLR  ජැක් සහ මයික් ජැක් ඔබට වෙළද පොලෙන් මිලට ගත හැක. මෙහිදී මයික් වයර් මිලට ගැනීමේදී, ඉතා උසස් තත්වයේ මයික් වයර් මිලට ගැනීමට ඔබ මතක තබා ගත යුතුවේ. ප්‍රමිතියෙන් තොර බාල මයික් වයර් යෙදීමෙන් ඇතිවන අවසාන ප්‍රථිපලය වනුයේ, ස්පිකර්ස් තුලින් හම් එකක් ඇති වීමයි. ඉතා උසස් තත්වයේ මයක් වයරයක් ලෙස Ahuja මයික් වයර් හැදින්විය හැක. මෙම මයික් වයර් මීටරයක මිල රු.120 පමණවේ. මෙම Ahuja මයික් වයර් වල මතුපිට කළු පැහැයෙන් යුක්ත වන අතර ඒ මත සුදු පැහැති සිහින් ඉරක් දැකිය හැකිවේ. ඔබ මයික් වයරයක් සාදා ගැනීමේදී මීටර් 30 කට වඩා වැඩි දිගකින් යුතු මයික් වයර් සාදා නොගැනීමට මතක තබා ගන්න. මයික් වයරය මීටර් 30 කට වඩා දිග වුවහොත් එහිදීද අවසන් ප්‍රථිපලය වන්නේ ස්පිකර්ස් තුලින් හම් එකක් ඇතිවීමයි. 

Monday, January 11, 2016

මහජන ඇමතුම් පද්ධති සැපයීමේ ව්‍යාපාරයක් සදහා තාක්ෂණ දැනුම (2)

මහජන ඇමතුම් පද්ධති සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ අදහස් කරන්නේ නම්, මුලින්ම  ඔබ විසින් අවධානය යොමුකළ යුතු ප්‍රධානතම කරණය වන්නේ, ඔබ මිලදී ගැනීමට අදහස් කරන උපාංග සහ උපකරණ වල වෙළද නාමයයි. වර්තමානයේ ප්‍රධාන වෙළද නාම තුනක් යටතේ අපට උපකරණ මිලටගත හැක. ඒවා නම්, AHUJA , TOA , UNIPEX  වන අතර තත්වයෙන් ඉතා උසස් සහ වැඩිම උපාංග පරාසයක් ඇති වෙළද නාමය ලෙස AHUJA වෙළද නාමය නම් කල හැක.

Thursday, January 7, 2016

වාහනයක Air Cleaner එක නිසි අයුරින් නඩත්තු කල යුත්තේ ඇයි?

වාහන එන්ජිමක,දහනය සිදුවීම සදහා සිලින්ඩර තුලට ඉන්ධන සමග වතයද ඇදගන්නා අතර, වාතය පිරිසිදු කර සිලින්ඩර තුලට සැපයීම Air Cleaner එකේ කාර්ය බාරය වේ. සාමාන්‍ය වාතය තුල  ඇති දුවිලි, කාබන් වැනි අපද්‍රව්‍ය සහ සියුම් වැලි කට වැනි දෑ, වාහනයේ එන්ජිම තුලට ඇදී යාම නිසා එන්ජිමේ ක්‍රියාකාරී කොටස් ඉතා සීග්‍රයෙන් ගෙවී යාම සිදුවේ.තවද ඉහත කී අපද්‍රව්‍ය Engine Oil සමගද මිශ්‍ර වීම හේතුවෙන්, එන්ජිමේ සිලින්ඩර් බෝරය සහ ඊට අදාල ක්‍රියාකාරී කොටස්ද ගෙවීයාම සිදුවේ.

තවද, මෙසේ එන්ජිම ගෙවී ගිය විට Engine Oil ද දහන කුටීරයට ඇතුළු වී දහනය වන අතර වඩාත් අතිශය හානිකර තත්වය වන්නේ, දහන කුටිරයට පැමිණි ඉන්ධන සහ වාත මිශ්‍රණය සිලින්ඩර බෝරය තුලින් පිටතට කාන්දු වීමයි. මෙමගින් Engine Oil දැවී යාමත්, වැඩියෙන් ඉන්ධන පරිභෝජනයත් සිදු  වීම නිසා, එන්ජිමේ ආයු කාලයද අඩුවනු ඇත.

මෙම දෝෂයන් මග හරවා ගැනීමට නම්, වහනය Service කරන අවස්ථා වලදී, Air Cleaner එක Engine Oil පරීක්‍ෂා  කර පිරිසිදු කල යුතු අතර,නියමිත කිලෝමීටර් ගණන ඉක්මවා ගොස් ඇත්නම්, Air Cleaner එක අලුතෙන් යෙදීම  අනිවාර්යෙන්ම සිදුකල යුතු වේ.

Types of Air Cleaners

Wednesday, January 6, 2016

නිවාස වයරින් කිරීම (8)

නිවාස වයරින් කිරීම පාඩම් මාලාවෙන් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, Distribution Board එක වයර් කරන ආකාරයයි. පහත ඉදිරිපත්කර ඇති රුපය ආධාරයෙන් එය ඔබට වඩාත් හොදින් අවබෝධ කරගත හැකි වේවි. විදුලි මීටරයේ සිට එන Live වයරය සහ Neutral වයරය මුලින්ම Main Switch එකටත්, Main Switch එකෙන් Trip Switch එකටත් Trip Switch එකෙන් පිටවන Live වයරය සියලුම MCB වලටත් සම්බන්ධවේ. ඒ වාගේම Trip Switch එකෙන් පිටවන Neutral වයරය Distribution Board එකේ ඇති Neutral Link එකට සවිවේ. දැන් ඒ ඒ Sub Circuit සදහා අවශ්‍ය Live වයරය MCB වල ඉහල කෙළවරෙන්  ලබාගත හැකි අතර, රතු පාටින් 1 සිට 8 දක්වා නම් කර ඇත්තේ එම MCB වලින් Live වයරය ලබා ගන්නා ස්ථාන වේ.

 රුපය විශාල කර බැලීම සදහා, රුපය මත Click කරන්න.

ඒ වාගේම Sub Circuit සදහා අවශ්‍ය Neutral වයරය Neutral Link එකෙන් ලබාගත හැකි අතර, කළු පාටින් 1 සිට 8 දක්වා පෙන්වා ඇත්තේ එම Neutral වයර් ලබාගන්න ස්ථාන වේ. සියලුම Plug Base වල සිට එන Earth වයර්, Distribution Board එකේ ඇති Earth Link එකට සවිවන අතර, Earth Link එකෙන් Earth වයරයක් Earth Rod එකට සවිවේ. රුපයේ To Earth Electrode යනුවෙන් පෙන්වා ඇත්තේ එයයි.

Earth Link එක සහ Neutral Link එක යනු කවරේදැයි, පහත රුපය ඇසුරෙන් වඩාත් හොදින් තේරුම් ගත හැකිවනු ඇත. තවත් විදිහකින් කියනවා නම්, වයර් කීපයක් එකට සම්බන්ධ කල හැකි Connector බාර් දෙකකි.

 

Monday, January 4, 2016

මහජන ඇමතුම් පද්ධති සැපයීමේ ව්‍යාපාරයක් සදහා තාක්‍ෂණ දැනුම (1)

විශාල ඉල්ලුමක් සහ ඉතා ඉහල ආදායමක් ලැබිය හැකි ව්‍යාපාරයක් ලෙස මහජන ඇමතුම් පද්ධති සැපයීම හදුන්වන්න පුළුවන්. මෙවැනි ව්‍යාපාරයක් සදහා අවශ්‍ය උපාංග සහ උපකරණ මිලට ගැනීමට මුලිකව තරමක  වියදමක් දැරීමට සිදුවුවත් එම වියදම ඔබට ඉතා කෙටි කාලයකදී පියවා ගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත. අද සිට කොටස් වශයෙන් පියවරෙන් පියවර මෙම පාඩම් මාලාව ඔබට ගෙන ඒමට  බලාපොරොත්තු වනවා...

මහජන ඇමතුම් පද්ධති සදහා අවශ්‍ය උපකරණ සහ උපාංග....

ඇම්ප්ලිෆයර්ස්
මික්ස්සර්ස්
එකෝ මික්ස්සර්ස්
රිෆ්ලෙක්ස් හෝන්ස්, බෆල්ස්
රිෆ්ලෙක්ස් හෝන් Driver Units
ලයින් ට්‍රාන්ස්ෆොර්මර්ස්
මයික්ස්, FM මයික්ස්
FM මයික් රිසීවර්ස්
මයික් ස්ටෑන්ඩ්ස්
මයික් කේබල්ස්
මයික් එක්ස්ටෙන්ෂන් කේබල්ස්
ස්පිකර් කේබල්ස්

Saturday, January 2, 2016

නිවාස වයරින් කිරීම (7)

නිවාස වයරින් කිරීමේ පාඩම් මාලාවේ අද මම ඔබට ඉදිරිපත් කරන්නේ Earth Rod එක පිලිබදවයි. ඕනෑම විදුලි පද්ධතියක Earth Rod එක ඉතා සුවිශේෂී උපාංගයක් වනවා. විදුලි පද්ධතියට අයත් සියලුම Socket Outlet (Plug Base) වල සිට එන Earth වයරය සවිකරන්නේ, Earth Rod එකටයි.
දැන් ඔබේ පහසුව සදහා, කොපර් Earth Rod වෙළද  පොලෙන් ඔබට මිලදී ගත හැකියි. ඔබ Earth Rod එක මිලට ගන්න විට,Earth Rod එකට Earth වයරය සවිකිරීමට අවශ්‍ය Terminal එකද ඔබට ලැබෙනු ඇත. Earth Rod අඩියක් පමණ පොළවෙන් මතු පිටට සිටින සේ ගිල්විය යුතු අතර, එහි ඉහල කෙලවරට Terminal එක මගින් වයරය සවිකළ යුතුයි.





 

Friday, January 1, 2016

නිවාස වයරින් කිරීම (6)

නිවාස වයරින් කිරීම පාඩම් මාලාවේ අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, විදුලි පද්ධතියක Distribution Board එක  (බෙදාහැරීමේ පුවරුව ) පිලිබදවයි. විදුලි පද්ධතියක Main Switch එක, Trip Switch එක සහ උප පරිපත සදහා වූ Miniature Circuit Breakers සවි වන්නේ Distribution Board එක තුලයි.යම් විදුලි පද්ධතියක  Main Switch එක සහ  Trip Switch එක සහිතව, සවිවන උප පරිපත සදහා වූ Miniature Circuit Breakers ගණන අනුව     විවිධ ප්‍රමාණ වලින් ඔබට Distribution Board එකට අදාල Box මිලට ගත හැකියි. පහත දැක්වෙන්නේ Distribution Board එකකි.


විවිධ ප්‍රමාණ වලින් යුත් Distribution Board