මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී අප මුලින්ම ඉගෙන ගත යුතු වන්නේ වෙබ් අඩවියක් සාදා ගන්නේ කෙසේද කියාය. ඔබ මුලින්ම තීරණය කල යුතුයි, ඔබ සාදන වෙබ් අඩවියෙහි ඇතුලත් කරනු ලබන්නේ කුමක්ද කියා..එනම් ඔබ සාදන වෙබ් අඩවිය ගොසිප් වෙබ් අඩවියක්ද, විනෝදාස්වාදය මත පදනම් වූ වෙබ් අඩවියක්ද, වීඩියෝ වෙබ් අඩවියක්ද, ඉඩම් විකිණීමේ වෙබ් අඩවියක්ද, වාහන විකිණීමේ වෙබ් අඩවියක්ද ආදී වශයෙන් ඔබ සෑදීමට බලාපොරොත්තු වන වෙබ් අඩවිය තීරණය කරන්න.
ඉන් පසු ඔබ සෑදීමට තීරණය කල වෙබ් අඩවියට ගැලපෙන ලෙස වෙබ් අඩවිය සදහා නමක් සොයා ගන්න. උදාහරණ ලෙස ඔබ සාදන්නේ ගොසිප් වෙබ් අඩවියක් නම්, Real Gossip, Gossip Net ආදී වශයෙනි. ඔබ සාදන්නේ වීඩියෝ වෙබ් අඩවියක් නම්, Lak Video, Video Shop ආදී වශයෙනි. ඔබ සාදන්නේ ඉඩම් විකිණීමේ වෙබ් අඩවියක් නම්, Lanka Idam Sale, Idam Kade ආදී වශයෙනි.
දැන් අප කලයුතු වන්නේ, වෙබ් අඩවිය සදහා වෙබ් ලිපිනයක් සාදාගැනීමයි. මෙහිදී ඔබ වෙබ් අඩවියට යෙදු නමට ගැලපෙන ලෙස වෙබ් ලිපිනය සාදා ගතයුතු වන අතර එය සිදු කරන ආකාරය හෙට දිනයේ ඔබට ඉදිරිපත් කරමි. එම නිසා අද දිනයේදී, ඔබ සාදන වෙබ් අඩවිය, සාදන වෙබ් අඩවියට යොදන නම ආදිය තීරණය කර හෙට දිනයේදී වෙබ් ලිපිනය සාදාගැනීමට සුදානම්ව සිටින්න.


No comments:
Post a Comment