නිවාස වයරින් කිරීම පාඩම් මාලාවෙන් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, Distribution Board එක වයර් කරන ආකාරයයි. පහත ඉදිරිපත්කර ඇති රුපය ආධාරයෙන් එය ඔබට වඩාත් හොදින් අවබෝධ කරගත හැකි වේවි. විදුලි මීටරයේ සිට එන Live වයරය සහ Neutral වයරය මුලින්ම Main Switch එකටත්, Main Switch එකෙන් Trip Switch එකටත් Trip Switch එකෙන් පිටවන Live වයරය සියලුම MCB වලටත් සම්බන්ධවේ. ඒ වාගේම Trip Switch එකෙන් පිටවන Neutral වයරය Distribution Board එකේ ඇති Neutral Link එකට සවිවේ. දැන් ඒ ඒ Sub Circuit සදහා අවශ්‍ය Live වයරය MCB වල ඉහල කෙළවරෙන් ලබාගත හැකි අතර, රතු පාටින් 1 සිට 8 දක්වා නම් කර ඇත්තේ එම MCB වලින් Live වයරය ලබා ගන්නා ස්ථාන වේ.
රුපය විශාල කර බැලීම සදහා, රුපය මත Click කරන්න.
ඒ වාගේම Sub Circuit සදහා අවශ්‍ය Neutral වයරය Neutral Link එකෙන් ලබාගත හැකි අතර, කළු පාටින් 1 සිට 8 දක්වා පෙන්වා ඇත්තේ එම Neutral වයර් ලබාගන්න ස්ථාන වේ. සියලුම Plug Base වල සිට එන Earth වයර්, Distribution Board එකේ ඇති Earth Link එකට සවිවන අතර, Earth Link එකෙන් Earth වයරයක් Earth Rod එකට සවිවේ. රුපයේ To Earth Electrode යනුවෙන් පෙන්වා ඇත්තේ එයයි.
Earth Link එක සහ Neutral Link එක යනු කවරේදැයි, පහත රුපය ඇසුරෙන් වඩාත් හොදින් තේරුම් ගත හැකිවනු ඇත. තවත් විදිහකින් කියනවා නම්, වයර් කීපයක් එකට සම්බන්ධ කල හැකි Connector බාර් දෙකකි.



No comments:
Post a Comment