ඉතින් අපි අද බලමු ඔබ සෑදීමට බලාපොරොත්තුවන වෙබ් අඩවිය සදහා වෙබ් ලිපිනයක් සකසා ගන්නේ කෙසේද කියා. මුලින්ම ඔබ gmail වලින් අලුත්ම ඊ මේල් ඇඩ්රස් එකක් සාදාගත යුතු වනවා. ඊ මේල් ඇඩ්රස් එකක් සාදා ගැනීම සදහා අවශ්‍ය දැනුම ඔබ සතුව ඇතැයි මා සිතමි. ඉන් පසු මා පහතින් ඔබට ඉදිරිපත්කර ඇති ලින්ක් එකෙන් වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවියට පිවිසෙන්න.
දැන් එම වෙබ් අඩවියේ, Create Website යනුවෙන් නිල් පැහැයෙන් ඇති බට්න් එක Click කරන්න. ඉන්පසු ඔබට ලැබෙන තිරයේ වම පස උඩ කෙලවරේ ඇති, Enter a domain or keyword යනුවෙන් සදහන් ස්ථානයේ, ඔබට අවශ්‍ය වෙබ් ලිපිනය ටයිප් කරන්න. එවිට පහලින් ඔබගේ වෙබ් ලිපිනය පෙන්වන අතර එය ඉදිරියේ ඇති Select බට්න් එක Click කරන්න. ඉන් පසු ලැබෙන තිරයේ පහල වම පස ඇති Select Free Plan යනුවෙන් සදහන් නිල් පැහැති බට්න් එක click කරන්න. දැන් ඔබට ලැබුණු තිරයේ, ඔබ අලුතෙන් සාදා ගත් email ලිපිනයත්, ඔබ කැමති Username එකකුත්, ඔබ කැමති Password එකකුත් ලබාදී, Create M y Account යනුවෙන් සදහන්ව ඇති බට්න් එක click කරන්න. දැන් ඔබ වෙබ් ලිපිනය සාදා අවසන්...
තවත් කොටසක් බලාපොරොත්තුවන්න.

No comments:
Post a Comment