Sunday, November 28, 2021

වෝල්ට් 3 න් ක්‍රියාකරන ස්ටීරියෝ ඇම්ප්ලිෆයරය...

 

මෙම Amplifier පරිපථයේ විශේෂත්වය වන්නේ 1.5v බැටරි දෙකකින් වුවද ක්‍රියාත්මක කල හැකි වීමයි. මෙම පරිපථය කුඩා Audio උපාංග සදහා Amplifier එකක් ලෙස භාවිතා කිරීමට  ඉතා සුදුසුයි. Stereo  Amplifier පරිපථයක් වන මෙය TDA 2822M IC උපාංගයක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති අතර මෙම IC උපාංගය Pin 8 කින් සමන්විත වනවා. තවද මෙම පරිපතයට වෝල්ට් 15 දක්වා වුවද උපරිම වෝල්ටීයතාවයක් සැපයිය හැක. ඒවාගේම ස්පිකර් දෙක සදහා Ohms 4 ,1watt ස්පිකර් දෙකක් භාවිතා කල හැක. මෙම පරිපථය පහතින්.....
අවශ්‍ය උපාංග.

R1     4.7Ω 1/4W
R2     4.7Ω 1/4W
R3, R4     10kΩ stereo Volume Control
C1     470µF 16V
C2     470µF 16V
C3     100µF 16V
C4     100µF 16V
C5     0.1µF
C6     0.1µF
C7     1µF 16V
C8     1µF 16V
C9     100µF 25V
IC1     TDA2822M
LS1     1W 4Ωspeaker
LS2     1W 4Ω speaker

මෙම පරිපථයේ R 3 සහ R 4 ලෙස දක්වා ඇත්තේ 10K Stereo Volume Control එකකි. පරිපථයේ මෙය වෙන වෙනම පෙන්වා තිබුනද, මෙය එකම උපාංගයකි. එහි සාමාන්‍ය පෙනුම පහතින් දක්වා ඇත.



TDA2822M IC උපාංගයේ සාමාන්‍ය පෙනුම සහ Pin හදුනාගන්න ආකාරයද පහතින් දක්වා ඇත.


පරිපථය සාදා ගැනීමෙන් අනතුරුව,3v විදුලියක් ලබාදී, In Put L සහ In Put R ස්ථාන දෙකට ඕනෑම කුඩා Audio උපකරණයක Audio Out එකක්   ලබාදියහැකි අතර, එය වර්ධනය වී පරිපතයට ඔබ සවිකළ කුඩා ස්පිකර් දෙකෙන් ඇසෙනු ඇත. Volume Control එක මගින් ඔබට අවශ්‍ය පරිදි ශබ්දය අඩු වැඩි කල හැක.

Thursday, November 25, 2021

Over Voltage & Low Voltage Protection Power Guard...

 

අප එදිනෙදා භාවිතා කරන විදුලි උපකරණ, ජාතික විදුලි පද්ධතියේ ඇතිවන වොල්ටියතාවයේ අඩු වැඩි වීම් නිසා හානියට පත්වීමට තිබෙන ඉඩ කඩ ඉතාම වැඩියි. ඉතින් එම ගැටලුවෙන් ඔබගේ විදුලි උපකරණ ආරක්ෂා කරගත හැකි Over Voltage & Low Voltage Protection පරිපථයක් තමයි පහතින් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මෙම පරිපථයේ රිලේ උපාංගය හරහා ඕනෑම විදුලි උපකරණයක් සවි කලාම, ජාතික විදුලි පද්ධතියේ වෝල්ටීයතාවය අඩු වීමකදී මෙන්ම, ජාතික විදුලි පද්ධතියේ වෝල්ටීයතාවය වැඩි  වීමකදීද විදුලි උපකරණයට විදුලි සැපයීම ස්වයන්ක්‍රියව නවතා දමන නිසා ඔබගේ විදුලි උපකරණය ආරක්ෂා වනවා.
පරිපථය විශාල කර බැලීම සදහා, පරිපථය මත Click කරන්න.

පරිපථයේ IC1 ලෙස ඇත්තේ, LM 7812 Voltage Regulator IC එකක් වන අතර, පරිපථයේ IC 2/1, IC 2/2 ලෙස සදහන්ව ඇත්තේ LM 324 එකම IC එක කොටස් දෙකක් වශයෙනි. LM 7812 Voltage Regulator IC එකට අනිවාර්යෙන්ම Heat Sink එකක් යෙදීම කල යුතුවේ.

මෙම Power Guard නිෂ්පාදනය ස්වයං රැකියාවක් ලෙස වුවද ඉතාමත් සාර්ථකව කල හැක.

Wednesday, November 24, 2021

වාහන සදහා Hood Lamp පරිපථයක්...

 

වාහන වල ඇතුලත ආලෝක කරණය සදහා ගැලපෙන Hood Lamp පරිපථයක්, මම අද ඔබට ඉදිරිපත් කරනවා..LM 317 IC උපාංගයක් සහිත මෙම පරිපථයේ ඇත්තේ 1w Led බල්බ එකක් පමණි. 1w Led බල්බය සදහා Heat Sink එකක් යෙදිය යුතු අතර, ඒ සදහා  පහතින් පෙන්වා ඇති ආකාරයේ 1w Led බල්බ සදහාම  වූ Heat Sink එකක් මත තබා බල්බය පාස්සා ගන්න. Hood Lamp පරිපථය සදහා වාහනයේ බැටරියෙන්ම  12v ලබාදිය හැක. 

Tuesday, November 23, 2021

විදුලි උපකරණ වල ආරක්ෂාවට Stabilizer එකක් සාදමු...


අද මම අරගෙන ආවේ ඔබට තවත් ඉතාමත් ප්‍රයෝජනවත් පරිපථයක්. එනම්, Voltage Stabilizer එකක්. 230v විදුලියෙන්  ක්‍රියාත්මක වන,අප එදිනෙදා භාවිතා කරන විදුලි උපකරණ වලට, විදුලි පද්ධතියේ සිදුවන වෝල්ටීයතාවය ඉහල පහල යාම නිසා හානි සිදුවීමට බොහෝ විට ඉඩකඩ පවතිනවා. ඉතින් මෙම Voltage Stabilizer පරිපථය මගින්, විදුලි පද්ධතියේ වෝල්ටීයතාවය ඉහල ගියද පහල ගියද, එය ස්වයංක්‍රියව හසුරවාගෙන, ඔබගේ විදුලි උපකරණයට 230v විදුලිය සැපයීමට සමත්. විශේෂයෙන්ම රුපවාහිනී සහ ශීතකරණ වලට මෙම විදුලිය ඉහල පහල යාම නිසා හානි සිදුවන්නට වැඩි ඉඩක් පවතිනවා. ඉතින් මෙම Voltage Stabilizer පරිපථයක් හරහා මෙම උපකරණ වලට විදුලිය සැපයීමෙන් ඒවා ආරක්ෂා කරගත හැකි වනවා.
 Parts List

 R1, R2 = 10K
R3 = 470K
C1 = 1000 uF / 25 V
D1, D2 = 1N4007
T1 = BC547
TR1 = 0 – 12 V, 500 mA
TR2 = 9 – 0 – 9 V, 5 Amp
IC1 = 741
Z1, Z2 = 4.7V/400mW
Relay = DPDT, 12 V, 200 or more Ohms

පරිපථය ප්‍රධාන වශයෙන්, ට්‍රාන්ස්ෆෝමර දෙකකින් සහ IC උපාංගයකින් සහ ට්‍රාන්සිස්ටරයකින් සහ රිලේ උපාංගයකින් සමන්විත වනවා. LM 741 IC උපාංගයේ සමනය පෙනුම සහ එහි පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.

Monday, November 22, 2021

ඉතාමත් සරල 10w ඇම්ප්ලිෆයරයක්...

 

ඔබට ඉතාමත් පහසුවෙන් සාදාගත හැකි ඉතාමත් සරල 10w Amplifire පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතාමත් අවම උපාංග ගණනකින් මෙම පරිපථය සමන්විත වීමයි. එනම් මෙහි ඇති TDA 2003 IC උපාංගය හැරුනවිට මෙම පරිපථයේ ඇත්තේ කැපැසිටර් 4 ක් සහ රෙසිස්ටර් 2 පමණි. පරිපථය සදහා 12v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු වන අතර, TDA 2003 IC  උපාංගය සදහා Heat Sink එකක් යෙදීම අනිවාර්ය වේ.















Sunday, November 21, 2021

5v & 12v Duel Power Supply...

 

5v සහ 12v එකම පරිපථයකින් ලබා ගත හැකි   Power Supply පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථයට 12v සහ 15v අතර ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර පරිපථයේ ප්‍රධානතම උපාංග දෙක ලෙස LM 309K Regulator එක සහ 2N 3055 ට්‍රාන්සිස්ටරය හදුන්වන්න පුළුවන්. පරිපථය ක්‍රියා කිරීමේදී,  LM 309K Regulator එක සහ 2N 3055 ට්‍රාන්සිස්ටරය රත්වන බැවින් ඒවා සදහා සුදුසු Heat Sink දීමටද අමතක නොකළ යුතුයි.
















LM 309K

Saturday, November 20, 2021

230v බල්බ Automatic කරමු...

 

අද මම  ඉදිරිපත් කරන්නේ රිලේ උපාංගයක් යොදා ගන්නා තවත් පරිපථයක්. මේකට කියන්නේ 230v Flasher පරිපථයක් කියලා..මෙම පරිපථයේ ඇති රිලේ උපාංගයේ ස්විච් දෙකට 230v වලින් දඩකරන ඕනෑම බල්බ  සවිකල විට එම බල්බ දෙක මාරුවෙන් මාරුවට නිවෙමින් දැල්වෙනවා. ඉතින් ඔබ ඉදිරිය ගැන සිතා කටයුතු කරන කෙනක් නම් කාලීන අතිරේක අදායමක් මෙමගින් උපයන්න පුළුවන්. මේවගේ 230v Flasher වලට ඉතා ඉහල ඉල්ලුමක් පවතින්නේ මැයි මාසයට තමයි.  ඒ වෙසක් උත්සවය වෙනුවෙන්. වෙසක් උත්සවයට 230v බල්බ වැල් Automatic කරන්න භාවිතා කරන්නේ මෙවැනි Flasher තමයි. ඉතින් දැන්ම ඉදලා වැඩේට බැස්සොත් ඉතා හොද අතිරේක අදායමක් ලබා ගන්න පුළුවන්. මේ පහතින් ඉදිරිපත් කරලා තිබෙන්නේ මෙම පරිපථය තමයි.


මෙම පරිපථයේ ඔබට හදුනා ගැනීම අපහසු කිසිවක් නොමැති තරම්. NE 555 IC උපාංගයකින්ද සමන්විත මෙම පරිපථයේ එම IC උපාංගයේ Pin හදුනා ගැනීම මිට පෙර පරිපත කිහිපයකින්ම ඉදිරිපත් කර ඇති නිසා නැවත එය ඉදිරිපත් නොකරමි. තවද R2 යනුවෙන් සදහන්ව ඇත්තේ 100K variable Resistor එකක් වන අතර එය කරකවා බල්බ දැල්වෙන වේගය අඩු වැඩි කල හැක. තවද රිලේ උපාංගය සදහා 9v රිලේ උපාංගයක් භාවිතා කරන්න.


පරිපථය ක්‍රියාකරවීමට 9v විදුලියක් අවශ්‍ය වන අතර, මෙම පරිපථය වාණිජ  නිෂ්පාදනය කර පොලට ඉදිරිපත් කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, පරිපථය ක්‍රියාකරවීමට 9v විදුලිය බැටරි වලින් හෝ   Power Pack වලින් ලබාදීම ප්‍රයෝගික නොවන ක්‍රියාවක් බව ඔබට වැටහෙනවා ඇති. එම නිසා Flasher පරිපතයට අවශ්‍ය 9v විදුලිය, පහතින් ඉදිරිපත් කර ඇති 230v වලින්ම ක්‍රියා කරන Power Supply පරිපතයෙන්ම ඔබට ලබාදීමට පුළුවන්.





 මෙම Flasher  පරිපතය වෙළද පොලට ඉදිරිපත් කිරීමේදී භාහිර ආවරණයක්   අනිවාර්යෙන්ම අවශ්‍ය වන අතර ඒවා පිටකොටුවේ පලමි  වීදියේ ක්‍රිස්ටල් ප්ලාසා හි පිහිටි කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් බිලට ගත හැක. Flasher Box කියා ඉල්ලන්න.

Thursday, November 18, 2021

2 X 12W Audio Amplifier...

 

පහතින් දක්වා තිබෙන්නේ, එක චැනල් එකකින් වොට් 12 බැගින් චැනල් දෙකෙන් වොට් 24 ක Out Put එකක් ලබාගතහැකි Stereo Audio Amplifier පරිපථයකි. TDA 2616 IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් යෙදීම අනිවාර්ය වන අතර, පරිපථය සදහා ඇම්පියර් 2 ක පමණ 12v  වෝල්ටීයතාවයක් ලබාදිය යුතුවේ. ස්පිකර් සදහා ඕම්ස් 8, වොට් 15 ක පමණ ස්පිකර් දෙකක් භාවිතා කල හැක.  



Wednesday, November 17, 2021

Low Cost Led Emergency Lamp...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් අඩු වියදමකින් සාදා ගත හැකි ට්‍රාන්ස්ෆෝමර් නොමැති තවත් Led Emergency Lamp පරිපථයකි. මෙහි ඇත්තේ Led බල්බ 3 ක් නිසා අදුර මකා  ගැනීමට පමණක් මෙම Emergency Lamp එක භාවිතා කල හැක. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් මෙම පරිපථය අත්හදා බැලීමේදී ඉතාමත් පරිකෂාකාරී වන්න. මෙහි ඇති බැටරිය සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ කුඩා Rechargable 6v බැටරියක් යොදා ගත හැක.




Tuesday, November 16, 2021

0v - 15v Power Supply...

 

පහතින් දැක්වෙන්නේ, ඇම්පියර් 1 ක ධාරාවකින් යුතුව වෝල්ට් 15 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාගත හැකි Power Supply පරිපථයකි. පරිපථයේ පෙන්වා ඇති R2 Preset එක මගින් ඔබට අවශ්‍ය වෝල්ටීයතාවය සකසා ගත හැක. තවද මෙම පරිපථය සදහා භාවිතා කර ඇති 2N 3055 ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink එකක් යෙදීමද අනිවාර්යෙන් කල යුතුවේ.  


Parts List.
  • R1= 56ohm 2W
  • R2= 330ohm Lin. pot
  • C1= 2200uF 35V
  • C2= 100uF 35V
  • C3= 10uF 25V
  • C4= 220uF 25V
  • C5= 100nF 100V
  • GR1= 4 X 1N4007
  • Q1= 2N3055
  • T1=220V@18V 1.5A
  • D1= 18V 1.5W zener

Monday, November 15, 2021

වොට් 50 ක Stereo Power Amplifier එකක් සාදමු...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ,STK මාදිලියේ IC උපාංගයක් වන STK 465 IC උපාංගය යොදා ගනිමින්වොට් 50 ක Stereo Power Amplifier එකක් සාදාගන්නා ආකාරයයි. IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් ද භාවිතා කල යුතු වනවා. ස්පිකර් සදහා,8 Ohms වොට් 50 ට වැඩි ස්පිකර් යුගලයක් භාවිතා කල හැක. මෙම Stereo Power Amplifier පරිපථයේ තවත් විශේෂත්වයක් වන්නේ, විදුලිය සැපයීම සදහා ද්විත්ව විදුලි සැපයුමක් (Dual Power Supply ) අවශ්‍ය වීමයි.මෙම Stereo Power Amplifier එක සදහා අවම වශයෙන්  28v විදුලියක්ද,උපරිම වශයෙන් 41v විදුලියක්ද ලබාදිය හැක. කෙසේ නමුත් සැපයිය හැකි අවම විදුලි බලය වන 28v සැපයීම වඩාත් යෝග්‍යවේ.






Power Supply Unit

 
විදුලි සැපයුමේ ට්‍රාන්ස්ෆොර්මරය සදහා ඇම්පියර් 5 ක   28v full wave ට්‍රාන්ස්ෆොර්මරයක් භාවිතා කරන්න. තවද, මෙම විදුලි සැපයුම් පරිපථයේ Earth සලකුණු යොදා ඇති සියලුම ස්ථාන එක ට එකතු කරන්න. Bridge Rectifier එක සදහා ඇම්පියර් 5 ක පමණ Bridge Rectifier එකක් භාවිතා කරන්න.      

Sunday, November 14, 2021

Blinking Led Circuit for Warning Lamp...

 

අද මම ඔබට අරගෙන ආවේ ඉතාමත් සරල නිවෙමින් දැල්වෙන Led පරිපථයක්. මෙම පරිපථය 1.5v  වුවද ක්‍රියාත්මක කල හැකිවීම මෙහිඅති විශේෂත්වයක් වනවා. මෙම පරිපථය Warning Lamp එකක් සදහා වුවද භාවිතා කිරීමට පුළුවන්. BC 547 සහ BC 557 ට්‍රාන්සිස්ටර් දෙක මෙහි ඇති ප්‍රධානතම උපාංග දෙක වනවා.

Saturday, November 13, 2021

Led Reading Lamp...

 

පහත ඉදිරිපත්කර තිබෙන්නේ, සුදු පැහැති Led බල්බ 10 කින් සමන්විත Led Reading Lamp පරිපථයකි. මෙම පරිපථයේ ට්‍රාන්ස්ෆෝමරය සදහා 7.5v ,මිලි ඇම්පියර් 500 ක ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කලයුතු අතර, බැටරිය සදහා 6v ,ඇම්පියර් 4 ක Rechargeable බැටරියක් භාවිතා කල යුතුවේ. 7805 Voltage Regulator IC එක සදහා Heat Sink එකක් යෙදීම අනිවාර්යවේ. 










PARTS LIST


Resistors (all ¼-watt, ± 5% Carbon)

R1- R10 = 56 Ω


Capacitors

C1 = 1000 µF/16V
C2 = 0.1 µF


Semiconductors

IC1 = 7805 Voltage regulator
D1 – D8 = 1N4007
LED1 – LED10 = White LED

Miscellaneous
RL1 = 6V, 100 Ω 1C/O Relay
X1 = 230V AC primary to 0-7.5V, 500mA secondary transformer
SW1, SW2 = On/off switch
6V, 4Ah Battery
6V, 4Ah Battery terminal