Friday, April 30, 2021

Time Delay Circuit...


යම්කිසි විදුලි උපකරණයක් On කල පසු යම් කාල පමාවකින් එය On කල හැකි ඉතාමත් සරල පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 12v ලබාදිය යුතු අතර, පරිපථයේ ඇති 6v රිලේ උපාංගය ක්‍රියාත්මක වන්නේ යම් කාල පමාවකට පසුවයි. එවිට රිලේ උපාංගය හරහා සම්බන්ධ කර ඇති ඕනෑම විදුලි උපකරණයක් ක්‍රියාත්මක වන්නේ යම් කාල පමාවකින් පසුව බව ඔබට වැටහෙනවා ඇති.

Thursday, April 29, 2021

Led Driver Circuit...

 

පහතින් දැක්වෙන්නේ, 1w හෝ 3w Led එකක් එහි උපරිම දීප්තියෙන් යුතුව දැල්විය හැකි  Led Driver පරිපතයකි. ඔබ දල්වනු ලබන්නේ, 1w Led එකක් නම් පරිපථයේ R යනුවෙන් පෙන්වා ඇති රෙසිස්ටරය සදහා 5.6 ඕම්ස් , 1/2 w රෙසිස්ටරයක් භාවිතා කල යුතු අතර, ඔබ දල්වනු ලබන්නේ, 3w Led එකක් නම් පරිපථයේ R යනුවෙන් පෙන්වා ඇති රෙසිස්ටරය සදහා 2.2 ඕම්ස් , 2 w රෙසිස්ටරයක් භාවිතා කල යුතුවේ. පරිපථය සදහා 6v සිට 12v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක.

Wednesday, April 28, 2021

Lamp Dimmer නිෂ්පාදනය...


ඉතින්  අද මම ඔයාලට අරගෙන ආවා තවත් අලුත් දෙයක්.  ඒ තමයි Lamp Dimmer නිෂ්පාදනය. ගොඩක් නිවාස වල සාලයේ තිබෙන බිත්ති ලාම්පු වල එලිය අඩු වැඩි කරගැනීමට එහෙමත් නැත්නම් පාලනය කරගැනීමට Lamp Dimmer භාවිතා කරනවා. ඉතින් මේකේ තිබෙන්නේ ඉතාම සරල පහසුවෙන් සාදා ගත හැකි පරිපථයක් තමයි. ඉතින් මේ  Lamp Dimmer නිෂ්පාදනය කරලා ඔබට පුළුවන් වෙළද පොලට ඉදිරිපත් කරන්න. දැනට රැකියාවක් කරන යට අමතර ආදායමක් ලෙසත් රැකියා නොමැති අයට ස්වයන් රැකියාවක් ලෙසත් මෙම Lamp Dimmer නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්.

ඒවගේම ගොඩක් දෙනාට තිබෙන ගැටළුවක් තමයි, මොනයම් හෝ අලුත් නිෂ්පාදනයක් කලත් එහි බාහිර ආවරණ සාදා ගැනීම සදහා විශාල මුදලක් යෙදවීමට සිදුවීම. නමුත් මෙම  Lamp Dimmer එකට අවශ්‍ය බාහිර ආවරණය පහසුවෙන්ම සකස් කරගන්න හැටිත් මම ඔබට කියල දෙනවා.

මම මිට කලින් ලිපියෙන් Traic උපාංගය ගැන හැදින්වීමක් කලා  ඔබට මතක ඇති. ඉතින් මෙම පරිපථය BT 136 නම් වූ Traic උපාංගයක් පදනම් කරගෙන නිර්මාණය වුවක්. ඒවගේම පරිපථයේ DB 3202 යනුවෙන් සදහන්ව ඇත්තේ Diac උපාංගයකි. ඒවගේම පරිපථයේ 100K Pot යනුවෙන් සදහන්ව ඇත්තේ 100K  Variable Resistor එකකි. මෙම 100K  Variable Resistor එක කරකවා, පරිපථයේ Load යන ස්ථානයට සවි කර ඇති  විදුලි පහනේ එලිය අඩු වැඩි කර ගැනීමට හැක.

 BT 136 Traic උපාංගයේ Pin හදුනාගන්නා ආකාරය.

 Diac උපාංගයක   සාමාන්‍ය පෙනුම.

 100K  Variable Resistor එක.

මෙම Lamp Dimmer එකේ බාහිර ආවරණය සදහා පහත රූපවලින් පෙන්වා ඇති ආකාරයේ Switch  සවිකිරීමට ගන්න Sunk Box එකක් සහ එම Sunk Box වැසීමට ගන්නා Blank Plate එකක් භාවිතා කරන්න පුළුවන්. Sunk Box එක තුල පරිපථය සවිකර  Blank Plate එකේ සිදුරක් විද 100K  Variable Resistor එක සවිකරන්න. 100K  Variable Resistor එක කරකැවීම සදහා Knob එකක්ද සවි කරන්න. ඉන්පසු විදුලි පහනට යන වයර් දෙක Sunk Box එකෙන් එලියට තබන්න. දැන්  Blank Plate  එක, Switch සවිකරන ඇන ආධාරයෙන් Sunk Box එකට සවි කරන්න.

Sunk Box

Blank Plate
 අවසන් නිෂ්පාදනය ඔබට මෙසේ දිස්වනු ඇත.

Tuesday, April 27, 2021

හයිබ්‍රිඩ් Led විදුලි පහන් සාදමු...

 

අද මම ඔබට හදුන්වලා දෙන්නේ, දෙමුහුන් Led විදුලි පහන් ( හයිබ්‍රිඩ් Led විදුලි පහන්) පිලිබදවයි. මෙම විදුලි පහන් සාමාන්‍ය ආකාරයටම 230v විදුලියෙන් දැල්වෙනවා. ඒවාගේම විදුලිය ඇනහිටි අවස්ථාවලදීත් මෙම විදුලි පහන තුල ඇති බැටරිය මගින්  විදුලි පහන දිගටම දැල්වීම සිදු වනවා. මෙහි ඇති විශේෂත්වය තමයි, විදුලි පහනට අදාල ස්විචය Off කලාම සාමාන්‍ය ආකාරයටම Off වෙනවා. මෙම විදුලි පහන බැටරියෙන් දැල්වෙන්න නම් ඔබ නිවසේ විදුලි බලය ඇන  හිටින්නම  අවශ්‍ය වනවා. එනම් අදාල ස්විචය ඔෆ්ෆ් කලා කියල විදුලි පහන බැටරියෙන් දැල් වෙන්නේ නැහැ. මෙම බල්බය නිසි ආකාරව ක්‍රියාත්මක වනවාද කියා බලන්නට ඔබගේ නිවසේ Main Switch එක off කර බලන්න පුළුවන්.














සාමාන්‍යයෙන් විදුලිය ඇනහිටී පසුව පැය 4 ත් 6 ත් අතර කාලයක් මෙම විදුලි පහන දැල්වෙනවා. මෙම විදුලි පහන තුල ඇති ලිතියම් බැටරියේ ඇම්පියර් ප්‍රමාණය මත, බැටරියෙන් විදුලි පහන දැල්වෙන කාලය තීරණය වනවා. ඉහත රුපයෙන් පෙන්වලා තිබෙන්නේ  මෙම හයිබ්‍රිඩ් Led විදුලි පහනේ ප්‍රධාන කොටස් තමයි. මෙහිදී භාවිතා කරන්නේ, විශේෂිත Led Emergency Lamp Driver Unit එකක් තමයි. මෙම Driver Unit වර්ග තුනක් තිබෙන අතර මම ඒවා ඔබට පහතින් පෙන්වා තිබෙනවා.



තවමත් මෙම  Led Emergency Lamp Driver Unit ලංකාවේ වෙළද පොලෙන් මිලදී ගැනීමට අපහසු අතර, ebay වෙබ් අඩවියෙන් මෙම Driver Unit මිලදී ගත හැකි වනවා. 

මෙම හයිබ්‍රිඩ් Led විදුලි පහන එකලස් කරගන්න ආකාරය පහත රුපයෙන් පෙන්වා ඇත. මෙම විදුලි පහන්, වොට් 5,7,9,12,18,24 ආදී වොට් ප්‍රමාණයන්ගෙන් එකලස් කරගත හැක.     






















මෙහිදී භාවිතා වන්නේ පහත පෙන්වා ඇති ආකාරයේ 3.7v ලිතියම් බැටරියකි. 

Friday, April 23, 2021

230v Led Night Lamp...

 

230v විදුලියෙන් දැල්විය හැකි Led Night Lamp පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙය රාත්‍රී කාලයේදී නිදන කාමරයක නිදියනවිට කාමරයේ අදුර මැකීම සදහා භාවිතා කල හැක. පරිපථය පුරාවටම 230v විදුලිය සරනා බැවින් අත්හදාබැලීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න.






Parts List

  • D1 = 1N4007
  • D2 = 1N4007
  • D3 = 1N4007
  • D4 = 1N4007
  • R2 = 1M-1/2W
  • R1 = 470R-1/2W
  • C1 = 220nF-275vAC
  • D5 = 5mm. Blue LED

Thursday, April 22, 2021

5w x 2 Stereo Amplifier Circuit...

 

පහතින් තිබෙන්නේ BA 5406 IC උපාංගය මගින් නිර්මාණය කරන ලද  Stereo Amplifier පරිපථයකි. එක චැනල් එකකින් 5w බැගින් චැනල් දෙකෙන් 10w Out Put මෙයින් ලබාගත හැක. ඉතාම අඩු උපාංග ගණනකින් සමන්විත මෙම පරිපථය ඔබට ඉතාම පහසුවෙන් එකලස් කරගත හැකියි. R5 සහ R6 ලෙස පරිපථයේ පෙන්වා ඇත්තේ Volume Control එක වන අතර ඒ සදහා 22K Stereo Volume Control එකක් භාවිතා කරන්න. වොට් 5 ට වැඩි 4 ඕම්ස් ස්පිකර දෙකක් භාවිතා කල හැකි අතර, පරිපථය සදහා ලබාදිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. IC උපාංගය සදහා Heat Sink එකක් යෙදීමටද අමතක නොකරන්න.






















Wednesday, April 21, 2021

සෝලා පැනලයක් ක්‍රියා කරන ආකාරය...

 

සුර්ය පැනල සවිකර ගෙදරට සුර්ය විදුලිය ගත් සැමටත් මේ ගැන උනන්දුවෙන් ඉන්න සැමටත් මේ පින්තුරේ ඉතා වැදගත් වේවි..සුර්ය පැනලයකින් ආලෝකය ඇති විට විදුලිය උපදින අන්දම මේ මගින් ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්..

Tuesday, April 20, 2021

Temperature Controlled Fan...

 

පහතින් දක්වා තිබෙන්නේ, පරිසර උෂ්ණත්වය අනුව ක්‍රියා කරන  Temperature Controlled Fan පරිපථයකි. මෙම පරිපථයේ උෂ්ණත්ව සංවේදකය (Temperature Sensor ) එක ලෙස LM 35 ක්‍රියා කරයි. තවද පරිපථයේ LM 358 IC එක Op  - Amp IC එකක් වන අතර, L 293D IC එක Motor Driver IC එක ලෙස ක්‍රියා  කරයි. පරිපථය සදහා 12v ලබාදිය යුතු අතර, Fan එක සදහා 12v Cooling Fan එකක් භාවිතා කල හැක.

   
Parts List

  • 1 x LM35 Temperature Sensor
  • 1 x LM358 Op – Amp
  • 1 x L293D Motor Driver IC
  • 1 x 12V DC Fan
  • 1 x 10 KΩ Resistor (1/4 Watt)
  • 1 x 5 KΩ Potentiometer
  • 1 x Breadboard
  • Connecting Wires
  • 12V Power Supply




Monday, April 19, 2021

6 Channel Running Light...

 

Led බල්බ භාවිතා කල හැකි Channel 6 කින් සමන්විත Led Running Light පරිපථයක් පහත ඉදිරිපත්කර තිබෙනවා. මෙම නත්තල් උත්සව සමයේ විදුලි සැරසිලි සදහා මෙම පරිපථය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඔබට ඉතාමත් හුරු පුරුදු IC උපාංග දෙකකින් යුතු මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ.

Saturday, April 17, 2021

Stereo Car Audio Ampnifier...

 


පරිපථය විශාල කර බැලීම සදහා, පරිපථය මත Click කරන්න.

Friday, April 16, 2021

Condenser Mic Preamp...

 


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, Condenser Mic Preamp පරිපථයක්. පහත පෙන්වා ඇති ආකාරයේ  Condenser Mic එකක් මේ සදහා භාවිතා කරන අතර Condenser Mic එකෙන් ලැබෙන Audio Signal එක අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කිරීම මෙම පරිපතයෙන් සිදුවනවා. මෙම  Preamp පරිපථයේ Output ස්ථානය Power Amplifier එකකට Input කර භාවිතා කල හැකිය. පරිපථය සදහා 9v ලබාදිය යුතුවේ.





















Thursday, April 15, 2021

Led Security Lamp...


පහත දැක්වෙන්නේ, Led Security Lamp පරිපථයකි. මෙම පරිපථය අනුසාරයෙන් මෙම විදුලි පහන සාදාගත් විට, රාත්‍රී කාලයට නිවසේ හෝ ඔබගේ වියාපාරික ස්ථානයේ, පිටතින් මෙම විදුලි පහන,රාත්‍රී කාලය පුරාම  Security Lamp එකක් ලෙස භාවිතා කල හැක. මෙම විදුලි පහන,විදුලි පරිබෝජනය ඉතාමත් අඩු විදුලි පහනක් නිසා  රාත්‍රී කාලය පුරාම මෙම විදුලි පහන දැල්වුවද, වැය  වන්නේ ඉතාමත් අඩු විදුලි ප්‍රමාණයකි. පරිපථය පුරාම 230v ඇති නිසා,පරිපථය අත්හදා බැලීමේදී,ඉතාමත් සුපරික්ෂාකාරී වන්න.

Thursday, April 8, 2021

ට්‍රාන්සිස්ටර් 2 ක FM ට්‍රාන්ස්මීටර්යක්...

 

අද මම ඔබට තවත් FM ට්‍රාන්ස්මීටර් පරිපථයක් ඉදිරිපත් කරනවා. ට්‍රාන්සිස්ටර් දෙකකින් යුතු මෙම පරිපථය සදහා, වෝල්ට් 9 ක විදුලි බලයක් ලබාදිය යුතු වන අතර, එය 9v බැටරියකින් සැපයිය හැකි නම් ඉතා උසස් ක්‍රියාකාරිත්වයක් ලබාගත හැක. 9v විදුලිය Power Pack එකකින් ලබා දීමට බලාපොරොත්තුවන්නේ නම්, එම ධාරාව ඉතා සුමට කර සැපයිය යුතු වනවා. නැති නම්, ට්‍රාන්ස්මිටරයෙන් විසුරුවාහරින දෙය FM රේඩියෝවකින් අසන විට හම් එකක් නිකුත්වනවා. 9v බැටරියකින් විදුලිය සපයන්නේ නම් එවැනි හම් එකක නිකුත්වන්නේ නැහැ.
පරිපථයේ ඇති, L 1,L 2,L 3,L 4 කොයිල් ඔතා  ගත යුතු ආකාරය, පරිපතයේම දක්වා ඇති අතර  L 1,L 2,L 3 කොයිල් Air Core කොයිල් වන අතර L 4 කොයිලය IF ට්‍රාන්ස්ෆෝමරයක ඇති Ferrite Core එක  වටේ ඔතා  ගත යුතු වනවා. වෙළද පොලෙන් ඕනෑම IF ට්‍රාන්ස්ෆෝමරයක් මිලට ගෙන, එහි ඇති කොයිලය ඉවත් කර, එම Ferrite Core එක මත කොයිලය ඔතා  ගන්න. පහත රුපය මගින් එය තවත් ඔබට පැහැදිලි වනු ඇත.
පරිපථයේ ඇති Frequency Control එක මගින්, විසුරුවා හරිය යුතු FM සංක්‍යතය තෝරා ගත හැකි වන අතර, Tone Control එක මගින් හඩෙහි තිර්ව තාවය පාලනය කල හැක. තවද මෙම FM ට්‍රාන්ස්මිටරයේ බලය, Power චොන්ට්‍රෝල් එක මගින් පාලනය කල හැක.

මෙම FM ට්‍රාන්ස්මීටර් පරිපථය, අත්හදාබැලිමට පමණක් සීමා කල යුතු අතර, අනිසි භාවිතය තුලින් ඇතිවන නීතිමය තත්වයන්ට, Prestar Web අඩවිය වග නොකියන බව, දන්වනු කැමැත්තෙමු.