අද මම ඔබට හදුන්වලා දෙන්නේ, දෙමුහුන් Led විදුලි පහන් ( හයිබ්‍රිඩ් Led විදුලි පහන්) පිලිබදවයි. මෙම විදුලි පහන් සාමාන්‍ය ආකාරයටම 230v විදුලියෙන් දැල්වෙනවා. ඒවාගේම විදුලිය ඇනහිටි අවස්ථාවලදීත් මෙම විදුලි පහන තුල ඇති බැටරිය මගින් විදුලි පහන දිගටම දැල්වීම සිදු වනවා. මෙහි ඇති විශේෂත්වය තමයි, විදුලි පහනට අදාල ස්විචය Off කලාම සාමාන්‍ය ආකාරයටම Off වෙනවා. මෙම විදුලි පහන බැටරියෙන් දැල්වෙන්න නම් ඔබ නිවසේ විදුලි බලය ඇන හිටින්නම අවශ්‍ය වනවා. එනම් අදාල ස්විචය ඔෆ්ෆ් කලා කියල විදුලි පහන බැටරියෙන් දැල් වෙන්නේ නැහැ. මෙම බල්බය නිසි ආකාරව ක්‍රියාත්මක වනවාද කියා බලන්නට ඔබගේ නිවසේ Main Switch එක off කර බලන්න පුළුවන්.
සාමාන්‍යයෙන් විදුලිය ඇනහිටී පසුව පැය 4 ත් 6 ත් අතර කාලයක් මෙම විදුලි පහන දැල්වෙනවා. මෙම විදුලි පහන තුල ඇති ලිතියම් බැටරියේ ඇම්පියර් ප්‍රමාණය මත, බැටරියෙන් විදුලි පහන දැල්වෙන කාලය තීරණය වනවා. ඉහත රුපයෙන් පෙන්වලා තිබෙන්නේ මෙම හයිබ්‍රිඩ් Led විදුලි පහනේ ප්‍රධාන කොටස් තමයි. මෙහිදී භාවිතා කරන්නේ, විශේෂිත Led Emergency Lamp Driver Unit එකක් තමයි. මෙම Driver Unit වර්ග තුනක් තිබෙන අතර මම ඒවා ඔබට පහතින් පෙන්වා තිබෙනවා.
තවමත් මෙම Led Emergency Lamp Driver Unit ලංකාවේ වෙළද පොලෙන් මිලදී ගැනීමට අපහසු අතර, ebay වෙබ් අඩවියෙන් මෙම Driver Unit මිලදී ගත හැකි වනවා.
මෙම හයිබ්‍රිඩ් Led විදුලි පහන එකලස් කරගන්න ආකාරය පහත රුපයෙන් පෙන්වා ඇත. මෙම විදුලි පහන්, වොට් 5,7,9,12,18,24 ආදී වොට් ප්‍රමාණයන්ගෙන් එකලස් කරගත හැක.






No comments:
Post a Comment