Sunday, February 28, 2021
Friday, February 26, 2021
Monday, February 22, 2021
Saturday, February 20, 2021
Thursday, February 18, 2021
UHF ඇන්ටෙනා බූස්ටර්...
පහතින් දැක්වෙන්නේ, ඉතාමත් උසස් තත්වයේ UHF ඇන්ටෙනා බූස්ටර් පරිපථයකි. 2SC 3358 ට්‍රාන්සිස්ටරයකින් සමන්විත මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වන අතර පරිපථයේ ඇති කොයිල් ඔතා ගන්න ආකාරය පරිපථය අසල පහතින් දක්වා ඇත. පරිපථය Printed Board එකක සාදා ගත යුතු අතර එම Printed Board Layout එකද පහතින් ඉදිරිපත්කර ඇත.
Friday, February 12, 2021
2 Transistor Led Flasher...
පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, BC 548 සහ BC 558 ට්‍රාන්සිස්ටර් දෙකක් යොදාගනිමින් නිර්මාණය කර ඇති Led Flasher පරිපථයකි. එක Led බල්බයකින් සමන්විත මෙම පරිපථය ඔබගේ නිර්මාණශීලි හැකියාව අනුව, පරිපථයේ Led බල්බය ඇති ස්ථානයට රිලේ උපාංගයක් සවිකර 230v බල්බයක් වුවද සවි කල හැක. එමගින් මෙම පරිපථය Warning Lamp එකක් ලෙස භාවිතා කල හැක.පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි.
Thursday, February 11, 2021
Wednesday, February 10, 2021
5A Power Supply...
ඇම්පියර් 5 ක ධාරාවකින් යුතුව, වෝල්ට් 1.2 සිට වෝල්ට් 25 දක්වා ඕනෑම වෝල්ටීයතාවක් ලබාගත හැකි පවර් සප්ලයි පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. පරිපථයේ පෙන්වා ඇති J1 සහ J2 ස්ථානයට 24 v ට්‍රාන්ස්ෆෝමරයකින් විදුලිය සපයන්න. පරිපථයේ පෙන්වා ඇති LM 338K Regulator උපාංගයේ පින් හදුනා ගන්න ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත. තවද, LM 338K Regulator උපාංගයට අනිවාර්යෙන්ම Heat Sink යෙදිය යුතුවේ.
Tuesday, February 9, 2021
4 Channel Car Audio Amplifier...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ස්පීකර් හතරකින් යුත් 30w Car Audio Amplifier පරිපථයක්. TDA 7386 IC උපාංගය පාදක කර ගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථයට ලබාදිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. මෝටර් රථයේ බැටරියෙන්ම එය ලබා දිය හැක. ස්පීකර් සදහා 10w ස්පිකර් හතරක් භාවිතා කරන්න. TDA 7386 IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් භාවිතා කල යුතු අතර ඊට අමතරව හැකිනම් පහත පෙන්වා ඇති ආකාරයේ Cooling Fan එකක්ද යෙදීමට හැකිනම් වඩාත් හොදයි.
Monday, February 8, 2021
7W Mini Amplifier...
ඉතාමත් අඩු උපාංග ගණනකින් සමන්විත කුඩා 7w Amplifire පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. පින් 5 කින් සමන්විත LM 383 IC උපාංගය ආධාරයෙන් මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර IC උපාංගය සදහා Heat Sink එකක් යෙදීම අනිවාර්ය වේ. පරිපථය සදහා 5v සිට 20v දක්වා වෝල්ටීයතාවයක් ලබාදිය හැකි වුවත්, 12v පමණ ලබාදීම ඉතාමත් යෝග්‍ය වේ.
Saturday, February 6, 2021
ඉතා සරල ජංගම ඇමතුම් පද්ධතියක් සාදමු...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, කුඩා රැස්වීම්, දේශන සහ කුඩා කණ්ඩායම් පංති සදහා ඉතා පහසුවෙන්ම භාවිතා කල හැකි ජංගම ඇමතුම් පද්ධතියක් සාදා ගන්නා ආකාරයයි. මෙම පරිපථය තුල Pre Amplifier එකක් සහ Power Amplifier එකක් තිබෙනවා. BC 547 ට්‍රාන්සිසිටරය සහිත කොටස Pre Amplifier එක සහිත කොටස වන අතර, TDA 7052 IC උපාංගය සහිත කොටස Power Amplifier එක වේ. පරිපථයේ ක්‍රියාකාරිත්වයට වෝල්ට් 6 ක වෝල්ටීයතාවයක් අවශ්‍ය වන අතර, ඒ සදහා 6v රිචාජබල් බැටරියක් භාවිතා කරන්න. මෙම පරිපථය, ස්පීකරය සහ බැටරිය එකම ආවරණයක් තුල සවිකර, මයික් එක සවිකිරීම සදහා, මයික් ජැක් බේස් එකක් පිටතට තබන්න. එවිට ඉතා පහසුවෙන් මෙය ඕනෑම තැනකට ගෙන ගොස් භාවිතා කල හැක.
Friday, February 5, 2021
Night Security Lamp...
පහතින් දැක්වෙන්නේ, රාත්‍රී කාලයට ස්වයන්ක්‍රියව දැල්වෙන සහ පසු දින උදාවත් සමග ස්වයන්ක්‍රියව නිවෙන Night Security Lamp පරිපථයක්. මින් ඉහත පරිපථ දෙකකදීම භාවිතා කල CMOS කාණ්ඩයට අයත් CD 4060 IC උපාංගයම තමයි මෙම පරිපථයටත් භාවිතා කරන්නේ. LDR උපාංගයට ලැබෙන ආලෝකය, ඉහල පහල යාම මත මෙම පරිපථය ක්‍රියාත්මක වනවා. පරිපථයේ බල්බය දැල්විය යුත්තේ කුමන ආලෝක තත්වයකදීද යන්න, පරිපථයේ දක්වා ඇති 100k Pre Set එක මගින් සකසා ගත හැක. ට්‍රාන්ස්ෆෝමරය සදහා 9v මිලිඇම්පියර් 300 පමණ ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. BT 136 ට්‍රයැක් උපාංගය සදහා Heat Sink එකක් යෙදීම අත්‍යවශය වේ.
LDR
Thursday, February 4, 2021
Mini Amplifier...
පහතින් දැක්වෙන්නේ ඉතාමත් කුඩා වොට් 2 ක Out Put එකක් ලබාගත හැකි Amplifier පරිපථයකි. TDA 7052 පින් 8ක IC උපාංගයකින් සමන්විත වන මෙම පරිපථය, පොකට් රේඩියෝ වැනි ඉතා කුඩා Audio පරිපථ සදහා භාවිතා කල හැක. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 6 ක් වන අතර පරිපථයට ලබාගන්න ධාරාව මිලිඇම්පියර් 4 ක් පමණ ඉතා කුඩා අගයක් වන නිසා ඔරලෝසු බැටරි වලින් වුවද ක්‍රියාත්මක කල හැක.
Tuesday, February 2, 2021
12V DC Light Dimmer...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, 12V DC Light Dimmer පරිපථයක්. පරිපථය ප්‍රධාන වශයෙන් BC 140, 2N 2955 ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ NE 555 IC උපාංගයකින් සමන්විත වනවා. පරිපථය සාදාගත් පසු පරිපථයේ Lamp 1 ලෙස සදහන් ස්ථානයට 12v බල්බයක් සවි කරන්න. පරිපථයේ VR1 ලෙස පෙන්වා ඇති 50K Preset එක මගින් බල්බයේ එලිය අඩු වැඩි කල හැක. පරිපථය ක්‍රියාත්මක වීමේදී 2N 2955 ට්‍රාන්සිස්ටරය රත්වන හෙයින් අනිවාර්යෙන්ම Heat Sink එකක් යෙදීමට අමතක නොකරන්න.2N 2955 ට්‍රාන්සිස්ටරයේ Body එක එම ට්‍රාන්සිස්ටරයේ Collector එක ලෙස ක්‍රියා කරයි. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.
Parts List
| R1 | 1KΩ |
| R2 | 1KΩ |
| R3 | 100Ω 2W |
| VR1 | 50KΩ Preset |
| C1 | 0.1µF (104) |
| C2 | 470µF 25V |
| D1 | 1N4001 |
| Q1 | BC140 |
| Q2 | 2N2955 |
| LAMP1 IC 1 | 12V Light NE 555 |
Monday, February 1, 2021
Subscribe to:
Comments (Atom)











































