Monday, April 30, 2018

පරිගණක දෝෂ නිරාකරණය...


Wondows 7 සහ Windows Vista වලදී මතුවන ටයිප් කිරීමේ ගැටලු....

 Wondows 7 සහ Windows Vista යන ඔපරේටින් සිස්ටම්වල සිංහල යුනිකෝඩ් අන්තර්ගත කර තිබීම නිසා සිංහල අකුරු පෙන්නුම් කිරීමේ ගැටළු මතු නොවුනද, Wondows 7 සහ Windows Vista වලදී සිංහල අකුරු ටයිප් කිරීමේ ගැටළු මතුවනු .ඇත.මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සදහා ඔබ කලයුත්තතේ,Wondows 7 සදහා, Sinhala Tamil IME සොෆ්ට්වෙයා එකද,Windows Vista සදහා, Vista Quick Fix සොෆ්ට්වෙයා එකද පරිගණකයට Install කර ගැනීමයි.පහත සදහන් Link එකෙන් ගොස් මම සොෆ්ට්වෙයා Download කරගත හැක.


USB කීබෝඩ් එකක් පරිගණකයට සවිකර Windows වලට ඇතුළු වීමට නොහැකිවීම.

USB කීබෝඩ් එකක් පළමු වරට පරිගණකයට සවිකිරීමේදී මෙවැනි දෝෂයක් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතී. මෙම දෝෂය නිරාකරණය කරගැනීම සදහා පරිගණකය බූට් වන ආරම්භක අවස්ථාවේදීම, USB කීබෝඩ් එක පරිගණකයෙන් ගලවා ඉවත් කරන්න. ඉන්පසු ඔපරේටින් සිස්ටම් එක ආරම්භ වී Desktop Screen එක පැමිණි පසු, කීබෝඩ් එක නැවත පරිගණකයට සවි කරන්න.

Sunday, April 29, 2018

ගෘහස්ත දුරකථන ඇමතුම් පටිගත කල හැකි පරිපථය...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ගෘහස්ත දුරකථන ඇමතුම් පටිගත කරගැනීම සදහා යොදා හැකි පරිපථයක්. ඉන් 4001රෙක්ටිෆයර් හතරක් සහ තවත් උපාංග කීපයක් යොදා ගනිමින් මෙම පරිපථය ඉතා පහසුවෙන් සාදා ගත හැකියි. මෙම පරිපථයේ IN 1 සහ IN  2 ස්ථානයට දුරකතනයට සවිවන වයර් දෙක සවි කල යුතු අතර, පරිපථයේ සදහන් Out 1 සහ Out 2 ස්ථානයට දුරකථනය සවිකළ යුතුයි. මෙම සම්බන්ධ කිරීම් සදහා පහත පරිපතයට යටින් දක්වා ඇති RJ 11 පෝර්ට් සහ RJ 11 කනෙක්ටර්ස් භාවිතා කරන්න.

 RJ 11 Port

RJ 11 Connector 

පරිපථයේ TO AUX IN යනුවෙන් සදහන් ස්ථානය ටේප් රෙකෝඩරයක AUX හෝ Line In ස්ථානයට සවිකර දුරකථන ඇමතුම් පටිගත කරගත හැක.

Friday, April 27, 2018

වාහන සදහා Remote Central Locking පද්ධති සවිකිරීම - 03


පහතින් දැක්වෙන්නේ Central Locking පද්ධතියක් වයර් කරන ආකාරයයි. ඔබ මිලට ගත් Central Locking පද්ධතියේ වයර් හනස්සේ  කෙළවරක ඇති  සොකට් එක Control Unit එකට ප්ලග් කලයුතුයි. වයර් හනස්සේ මද දුරකින් වාහනයේ ඉදිරිපස දොරවල් දෙකේ Actuators සවි කිරීමට එක පැත්තක වයර් හතර බැගින් වූ කෙළවරවල් දෙකක් ඇත. එම වයර් වල පාට අනුව Actuator එකේ ඇති වයර් වල පාට ගලපා  සවිකල යුතුවේ. වයර් හනස්සේ කෙලවරෙහිම, පසු පස දොරවල් දෙකේ Actuators සවි කිරීමට එක පැත්තක වයර් දෙක බැගින් වූ කෙලවරවල් දෙකක් ඇත.එම වයර් වල පාට අනුවද  Actuator එකේ ඇති වයර් වල පාට ගලපා  සවිකල යුතුවේ. 

රුපය විශාල කර බැලීම සදහා රුපය මත Click කරන්න.    

Control Unit එකේ සිට එන රතු වයරයට 12v  + විදුලිය වාහනයේ බැටරියෙන්ම  ලබාදිය හැකි අතර, Control Unit එකේ සිට එන කළු වයරය ( - ) විදුලිය ලබාදීම සදහා වාහනයේ බදට සවි කරන්න. Control Unit එකේ සිට එන දුබුරු සහ සුදු වයරය, Lock සහ Unlock වන විට ශබ්දයක් ඇසීමට සැලැස්වීම සදහා බසරයකට හෝ Lock සහ Unlock වන විට සිනල් ලයිට් දැල්වීම සදහා වාහනයේ සිග්නල් ලයිට් වලට හෝ සවි කල හැක. සියලුම වයර් සවිකිරීම් සිදුකර Central Locking  පද්ධතියට ලැබුණු Remote Control එකක් මගින්Central Locking  පද්ධතිය ක්‍රියාකරනවා දැයි පරික්ෂ කර බලන්න. Control Unit එක වාහනයේ Dashboard එක යට සුදුසු ස්ථානයක සවි කල හැක.    

Thursday, April 26, 2018

වාහන සදහා Remote Central Locking පද්ධති සවිකිරීම - 02


ඔබ මිලට ගත් Central Locking පද්ධතියේ Actuator හතරක් ඇති අතර, ඉන් Actuator දෙකක වයර් 4 බැගින්ද, අනෙක් Actuator දෙකේ වයර් 2 බැගින්ද ඇත. වයර් 4 ඇති Actuator දෙක වාහනයේ ඉදිරිපස දොරවල් දෙක සදහා සවිකල යුතු අතර, වයර් 2 ඇති Actuator දෙක වාහනයේ පිටුපස දොරවල් දෙක සදහා සවිකළ යුතුවේ. පහත රුපයෙන් පෙන්වා ඇත්තේ Actuator එකක ක්‍රියාකාරිත්වයයි. Actuator එක ක්‍රියාකරනවිට එහි A ලෙස පෙන්වා ඇති කොටස ඉදිරියට සහ පසුපසට ගමන් කරයි. එහි B  ලෙස පෙන්වා ඇති කොටස අවශ්‍ය පරිදි කරකවා  හැක. ඔබට ලැබී ඇති Actuator Rod එකක් ගෙන A ලෙස දක්වා ඇති කොටසේ ඇති සිදුර තුලින් යවා Actuator Rod එකේ අනෙක් කෙලවර වාහනයේ දොරේ Manual Lock එකේ ලීවරයට සවිකළ යුතුයි. එම සවි කිරීම සදහා අවශ්‍ය ඇන සහිත ගැජට් එකක් ඔබට ලැබෙනු ඇත. ඒවගේම Actuator එක දොරට සවිකිරීම සදහා ඔබට ලැබී ඇති Actuator Fixing Strips භාවිතා කරන්න.


Actuator Fixing Strip සහ Actuator Rod යොදා ගනිමින් Actuator එකක් වාහනයේ දොරට සවිකර ඇති ආකාරය පහත දක්වා ඇති රුප මගින් තව දුරටත් ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත. මේ ආකාරයට වාහනයේ දොරවල් හතරටම Actuator හතර සවි කර ගත යුතුයි.


තවත් කොටසක් බලාපොරොත්තුවන්න....

Wednesday, April 25, 2018

වාහන සදහා Remote Central Locking පද්ධති සවිකිරීම - 01


Remote Central Locking පද්ධතියක් යනු වාහනයක දොරවල් හතරම Remote Control මගින් ලොක් කිරීමටත් අන්ලොක් කිරිමටත් හැකි ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයක් මගින් ක්‍රියා කරන පද්ධතියකි. මෙම Remote Central Locking පද්ධති  නවීන වාහනවලට කර්මාන්ත ශාලාවෙන්ම සවිකර අතර, තරමක් පැරණි වාහන වල මෙම Remote Central Locking පද්ධති නැත. ඉතින් එම වාහන සදහා අපට Remote Central Locking පද්ධති සවිකරගැනීමට හැකියාව ඇති අතර එම Remote Central Locking පද්ධතියකට අවශ්‍ය සියලුම උපාංග අපට වෙළද පොලෙන් මිලට ගත හැක. දැක්වෙන්නේ Remote Central Locking පද්ධතියකට අවශ්‍ය උපාංගවේ.


එකම පෙට්ටියක් තුල  සියලුම උපාංග, එනම් Door Actuators, Actuator Fixing Strips, Actuator Rods, Main Control Unit, Actuator Fixing Nut & Bolts, 2 Nos Remote Controlsවශයෙන් මිලට ගත හැක.

 තවත් කොටසක් බලාපොරොත්තුවන්න....

Sunday, April 22, 2018

වාහනයේ බැටරියේ ආයු කාලය වැඩිකර ගන්න Led වලට මාරුවෙන්න...


Led බල්බය දැන් ආලෝක කරණයේ, සෑම අංශයකටම පැතිරී ගොස් ඇති බව නැවත කිව යුතු නොවේ. දැන් වාහනයක ඇති සියලුම සාමාන්‍ය බල්බ වෙනුව Led බල්බ යොදන්න පුළුවන්. වාහනයක ඇති Head Light, Signal Light, Brake Light, Reverse Light, Number  Plate Lights, Hood Lights වලට අවශ්‍ය Led බල්බ දැන් ප්‍රධාන පෙලේ මෝටර් රථ අමතර කොටස් වෙළද සල් වලින් ලබා ගන්න පුළුවන්. වාහන සදහා Led බල්බ භාවිතා කිරීම මගින් එම වාහනයේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. වර්තමානයේ වාහන බැටරි වල මිළ පිළිබද සලකා බැලීමේදී, ඕනෑම වාහන හිමියෙකුට මෙය ඉතා වාසිදායක තත්වයක් වනු නොඅනුමානයි.

Led Headlight Bulbs


Brake,Signal & Reverse Lamp Bulbs

Hood Lamp Bulbs

                                        Dashboard Bulbs

Saturday, April 21, 2018

රෙක්ටිෆයර් නොමැති Led බල්බ 24 ක පරිපථය...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ 230v වලින් ක්‍රියාත්මක කල හැකි, සාමාන්‍ය Led බල්බ 24 ක පරිපථයක්. මෙම  පරිපථය සදහා රෙක්ටිෆයර්ස් භාවිතා නොකිරීම විශේෂත්වයක් වනවා..මෙම පරිපථයේ Led බල්බ වලට අමතරව භාවිතා වන්නේ, 0.22uf  1000v Fixed Capacitor එකක් සහ 1k  3 watt රෙසිස්ටර් එකක් පමණයි. ඉතින් ඔබගේ නිර්මාණශීලි හැකියාව අනුව මෙම පරිපථය භාවිතා කළහැකි ආකාරය සහ ස්ථාන ඔබටම තීරණය කරගත හැකි වනවා.පහතින් දැක්වෙන්නේ මෙම පරිපතයයි.


 0.22uf  1000v Fixed Capacitor
 

1K 3watt Resistor
 

Friday, April 20, 2018

Ambulance Siren Circuit එකක් සාදමු...


UM 3561 IC උපාංගය යොදා ගනිමින් සාදාගත හැකි Ambulance Siren Circuit එකක අද මම ඔබට ඉදිරිපත් කරනවා..මෙම පරිපථයේ වර්ධක කොටස සදහා BC 548 ට්‍රාන්සිස්ටරයක් යොදාගෙන ඇති අතර, මෙම පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වෝල්ටීයතාවය වෝල්ට් 3 ක්. පරිපථය සදහා ohms 8 ක කුඩා ස්පීකරයක් භාවිතා කල හැක.පරිපථයේ GND (Ground ) යනුවෙන් සදහන් ස්ථානයට (-) විදුලිය සපයන්න.



Wednesday, April 18, 2018

Led විදුලි පහන් සදහා Guaranty Card...


අපගේ වෙබ් අඩවිය පරිහරණය කරන ගොඩක් දෙනෙක් Led විදුලි පහන් නිෂ්පාදනය කරන බව දිනපතා මට ලැබෙන දුරකථන ඇමතුම්  වලින්  තහවුරු වනවා. ඉතින් ඔබගේ නිෂ්පාදනයන් සදහා වඩාත් ඉහල විශ්වාසයක් සහ  පිළිගැනීමක් ලබාගැනීමට  මෙන්ම  වෘත්තිය මට්ටමේ නිෂ්පාදනයක් බව පාරිබෝගිකයාට  තහවුරු කිරීම සදහා ඔබගේ නිෂ්පාදනයන්ට Guaranty එකක් ලබාදීම ඉතා වැදගත් වනවා. එබැවින් ඔබගේ නිෂ්පාදනයන්ට ගැලපෙන අයුරින් Guaranty Card නිර්මාණය කරගැනීමට පහසු වනු පිණිස Guaranty Card සාම්පල් දෙකක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා.

      

Saturday, April 14, 2018

පරිගණක දෝෂ හදුනාගැනීම...


Beep Error Code අනුව, පරිගණකයේ Key Board එකේ දෝෂ හදුනාගමු...

ඕනෑම පරිගනකයක සමහර දෝෂ අපට ඇගවීම සදහා,බීප් නාද පරිගණකය මගින් නිකුත් කරනු ලබයි. ඒ ඒ පරිගණක වල බයොස් වර්ග අනුව ඒ ඒ දෝෂ අපට දැනගැනීම සදහා නිකුත්  කරන බීප් නාද වෙනස්වේ. එනම්, AMI බයොස් අනුව කෙටි බිප් හයකින් අපට දනු දෙන්නේ,Key Board එක පිළිබද දෝෂයක් වුවත්, IBM බයොස් අනුව දිගු බීප් තුනකින් අපට දැනුම් දෙන්නේද, Key Board එක පිළිබද දෝෂයක්වේ.

Key Board කේබල් එක නිසියාකාරව CPU එකට සවිකර නොමැති අවස්ථාවලදී සහ Key Board එකේ එක Key එකක් සිරවී ඇති අවස්ථාවක මෙවැනි බීප් නාදයන් නිකුත් විය හැක. මෙවැනි අවස්ථාවලදී දෝෂය ඇත්තේ Key Board එකේද කියා හරියටම දන ගැනීම සදහා පරිගණකය Off කර Key Board කේබලය ගලවා, නැවත පරිගණකය On කරන්න. එවිටද බීප් නාදය ඇසේ නම්, දෝෂය ඇත්තේ Key Board එකේ නොව පරිගණකයේ වෙනත් කොටසක විය හැක. නමුත් Key Board එක ගලවා පරිගණකය On කල විට බීප් නාදය නොඇසේ නම් දෝෂය ඇත්තේ Key Board එකේ බව නිගමනය කරගත හැක. එවිට නිසි අයුරින් Key Board කේබලය සවි කිරීම හෝ, අලුතින් Key Board එකක් දීම සිදුකල හැක.

Friday, April 13, 2018

බූස්ටර් ඇන්ටෙනා ප්‍රින්ටඩ් බෝඩ්...


බූස්ටර් ඇන්ටෙනා නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රින්ටඩ් බෝඩ් දැන් ඔබට වෙළද පොලෙන් මිලදී ගන්න පුළුවන්..ඔබ බූස්ටර් ඇන්ටෙනා නිෂ්පාදනය,ස්වයං රැකියාවක් ලෙස කිරීමට බලාපොරොත්තු වන්නේ නම්  ප්‍රින්ටඩ් බෝඩ් එකේ සිට සියලුම උපාංග, පිටකොටුවේ පළමු හරස් විදියේ, ක්‍රිස්ටල් ප්ලාසා හි ඇති කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. Modify කරනලද ඇන්ටෙනා පෙට්ටි සහ යූ බෝල්ට් ද මිලදී ගත හැක. පහතින් දැක්වෙන්නේ එම බූස්ටර් ඇන්ටෙනා ප්‍රින්ටඩ් බෝඩ් එකකි.


Kumarasinha Radio Institute,
No.87/3 & 6,
Crystal Plaza,
First Cross Street,
Colombo 11.

Tel. 011 2478337

අපගේ වෙබ් අඩවිය භාවිතා කරන කිහිප දෙනෙක්ම මට දුරකතනයෙන්දුරකතනයෙන් කතා කරලා පවසා සිටියා, මෙම බූස්ටර් ඇන්ටෙනා ප්‍රින්ටඩ් බෝඩ් එකේ, මැචින් ට්‍රාන්ස්ෆෝමරය සවිවන ආකාරය තේරුම් ගැනීමට අපහසු බව. ඉතින් සියලුම දෙනා  වෙනුවෙන්, බූස්ටර් ඇන්ටෙනා ප්‍රින්ටඩ් බෝඩ් එකේ, මැචින් ට්‍රාන්ස්ෆෝමරය සවිවන ආකාරය පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි පහතින් ඉදිරිපත්කර තිබෙනවා...


Wednesday, April 11, 2018

ඉතා සරල FM මයික්‍රෆෝනය FM ට්‍රාන්ස්මිටරයක් ලෙස භාවිතා කරන ආකාරය...

මම ඔබට කලින් ඉදිරිපත්කරන ලද ඉතා සරල FM මයික්‍රෆෝනය ට්‍රාන්ස්මිටරයක් ලෙස වුවද ඔබට අත්හදා බැලීමට පුළුවන්.ඔබ කල යුත්තේ එම පරිපථයේ මයික් එක ඉවත් කර, එම ස්ථානයට  CD ප්ලේයරයක හෝ DVD ප්ලේයරයක Audio Out එකක් ලබා දීමයි. එවිට FM රේඩියෝවකින් එය ශ්‍රවණය කල හැකි වනවා...

පහතින් ඉදිරිපත් කර ඇත්තේ මෙම ට්‍රාන්ස්මිටරය සදහා භාවිතා කල හැකි විදුලි සැපයුම් පරිපතයකි.මෙහි B1 ලෙස සදහන්ව ඇත්තේ Bridge Rectifier එකකි. D1 ලෙස සදහන්ව ඇත්තේ Led බල්බයකි.





LM 317

 Bridge Rectifier 

 ට්‍රාන්ස්මීටරය ක්‍රියා කිරීමේදී හම් එකක් එනවාද?

ට්‍රාන්ස්මීටරය ක්‍රියා කිරීමේදී හම් එකක් එනවානම් එය නැති කරගන්නා ආකාරය මම ඔබට කියා දෙන්නම්. මෙවැනි හම් එකක් එන්න බලපාන ප්‍රධාන කරණය තමයි,Power Supply එකේ සුමට බව අඩු වීම. ධාරාව තවත් සුමට කරගැනීම සදහා Power Supply එකේ ඇති 100uf කන්ඩෙන්සරය වෙනුවට 4700uf කන්ඩෙන්සරයක් යොදන්න. එවිට හම් එක නැතිවී යාවි. යම්කිසි හෙයකින් තව දුරටත් හම එක පවතී නම්, Power Supply එකේ (-) වයරය, අඩි දෙකක පමණ කම්බි කුරක් පොලවට ගසා Earth කරන්න. එවිට හම් එක සම්පුර්ණයෙන්ම නැතිවී යාවි.

ට්‍රාන්ස්මිටරය ක්‍රියාකරන දුර වැඩි කර ගත හැකි උපක්‍රමයක්..

මේ සදහා ඔබ මුලින්ම, පරිපථයේ ඇති 2 N 3904 ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink එකක් සවි කල යුතු වනවා..මෙම ට්‍රාන්සිස්ටරයේ  Heat Sink සවිකිරීමට සිදුරු නොමැති හෙයින් අගල් 2 x 2 ප්‍රමාණයේ තුනී ඇලුමිනියම් තහඩුවක් ගෙන, ට්‍රාන්සිස්ටරය හිරවන පරිදි ට්‍රාන්සිස්ටරය වටේ ඔතන්න. ඉන්පසු  ට්‍රාන්ස්මිටරයේ ඇන්ටෙනා එක ආදී 20 පමණ ඉහලට දමන්න. මේ සදහා Coaxial ඇන්ටෙනා වයරයක මද කම්බිය භාවිතා කරන්න. ඉන් පසු අප ට්‍රාන්මිටරයට ලබාදුන් 3v විදුලි සැපයුම වෙනුවට 9v බැටරියකින් හෝ 9v Power Supply  එකකින් ට්‍රාන්ස්මිටරයට විදුලිය සපයන්න.   

Tuesday, April 10, 2018

පරිපථ සදහා කොයිල් සාදා ගැනීමේදී දන ගත යුතු දෑ...


පරිපථ සදහා කොයිල් සාදා ගැනීමේදී, අනිවාර්යෙන්ම අවධානය යොමු කල යුතු කාර්යයන් කිහිපයක්ම තිබෙනවා. යම්කිසි පරිපතයකට අදාලව කොයිලයක් සකසා ගැනීමේදී, එම කොයිලය සකසා ගැනීමට ,පරිපථයේ දී ඇති දත්ත ඉතාමත් වැදගත් වනවා. විශේෂයෙන්ම කොයිලයට අදාල පොටවල් ගණන නිවැරදිව ඔතා ගත යුතු වන අතර, කොයිලයේ විෂ්කම්භයද පරිපථයේ දී ඇති දත්ත අනුව නිවැරදි විය යුතු වේ. කොයිලය නිවැරදිව සකසා නොගත හොත්, ඕනෑම පරිපථයක නිසි ක්‍රියාකාරිත්වය අපට ලබාගත නොහැක. ඒවගේම කොයිල් කම්බි වල එනමල්ඩ් ආවරණයක් තිබෙන නිසා ,කොයිලය සකසා ගැනීමෙන් අනතුරුව, කොයිලයේ පරිපතයට සම්බන්ධ වන දෙකෙළවර blade එකකින් සූරා එම එනමල්ඩ් ආවරණය ඉවත් කලයුතු වනවා.

Wednesday, April 4, 2018

දුරස්ථ පාලක වල ක්‍රියාකාරිත්වය අක්‍රිය කල හැකි පරිපථයක්....( Remote Jammer )


අප එදිනෙදා භාවිතා කරන සියලුම විදුලි   උපකරණ වල දුරස්ථ පාලක ක්‍රියා කරනු ලබන්නේ අධෝරක්ත ( IR ) කිරණ මගින්. මෙම සියලුම දුරස්ථ පාලක නිෂ්පාදකයින් විසින් සැලසු කර ඇත්තේ 38Khz  සංක්‍යයාත පරාසය තුල ක්‍රියාත්මක වන  ලෙසයි.  ඉදිරිපත් කර ඇති මෙම පරිපතයට පුළුවන් මෙම 38Khz  සංක්‍යයාත පරාසයට බාධා   පමුණුවන්න. එනම් මෙම පරිපථය සාදා 9v විදුලියක් ලබාදී තැබූ විට , මෙම පරිපථය ආසන්න කලාපයේ කිසිදු දුරස්ථ පාලකයක් ක්‍රියා කරන්නේ නැහැ.


මෙම පරිපථය NE 555 නැමති ඉතා ජනප්‍රිය IC උපාංගයකින් සමන්විත වන අතර, මීට පෙර  ලිපි වලදී  මෙම IC උපාංගයේ පාද ආකාරය කිහිප වතාවක්ම ඉදිරිපත්කර ඇති නිසා නැවතත් එය ඉදිරිපත් නොකරමි. මෙම පරිපථයේ, D3 සහ D4 ලෙස IR Led  සදහන්ව ඇත්තේ, අධෝරක්ත කිරණ නිකුත් කරන Led දෙකකි. මේවා IR Led යනුවෙන් හදුන්වයි. IR Led එකක සාමාන්‍ය පෙනුම පහතින් ඉදිරිපත් කර ඇත.