පහතින් දැක්වෙන්නේ Central Locking පද්ධතියක් වයර් කරන ආකාරයයි. ඔබ මිලට ගත් Central Locking පද්ධතියේ වයර් හනස්සේ කෙළවරක ඇති සොකට් එක Control Unit එකට ප්ලග් කලයුතුයි. වයර් හනස්සේ මද දුරකින් වාහනයේ ඉදිරිපස දොරවල් දෙකේ Actuators සවි කිරීමට එක පැත්තක වයර් හතර බැගින් වූ කෙළවරවල් දෙකක් ඇත. එම වයර් වල පාට අනුව Actuator එකේ ඇති වයර් වල පාට ගලපා සවිකල යුතුවේ. වයර් හනස්සේ කෙලවරෙහිම, පසු පස දොරවල් දෙකේ Actuators සවි කිරීමට එක පැත්තක වයර් දෙක බැගින් වූ කෙලවරවල් දෙකක් ඇත.එම වයර් වල පාට අනුවද Actuator එකේ ඇති වයර් වල පාට ගලපා සවිකල යුතුවේ.
රුපය විශාල කර බැලීම සදහා රුපය මත Click කරන්න.
Control Unit එකේ සිට එන රතු වයරයට 12v + විදුලිය වාහනයේ බැටරියෙන්ම ලබාදිය හැකි අතර, Control Unit එකේ සිට එන කළු වයරය ( - ) විදුලිය ලබාදීම සදහා වාහනයේ බදට සවි කරන්න. Control Unit එකේ සිට එන දුබුරු සහ සුදු වයරය, Lock සහ Unlock වන විට ශබ්දයක් ඇසීමට සැලැස්වීම සදහා බසරයකට හෝ Lock සහ Unlock වන විට සිනල් ලයිට් දැල්වීම සදහා වාහනයේ සිග්නල් ලයිට් වලට හෝ සවි කල හැක. සියලුම වයර් සවිකිරීම් සිදුකර Central Locking පද්ධතියට ලැබුණු Remote Control එකක් මගින්Central Locking පද්ධතිය ක්‍රියාකරනවා දැයි පරික්ෂ කර බලන්න. Control Unit එක වාහනයේ Dashboard එක යට සුදුසු ස්ථානයක සවි කල හැක.


No comments:
Post a Comment