Beep Error Code අනුව, පරිගණකයේ Key Board එකේ දෝෂ හදුනාගමු...
ඕනෑම පරිගනකයක සමහර දෝෂ අපට ඇගවීම සදහා,බීප් නාද පරිගණකය මගින් නිකුත් කරනු ලබයි. ඒ ඒ පරිගණක වල බයොස් වර්ග අනුව ඒ ඒ දෝෂ අපට දැනගැනීම සදහා නිකුත් කරන බීප් නාද වෙනස්වේ. එනම්, AMI බයොස් අනුව කෙටි බිප් හයකින් අපට දනු දෙන්නේ,Key Board එක පිළිබද දෝෂයක් වුවත්, IBM බයොස් අනුව දිගු බීප් තුනකින් අපට දැනුම් දෙන්නේද, Key Board එක පිළිබද දෝෂයක්වේ.
Key Board කේබල් එක නිසියාකාරව CPU එකට සවිකර නොමැති අවස්ථාවලදී සහ Key Board එකේ එක Key එකක් සිරවී ඇති අවස්ථාවක මෙවැනි බීප් නාදයන් නිකුත් විය හැක. මෙවැනි අවස්ථාවලදී දෝෂය ඇත්තේ Key Board එකේද කියා හරියටම දන ගැනීම සදහා පරිගණකය Off කර Key Board කේබලය ගලවා, නැවත පරිගණකය On කරන්න. එවිටද බීප් නාදය ඇසේ නම්, දෝෂය ඇත්තේ Key Board එකේ නොව පරිගණකයේ වෙනත් කොටසක විය හැක. නමුත් Key Board එක ගලවා පරිගණකය On කල විට බීප් නාදය නොඇසේ නම් දෝෂය ඇත්තේ Key Board එකේ බව නිගමනය කරගත හැක. එවිට නිසි අයුරින් Key Board කේබලය සවි කිරීම හෝ, අලුතින් Key Board එකක් දීම සිදුකල හැක.

No comments:
Post a Comment