Saturday, December 15, 2018

Led Sound Level Display...

Audio ඇම්ප්ලිෆයර් සදහා භාවිතා  හැකි Led Sound Level Display පරිපථයක් තමයි පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ. LM 3915 IC උපාංගය යොදාගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථය Led බල්බ 10 කින් සමන්විත වනවා. පරිපථයේ R2 ලෙස සදහන් Variable රෙසිස්ටරය මගින් බල්බවල දීප්තිය පාලනය කල හැකි අතර, පරිපථය ක්‍රියාකිරීම සදහා වෝල්ට් 12 ත් වෝල්ට් 20 ත් අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැක. Audio Input ස්ථානයට Audio Signal එකක් ලබාදුන් විට, එම ශබ්දය අනුව, ලෙඩ බල්බ් දැල්වෙනු  ඇත.

















Thursday, November 1, 2018

Dark Detector Circuit...


මෙම පරිපථය අදුරට සංවේදී පරිපතයකි.LDR උපාංගය මතට වැටෙන ආලෝක තත්වය බසරයෙන් හඩක් නිකුත්වේ..

Friday, September 14, 2018

Time & Date Maker

ඕනෑම අවුරුද්දක කැලැන්ඩර් තමන් කැමති මෝස්තරයකට මෙම වෙබ් සේවයෙන් ලබාගත හැක. තවද අතීතයට මෙන්ම අනාගතයට බලපාන කාලය හා සම්බන්ධ සෑම ගණනයකර ගැනීමක්ම මෙම වෙබ් අඩවියට පිවිස ඉතා පහසුවෙන් කරගත හැක.

Friday, September 7, 2018

නිකල් කැඩ්මියම්(Ni Cd) බැටරි චාජරයක් සාදමු...


අදමම ඔබට ඉදිරිපත් කරන්නේ නිකල් කැඩ්මියම්(Ni Cd) බැටරි චාර්ජ් කල හැකි පරිපථයක්. මෙම පරිපථයේ B1 ලෙස සදහන්ව ඇති ස්ථානයට, වෝල්ට් 1.2  නිකල් කැඩ්මියම්(Ni Cd) බැටරි දෙකක් ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර චාර්ජ් කල හැක. මෙම පරිපථය CA 3140 IC උපාංගයකින් සහ BD 131 ට්‍රාන්සිස්ටරයකින් සමන්විතවේ.


Thursday, September 6, 2018

Automatic Vehicle Head Lamp Dim Circuit...



















Photo ට්‍රාන්සිස්ටරයට වැටෙන ආලෝකය අනුව රිලේ ක්‍රියාත්මක වනු ඇත.

Monday, August 27, 2018

Alarm Siren Circuit...



8 Ohms Loud Speaker

ස්පර්ශ සංවේදී ආරක්‍ෂක පද්ධතියක් සාදමු...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් ඉතාමත් ප්‍රයෝජනවත් පරිපථයක්. එනම් ස්පර්ශ සංවේදී ආරක්‍ෂක පද්ධතියක් සාදාගන්නා ආකාරයයි. මෙම පරිපථයේ රිලේ උපකරණය හරහා 230v වලින් ක්‍රියාකරන බල්බයක් හෝ 230v වලින් ක්‍රියාකරන සයිරන් එකක් සවිකළ හැක. පරිපථයේ පෙන්වා ඇති ආකාරයට ඔබගේ නිවසේ දොරක හෝ ගේට්ටුවේ අගුලක් හා පරිපථය සම්බන්ධ කර තැබූ විට, කව්රුන් හෝ අගුල ස්පර්ශ කල සැනින්, ඔබ සවි කල බල්බය හෝ සයිරන් එක ක්‍රියාත්මක වනු ඇත. NE 555 IC උපාංගයකින් සහ 2N 3904 ට්‍රාන්සිස්ටරයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇත. පරිපථය සදහා 9v විදුලි බලයක්සැපයිය යුතුවේ.  





Thursday, August 23, 2018

Automatic Water Tank Pump...


අද මම ඔබට හදුන්වා දෙන්නේ තවත් ඉතා සරල පරිපථයක්.මෙය භාවිතා කර ඔබට නිවසේ ජල ටැංකිය ස්වයංක්‍රීයව වතුර මෝටරය මගින් පුරවා ගත හැක.ටැංකිය සදහා යොදන සෙන්සර් ලෙස යොදා ගන්නා කම්බි දෙකට තඹ කම්බි යොදා ගන්න. RL 1 ලෙස සදහන් රිලේ උපාංගය හරහා වතුර මෝටරයට විදුලිය සපයන්න.

Friday, August 3, 2018

උණු වතුර ෂවර් එකේ ආරකෂාව වැඩි කරමු....


ඉතින් මම ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ, විදුලියෙන් ක්‍රියාකරන උණු වතුර ෂවර් එකක් හදන හැටි කියාදුන්නා ඔබට මතක ඇති. විදුලියෙන් ක්‍රියාකරන නිසා උණු වතුර ෂවර් එක භාවිතා කරන අයගේ ආරකෂාව පිලිබදව අප ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මම ඒ කලින් පාඩම් මලා වෙනුත් ඔබට කිව්වේ, නිවසේ Trip Switch එක නිසි ආකාරව ක්‍රියාකාරී නම්, එයින් ලැබෙන ආරක්ෂාව හොදටම ප්‍රමාණවත් කියලා. එත් අපගේ වෙබ් අඩවිය බලා, උණු වතුර ෂවර් හදපු සමහර අය මගෙන් අහලා තිබුණා, උණු වතුර ෂවර් එකට විදුලිය ලබාදෙන Plug Base එකට වෙනමම Trip Switch එකක් සවි කර ගත්තොත් එහි ආරක්ෂාකාරී බව වැඩියි නේද කියලා... ඉතින් එම නිසා මම අද ඔබට ඉදිරිපත් කරන්නේ, උණු වතුර ෂවර් එකට විදුලිය ලබාදෙන Plug Base එකට වෙනමම Trip Switch එකක් සවිකරන  ආකාරයයි..


දැනට ඔබ Plug Base එකට සවි කර ඇති Live සහ Neutral වයර් දෙක ගලවා, එම වයර් දෙක ඉහත රුපයේ ආකාරයට Trip Switch එකේ උඩට සවිකරන්න. ඉන් පසු තවත් වයර්දෙකක් Trip Switch  එකේ යට පැත්තෙන් සවිකර එහි අනෙක් කෙලවර Plug Base එකට සවි කරන්න. පසුව Plug Base එකේ Earth Terminal එකට Earth වයරයක් සවි කර එහි අනෙක් කෙලවර, පොළවට බස්සවා ඇති Earth Rod එකකට සවි කරන්න. මෙහිදී අප සිදුකර තිබෙන්නේ, Plug Base එකට Trip Switch එක හරහා විදුලිය සැපයීම බව ඔබට වැටහෙනවා ඇති. දැන් ඔබට Plug Base එකට උණු වතුර ෂවර් එක සවි කර භාවිතා කල හැක. යම්කිසි විදුලි කාන්දුවක් වුව හොත්, තත්පරයෙන් දාහෙන් පංගුවක කාලයකදී, Trip Switch එක Off වී, උණු වතුර ෂවර් එකට ලැබෙන විදුලි සැපයුම විසන්ධි වනු ඇත.