අප වෙබ් අඩවිය මගින් මේ වනවිට IC උපාංග සහිත පරිපථ විශාල ප්‍රමාණයක් ඔබට ඉදිරිපත්කර තිබෙනවා. සාමාන්‍ය IC උපාංගයක ඇතුලත ඇති උපාංග අපට එතරම් පියවි ඇසට නොපෙනුනත්, Power Amplifier සදහා භාවිතාවන STK කාණ්ඩයේ IC උපාංග වල ඇතුලත පරිපථය උපාංගද සහිතව අපට පැහැදිලිවම දැකිය හැක. අක්‍රිය වූ STK කාණ්ඩයේ IC උපාංගයක් සොයාගත හැකි නම් පහත පරිදි ඵහි ඇතුලත ස්වරූපය දැකගත හැක.
Thursday, August 31, 2017
Wednesday, August 30, 2017
රිලේ උපාංගයක ක්‍රියාකාරිත්වය...
අප වෙබ් අඩවියෙන්, රිලේ උපාංග භාවිතා වන පරිපථ රාශියක් ඔබට ඉදිරිපත් කරනු ලැබුවා. එහෙත් රිලේ උපාංගයක ක්‍රියාකාරිත්වය පිළිබද නිසි අවබෝධයක් ඔබට නොලැබුණි නම්, පහත රුපයෙන් රිලේ උපාංගයක ක්‍රියාකාරිත්වය පිළිබද නිසි අවබෝධයක් ඔබට ලබාගන්නට ඇත.
Saturday, August 26, 2017
Touch Sensitive Siren for Car...
BC 547 සහ BC 557 ට්‍රාන්සිස්ටර් දෙකකින් යුතු Touch Sensitive Siren පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. පරිපථයේ ඇති Touch Plate එකට අත තැබූ විට සයිරන් එක නාද වන අතර, කුඩා ප්‍රමාණයේ ඕම්ස් 8 ක ස්පීකරයක් මේ සදහා භාවිතා කල හැක. පරිපථයේ ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. මෙම පරිපථය ඔබගේ නිර්මාණශිලිත්වය අනුව, වාහනයක ආරක්ෂක එලාමයක් ලෙසද භාවිතා කල හැක.
Tuesday, August 22, 2017
විදුලි උපකරණයක විලයකය දැවී ඇති බව දැනගත හැකි පරිපථයක්...
මෙම පරිපථය හරහා යම් විදුලි උපකරණයකට විදුලිය සැපයු විට යම්කිසි විටෙකදී මෙම පරිපථයේ Fuse එක දැවී යාම නිසා එම විදුලි උපකරණය ක්‍රියා විරහිත වී ඇත් නම් ඒබව මෙම පරිපථයේ ඇති Led බල්බය දැල්වීමත් සමග දැනගත හැක. Led බල්බය රතු පැහැයෙන් යෙදීම වඩාත් යෝග්‍ය වේ. BC 558 ට්‍රාන්සිස්ටරය ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා ලබාදිය යුතු වෝල්ටීයතාවය 12v වේ.
Sunday, August 20, 2017
ඉවතලන Mobile Phone බැටරියකින් Power Full Led Driver එකක් සාදාමු...
ඉවතලන Mobile Phone බැටරියකින් Power Full Led Driver එකක් සාදා ගත හැකි ඉතාමත් සරල පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථයේ විශේෂත්වය වන්නේ, ආලෝක සංවේදී අදියරකින්ද මෙම පරිපථය සමන්විත වීමයි. එනම් පරිපථයේ ඇති LDR උපාංගය මගින් පරිසරයේ අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රීයව පරිපථයේ ඇති Led බල්බ 8 දල්වනු ලබනවා. මේ සදහා ඔබට ඉවතලන ඕනෑම 3.7v ජංගම දුරකථන බැටරියක් භාවිතා කල හැකි අතර, ආලෝක සංවේදී කොටසේ ඇති D 880 ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.
Friday, August 18, 2017
Dual Tone Horn Circuit...
NE 556 IC උපාංගයක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති නාද දෙකක හෝන් පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථය සදහා ලබාදිය යුතු වෝල්ටීයතාවය 9v වන අතර, ස්පීකරය සදහා 1w ,ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න. NE 556 IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.
Monday, August 14, 2017
Dual Input-Combining Stereo Line Amplifier...
පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ Input 2කින් සමන්විත Stereo Line Amplifier පරිපථයකි. මෙම පරිපථයේ Left Input Channel දෙකක්ද Right Input Channel දෙකක්ද වශයෙන් Input Channel 4 ක් ඇත. මෙම පරිපථයේ Output ස්ථාන දෙක ඕනෑම Power Amplifier එකක Input ස්ථානයට සවිකර භාවිතා කල හැක. TL 072 IC උපාංග දෙකක් මෙම පරිපථයට යොදාගෙන ඇති අතර, පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.
Friday, August 11, 2017
විදුලි සැරසිලි සදහා තවත් Led පරිපථයක්...
Led බල්බ 20 කින් සමන්විත තවත් Led පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. ඔබට ඉතා හුරු පුරුදු NE 555 සහ CD 4017 IC උපාංග ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය විවිධ උත්සව අවස්ථාවන්ට යොදා ගත හැකි අතර පරිපථයේ දක්වා ඇති 220k Preset එක මගින් බල්බ දැල්වෙන වේගය පාලනය කල හැකි වේ. මෙම පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 9v සිට 12v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක.
Tuesday, August 8, 2017
Monday, August 7, 2017
Saturday, August 5, 2017
ඉතාමත් බහුලව භාවිතා වන ට්‍රාන්සිස්ටර් වල පින් හදුනාගන්නා ආකාරය....
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ අප ඉතා බහුල වශයෙන් භාවිතා කර ට්‍රාන්සිස්ටර් සමූහයක පින් හදුනාඅ ගන්නා ආකාරයයි. ඕනෑම පරිපථයක් සෑදීමේදී මෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියා කිරීමේදීද ඔබට මෙය ඉතාමත් වැදගත් වේවි.
Friday, August 4, 2017
Tuesday, August 1, 2017
Subscribe to:
Comments (Atom)


























