ඉතින් ගොඩක් දෙනා මගෙන් ඉල්ලීම් කලා, අන්තර්ජාල රැකියා එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් උපයන ආකාරය පිලිබදව කියල දෙන්න කියලා. ඉතින් මම තීරණය කළා You Tube හරහා Google Adsense වලින් මුදල් උපයන ආකාරය පිලිබදව පාඩම් මාලාවක් ආරම්භ කරන්න. ඔයාල කව්රුත් You Tube Video බලලා ඇති. ඔබ එම You Tube Video බලන විට වරින්වර වර Advertisement දර්ශනය වූ බව ඔබට මතකද? වෙනත් සමාගම් වලින් Google සමාගමට මුදල් ගෙවා ලබාදෙන දැන්වීම් තමයි ඒ You Tube Video තුල පලවන්නේ. ඉතින් අපි You Tube එකට එක කරන Video වලටත් එම දැන්වීම් ලබාදෙන්න Google සමාගම වැඩසටහනක් හදල තියෙනවා. ඒ තමයි You Tube for Adsense කියන්නේ. මෙහිදී සිදුවන්නේ, ඔබ You Tube එකට එක්කල Video යම්කිසි කෙනෙකු බලනවිට එම Video එක තුල දර්ශනය වන දැන්වීම් ඔහු විසින් Click කර එම දැන්වීම්ද නරබන විට, එම දැන්වීම ප්‍රචාරණය කිරීමට ඔබගේ Video එක දායක වූ නිසා ඒ වෙනුවෙන් ඔබට Google සමාගම විසින් යම්කිසි මුදලක් ගෙවීමයි. ඉතින් මේ සදහා ඔබ අලුත් You Tube Channel එකක් මෙන්ම Adsense Account එකක් සදා ගත යුතු වනවා. ඉතින් මේ සියල්ල මුල සිටම කරන ආකාරය මම ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, හෙට සිට මෙම පාඩම් මාලාව ආරම්භ කිරීමට මම සියලු කටයුතු සුදානම් කරලයි තිබෙන්නේ.


No comments:
Post a Comment