Friday, March 31, 2017
Thursday, March 30, 2017
Wednesday, March 29, 2017
Tuesday, March 28, 2017
You Tube for Adsense Lesson - 01
ඉතින් සැම දෙනාටම සුභ දවසක්. ඉතින් අද සිට, You Tube Video තුලින් Google Adsense හරහා මුදල් උපයන ආකාරය පාඩම් මාලාව ආරම්භ වනවා. ඉතින් විශේෂයෙන්ම කියන ඕන දෙයක් තමයි, ඔබ අන්තර්ජාලයට පිවිසීමට Google Chrome වෙබ් බ්‍රවුසරය භාවිතා කරනවා නම් වඩාත් හොදයි. ඉතින් අපි You Tube Adsense Account එකක් සාදා ගන්න පිවිසෙන්නේ අපගේ ඊ මේල් එක තුලින් තමයි. ඔබට දැනටමත් ඊ මේල් එකක් ඇති. ඒත් ඒ පරණ ඊ මේල් Account එකක්වත් මේ සදහා යොදාගන්න බැහැ. එම නිසා ඔබ පළමු පියවර ලෙස, අලුත්ම gmail ඊ මේල් Account එකක් සාදා ගන්න. එම ඊ මේල් එක වෙන කිසිම දෙයක් සදහා භාවිතා නොකළ යුතු අතර, ඊ මේල් Account එක සාදාගත් පසු Sign Out කර තබන්න. ඉතින් ඉදිරි පියවර හෙට දිනයේ බලාපොරොත්තුවන්න.
Monday, March 27, 2017
අන්තර්ජාලයෙන් මුදල් උපයමු...
ඉතින් ගොඩක් දෙනා මගෙන් ඉල්ලීම් කලා, අන්තර්ජාල රැකියා එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් උපයන ආකාරය පිලිබදව කියල දෙන්න කියලා. ඉතින් මම තීරණය කළා You Tube හරහා Google Adsense වලින් මුදල් උපයන ආකාරය පිලිබදව පාඩම් මාලාවක් ආරම්භ කරන්න. ඔයාල කව්රුත් You Tube Video බලලා ඇති. ඔබ එම You Tube Video බලන විට වරින්වර වර Advertisement දර්ශනය වූ බව ඔබට මතකද? වෙනත් සමාගම් වලින් Google සමාගමට මුදල් ගෙවා ලබාදෙන දැන්වීම් තමයි ඒ You Tube Video තුල පලවන්නේ. ඉතින් අපි You Tube එකට එක කරන Video වලටත් එම දැන්වීම් ලබාදෙන්න Google සමාගම වැඩසටහනක් හදල තියෙනවා. ඒ තමයි You Tube for Adsense කියන්නේ. මෙහිදී සිදුවන්නේ, ඔබ You Tube එකට එක්කල Video යම්කිසි කෙනෙකු බලනවිට එම Video එක තුල දර්ශනය වන දැන්වීම් ඔහු විසින් Click කර එම දැන්වීම්ද නරබන විට, එම දැන්වීම ප්‍රචාරණය කිරීමට ඔබගේ Video එක දායක වූ නිසා ඒ වෙනුවෙන් ඔබට Google සමාගම විසින් යම්කිසි මුදලක් ගෙවීමයි. ඉතින් මේ සදහා ඔබ අලුත් You Tube Channel එකක් මෙන්ම Adsense Account එකක් සදා ගත යුතු වනවා. ඉතින් මේ සියල්ල මුල සිටම කරන ආකාරය මම ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, හෙට සිට මෙම පාඩම් මාලාව ආරම්භ කිරීමට මම සියලු කටයුතු සුදානම් කරලයි තිබෙන්නේ.
Friday, March 17, 2017
දුරකථන සිම් පත ඔබේම දැයි පරික්ෂා කරගන්නේ මෙහෙමයි...
අපි කවුරුත් ජංගම දුරකථන භාවිතා කරන අතර, එන්න එන්නම මෙම ජංගම දුරකථන අවභාවිතා වන ප්‍රමාණයත් සීග්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. මෙම හේතුව නිසා, සමාජයේ නිවැරදි පුද්ගලයන් පවා නීතිය ඉදිරියේ අපහසුතාවයන්ට පත්වන අවස්ථා එමටයි. ඉතින් ඔබ භාවිතා කරන ජංගම දුරකථන සිම් කාඩ් පත ලියාපදිංචි වෙලා තිබෙන්නේ ඔබේ නමටමදැයි හරියටම සැක හැර දැනගෙන සිටීම ඉතාම වැදගත් දෙයක් වනවා. ඔබේ සිම් පත ලියාපදින්චිවෙලා තිබෙන්නේ ඔබේ නමට දැයි ඔබටම පරික්ෂා කරගන්න, ඔබේ ජංගම දුරකතනයෙන්ම ඔබට පුළුවන්. ඔබට කරන්න තිබෙන්නේ, #132# ඩයල් කරන්න විතරයි. එවිට සිම් පත ලියාපදින්චි කර ඇති කෙනාගේ නම, හැදුනුම්පත් අංකය, සිම් කාඩ් අංකය ආදී තවත් විතර ඔබට බලාගන්න පුළුවන්.
Thursday, March 9, 2017
Invoice Maker...
ඔබ යම් ආයතනයකට හෝ අයෙක්ට සපයන සේවාවක අයකිරීම් කර ගැනීම පිණිස ඉදිරිපත් කරන බිල්පත, එහෙමත් නැතිනම් ඉන්වොයිස් එක ඉතා උසස් තත්වයක පෙනුමකින් සමන්විත වීම ඔබගේ වියාපාරයේ පිළිගැනීම වැඩිකරවන සාධකයක් වනවා. ඉතින් පහතින් දක්වා ඇති ලින්ක් එකෙන් ගොස් එම වෙබ් අඩවියට පිවිස තමන්ගේ වියාපාරයට ගැලපෙන පරිදි ඉතා උසස් තත්වයෙන් යුතු ඉන්වොයිස් සකසා ගන්නට හැකියාව ඇත.
Subscribe to:
Comments (Atom)







