Thursday, March 31, 2016

Cloud Smart Phone ගැන යමක්...

ස්මාර්ට් ෆෝන් ගෙන එය සෑම වෙලාවකම අන්තර්ජාලය හා සම්බන්ධ කරගෙන සිටින්නෙකුට අප රටේ දී ගෙවන්නට වන  දුරකථන බිල සුළු පටු එකක් නොවන බව අප කව්රුත් දන්නා කාරණයක්. අන්තර්ජාල සම්බන්ධතා ලබාගැනීමට වැඩි මුදලක් ගෙවිය යුතු රටවල සිටින කාහට වුවද මෙය පොදු කාරණයක් වනවා.ඉතින් Cloud Smart Phone එකක් යනු සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් එකක් නොවේ. පරිගණකයකින් කරන වැඩ ස්මාර්ට් ෆෝන් එකකින් කිරීමට අදහස් කරන අයකුට මෙම Cloud Smart Phone ඉතා වැදගත්වේ. තවද සාමාන්‍ය විදියට අවශ්‍ය වෙලාවට පමණක් අන්තර්ජාල සම්බන්ධතාවය ලබගෙන ඉක්මනින් වැඩ අවසන් කරන කෙනෙකුට මෙම Cloud Smart Phone සුසුසු නොවේ.

How to Make Simple Led Board

Monday, March 28, 2016

පරිගණක තාක්‍ෂණය 03

පරිගණකයක් කොටස් 3කට බෙදන්න පුලුවන්.

1. දෘඩාංග. ( Hardware )
2. මෘදුකාංග. ( Software )
3. පරිගණකය භාවිතා කරන්නා. ( Liveware ) [ මේ 2ම තිබිලත් , භාවිතා කරන්න කෙනෙක් නැත්නම් වැඩක් නැනේ. ]

දෘඩාංග ( Hardware ) - ස්පර්ශ කිරිමට හෙවත් ඇල්ලිමට හැකි සියලුම කොටස්. ඉංග්‍රීසියේන් නම් Tangible කියල කියනව.

මෘදුකාංග ( Software ) - ස්පර්ශ කිරිමට හෙවත් ඇල්ලිමට නොහැකි දේවල්. මේකටත් ඉංග්‍රීසියේන් Intangible කියල කියනව.

පරිගණයකට හෝ වෙනත් ඕනැම යන්ත්‍රකට අදාල ස්ථිර සැලස්මක් / අකෘතියක් තියේනව. මේ පහලින් පෙන්වල තියේන්නේ ඒක.

ආදානය ( Input ) ---> සැකසිම / ක්‍රියාවලිය ( Process ) ---> ප්‍රතිදානය ( Output )

අපි මෙහම හිතමු. 
රුපවාහිනි යන්ත්‍රයක නාලිකාවක් මාරු කර ගැනිමට , රිමෝට් එකේ ඒ නාලිකාවට අදාල අංකය ඔබනව. ඉන් පසු සුලු වෙලාවක් ගිහින් ඕන නාලිකාව රුපවාහිනි තිරයේ පෙන්වනව.
මෙහිදි , ආදානය ( Input ) තමයි රිමෝට් එකේන් නාලිකාවට අදාල අංකය එබිම. ඉන් පසු අදාල නාලිකාව ලබා දෙන්න කලින් සුලු වෙලාවක් ගත වෙනව නෙද , එහම පොඩිම වෙලාවක් යන්නේ සර්කිට් මගින් අදාල ක්‍රියාවලිය හෙවත් Process එක සිදු කිරිමටයි. ඊටත් පසුව අදාල නාලිකාව රුපවාහිනි තිරයේ පෙන්වන්නේ ප්‍රතිදානය ( Output ) විධියටයි.

මේ ගැන මෙහම කෙටියෙන් කියන්න පුලුවන්. 

ආදානය ( Remote ) ---> සැකස්ම / ක්‍රියාවලිය ( Circuit ) ---> ප්‍රතිදානය ( Display Channel ) 

Friday, March 25, 2016

පරිගණක තාක්‍ෂණය 02

1. වේගය. ( Speed )  මිනිසේක් යම්කිසි වෙලාවක් අරන් කරන බොහෝ වැඩ කටයුතු , පරිගණකය වේගවත්ව කරනව.  උදා :- කිසියම් පුද්ගලයේකු දිගු එකතු කිරිම් රාශියක් යම්කිසි වෙලාවක් අරන් කරත් , පරිගණකයකින් ඒවා ඉතාමත්ම සුලු කාලයකදි විසද ගන්න පුලුවන්.
 
2. පරිගණකයක විෂයපථය ඉතාමත්ම පුළුල්. ( Scope Can Be Varied ) ඒනම් , පරිගණකයකට එකිනෙකට වෙනස් , ඕනැම වැඩක් කිරිමට පුලුවන්.  උදා :- Graphic Design , Word Typing හා ක්‍රිඩා සෙල්ලම් කරන්නත් පුලුවන්.

3. බුද්ධිමත් බව. ( Intelligent ) පරිගණකයක් , සමහර වෙලාවට තමන් විසින්ම තිරණ ගන්නව.  ඒ කියන්නේ මෙහමයි , මෙහම තත්වයක් තිබුනෝත් ' A ' කියන දේ කරන්න , එහම නැතුව මේ විධියට වුනෝත් ' B ' කියන දේ කරන්න කියල , පරිගණකයට උපදෙස් ලබා දෙන්නේ මිනිසා තමයි. නමුත් , ඒ ඒ අවස්ථා වලදි , මිනිසා දුන්න උපදෙස් වලට අනුව ක්‍රියා කරමින් , ඉතාමත්ම නිවැරදි තිරණයක් ලබා දෙන්නේ පරිගණකයක් විසින්මයි.  උදා :- ATM යන්ත්‍රය. ( අපි ඉල්ලන මුදල් ගණන විතරයි අපට දෙන්නේ. අපි ඉල්ලුව මුදල් ප්‍රමාණය ගිණුමේ නැත්නම් , වෙන කොහේන් හරි මුදල් දෙන්නේත් නැ. ඒවා හරියටම මිනිසාගේ උපදෙස් වලට අනුව පරිගණකය විසින්ම කළමනාකරණය / පාලනය කරගන්නවා. )

4. මතකයක් තිබිම. ( Memory ) පරිගණකය කියන යන්ත්‍රයට විශේෂ වුන දේයක් තමයි මතකය කියන්නේ. මොකද අනිත් ඉලෙක්ට්‍රෝනික උපාංග වලට මතකයක් නැ.  පරිගණකයට මතකයක් තියේන නිආ තමයි අපේ ඕනැම දේයක් ආරක්ෂිතව පරිගණකයක් තුල ගබඩා කරන්න පුලුවන් වෙලා තියේන්නේත්. උදා :- RAM ( Random Access Memory ) , Hard Disk.


හරි , මේ ඉහලින් කියල තියේන ඒවා තමයි පරිගණකයටම අදාල , අනිත් යන්ත්‍ර වල නැති , පරිගණකයක් අනිත් යන්ත්‍ර වලින් වෙනස් වන ලක්ෂණ.
                   තවත් කොටසක් බලාපොරොත්තුවන්න.

Thursday, March 24, 2016

පරිගණක තාක්‍ෂණය 01

ලොකු කුඩා කවුරුත් අද වන විට මොන වැඩ කටයුත්ත කරන ගියත් පරිගණකයක් , ජංගම දුරකතනයක්වැනි උපාංගයක් භාවිතා කරනව. මේ ගැන මෙහම කියන්නත් පුලුවන්. දැනට මේ 2015 අවුරුද්ද ඇතුලත පරිගණක 207 , 572 , 300ක් විකුණා තිබේනව. ඒ වගේම , මේ මොහත වන විට 3,240,837,600ක් අන්තර්ජාලය භාවිතා කරනව. ( 2014 අවුරුද්දටම අන්තර්ජාලය භාවිතා කර තියේන්නේ 2,925,249,355ක් විතරයි. ) 

මේ වගේ ප්‍රමාණ වලින් භාවිතා වෙන පරිගණක ගැන , පරිගණකයේ ක්‍රියාකරිත්වය ගැන , පරිගණකයකවල , Pentium 4 , Dual Core සිට  i5 , i7 දක්වා Processorsවල , RAM , Hard Disk වැනි මතකයයන්ගේ ක්‍රියාකරිත්වය හා සැකස්ම ගැන , පරිගණකයට කතා කරන්න පුලුවන් භාෂාව ගැන ඇතුලු තවත් බොහෝ දේවල් ගැන දැන ගන්න ආස නම් , කැමති නම් , මේ පරිගණක - පාඩම් මාලව සමග දිගටම එකතු වෙන්න.

 පරිගණකයක් කියන්නේ මොකක්ද ??

මේකට විවිධ පුද්ගලයන් , විවිධාකාරයේ අදහස් කියන්න පුලුවන්. නමුත් , අපි මේකට සරලව මෙහම කියමු. 

පරිගණකයක් යනු වෙනස් විධියක යන්ත්‍රයක්. 
මෙහි , වෙනස් කියන වචනය යටින් ඉරක් ඇදල තියේන්නේ , ඒ වචනය විශේෂ නිසයි. මොකක්ද , මේ වෙනස් විධියක යන්ත්‍රයක් කියන්නේ ??

මෙන්න , මේ විධියට ඒ වෙනස්කම් ගැන කියන්න පුලුවන්. 
තව විධියකට කියනව නම් පරිගණකයටම අදාල , අනිත් යන්ත්‍ර වල නැති , පරිගණකයක් අනිත් යන්ත්‍ර වලින් වෙනස් වන ලක්ෂණ ගැන මෙහම කියන්න පුලුවන්.
 
                 තවත් කොටසක් බලාපොරොත්තුවන්න.

Monday, March 21, 2016

ඔබගේ ජංගම දුරකථනය ආරක්ෂා කරදෙන IMEI අංකය ගැනත් දැනගන්න.

වර්තමානයේ දුරකතන භාවිතය සීග්‍රයෙන් වැඩි වී ඇත.ඒ සමගම දුරකථන සම්බන්ද වංචා අපරාධ ආදියද වැඩිවෙමින් ඇත.වැඩිපුර දුරකථන වෙළඳ පළට පැමිණිමත් සමග ඒවායේ ගුණාත්මය පිළිබඳව ගැටළු තත්වයක් ද පැන නැගී ඇත.ඉතා අඩු මිලට දුරකථන ලබා ගත හැකි වුවද ඒවායේ ප්‍රමිතිය පිළිබඳව අප හොඳින් අවධානය කල යුතුය.මන්ද ඇතැම් නියමිත ප්‍රමිතියෙන් තොර දුරකථන වලින් අහිතකර විකිරණ ආදිය නිකුත් වියහැකි බැවිනි.
ඔබ දැනටමත් ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් එය අන්තර්ජාතික ප්‍රමිතතියට යටත්ද යන්න පහසුවෙන් සොයා ගත හැක.මේසඳහා ඔබ කලයුත්තේ *#06# යන යතුරු එබීමය.එවිට මතුවන අංක පහළොවක් හෝ දාහතක් ඇති අංකය ඔබේ දුරකතනයේ හැඳුනුම්පත් අංකය හා සමාන ඉමි අංකයයි.මෙය ඔබට වැදගත් අංකයකි.එක දුරකතනයකට මෙම අංක ඇත්තේ එකකි.වෙනත් ලොව පුරා කිසිම දුරකතනයකට ඒ හා සමාන අංකයක් නැත.උක්ත පරිදි ඔබ ලබා ගත අංකය  අරාක්ෂිත තැනක ලියා තබන්න.
දැන් ඔබ දුරකතනයේ බැටරිය ගලවා ඊට යටින් ඇති කොටසේ මුද්‍රණය කර ඇති අංකය හා කලින් ඔබ ලියා ගත් අංකය සංසන්දනය කරන්න .එම අංක දෙක සමාන නම් ඔබේ දුරකථනය ප්‍රමිතීන්ට අනුකුල එකකි.අංකය අසමාන නම් එය ව්‍යාජ එකකි.එවැනි දුරකතනයක් භාවිතා කිරීමෙන් ඔබට සිදුවන කිසිඳු ගැටලුවකදී කිසිවකුගේ පිළිසරණක් නැත.
එය ව්‍යාජ එකක් ද යන්න සෙවීමට වෙබ් අඩවියක් ඇත.ඔබ පළමුව මෙතනින් ඇතුළු වී http://www.numberingplans.com/?page=analysis&sub=imeinr කලින් ලියා ගත් ඉමි අංකය එම අඩවියට ලබා දෙන්න.එවිට ලැබෙන මූලික තොරතුරු වලින් එය හොඳ එකක්ද යන්න දැන ගත හැකිය.
යම්  හෙයකින් ඔබේ දුරකථන කිසිවකු සොරාගෙන එහි ඇති දත්ත ආදීය ලබාගෙන ඔබේ බැංකු ගිණුම් වලින් පවා මුදල් ලබා ගන්නට බැරි නැත.එනිසා වහා දුරකථනය නැති වූ සැනින් එහි ඉමි අංකය අදාල දුරකථන සමාගමට දැන්වීම වැදගත්ය.එවිට ඔවුන් එම දුරකථනය භාවිත කල නොහැකි පරිදි බ්ලොක් කරනු ඇත.ඔබ නැතිවූ දුරකතනය පිළිබඳව පොලිසියක් හරහා පැමිණිලිකර ඇතිනම් ඔබට ඇතැම් විට දුරකතනය හා එහි සොරා ද හසුකර ගත හැකිවනු ඇත.දුරකතනය සොරා ගත් පුද්ගලයා එහි සිම් පත ඉවත් කර ඔහුගේ සිම් පතක් එම ජංගම දුරකතනයට දැමු සැනින් එම සිම් පතේ ඊට ආවේනික සිම් අංකය එම දුරකථන සමාගමේ සර්වර් වල සටහන්වේ.එම සිම් අංකය ඔස්සේ ඔබේ ඉමි අංකය දරණ දුරකථනය භාවිතාකරන්නේ කවුරුන්ද යන්න පහසුවෙන් සොයා ගත හැක.එපමනක් නොව ඔහු දුරකතනය දිගටම භාවිතාකරයි නම් ඔහු ස්ථාන ගතවී ඇති තැන් පවා දුරකථන කුළුණු වල ඇති පරිගණක වල සටහන් වේ.එම දුරකතනය නැතිවූ අවස්තාවක චායා රුපයක් ගතහැකි මෘදුකාංගයක් ස්ථාපිත කර තිබුනේ නම් එහි කැමරාව හරහා එය සොරාගෙන භාවිතා කරන්නාගේ චායාරුපයක් වුවද ගෙන්වා ගතහැකිය.මෙවැනි තාක්ෂණික ක්‍රම අද පරිගණක සොර ගැනීම් වැලැක්වීමට ද බහුලව යොදා ගැනේ.
ඔබ භාවිතා කරන දුරකතනයේ ඉමි අංකය ලියා තැබීමේ තවත් වැදගත් කමක් වන්නේ නීතිමය ගැටළු අවස්ථාවකට ඔබට මුහුණ නොදී  සිටීමටය.යම් හෙයකින් ඔබේ නැතිවූ සිම්පත යොදා වෙනත් දුරකතනයකින් අපරාධ යකට සම්බන්ද සිදුවීමකදී ඔබේ දුරකතනයේ ඉමි අංකය ඔබව නිදහස් කරනු ඇත.පසුගිය කාලයේ ඉන්දියාවේ සිදුවූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේදී ඉමි අංක රහිත දුරකථන භාවිතා කර ඇති බව කියවේ.එනිසා පරීක්ෂණ කටයුතද ගැටළු කාරී වී ඇත.ඒ අනුව ඉමි අංක රහිත දුරකථන භාවිතය ඉන්දියාව තහනම් කරන ලදී.

Saturday, March 19, 2016

සුසුකි සමාගම හදුන්වා දෙන ISG තාක්‍ෂණය සහිත නවතම Smart Hybrid මෝටර් රථය...

ඉන්දියාවේ Maruti Suzuki මෝටර් රථ සමාගම මගින් Integrated Starter Generator ( ISG ) තාකෂණය සහිත නවතම Smart Hybrid මෝටර් රථයක් ඉදිරිපත් කර ඇති අතර, එය Suzuki Ciaz ලෙස හදුන්වා තිබෙනවා. මෙම Integrated Starter Generator ( ISG ) තාකෂණය සහිත නවතම Smart Hybrid මෝටර් රථයේ ක්‍රියාකාරීත්වය පහත Video එක තුලින් බලන්න.

Friday, March 18, 2016

ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ලේසියේන්ම ඔබේ පරිගණකයේන්ම ක්‍රියාත්මක කරන ආකාරය....

අපි කවුරුත් අලුත් අලුත් Apps හා Games භාවිතා කරන්න කැමතියිනේ. ඉතින් , දැනට බහුලව දිනෙන් දින අලුත් Apps හා Games නිකුත් වෙන ජංගම දුරකතන මෙහයුම් පද්ධතියක් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. 

මේ ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ඔබේ ජංගම දුරකතනයේන් හෝ ටැබ් එකේන් ක්‍රියාත්මක කරන්න නම් , ගොඩක් ඒවට Mobile Data ඕන වෙනවා. උදාහරනයක් විධියට Ingress , Clash Of Clans වගේ ක්‍රිඩා වලදි. ඉතින් , මේවා කරද්දි ඔබේ Data සැලකිය යුතු ලෙස වැය වෙනවා. 
නමුත් , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේන් හා ටැබ් එකේන් ක්‍රියාත්මක කරපු , ඒ සියලුම Apps හා Games , ඔබේ පරිගණකයේන් ක්‍රියාත්මක කරන්න , දැන් ඔබට පුලුවන්. 

මේ සදහා ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ BlueStack කියන මෘදුකාංගයයි. නමුත් ,BlueStacks සමග කටයුතු කිරිම අපහසුයි. ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , BlueStacks එක භාවිතා කරල , පරිගණකයේ ක්‍රියාත්මක කරන්න සැලකිය යුතු වැඩ කොටසක් කරන්න ඕන. 

ඒ නිසා , අපි මෙයට ඊට වඩා ඉතාමත්ම පහසු මෘදුකාංගයක් භවිතා කරනව. මේ මෘදුකාංගයේ නම තමයි Nox App Player කියන්නේ. 

අපිට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , අපේ පරිගණකයේ සම්පුර්ණයේන්ම හදන්න ඕන නම් කරන්න තියේන්නේ , මේ Nox App Player කියන මෘදුකාංගය , ඔබේ පරිගණකයට Install කිරිම විතරමයි. 

* මුලින්ම මේ පහල ලින්ක් එකේන් , Nox App Player මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

  (සැලකිය යුතුයි)
යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.


මේ පහල ලින්ක් එක ක්ලික් කල පසු යන සයිට් එකේ මැදින් තියෙන Download කියන එක ක්ලික් කල විගස , ඔබට Nox App Player කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 



* ඩවුන්ලෝඩ් වෙල ඉවර වුනාට පස්සේ , ඒ Setup එක ක්ලික් කරන්න. එවිට මේ පහල රුපයේ විධියට එන Box එකේ තියේන Install කියන එක ඔබන්න. එවිට , මෙය Install විමට පටන් ගනිවි. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 



* මෙය Install වෙන අතර මැද්දි , මෙහි Drivers Install කරන්නද කියල අහනව. මෙහිදි මේ පහල රුපයේ විධියට Install කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 

* Install වෙල ඉවර වුනාට පස්සේ , මේ පහල රුපයේ විධියට පෙන්නාවි. මෙහිදි , ඔබට දැන්මම ඇන්ඩ්‍රොයිඩ් මෙහයුම් පද්ධතියට යන්න ඕන නම් Start කියන එක ඔබන්න. පසුව යන්න ඕන නම් Finish එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
 

* ඊට පස්සේ , ඔබ අලුත් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් මිළට ගත්තාම කරනව වගේ , ඔබේ දැනට තියේන හෝ අලුත් , Google Email හා Password ලබා දෙන්න. ඊට පස්සේ , ඔබ ලග තියේන ඇත්ත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයකින් හෝ ටැබ් එකකින් කරනව වගේ සියලුම දේවල් , මේකේනුත් කරන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 

 

ඔබ කැමති Ingress , Clash Of Clans වැනි ඕනැම Game එකක් , පරිගණකයේන්ම ක්‍රිඩා කරන්න පුලුවන්. 
WhatsApp , Viber , Tango , පරිගණකයේන්ම භාවිතා කරන්න පුලුවන්. 
Play Store ගිහින් , ඕන ඕනම දේයක් ගන්නත් පුලුවන්. එකි මෙකි නොකි  සියලුම දේවල් කරන්න පුලුවන්. :
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 

දැන් හිතන්න , 1GB වගේ ලොකු Game එකක් Play Store එකේ තියේනව. ඒක ඔබේ ජංගම දුරකතනයට ගන්න නම් , ඔබ භාවිතා කරන දුරකතන ජාලයට අනුව ගොඩාක් ලොකු මුදලක් වැය කරන්න වෙනව. 
ඒත් , මේ වන විට ගොඩක් අය SLT ADSL , VDSL , Dialog 4G , Lanka Bel 4G වගේ Data Packages භාවිතා කරනව. SLT එකේ නම් දැනට රු 1500යකට , 40GBක් දෙනව. ඉතින් , අර ජංගම දුරකතනයේන් ක්‍රිඩා කරන්න හිතන් හිටපු , ඒ Game එකම , මේ Nox App Player කියන මෘදුකාංගය භාවිතා කරල , ඔබේ පරිගණකයට පහසුවෙන්ම Install කරගෙන ක්‍රිඩා කරන්නත් පුලුවන්. Game එකටම කියල වෙනම මුදල් යන්නේත් නැ. වැය වෙන්නේත් , අර පරිගණකයට භාවිතා කරන Data Package එකේන්මයි. ඒ නිසා කිසිම අමතර වියදමකුත් නැ. මට නම් , මේ ක්‍රමය ගොඩාක් හොදයි. 

ඉතින් , මේ එක උදාහරණයක් විතරයි. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් , ඔබේ පරිගණකය තුල තියේද්දි කරන්න , කරගන ඕන දෙවල් ගැන අයේ අපි කියන්න ඕන නැනේ.

මේ ගැන තව හොදට දැනේන්න බලන්න ඕන නම් , මේ පහල Video එකත් බලන්නකෝ.


Wednesday, March 16, 2016

Google භාවිතා කරන ඔබ දැනගෙනම සිටිය යුතු URL 5ක්...

Google කියන්නේ Search Engine එකක් විතරක් නෙවේ. Google වල තවත් කොටස් විශාල ප්‍රමාණයක් තියනවා. අපි ඒ ගෙන වෙනම ලිපියක් ලගදීම පලකරන්නම්. අද අපි ඔබට ලබා දෙන්නේ Google භාවිතා කරන ඔබ දැනගෙනම සිටිය යුතු URL 5ක්.



ඔබට Google Account එකක් හදන්න ඕනෑ උනාම ඔබට අලුතෙන් Gmail Account එකක් හදන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නා දෙයක්නේ. වෙනස් විදියකට කියනවානම් ඔබට හම්බවෙන්නේ yourname@hotmail.com වගේ අලුත් email එකක් හදන්න වෙනවා Google Account එකක් හදන්න වෙන වෙලාවට. නමුත් ඉහත දී ඇති ලින්ක් එක මගින් ඔබට පුළුවන් ඔබ ලග තියන වෙන email එකකින් (yourname@gmail.com වගේ) Google Account එකක් හදන්න.
ඔබ Google වල Search කරන ඒවා ඉහත ලින්ක් එක මගින් බලාගන්න පුළුවන්. (Google වල Search කරන විට අදාල Account එකට ලොග් වී සිටිය යුතුයි.)
වෙන කව්රු හරි ඔබේ Google Account එකට ලොග් වෙලාද? ඔබගේ Google Account එකට ඔබ Log උනේ කොහෙන්ද?, මොන Web Browser එක භාවිතා කරලද?, කුමන වේලාවේද?. මේ හැම දෙයක්ම ඉහත ලින්ක් එක මගින් බලාගන්න පුළුවන්.
ඔබගේ Google Account එකේ ඇති data වලට Access කරන්න පුළුවන් මොන මොන App වලටද? මොන මොන Extensions වලටද? . එවැනි සියලුම දේ බලන්න පුළුවන් එතනින්.
ඔබගේ Google Account එකට අදාල ඕනෑම Setting එකක් වෙනස් කරගන්න පුළුවන් වෙබ් ලින්ක් එක තමයි මේ.

Tuesday, March 15, 2016

ඔබේ දුරකතනයේ Battery එකත් වේගයෙන් බහිනවද? Power Bank එකක් මිලදී ගැනීමට පෙර මෙය කියවන්න

දුරකතනයේ Battery එකත් වේගයෙන් බහින එක විශාල ගැටළුවක් බව ඔබ Smart Phone එකක් භාවිතා කරන කෙනෙක් නම් හොදටම දන්නවා.Battery එක Charge කිරීම සදහා Power Bank  භාවිතා කිරීමට මේ නිසා හුගක් අය පුරුදු වෙලා තියනවා.  Power Bank එකක් කියන්නේ මොකද්ද? ඔබගේ Smart Phone එකට ගැලපෙන Power Bank එකක් මිලදී ගන්නේ කොහමද කියලා දැනගන්න පහත Video  එක බලන්න.

Monday, March 14, 2016

ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ මෙහෙමයි....

ඔබ රුපවාහිනයේ නරබන හුගක් Films වලනම් Sinhala Subtitles තියනවා. Film එක පෙන්නන අදාල මාධ්‍ය විසින් Sinhala Subtitle එකක් නිර්මාණය කරනවා. නමුත් අන්තරජාලය මගින් ඔබ හොයාගන්නා Films වල ඇත්තේ English Subtitle එකකි. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබද ලොකු දැනුමක් නැත්තම් හුගක් විට එවැනි Film වල කතාව තේරුම් ගන්න අමාරුයි. අද වෙන කොට Sinhala Subtitles බෙදා හරින වෙබ් අඩවි කිසිහිපයක් තිබීම නිසා ඔබට පහසුවෙන් ඕනෑම film එකක් වගේ Sinhala Subtitle එකක් හොයාගන්න එක අමාරු නෑ.අද ලිපිය වෙන් වෙන්නේ එම Sinhala Subtitles බෙදා හරින බ්ලොග් වලට ස්තුති කරමින් එම අඩවි කිහිපයක් ඔබත් සමග Share කර ගැනීමටයි.
1. Baiscopelk

Baiscopelk කියන්නේ දැනට ලංකාවේ තියන හොදම Sinhala Subtitles නිර්මාණය කරන වෙබ් අඩවිය කියලා සලකන්න පුළුවන් වෙබ් අඩවියයි. Films වල පමණක් නෙවේ TV Series කිහිපයකත් Sinhala Subtitles මෙම වෙබ් අඩවිය හරහා ලබා දෙනවා.

2. 
Zoom.lk

Zoom.lk කියන්නෙත් ශ්‍රී ලාංකිකයන් අතර සිංහල උපසිරැසි Download කර ගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන වෙබ් අඩවියකි.

ප්‍රධාන වශයෙන් Baiscopelk සහ Zoom.lk සිංහල උපසිරැසි download කරගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන අතර 
sinhala-subs.blogspot.com සහ sinhalasubz.blogspot.com බ්ලොග් අඩවි හරහාද හුගක් films වල Sinhala Subtitles හොයාගන්න පුළුවන්.

Monday, March 7, 2016

මොනවාද මේ 3G 4G සහ 5G තාක්ෂනය.....

 ඔයාල නිතරම අසා ඇතිවචන ටිකක් තමා මේ..අන්තර්ජාලය භාවිතා කරනවානම් ඔබ මේ වචන වලින් කියවෙන දේ ගැන හොඳ අවධානයකින් ඉන්න එක හොඳයි..පාසල් යන අයටනම් තාක්ෂණික විෂයට මෙය ඉතා වැදගත් වේවි.මේ ගැන පොඩි සාරාංශයක් මේ විදිහට කියන්නම්. මේ 3G 4G හී "G" අක්ෂරයෙන් කියවෙන්නෙ "Genation" නොහොත් පරම්පරාවටයි. රැහැන් රහිත හඬ දුරකතන, ජංගම අන්තර්ජාල ප්රවේශය රැහැන් රහිත ස්ථාවර අන්තර්ජාල ප්රවේශ, වීඩියෝ ඇමතුම් හා ජංගම රූපවාහිනි ආදීයන් සදාහා 3G තාක්ෂණය යොදාගෙන තිබෙනවා. 3G network එක්ක සාමාන්‍යයෙන් දුරකතන සේවා සැපයුම් කරුමත රදාපවතින තප්පරයකට මෙගා බයිට් 200 ක වේගයකින් සමන්විත වෙනවා (200MBPS).
පසුව 3.5G 3.75G ලෙසත් මේ තුන්වන පරම්පරාව යාවත්කාලීන උනා. පලමු 3G ජාලය ලෝකයට හදුන්වලා දීලා තියෙන්නෙ වර්ශ 1998 දී.  3G වල අතීතය.... 3G තාක්ෂණය බිහිඋනේ  1980 දී පමන  ජාත්යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් සිදුකරනු ලැබූ පරේක්ශන වල ප්‍රතිඵලයක් ලෙස. මේ වන විට 3G තාක්ශනය වසර 15ක පමන සිට වැඩි දියුනු වෙමින් පවතී. මුලින්ම 3G හදුන්වලා තියෙන්නෙ IMT-2000කියලා. 3G වෙනුවෙන් වර්නාවලියෙ 3MHz සිට 400MHz දක්වා පරාසයක් දක්වා වෙන්කරලා තියෙනවා..  ලෝකයේ පලමු වානිජමය 3g ජාලය වන්නේ ජපානයේ NTT DoCoMo ලෙසයි. පලමු වානිජ 3g ජාලය ආරම්බ කරන ලද සමාගම වන්නේ FOMA ආයතනයි.එක ආරම්භ කරේ 2001 ඔක්තෝබර් 1 දින වේ. තවද එම ආයතනය විසින් 3G තාක්ෂණයේ වැඩි දියුනුව සදහා (වේගය වැඩි කිරීමට ) WCDMA අංගය එකතු කරන ලදී. 4G ගැන කෙටියෙන්.... 4G කියලා කෙටියෙන් හදුන්වලා තියෙන්නෙ "4 generation " හෙවත් සිව්වන පරම්පරාව කියන එක. 4G තාක්ශනය මුලිනම පටන් අරගෙන තියෙන්නෙ 2009 වර්ෂයේ ස්වීඩනයේ. සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින වේගවත්ම 4G ජාලයේ 1GBs එකක පමන වේගයක් පවතින බව තමයි සදහන් වෙන්නෙ. 5G ගැන .... 5G තාක්ෂනය ළඟදීම අපේ රටට ලබාදේවි..