පරිගණකයක් කොටස් 3කට බෙදන්න පුලුවන්.
1. දෘඩාංග. ( Hardware )
2. මෘදුකාංග. ( Software )
3. පරිගණකය භාවිතා කරන්නා. ( Liveware ) [ මේ 2ම තිබිලත් , භාවිතා කරන්න කෙනෙක් නැත්නම් වැඩක් නැනේ. ]
දෘඩාංග ( Hardware ) - ස්පර්ශ කිරිමට හෙවත් ඇල්ලිමට හැකි සියලුම කොටස්. ඉංග්‍රීසියේන් නම් Tangible කියල කියනව.
මෘදුකාංග ( Software ) - ස්පර්ශ කිරිමට හෙවත් ඇල්ලිමට නොහැකි දේවල්. මේකටත් ඉංග්‍රීසියේන් Intangible කියල කියනව.
පරිගණයකට හෝ වෙනත් ඕනැම යන්ත්‍රකට අදාල ස්ථිර සැලස්මක් / අකෘතියක් තියේනව. මේ පහලින් පෙන්වල තියේන්නේ ඒක.
ආදානය ( Input ) ---> සැකසිම / ක්‍රියාවලිය ( Process ) ---> ප්‍රතිදානය ( Output )
අපි මෙහම හිතමු.
රුපවාහිනි
යන්ත්‍රයක නාලිකාවක් මාරු කර ගැනිමට , රිමෝට් එකේ ඒ නාලිකාවට අදාල අංකය
ඔබනව. ඉන් පසු සුලු වෙලාවක් ගිහින් ඕන නාලිකාව රුපවාහිනි තිරයේ පෙන්වනව.
මෙහිදි , ආදානය (
Input ) තමයි රිමෝට් එකේන් නාලිකාවට අදාල අංකය එබිම. ඉන් පසු අදාල නාලිකාව
ලබා දෙන්න කලින් සුලු වෙලාවක් ගත වෙනව නෙද , එහම පොඩිම වෙලාවක් යන්නේ
සර්කිට් මගින් අදාල ක්‍රියාවලිය හෙවත් Process එක සිදු කිරිමටයි. ඊටත් පසුව
අදාල නාලිකාව රුපවාහිනි තිරයේ පෙන්වන්නේ ප්‍රතිදානය ( Output ) විධියටයි.
මේ ගැන මෙහම කෙටියෙන් කියන්න පුලුවන්.
ආදානය ( Remote ) ---> සැකස්ම / ක්‍රියාවලිය ( Circuit ) ---> ප්‍රතිදානය ( Display Channel )

No comments:
Post a Comment