Wednesday, September 23, 2015
Tuesday, September 22, 2015
මෝටර් සයිකල් සදහා භාවිතා වන CDI පරිපථයක්.....
මම අද ඔබට ඉදිරිපත් කරන්නේ මෝටර් සයිකල් සදහා භාවිතා වන CDI පරිපථයක් සාදා ගන්නා ආකාරයයි. අපගේ වෙබ් අඩවිය භාවිතා කරන කිහිප දෙනෙකුම, හැකිනම් මෙවැනි CDI ඉග්නිෂන් පරිපථයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා.. මෙහි CDI යන්නෙන් අදහස් වන්නේ,Capacitor Discharge Ignition යන්නයි. වර්තමානයේ නවීන මෝටර් සයිකල් සෑම එකකම පාහේ, ඉග්නිෂන් පද්ධති සදහා මෙවැනි CDI යුනිට් භාවිතා වනවා. පහතින් ඉදිරිපත්කර ඇත්තේ එම CDI පරිපතයයි.
පරිපථයේ ඇති 1M Ohms Preset එක මගින් Discharge වොල්ටගේ එක සැකසිය හැකි අතර, එම Preset එක 500K Ohms ප්‍රමාණයට සකසා තබන්න. මෙම CDI පරිපතය, BT 151 නම් වූ SCR උපාංගයකින්ද, NE 555 IC උපාංගයකින් සහ TIP 122 නම් වූ ට්‍රාන්සිස්ටරයකින්ද සමන්විත වනවා.. ඒවායේ Pin හදුනාගන්නා ආකාරය පහතින් ඉදිරිපත්කර ඇත.
BT 151 SCR
Wednesday, September 9, 2015
ඉතාමත් සරල Transformer සහ Fuse පරීක්ෂකය
මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල Transformer සහ Fuse පරීක්ෂකයක් සාදාගන්නා ආකාරයයි. සාමාන්‍යයෙන් ඕනෑම ට්‍රාන්ස්ෆෝමරයක පිලිස්සියාමට වැඩිපුරම භාජනය වන්නේ එම ට්‍රාන්ස්ෆොමරයේ Primary Coil (230v ලබාදෙන Coil එක)එකයි. ඉතින් මේ පරීක්ෂණ උපකරණයෙන් ඔබට පුළුවන් ඕනෑම ට්‍රාන්ස්ෆෝමරයක් පිලිස්සීද නැද්ද කියල පරික්ෂ කරන්න. ඒ වගේම, බොහෝ ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපාංග තුල ඇති Fuse පරික්ෂා කරන්නත් මේ පරීක්ෂකය යොදා ගන්න පුළුවන්. මෙම පරීක්ෂකය සාදාගැනීමට ඔබට අවශ්‍ය වන්නේ, 9v බැටරියක්, 680 Ohms රෙසිස්ටරයක්, Led බල්බයක් සහ වයර් කැබලි කීපයක් පමණයි. එම උපාංග තුන පහත දක්වා ඇති පරිදි වයර් මගින් සවිකර ගන්න.
එම පරිපථයේ දක්වා ඇති A සහ B වයර් දෙක ඔබට පරික්ෂා කිරීමට අවශ්‍ය ට්‍රාන්ස්ෆොමරයේ 230v ලබාදෙන වයර් දෙකට අමුණන්න.එවිට Led බල්බය දල්වෙනම් ට්‍රාන්ස්ෆෝමරය හොද තත්වයේ ඇති බව ඔබට නිගමනය කල හැක. Led බල්බය නොදැල්වේනම් ට්‍රාන්ස්ෆෝමරය පිලිස්සී ඇති බවට නිගමනය කල හැක.
A සහ B වයර් දෙකට Fuse එකක් තැබූ විටද, Led බල්බය දල්වෙනම් Fuse එක හොද තත්වයේ ඇති බව ඔබට නිගමනය කල හැක. Led බල්බය නොදැල්වේනම් Fuse එක පිලිස්සී ඇති බවට නිගමනය කල හැක.
Saturday, September 5, 2015
දබර ඇගිල්ලෙහි පළදින නවතම මවුසය...
යම්කිසි මතුපිටක් මත ක්‍රියාත්මකවන මවුසයකට වඩා පහසුවෙන් සහ වේගයෙන්, තමාගේ වැඩ කිරීමට මෙම මවුසය යොදාගත හැක. සාමාන්‍ය මවුස් එකක මෙන් Button ඇති මෙම මවුස් එක වයර්ලස් එකකි. දබර ඇගිල්ලේ මෙම මවුස් එක පැළදගෙන මහපටඇගිල්ලෙන් Button තදකල යුතුය. එවිට මවුස් Pointer එක ඇගිල්ලේ එල්ලය ඔස්සේ පිහිටයි. ඔබ ඇගිල්ල ගෙනයන මාර්ගය ඔස්සේ මවුස් Pointer එක ගමන් කරයි. මෙය පිළිබද වැඩි විස්තර පහතින් ඇති Link එකෙන් ගොස් නැරබිය හැක.
Thursday, September 3, 2015
හදුන්වාදෙන 9.9mm ඝනකම ඇති අඟල් 48 Xiaomi රූපවාහිනිය
Xiaomi සමාගම ඔවුන්ගේ Mi TV ශ්‍රේණියේ නවතම මාදිලිය වන Mi TV 2S වෙළඳපොලට
හදුන්වා දුන්නා. මෙය සමාගමේ ප්‍රථම අඟල් 48 TV මාදිලිය වනවා. මෙම උපාංගය
අඟල් 9.9 ක තරම් සිහින් බදකින් යුක්ත වන අතර 60Hz 4K සඳහා සහයෝගය දක්වනවා.
මෙම රූපවාහිනිය quad-core MStar 6A928 SoC කින් බලගැන්වෙන අතර 2GB RAM
එකකින් සහ 8GB අභ්‍යන්තර මතකයකින් යුක්තයි. තවද මෙහි මෙහෙයුම් පද්ධතිය
Android වීමද විශේෂත්වයකි.
Wednesday, September 2, 2015
Google ලෝගෝ එක වෙනස් කරයි.
ලෝකයේ විශාලතම අන්තර්ජාල සමගම ලෙස පිළිගැනෙන ඇමරිකාවේ Google සමගාම සිය නම දැක්වෙන ලෝගෝ එකේ හැඩය වසර 16 පසු වෙනස් කර තිබෙනවා. නව ලෝගෝ එක සැප්තැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක අතර එය පාට 4 කින් සමන්විතවනවා. සෑන්ස් සේරිෆ් ෆොන්ට් කුලකයෙන් සරලව හා සිතදගන්නා ආකාරයට මෙය නිර්මාණය කර ඇත. කලින් ලෝගෝ එක කිලෝ බයිට් 14 වුවද,නව ලෝගෝ එක කිලෝ බයිට් 3 දක්වා අඩුවී ඇත. එම නිසා වේගය අඩු අන්තර්ජාල සම්බන්ධතාවලින් පවා ඉක්මනට Google වෙත පිවිසිය හැක.1999 වසරේ Google ලෝගෝ එක වෙනස් කිරීමෙන් පසු සිදුකල ප්‍රධාන වෙනස මෙයයි.
Subscribe to:
Comments (Atom)













