Wednesday, September 9, 2015

ඉතාමත් සරල Transformer සහ Fuse පරීක්ෂකය

මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල Transformer සහ Fuse පරීක්ෂකයක් සාදාගන්නා ආකාරයයි. සාමාන්‍යයෙන් ඕනෑම ට්‍රාන්ස්ෆෝමරයක පිලිස්සියාමට වැඩිපුරම භාජනය වන්නේ එම ට්‍රාන්ස්ෆොමරයේ Primary Coil (230v ලබාදෙන Coil එක)එකයි. ඉතින් මේ පරීක්ෂණ උපකරණයෙන් ඔබට පුළුවන් ඕනෑම ට්‍රාන්ස්ෆෝමරයක් පිලිස්සීද නැද්ද කියල පරික්ෂ කරන්න. ඒ වගේම, බොහෝ ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපාංග තුල ඇති Fuse පරික්ෂා  කරන්නත් මේ පරීක්ෂකය යොදා ගන්න පුළුවන්. මෙම පරීක්ෂකය සාදාගැනීමට ඔබට අවශ්‍ය වන්නේ, 9v බැටරියක්, 680 Ohms රෙසිස්ටරයක්, Led බල්බයක් සහ වයර් කැබලි කීපයක් පමණයි. එම උපාංග තුන පහත දක්වා  ඇති පරිදි වයර් මගින් සවිකර ගන්න.


එම පරිපථයේ දක්වා ඇති A සහ B වයර් දෙක ඔබට  පරික්ෂා කිරීමට අවශ්‍ය ට්‍රාන්ස්ෆොමරයේ 230v ලබාදෙන වයර් දෙකට අමුණන්න.එවිට Led බල්බය දල්වෙනම් ට්‍රාන්ස්ෆෝමරය හොද  තත්වයේ ඇති බව ඔබට නිගමනය කල හැක. Led බල්බය නොදැල්වේනම් ට්‍රාන්ස්ෆෝමරය පිලිස්සී ඇති බවට නිගමනය කල හැක.
 

 A  සහ B වයර් දෙකට Fuse එකක් තැබූ විටද, Led බල්බය දල්වෙනම් Fuse එක හොද  තත්වයේ ඇති බව ඔබට නිගමනය කල හැක. Led බල්බය නොදැල්වේනම් Fuse එක පිලිස්සී ඇති බවට නිගමනය කල හැක.   


No comments:

Post a Comment