Thursday, December 31, 2015
Wednesday, December 23, 2015
නිවාස වයරින් කිරීම (5)
නිවාස හෝ ගොඩනැගිලි විදුලි පද්ධතියක සුවිශේෂී සහ ප්‍රධානතම උපාංගයක් වන්නේ පැන්නුම් ස්විචය හෙවත් Trip ස්විචයයි. ට්‍රිප් ස්විචයේ කාර්ය වන්නේ, අප එදිනෙදා භාවිතා කරන ශීතකරණ, හීටරය, රයිස් කුකරය, අයන් එක වැනි විදුලි උපකරණ වල යම්කිසි විදුලි කාන්දුවක් ඇතිවූ විට සහ යම් පුද්ගලයෙකුට විදුලි සැර වැදීමක් සිදු වුවහොත් ස්වයන්ක්‍රීයව ට්‍රිප් ස්විචය OFF වී, විදුලි පද්ධතියට විදුලිය සැපයීම නතර කරලීමයි. කලින් පාඩම් වලින් ඔබට විස්තර කරන ලද Main Switch, Miniature Circuit Breakers වල මෙන්ම ට්‍රිප් ස්විචයද, විවිධ ඇම්පියර් ප්‍රමාණයන්ගෙන් මිලට ගත හැක. ඒවගේම ට්‍රිප් ස්විචය නිසිආකාරව ක්‍රියාත්මක වනවා දැයි පරීක්‍ෂා කිරීම සදහා ඕනෑම ට්‍රිප් ස්විචයක Test Button එකක් ඇති අතර, ට්‍රිප් ස්විචය නිසිආකාරව ක්‍රියා කරයි නම්, Test Button එක Press කල සැනින් ට්‍රිප් ස්විචය OFF වනු ඇත.
Monday, December 21, 2015
නිවාස වයරින් කිරීම (4)
නිවාස වයරින් පාඩම් මාලාවේ අද මම ඔබට හදුන්වාදෙන තවත් උපාංගයක් තමයි Miniature Circuit Breaker උපාංගය. අතීතයේ විදුලි පද්ධති සදහා භාවිතා වූ කම්බි යොදන සෙරමික් Fuse වෙනුවට වර්තමානයේ භාවිතා කරන්නේ Miniature Circuit Breaker උපාංගයයි. යම්කිසි විදුලි පද්ධතියක ඇති උප විදුලි පරිපථයක් ලුහුවත් (Short ) විමකදි හෝ යම්කිසි උප විදුලි පරිපථයක ඇති Miniature Circuit Breaker එකේ ඇම්පියර් ප්‍රමාණයට වඩා වැඩි ධාරාවක් එම උප විදුලි පරිපතයෙන් ලබාගන්නා අවස්ථා වලදී,Miniature Circuit Breaker එක OFF වේ. මෙම Miniature Circuit Breakers විවිධ ඇම්පියර් ප්‍රමාණයන්ගෙන් ඔබට මිලට ගත හැකි අතර විදුලි පද්ධතියේ ඇති ඒ ඒ උප පරිපථවලට ලබාගන්න ධාරාව අනුව Miniature Circuit Breaker එකේ ඇම්පියර් ප්‍රමාණය තීරණය කලයුතු වනවා. ගණනය කරන ආකාරය පිලිබදව මම ඔබට ඉදිරියේදී ඉදිරිපත් කරනවා. මෙම නිවාස වයරින් කිරීම පාඩම් මාලාවෙන් මම ඔබට අවබෝධය ලබා දෙන්නේ විදුලි පද්ධතියක සැකැස්ම සහ එය ආකාරය පිලිබදවයි. සිද්ධාන්ත සහිතව ගණනය කිරීම් සහිතව විදුලි පද්ධතියක් සැලසුම් කරන ආකාරය සහ නිර්මාණය කරන ආකාරය ඉදිරිපත් කරනවා.
Miniature Circuit Breaker උපාංගයක සැකැස්ම.
Tuesday, December 15, 2015
නිවාස වයරින් කිරීම (3)
මිට කලින් ඉදිරිපත් කල පාඩම් දෙක මගින්, AC සහ DC පරිපත පිලිබදවත්, විදුලි බල්බයකට ස්විචයක් නිවැරදිව සවි කරන ආකාරයත් මම ඔබට ඉදිරිපත් කලා. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, නිවාස විදුලි පද්ධතියක ප්‍රධානතම උපාංගයක් වන Main Switch එක පිලිබදවයි. මෙය මුළු විදුලි පද්ධතියේම ප්‍රධාන ස්විචයයි. එනම් මෙමගින් අදාල විදුලි පද්ධතියට විදුලිය සැපයීම සහ විසන්ධි කිරීම සිදුලක හැක. අපි බල්බයක් සවි කිරීමේදී එයට අදාල ස්විචය මගින් සන්ධි කිරීම හා විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ, සජීවී වයරය (Live) පමණක් වුවද, Main Switch එක මගින්, සජීවී වයරය (Live) සහ උදාසීන වයරය (Neutral) යන වයර් දෙකම සන්ධි කිරීම සහ විසන්ධි කිරීම සිදුකරනු ලබයි. පහතින් දැක්වෙන්නේ Main Switch එකකි.
ඉහත Main Switch එක දෙස බැලීමේදී, Main Switch එකට විදුලිය සපයන්නේ ඉහලින් බවත්, Main Switch එකෙන් විදුලිය පිටවන්නේ පහලින් බවත් ඔබට වැටහෙනු ඇත. තවද Main Switch විවිධ ඇම්පියර් ප්‍රමාණ වලින් මිලට ගත හැකි අතර ම ඔබට පෙන්වා ඇත්තේ ඇම්පියර් 100 ක Main Switch එකකි. ඇම්පියර් ප්‍රමාණය එහි සටහන් කර ඇත. ඒ වාගේම Main Switch එක මගින් Live වයරය සහ Neutral වයරය යන වයර් දෙකම සන්ධි වීම හා විසන්ධි වීම සිදුවන බවද එහි සටහන් කර ඇත. තවද, ස්විචය ඉහලට දැමු විට ON Position එක බවත්, ස්විචය පහලට දැමු විට OFF Position එක බවත් එහි සටහන් කර ඇති ආකාරය ඔබට පෙනෙනු ඇත. විදුලි පද්ධතියක විදුලි මීටරයේ සිට එන Live වයරය සහ Neutral වයරය සවි වන්නේ Main Switch එකේ ඉහලට එනම් Mains Supply In ස්ථානයටයි. සාමාන්‍ය නිවාස විදුලි පද්ධතියක් සදහා ඇම්පියර් 30 ක Main Switch එකක් හොදටම ප්‍රමාණවත් වේ. Main Switch එකක ඇතුලත පරිපථය පහතින් පෙන්වා ඇත.
Saturday, November 21, 2015
ප්‍රින්ටඩ් බෝඩ් නිර්මාණය....
ඉදිරියේදී මෙම වෙබ් අඩවිය මගින්, ගුවන් විදුලි තරංග ආශ්‍රිත පරිපත බොහොමයක් ඔබට ඉදිරිපත් කිරීමට පෙළගස්වා තිබෙනවා. ඉතින් එම පරිපථ කලින් අපි සාදන ලද පරිපථ මෙන් කම්බි අමුණා සාදන්න හැකියාවක් නැහැ. ගුවන් විදුලි තරංග ආශ්‍රිත පරිපත කම්බි අමුණා සෑදුව විට එම කම්බි අතරත් සිදුවන සංක්යතා වෙනස්වීම් ඇතිවන නිසා එම පරිපථයේ නියම ක්‍රියාකාරිත්වය අපට ලබාගන්නට බැහැ.එම නිසා ඒවා අනිවාර්යෙන්ම ප්‍රින්ටඩ් බෝඩ් මත සෑදිය යුතු වනවා..ඉතින් නිවසේදී ප්‍රින්ටඩ් බෝඩ් නිර්මාණය පහසු කාර්යක් නොවුනත් ප්‍රින්ටඩ් බෝඩ් එකක් මගින් අප බලාපොරොත්තු වන කාර්ය සිදු කර ගැනීමට හැකිවන පරිදි පහසුවෙන් ප්‍රින්ටඩ් බෝඩ් එකක් සාදාගන්නා ආකාරය මම ඔබට ඉදරිපත් කරනවා. ඒසදහා ඔබ පහතින් ඉදිරිපත් කර ඇති අයිතමයන් සපයාගත යුතු වනවා.
(1) කොපර් බෝඩ් එකක්.(2'' x 4'')
(2) ස්ටිකර් කොලයක්. (2'' x 4'')
(3) ෆෙරික් ක්ලෝරයිඩ් ග්‍රෑම් 100
(4) තනි සිදුරේ පන්චර් එකක්.
(5) විදුලියෙන් හෝ අතින් ක්‍රියා කරන PCB ඩ්‍රිල් එකක්.
Hand Drill
Electric Drill
දැන් ඔබට ගැටළුවක් ඇති මම ඉහතින් ඉදිරිපත් කර ඇති අයිතමයන් මිලදී ගත හැකි ස්ථාන පිලිබදව. එහි දක්වා ඇති කොපර් බෝඩ් ප්‍රධාන නගරවල ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සල් වලින් ඔබට ලබාගැනීමට පුළුවන්. එම අයිතමයන් වල සදහන් ස්ටිකර් කොළ ඔබට මිලදී ගැනීමට හැකි වන්නේ දැන්වීම් ප්‍රචාරණ අමු ද්‍රව්‍ය විකුණන වෙළද සල් වලින් තමයි. නැතිනම් වෙනත් හොද ගම් එකක් සහිත ස්ටිකරයක් වුවද ඔබට භාවිතා කිරීමට පුලුවන්. ඒ වාගේම තනි සිදුරේ පන්චර් එක, ප්‍රධාන නගරවල ඇති ප්‍රධාන පෙලේ පොත් සාප්පු වලින් ඔබට මිලදී ගන්න පුලුවන්. තවද කොපර් බෝඩ් වල සිදුරු විදීම සදහා යොදාගන්නා හෑන්ඩ් ඩ්‍රිල් එක හෝ ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එක පිටකොටුවේ පළමු හරස් විදියේ ඇති ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ඔබට මිලදී ගන්න පුළුවන්.
ඔබ ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් මිලදී ගන්නේ නම් ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකට විදුලිය සැපයීම සදහා පහතින් පෙන්වා ඇත ආකාරයේ පවර් පැක් එකක්ද ඒ සමගම මිලදී ගත යුතුයි. තවද,ඔබ කුමන ඩ්‍රිල් එකක් මිලදී ගත්තද ඒ සදහා ඩ්‍රිල් කටුවකුත් මිලට ගතයුතු වේ.
ඉතින් රේඩියෝ තරංග ආශ්‍රිත පරිපතයන්ට යාමට කලින් ප්‍රින්ටඩ් බෝඩ් සෑදීම අත්හදාබැලිම සදහා මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල Led බල්බ් දෙකක Automatic පරිපථයක් සදහා ප්‍රින්ටඩ් බෝඩ් එකක් සාදන ආකාරයයි. පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ එම පරිපතයයි.
ඉහතින් ඉදිරිපත් කරන ලද Led පරිපථය සදහා ප්‍රින්ටඩ් බෝඩ් එකක් සාදන ආකාරය මම ඔබට හෙට දිනයේ ඉදිරිපත් කරන අතර ප්‍රින්ටඩ් බෝඩ් සාදන ආකාරය පිළිබද අදහසක් ගැනීම සදහා පහතින් ඉදිරිපත්කර ඇති වීඩියෝව බලන්න. මවිසින් ඔබට ඉදිරිපත් කරන්නේ එම ක්‍රමය නොවන අතර, ප්‍රින්ටඩ් බෝඩ් සෑදීමේදී සිදුවන කාර්ය පිළිබද ඔබට
දැනුමක් ලබාගත හැකි වේවි.
දැනුමක් ලබාගත හැකි වේවි.
ප්‍රින්ටඩ් බෝඩ් සාදන ආකාරය (Video Lesson 01)
ප්‍රින්ටඩ් බෝඩ් සාදන ආකාරය (Video Lesson 02)
Friday, November 20, 2015
ස්පීකරය ක්‍රියා කරන හැටි...
ස්පීකරය යනු ඉතා සුලභ උපාංගයක්.ඉතා කුඩා රේඩියෝවේ වේ සිට hi fi සෙටප් දක්වා මෙහි කාර්ය විකෂනය වී තිබෙනවා. අප මේවා භාවිතා කරනවා සේම ඒවා ක්‍රියාකරන ආකාරය පිලිබදවත්දැන සිටීම ඉතාමත් වැදගත්. ඉතින් පහතින් මම ඔබට ඉදිරිපත් කර තිබෙනවා, ස්පිකරයක ක්‍රියාකාරිත්වය පිළිබද ඔබට ඉතා හොදින් තේරුම් ගැනීමට හැකිවන සේ ස්පිකරයක හරස්කඩක්...
රූපයේ ආකාරයට, ඕනෑම ස්පිකරයක ක්‍රියාකාරිත්වයේ මුලික පදනම වන්නේ, ස්ථිර චුම්බකයක් කේන්ද්‍ර කොට ගෙන, කඩදාසි සිලින්ඩරයක් වටා ඔතන ලද, කොයිලයක් විද්‍යුත් බලය අනුව ඉහල පහල චලනය වීමයි. එම කොයිලය ඔතන ලද කඩදාසි සිලින්ඩරයේ ඉහල කෙලවර Cone එකට සම්බන්ධ කර ඇත.ඕනෑම ස්පිකරයක වයර් සවි කරන ස්ථානය වන්නේ මෙම කොයිලයේ දෙකෙලවරයි
Speaker Coils
Thursday, November 19, 2015
දැන් Google Map එකෙන්, පාරේ ට්‍රැෆික් සජීවීව බලාගන්නත් පුළුවන්.
යම් කෙනෙකු වාහනයක ගමන් කරන විට Google මැප් එක ඔස්සේ, තමන් ගමන් කලයුතු මාර්ගය සහ ,ඊට ගතවන කාලය ආදී තොරතුරු ලබාගත හැකි බව බොහෝ දෙනෙකු දන්නා කාරණයක්. ඒවගේම එම තොරතුරු ලබා ගන්න බොහෝ පිරිසකුත් සිටිනවා. ඉතින් Google Map එක ඔස්සේ, තමන් ගමන් කලයුතු මාර්ගය සහ ,ඊට ගතවන කාලය ආදී තොරතුරු ලබාගත හැකි වුවත්, මාර්ගවල වාහන තද බදය ගැන තොරතුරු බලාගැනීමට මෙතෙක් කල් හැකියාවක් තිබුනේ නැහැ. නමුත් දැන් එම පහසුකම ඔබට අත්විදීමට පුළුවන්. මෙහිදී ට්‍රැෆික් පාරවල් රතු පාටින් පෙන්වන අතර, ට්‍රැෆික් නැති පාරවල් කොළ පාටින් පෙන්වයි.
මෙම Link එක ඔස්සේ මෙයට පිවිසිය හැක.
Sunday, November 15, 2015
Tuesday, October 27, 2015
Hybrid වාහන ගැන ඔබගේ සාමාන්‍ය දැනීමට.......
වර්තමානයේ අපේ රටේත් Hybrid වාහන ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා..ඉතින් වාහන තිබෙන, නොතිබෙන ඕනෑම කෙනෙක්ට මේවායේ ක්‍රියාකාරීත්වය පිළිබද යම් අවබෝධයකින් සිටීම වැදගත් වේවි. Hybrid (දෙමුහුන්) වාහනයක් කියල කිව්වම අපි දන්නවා එය විදුලියෙන් මෙන්ම ඉන්ධන වලින්ද ධාවනය කල හැකි වාහනයක් කියල. ඉතින් විදුලියෙන් ධාවනය වීමේදී එහි ක්‍රියාකාරිත්වයේ මුලික පදනම වන්නේ බැටරියේ විදුලිය පාලන ඒකකයක් හරහා විදුලි මෝටරයකට ලබාදී වාහනය ධාවනය වීමයි.
Hybrid Vehicle Battery
Hybrid වාහනයක් ඉන්ධන වලින් ධාවනය වන්නේ කෙසේද?
ගොඩාක් දෙනා සිතාගෙන සිටින්නේ Hybrid වාහනයක් ඉන්ධන වලින් ධාවනය වන්නේ සාමාන්‍ය වාහනයක තිබෙන ආකාරයේ එන්ජිමකින් කියලා... ඇත්තටම එය එසේ නොවේ. Hybrid වාහනයක් බැටරියේ විදුලියෙන් ධාවනය නොවන අවස්ථාවලදී විදුලි මෝටරයට බලය සැපයෙන්නේ ජෙනරේටරයක් මගිනි. ඉතින් මෙම ජෙනරේටරය ක්‍රියාත්මක වන්නේ වාහනයේ ඇති එන්ජිම මගින් තමයි. මේ පිලිබදව පහතින් දක්වා ඇති රුපයෙන් ඔබට තව දුරටත් පැහැදිලි වේවි.
Hybrid Car Engine Room
Hybrid වාහනයක විදුලි පද්ධතිය ගැන කතා කරනවානම්, එහි කිසිදු ස්ථානයක සාමාන්‍ය වාහන වල මෙන් Glass Bulb නැහැ. බැටරියෙන් උපරිම කාර්යක්‍ෂමතාවය ලබා ගැනීම සදහා Head Light , Signal Light ඇතුළුව සෑම Light එකක් සදහාම භාවිතා කරන්නේ වාහන සදහාම විශේෂයෙන් සැකසු Led Bulb තමයි.
Thursday, October 15, 2015
Hot Water Shower නිෂ්පාදනය.
අද සිට තවත් අලුත් නිෂ්පාදනයක් මම ඔබට හදුන්ව දෙනු ලබනවා.. ඒ තමයි තම නිවසේ නාන කාමරයට විදුලිබලයෙන් ක්‍රියාකරන Hot Water Shower එකක් නිවසේදීම සාදාගන්නා හැටි...සාමාන්‍යයෙන් වෙලදපොලේ Hot Water Shower එකක් රු.15000/= පමණ වනවා. නමුත් මම හදුන්වාදෙන මෙම Hot Water Shower එක සාදා ගැනීම සදහා ඔබට වැය වන්නේ උපරිම වශයෙන් රු.3000/= පමණ මුදලක්..මෙහි කල් පැවැත්ම ගැනත් කිසිදු ගැටළුවක් නැහැ. මන්ද මම මෙම Hot Water Shower එක සාදා පාවිච්චියට අරගෙන දැනට අවරුදු 2 ට ආසන්න කාලයක් ගතවුණා.තවමත් ඉතාමත් හොදින් වැඩ කරනවා.ඉතින් මෙම පාඩම් මාලාව Video පාඩම් 13 කින් සමන්විත වනවා....
උපකරණ සහ අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන.
වොට් 1500 හීටරය ඕනෑම විදුලි උපකරණ වෙළද සලකින් ලබාගත හැක.
ෆයිබර් ගම්, ෆයිබර් පවුඩර් සහ ඇසිඩ් ලබාගත හැකි ස්ථාන.
අගනුවර බංගසාල විදියේ රසායනික ද්‍රව්‍ය අලෙවිසල් වලින් ලබාගත හැක.
දිවයිනේ ප්‍රධාන නගරවල ඇති ෆයිබර් ග්ලාස් අමුද්‍රව්‍ය වෙළදසැල් වලින්...
දිවයිනේ ප්‍රධාන නගරවල ඇති ෆයිබර් ග්ලාස් අමුද්‍රව්‍ය වෙළදසැල් වලින්...
පහත සදහන් ආයතනයෙන්ද මිලට ගත හැක.
K.K.K Distributors (pvt) Ltd,
No. 362, Galle Road,
Gorakana,
Keselwatta,
Panadura.
Tel. 0114 216155, 0777 285694, 0777 722958
Tuesday, October 13, 2015
නිවාස වයරින් කිරීම (2)
අප මිට කලින් ඉදිරිපත් කල, නිවාස වයරින් කිරීම (1) කොටස තුලින් , DC පරිපථ සහ AC පරිපථ හදුනා ගත්තා ඔබට මතක ඇති. නිවාස වයරින් කිරීමේදී අප අනිවාර්යෙන්ම ඉගෙනීමට අවශ්‍ය වන්නේ AC පරිපත පිලිබදව තමයි. නිවාස වයරින් කිරීමේදී DC පරිපථ අපට අවශ්‍ය වන්නේ විශේෂ අවස්ථා වලදී පමණි.
මෙම පාඩම් මාලාව, සියලුම සිද්ධාන්ත සහ Main Switch, Trip Switch, Distribution Board ආදිය සවිකිරීම දක්වාම පෙළ ගස්වා ඇති අතර මෙම පාඩම් මාලාව ආරම්භයේදී, මගේ පළමු වෑයම වන්නේ, AC විදුලියේ හැසිරීම සහ ස්විචයේ ක්‍රියාකාරිත්වය පිලිබදව ඔබට අවබෝධයක් ලබාදීමයි. AC විදුලිය ගැන කතා කිරීමේදී , එහි Live Wire (සජීවී වයරය) සහ Neutral Wire (උදාසීන වයරය ) යනුවෙන් වයර දෙකක් තිබෙනවා..පහසුව සදහා මෙම වයර දෙක හදුන්වනු ලබන්නේ L වයරය සහ N වයරය වශයෙනි. Live වයරයේ විදුලිය පවතින අතර Neutral වයරයේ විදුලිය නොමැත. මෙය ටෙස්ටරයක් ආධාරයෙන් පරීක්‍ෂා කල හැකි අතර ටෙස්ටරය දැල්වෙන්නේ Live වයරයට තැබූ විට පමණි.
නිවාස සහ ගොඩනැගිලි විදුලි රැහැන් ස්ථාපනයේදී, Live වයරය සදහා රතු හෝ දුබුරු පැහැති වයර් භාවිතා කරණ අතර, Nutral වයරය සදහා කළු හෝ නිල් පැහැති වයර් භාවිතා කරනු ලබයි.
පොයින්ට් එකක විදුලි පරිපථයක් ස්ථාපනය කිරීම.
එක බල්බයක් පමණක් දැල්වීමට යොදාගන්නා පරිපථයක් පොයින්ට් එකක විදුලි පරිපථයක් ලෙස හදුන්වනු ලබයි. පහතින් දැක්වෙන්නේ පොයින්ට් එකක විදුලි පරිපථයකි.
මෙම පරිපථයේ කළු පැහැති Neutral වයරය කෙලින්ම බල්බයට සවි වී ඇති ආකාරයත් රතු පැහැති වයරය හරහා ස්විචයක් සවිකර ඇති ආකාරයත් හොදින් නිරීක්ෂණය කරන්න. එනම් ඕනෑම අවස්ථාවක ස්විචයක් සවිකළ යුත්තේ Live වයරය හරහා බව දැන් ඔබට වැටහෙනු ඇත.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.......
Sunday, October 11, 2015
ටෝච් LED බල්බ් වලින් LED විදුලි පහන් සාදමු....
මම ඔබට මිට කලින් කියල දුන්නා, 1w Led බල්බ් වලින් ඇලුමිනියම් හවුසින් එක සහිත Led විදුලි පහන් එකලස් කරන ආකාරයත්, ඒ වාගේම SMD Led බල්බ් වලින් ප්ලාස්ටික් හව්සින් එක සහිත Led විදුලි පහන් නිෂ්පාදනය කරන ආකාරයත්. ඉතින් අද මම ඔබට කියල දෙන්නේ, ටෝච් Led බල්බ් වලින් ප්ලාස්ට්ක් හව්සින් එක සහිත Led බල්බ් නිෂ්පාදනය කරන ආකාරයයි..
උපාංග මිලදී ගත හැකි ස්ථාන...
Digital Electronics,
2nd Floor, 59 8/2.
Wickrama Plaza Building
1st Cross Street,
Colombo 11.
Tel. 011 2321710
Thursday, October 8, 2015
නිවාස වයරින් කිරීම.....(1)
අද සිට ඉදිරිපත් කරන මෙම නිවාස වයරින් කිරීමේ පාඩම් මාලාව ඔබ සැමට ඉතා වැදගත් පාඩම් මාලාවක් වේවි. ස්වයං රැකියාවක් ලෙස නිවාස වයරින් කිරීමේ නියැලෙන්නට තරම් අවශ්‍ය දැනුමක් ඔබට ලබාදෙන්න අප සුදානම්. ඒ වගේම, නිවසක විදුලි පද්ධතිය ගැන යම් අවබෝදයකින් සිටීම ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් දෙයක් වනු ඇත. ඉතින් මෙම පාඩම් මාලාව, ප්‍රයෝගික ක්‍රියාකාරකම් සහිතව Video පාඩම් මාලා සමගින් කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට අප සුදානම්.
විද්‍යුතයේදී, පරිපථ කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර, ඒවා DC පරිපත සහ AC පරිපත යනුවෙන් හදුන්වනු ලබයි. DC යනුවෙන් හදුන්වන්නේ Direct Current යන්නයි. පහතින් ඉදිරිපත් කර ඇත්තේ DC පරිපතයකි.
එහි බැටරියේ සිට (-) විදුලිය කෙලින්ම බල්බයට සපයා ඇති ආකාරයත්, බැටරියේ සිට + විදුලිය ස්විචයක් හරහා බල්බයට ලබා දී ඇති ආකාරයත් හොදින් අවබෝධ කරගන්න.
ඒ වගේම, AC යනුවෙන් හදුන්වනු ලබන්නේ, Alternating Current යන්නයි. පහතින් ඉදිරිපත් කර ඇත්තේ AC පරිපතයකි.
ගොඩනැගිලි විදුලි පද්ධතියකට සපයනු ලබන්නේ AC විදුලියයි. AC විදුලියේ, Neutral වයරය කෙලින්ම බල්බය වෙත සම්බන්ධ කර ඇති ආකාරයත්, AC විදුලියේ, Live වයරය ස්විචයක් හරහා බල්බයට සම්බන්ධ කර ඇති ආකාරයත් විශේෂයෙන්ම ඔබ හොදින් තේරුම් ගත යුතුවේ.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.......
Wednesday, September 23, 2015
Tuesday, September 22, 2015
මෝටර් සයිකල් සදහා භාවිතා වන CDI පරිපථයක්.....
මම අද ඔබට ඉදිරිපත් කරන්නේ මෝටර් සයිකල් සදහා භාවිතා වන CDI පරිපථයක් සාදා ගන්නා ආකාරයයි. අපගේ වෙබ් අඩවිය භාවිතා කරන කිහිප දෙනෙකුම, හැකිනම් මෙවැනි CDI ඉග්නිෂන් පරිපථයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා.. මෙහි CDI යන්නෙන් අදහස් වන්නේ,Capacitor Discharge Ignition යන්නයි. වර්තමානයේ නවීන මෝටර් සයිකල් සෑම එකකම පාහේ, ඉග්නිෂන් පද්ධති සදහා මෙවැනි CDI යුනිට් භාවිතා වනවා. පහතින් ඉදිරිපත්කර ඇත්තේ එම CDI පරිපතයයි.
පරිපථයේ ඇති 1M Ohms Preset එක මගින් Discharge වොල්ටගේ එක සැකසිය හැකි අතර, එම Preset එක 500K Ohms ප්‍රමාණයට සකසා තබන්න. මෙම CDI පරිපතය, BT 151 නම් වූ SCR උපාංගයකින්ද, NE 555 IC උපාංගයකින් සහ TIP 122 නම් වූ ට්‍රාන්සිස්ටරයකින්ද සමන්විත වනවා.. ඒවායේ Pin හදුනාගන්නා ආකාරය පහතින් ඉදිරිපත්කර ඇත.
BT 151 SCR
Subscribe to:
Comments (Atom)
















































