Tuesday, December 15, 2015

නිවාස වයරින් කිරීම (3)

මිට කලින් ඉදිරිපත් කල පාඩම් දෙක මගින්, AC සහ DC පරිපත පිලිබදවත්, විදුලි බල්බයකට ස්විචයක් නිවැරදිව සවි කරන ආකාරයත් මම ඔබට ඉදිරිපත් කලා. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, නිවාස විදුලි පද්ධතියක ප්‍රධානතම උපාංගයක් වන Main Switch එක පිලිබදවයි. මෙය මුළු විදුලි පද්ධතියේම ප්‍රධාන ස්විචයයි. එනම්  මෙමගින් අදාල විදුලි පද්ධතියට විදුලිය සැපයීම සහ විසන්ධි කිරීම සිදුලක හැක. අපි බල්බයක් සවි කිරීමේදී එයට අදාල ස්විචය මගින් සන්ධි කිරීම හා විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ, සජීවී වයරය (Live) පමණක් වුවද, Main Switch එක මගින්, සජීවී වයරය (Live) සහ උදාසීන වයරය (Neutral) යන වයර් දෙකම සන්ධි කිරීම සහ විසන්ධි කිරීම සිදුකරනු ලබයි. පහතින් දැක්වෙන්නේ Main Switch එකකි.



ඉහත Main Switch එක දෙස බැලීමේදී, Main Switch එකට විදුලිය සපයන්නේ ඉහලින් බවත්, Main Switch එකෙන් විදුලිය පිටවන්නේ පහලින් බවත් ඔබට වැටහෙනු ඇත. තවද Main Switch විවිධ ඇම්පියර් ප්‍රමාණ වලින් මිලට ගත හැකි අතර ම ඔබට පෙන්වා ඇත්තේ ඇම්පියර් 100 ක Main Switch එකකි. ඇම්පියර් ප්‍රමාණය එහි සටහන් කර ඇත. ඒ වාගේම Main Switch එක මගින් Live වයරය සහ Neutral වයරය යන වයර් දෙකම සන්ධි වීම හා විසන්ධි වීම සිදුවන බවද එහි සටහන් කර ඇත. තවද, ස්විචය ඉහලට දැමු විට ON Position  එක බවත්, ස්විචය පහලට දැමු විට OFF Position එක බවත් එහි සටහන් කර ඇති ආකාරය ඔබට පෙනෙනු ඇත. විදුලි පද්ධතියක විදුලි මීටරයේ සිට එන Live වයරය සහ Neutral වයරය සවි වන්නේ Main Switch එකේ ඉහලට එනම් Mains Supply In ස්ථානයටයි. සාමාන්‍ය නිවාස විදුලි පද්ධතියක් සදහා ඇම්පියර් 30 ක Main Switch එකක් හොදටම ප්‍රමාණවත් වේ. Main Switch එකක ඇතුලත පරිපථය පහතින් පෙන්වා ඇත.

 

No comments:

Post a Comment