Thursday, October 8, 2015

නිවාස වයරින් කිරීම.....(1)

අද සිට ඉදිරිපත් කරන මෙම නිවාස වයරින් කිරීමේ පාඩම් මාලාව ඔබ සැමට ඉතා වැදගත් පාඩම් මාලාවක් වේවි. ස්වයං රැකියාවක් ලෙස නිවාස වයරින් කිරීමේ නියැලෙන්නට තරම් අවශ්‍ය දැනුමක් ඔබට ලබාදෙන්න අප සුදානම්. ඒ වගේම, නිවසක විදුලි පද්ධතිය ගැන යම් අවබෝදයකින් සිටීම ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් දෙයක් වනු  ඇත. ඉතින් මෙම පාඩම් මාලාව, ප්‍රයෝගික ක්‍රියාකාරකම් සහිතව Video පාඩම් මාලා සමගින් කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට අප සුදානම්. 

විද්‍යුතයේදී, පරිපථ කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර, ඒවා DC පරිපත සහ AC පරිපත යනුවෙන් හදුන්වනු ලබයි. DC යනුවෙන් හදුන්වන්නේ Direct Current යන්නයි. පහතින් ඉදිරිපත් කර ඇත්තේ DC පරිපතයකි.


එහි බැටරියේ සිට (-) විදුලිය කෙලින්ම බල්බයට සපයා ඇති ආකාරයත්, බැටරියේ සිට + විදුලිය ස්විචයක් හරහා බල්බයට ලබා දී ඇති ආකාරයත් හොදින් අවබෝධ කරගන්න.

ඒ වගේම, AC යනුවෙන් හදුන්වනු ලබන්නේ, Alternating Current යන්නයි. පහතින් ඉදිරිපත් කර ඇත්තේ AC පරිපතයකි.


ගොඩනැගිලි විදුලි පද්ධතියකට සපයනු ලබන්නේ AC විදුලියයි. AC විදුලියේ, Neutral වයරය කෙලින්ම බල්බය වෙත සම්බන්ධ කර ඇති ආකාරයත්, AC විදුලියේ, Live වයරය ස්විචයක් හරහා බල්බයට සම්බන්ධ කර ඇති ආකාරයත් විශේෂයෙන්ම ඔබ හොදින් තේරුම් ගත යුතුවේ.
 තවත් කොටසක් බලාපොරොත්තු වන්න....... 

No comments:

Post a Comment