Wednesday, December 23, 2015

නිවාස වයරින් කිරීම (5)

නිවාස හෝ ගොඩනැගිලි විදුලි පද්ධතියක සුවිශේෂී සහ ප්‍රධානතම උපාංගයක් වන්නේ පැන්නුම් ස්විචය හෙවත් Trip ස්විචයයි. ට්‍රිප් ස්විචයේ කාර්ය වන්නේ, අප එදිනෙදා භාවිතා කරන ශීතකරණ, හීටරය, රයිස් කුකරය, අයන් එක වැනි විදුලි උපකරණ වල යම්කිසි විදුලි කාන්දුවක් ඇතිවූ විට සහ යම් පුද්ගලයෙකුට විදුලි සැර වැදීමක් සිදු වුවහොත් ස්වයන්ක්‍රීයව ට්‍රිප් ස්විචය OFF වී, විදුලි පද්ධතියට විදුලිය සැපයීම නතර කරලීමයි. කලින් පාඩම් වලින් ඔබට විස්තර කරන ලද Main Switch, Miniature Circuit Breakers වල මෙන්ම ට්‍රිප් ස්විචයද, විවිධ ඇම්පියර් ප්‍රමාණයන්ගෙන් මිලට ගත හැක. ඒවගේම ට්‍රිප් ස්විචය නිසිආකාරව  ක්‍රියාත්මක වනවා දැයි පරීක්‍ෂා  කිරීම සදහා ඕනෑම ට්‍රිප් ස්විචයක Test Button එකක් ඇති අතර, ට්‍රිප් ස්විචය නිසිආකාරව  ක්‍රියා කරයි නම්, Test Button එක Press කල සැනින් ට්‍රිප් ස්විචය OFF වනු ඇත. 

 

No comments:

Post a Comment