අද මම ඉදිරිපත් කරන්නේ රිලේ උපාංගයක් යොදා ගන්නා තවත් පරිපථයක්. මේකට කියන්නේ 230v Flasher පරිපථයක් කියලා..මෙම පරිපථයේ ඇති රිලේ උපාංගයේ ස්විච් දෙකට 230v වලින් දඩකරන ඕනෑම බල්බ සවිකල විට එම බල්බ දෙක මාරුවෙන් මාරුවට නිවෙමින් දැල්වෙනවා. ඉතින් ඔබ ඉදිරිය ගැන සිතා කටයුතු කරන කෙනක් නම් කාලීන අතිරේක අදායමක් මෙමගින් උපයන්න පුළුවන්. මේවගේ 230v Flasher වලට ඉතා ඉහල ඉල්ලුමක් පවතින්නේ මැයි මාසයට තමයි. ඒ වෙසක් උත්සවය වෙනුවෙන්. වෙසක් උත්සවයට 230v බල්බ වැල් Automatic කරන්න භාවිතා කරන්නේ මෙවැනි Flasher තමයි. ඉතින් දැන්ම ඉදලා වැඩේට බැස්සොත් ඉතා හොද අතිරේක අදායමක් ලබා ගන්න පුළුවන්. මේ පහතින් ඉදිරිපත් කරලා තිබෙන්නේ මෙම පරිපථය තමයි.
මෙම පරිපථයේ ඔබට හදුනා ගැනීම අපහසු කිසිවක් නොමැති තරම්. NE 555 IC උපාංගයකින්ද සමන්විත මෙම පරිපථයේ එම IC උපාංගයේ Pin හදුනා ගැනීම මිට පෙර පරිපත කිහිපයකින්ම ඉදිරිපත් කර ඇති නිසා නැවත එය ඉදිරිපත් නොකරමි. තවද R2 යනුවෙන් සදහන්ව ඇත්තේ 100K variable Resistor එකක් වන අතර එය කරකවා බල්බ දැල්වෙන වේගය අඩු වැඩි කල හැක. තවද රිලේ උපාංගය සදහා 9v රිලේ උපාංගයක් භාවිතා කරන්න.
පරිපථය ක්‍රියාකරවීමට 9v විදුලියක් අවශ්‍ය වන අතර, මෙම පරිපථය වාණිජ නිෂ්පාදනය කර පොලට ඉදිරිපත් කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, පරිපථය ක්‍රියාකරවීමට 9v විදුලිය බැටරි වලින් හෝ Power Pack වලින් ලබාදීම ප්‍රයෝගික නොවන ක්‍රියාවක් බව ඔබට වැටහෙනවා ඇති. එම නිසා Flasher පරිපතයට අවශ්‍ය 9v විදුලිය, පහතින් ඉදිරිපත් කර ඇති 230v වලින්ම ක්‍රියා කරන Power Supply පරිපතයෙන්ම ඔබට ලබාදීමට පුළුවන්.
මෙම Flasher පරිපතය වෙළද පොලට ඉදිරිපත් කිරීමේදී භාහිර ආවරණයක් අනිවාර්යෙන්ම අවශ්‍ය වන අතර ඒවා පිටකොටුවේ පලමි වීදියේ ක්‍රිස්ටල් ප්ලාසා හි පිහිටි කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් බිලට ගත හැක. Flasher Box කියා ඉල්ලන්න.



No comments:
Post a Comment