Friday, September 3, 2021

Double Capacitor ගැන දැනගන්න...

 

හැමදාම වගේ අදත් මාගේ   උත්සාහය ඔබගේ දැනුමට අලුත් යමක් එකතු කරන්නයි. සීලින් විදුලි පංකා, මේස විදුලි පංකා ආදී ඕනෑම විදුලි මෝටර් යොදාගන්න උපකරණ වල, එම මෝටරයේ  ක්‍රියාකාරිත්වයට Capacitor එකක් යොදා ඇති බව ඔබ දන්නවා ඇති. වතුර මෝටර් ආදියේත් මෙම
Capacitor භාවිතා වනවා. මේවායේ භාවිතා වන්නේ කුමන හෝ අගයක තනි Capacitor එකක් තමයි. පහතින් මම ඉදිරිපත් කර තිබෙන්නේ එවැනි Capacitors කීපයක් තමයි..




එහෙත් එකම ඒකකයක් තුල , අගයන් දෙකක Capacitor  දෙකක් හෝ එකම  ඒකකයක් තුල  එක සමාන අගයෙන්   යුතු Capacitor දෙකක් ඇති Capacitor තිබෙනවා..මේවා  බොහෝ  අවස්ථාවල මෝටර් දෙකක් භාවිතා වන  රෙදි සෝදන යන්ත්‍ර, වායුසමීකරණ යන්ත්‍ර  ආදියෙහි භාවිතා වනවා...ඉතින් මෙහිදී, මෝටර් දෙක සදහා Capacitor  දෙකක් වෙන වෙනම භාවිතා කරනු වෙනුවට Capacitor දෙකක් එකම ඒකකයක් තුල ඇති Double Capacitor (Twin Capacitor) තමයි භාවිතා කරන්නේ.

මෙම Double Capacitors ආකාරයන් දෙකකින් වෙළද පොලේ තිබෙනවා. සමහර Capacitor වල Pin හෝ පිටතට පැමිණ ඇති වයර් තුනක් ඔබට දකින්න පුළුවන්. ඒ වාගේම තවත් සමහර Capacitor වල Pin හෝ පිටතට පැමිණ ඇති වයර් හතරක් ඔබට දකින්නට පුළුවන්. මෙවැනි Double Capacitor වල Capacitor දෙකේ Pin, වෙන වෙනම හදුනාගැනීමට ඔබට හැකිවිය යුතුයි.

පහතින් මම ඔබට ඉදිරිපත් කර තිබෙන්නේ,එවැනි Pin තුනක Double Capacitor  එකක් තමයි. ඔබට පෙනෙනවා ඇති එම Capacitor එකේ මතුපිට එහි Pin හදුනා ගන්නා ආකාරය සදහන් කර තිබෙනවා. එහි Plain Negative යනුවෙන් සදහන් කර ඇත්තේ, Capacitor එකේ, කිසිදු පාටක් නොමැති පින් එකයි. එය Capacitor දෙකටම පොදු Pin එකක් වේ. ඒ වාගේම එහි, Red  50uf  ලෙස සදහන්ව ඇත්තේ,Capacitor  එකේ රතු පාට Pin එකයි. එනම් එම රතු pin එක හා පොදු පින් එක, එක් 50uf Capacitor එකකි. ඒ වාගේම එහි,Yellow   50uf  ලෙස සදහන්ව ඇත්තේ,Capacitor  එකේ කහ  පාට Pin එකයි. එනම් එම කහ  pin එක හා පොදු පින් එක, එක් 50uf Capacitor එකකි.



















අනෙක් වර්ගය වන්නේ,Pin හෝ වයර් හතරක් ඇති වර්ගයයි.පහතින් මම ඔබට ඉදිර්පත්කර ඇත්තේ එවැනි Double Capacitor එකකි.එහි 12uf (Red -Yellow ) ලෙස සදහන්ව ඇත්තේ රතු වයරය සහ කහ වයරය 12uf Capacitor එක බවයි. ඒ වාගේම එහි 5uf (Brown -Blue ) ලෙස සදහන්ව ඇත්තේ දුබුරු  වයරය සහ නිල්  වයරය 5uf Capacitor එක බවයි.
 මෙම තොරතුරැ යම් උපකරණයක අලුත්වැඩියාවකදී, ඔබට ඉතා වැදගත් වේවි.    

No comments:

Post a Comment