Tuesday, August 31, 2021
Monday, August 30, 2021
USB Powered Amplifier එකක් හදමු...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, පරිගණකයක USB Port එකෙන් විදුලිය සපයා ක්‍රියාත්මක කල හැකි ඉතා උසස් තත්වයේ Amplifier පරිපථයක්. USB Port එකෙන් විදුලිය සපයන නිසා, ඔබට ලෙහෙසියෙන්ම පරිගණක සදහා භාවිතා කල හැකි Speaker Set එකක් හදාගන්න පුළුවන්. TDA 2822M IC උපාංගය පාදක කරගෙන මෙම Amplifier පරිපථය නිර්මාණය කර ඇති අතර, ස්පිකර් දෙක සදහා, ඔම්ස් 4, වොට් 1 ප්‍රමාණයේ ස්පිකර් දෙකක් භාවිතා කරන්න. මෙම පරිපථය සහ TDA 2822M IC උපාංගයේ සාමාන්‍ය පෙනුම සහ එහි පින් හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත් කර ඇත.
පරිපථයේ VR 1 සහ VR 2 ලෙස පේනවා ඈත්තේ, 47K Stereo Volume Control එකකි. එනම් එකම spindle එක කරකවන විට Volume Control දෙකම කරකැවේ. පහතින් පෙන්වා ඇත්තේ Stereo Volume Control එකකි.
පරිපථයේ පෙන්වා ඇති පරිදි, Stereo Jack එකක් මගින් පරිපථය, පරිගණකයේ Audio Out ස්ථානයට සවි කරන්න.එය වඩාත් පැහැදිලිව පහතින් ඉදිරිපත් කර ඇත.
තවද USB Jack එකක් පරිපතයට සවි කරගන්න ආකාරයද පහතින් පෙන්වා ඇත. එහි අවශ්‍ය වන්නේ 1 සහ 4 යන පින් දෙක පමණි.
Sunday, August 29, 2021
Car Stereo Amplifier...
අද ඉදිරිපත් කරන්නේ වාහන සදහා Sub Amp ලෙස භාවිතා කිරීමට සුදුසු Car Stereo Amplifier පරිපථයක්. මෙම පරිපථයේ එක් පසක් වොට් 22 ක Out Put බලයකින් යුක්තවේ. දෙපසම වොට් 44 කි. වාහනයේම බැටරියෙන් ක්‍රියාත්මක කල හැකි මෙම Car Stereo Amplifier පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. පරිපථයේ පෙන්වා ඇති Mode ස්විචය මගින්, මෙම පරිපථය Stereo Amplifier එකක් ලෙස හෝ Mono Amplifier එකක් ලෙස හෝ භාවිතා කල හැක. TDA 1553 නැමති IC උපාංගය සහිත මෙම Car Stereo Amplifier පරිපථය අවම උපාංග ගණනකින් සමන්විත වුවද, ඉතා ප්‍රබල සහ ඉතා උසස් තත්වයෙන් යුතු පරිපථයකි.
ස්පිකර් දෙකම 4 Ohms වන අතර වොට් 22 ට වැඩි ස්පිකර්ස් භාවිතා කල යුතු වේ. මෙම IC උපාංගය තුලම Speaker Protection Circuit එකක් ඇති නිසා, වෙනම Speaker Protection Circuit සවි කල යුතු නොවේ. 12v DC ස්ථානයට + විදුලියත්, Earth සලකුණු යොදා ඇති සියලුම ස්ථාන එකට එකතු කර (-) විදුලියත් ලබා දෙන්න.
Saturday, August 28, 2021
Friday, August 27, 2021
230v Led Lamp Circuit...
පහතින් පෙන්වා තිබෙන්නේ, 230v වලින් ක්‍රියාත්මක කල හැකි තවත් Led පරිපථයකි. මෙම පරිපථය Led බල්බ 24 කින් සමන්විතවන අතර, ඉතා වැඩි දීප්තියකින් යුතුව දැල්වෙන සුදු පැහැති Led බල්බ මේ සදහා භාවිතා කල යුතු වනවා. මෙම ලෙඩ බල්බ පරිපතයෙන් ලැබෙන එලිය, 11w ටියුබ් ලයිට් එකකින් ලැබෙන එලියට සමාන වනවා..පරිපථය පුරාම 230v විදුලිය සරනා බැවින් පරිපථය අත්හදා බැලීමේදී සුපරීක්ෂා කාරී වන්න.
Thursday, August 26, 2021
100w Inverter Circuit...
පහතින් පෙන්වා තිබෙන්නේ,100w Inverter පරිපථයකි. මෙම පරිපථයට කාර් බැටරියකින් හෝ UPS බැටරියකින් 12v ලබාදුන් විට පරිපථයේ පෙන්වා ඇති T1 ට්‍රාන්ස්ෆෝර්මරයෙන් 230v ලබාගත හැක. ප්‍රධාන වශයෙන් CD 4047 IC උපාංගයකින් සහ ට්‍රාන්සිස්ටර් 6 කින් මෙම පරිපථය සමන්විත වන අතර, පරිපථයේ පෙන්වා ඇති Q3, Q4, Q5, Q6 ට්‍රාන්සිස්ටර් 4 සදහා Heat Sink යෙදිය යුතුවේ. Heat සීන්ක් දීමේදී, ට්‍රාන්සිස්ටර් 4 සදහා වෙන වෙනම Heat Sink දීමට මතක තබා ගන්න. ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 10 ක 9v Stepdown ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුවේ.
Wednesday, August 25, 2021
2.5 W Stereo Amplifier...
පහතින් දැක්වෙන්නේ තවත් Stereo Power Amplifier පරිපථයකි. එක චැනල් එකකින් වොට් 2.5 බැගින් චැනල් දෙකෙන් වොට් 5 ක Output එකක් ලබාගත හැක.පරිපථයේ R1 සහ R2 ලෙස පෙන්වා ඇත්තේ Power Amplifier පරිපථයේ Volume Control එක වන අතර ඒ සදහා 10K Stereo Volume Control එකක් භාවිතා කරන්න. පරිපථය සදහා වෝල්ට් 3 සිට 12 දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, ස්පිකර් සදහා ඕම්ස් 8 ස්පිකර් යොදාගත හැක.
Monday, August 23, 2021
Automatic Garden Lamp...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රීයව දැල්වෙන සහ නැවත එලිය වැටීමත් සමග ස්වයන්ක්‍රීයව නිවී යන විදුලි පහනක්.මෙම පරිපථයේදී අපට අලුත් උපාංග තුනක් හමුවනවා. එකක් තමයි LDR උපාංගය.එනම් Light Depend Resistor එක,අනෙක් උපාංගය තමයි SCR උපාංගය. තුන්වනුව අපට හමුවන අලුත් උපාංගය Preset උපංගයයයි. මෙම පරිපථය සම්පුර්ණයෙන්ම LDR උපාංගය මත පදනම්ව ගොඩනැගෙන්නක්.ඉතින් මේ හරහා ඔබට තවත් හොද අවස්ථාවක් ලබාගන්න පුළුවන්. ඒ තමයි,මෙම පරිපථය අත්හදාබැලිමට පමණක් සීමා නොකොට මෙම පරිපථය සාදා වෙළද පොලට වුවද ඉදිරිපත් කල හැක.230v වලින් වැඩ කරන ඕනෑම විදුලි පහනක් මෙම පරිපථය හරහා දැල්විය හැක.ඔබගේ නිර්මාණශීලි හැකියාව ප්‍රයෝජනයට ගෙන මෙම පරිපථය කුඩා ආවරණයක් තුල සවිකර ඒ මතම හෝල්ඩරයක්ද සවිකර,වෙළද පොලට පවා ඉදිරිපත්කල හැකි ආකාරයේ ඉතා හුරුබුහුටි නිමාවක් ලබාගත හැක.
අවශ්‍ය උපාංග.
* IN 4007 Rectifier 01
* 4.7 Mega Ohms Preset 01
* LDR 01
* BT 151 SCR 01
මෙම පරිපථය ගොඩනැගීමේදී ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතු කරණය නම්,මෙම LDR උපාංගයට ආලෝකය වැටෙන සේ පරිපථය සැලසුම් කිරීමයි.මක් නිසාද යත්,LDR උපාංගයට වැටෙන ආලෝකය අනුව,LDR උපාංගයේ ප්‍රතිරෝධය ඉහල පහල යාම මත මෙම පරිපථය ක්‍රියාත්මක වන නිසාවෙනි.
LDR උපාංගයක සාමාන්‍ය පෙනුම.
Preset උපාංගයක සාමාන්‍ය පෙනුම.
SCR උපාංගයක සාමාන්‍ය පෙනුම.
පහත රූපය අනුව SCR උපාංගයේ පාද හදුනාගන්න.
මෙම පරිපථය ක්‍රියාත්මක කරනවිට පරිපථය පුරාවටම 230v විදුලිය ඇති බැවින් ඉතා ආරක්ෂාකාරීව කටයුතු කිරීම ඔබගේ වගකීමක් වනු ඇත.
Saturday, August 21, 2021
Led ටියුබ් ලයිට් එකක් සාදමු...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ Led ටියුබ් ලයිට් එකක් ඉතා පහසුවෙන් ගෙදරදීම ඔබටම සාදා ගත හැකි ආකාරයයි. මම පහතින් දක්වා තිබෙන්නේ එහි පරිපතයයි. මේ Led ටියුබ් ලයිට් එක සෑදීම සදහා ඔබට අවශ්‍ය වන්නේ,
ටෝර්ච් සදහා භාවිතා කරන සුදු පැහැති Led බල්බ 30
.22uf 400v Capacitor 01
1K 1/2 Watt ටෙසිස්ටර් 01
.22uf 400v Capacitor 01
1K 1/2 Watt ටෙසිස්ටර් 01
මෙම Led ටියුබ් ලයිට් එක සදහා හවුසින් එකක් පහත රූපයේ පරිදි, වයරින් කෙසින් එකක් භාවිතා කරමින් ඉතා පහසුවෙන් සාදා ගත හැකියි.
පරිපථය පුරාවටම 230v විදුලිය තිබෙන හෙයින් ඉතාමත් පරික්ෂාකාරී වන්න. මේ සදහා අවශ්‍ය සියලු උපාංග , ප්‍රධාන නගර වල ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ලබාගත හැක.
පරිපථය පුරාවටම 230v විදුලිය තිබෙන හෙයින් ඉතාමත් පරික්ෂාකාරී වන්න. මේ සදහා අවශ්‍ය සියලු උපාංග , ප්‍රධාන නගර වල ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ලබාගත හැක.
Friday, August 20, 2021
Single Transistor FM Transmitter...
C 9018 ට්‍රාන්සිස්ටරයක් ආධාරයෙන් නිර්මාණය කර ඇති FM Transmitter පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම FM Transmitter පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 3.3 වන අතර, වෝල්ට් 3 ක් ලබාදුන්නද මෙය ඉතා හොදින් ක්‍රියාත්මකවන අතර විදුලිය සැපයීමට බැටරි භාවිතා කරන්න. පරිපථයේ පෙන්වා ඇති L1 කොයිලය සදහා 28 S.W.G කම්බියෙන් විෂ්කම්භය මිලිමීටර් 3 සිටිනසේ පොටවල් 16 ඔතා ගන්න.
Parts List
- Q1 – C9018 NPN transistor
- R1 – 470 Ohm, 1/4 watt
- R2 – 10 kOhm, 1/4 watt
- C1 – 2.2 nF ceramic disc capacitor (222)
- C2 – 30 pF ceramic disc capacitor, (30)
- C3 – 30 pF ceramic disc capacitor, (30)
- C4 – 10 pF 30 pF ceramic disc capacitor, (10)
- C5 – 1 nF 30 pF ceramic disc capacitor, (102)
- C6 – 100nF 30 pF ceramic disc capacitor, (104)
- L1 – 16 turn on 3 mm diameter
Tuesday, August 17, 2021
Stereo Amplifier Circuit...
මෙම Stereo Amplifier පරිපථයේ එක් චැනල් එකකින් වොට් 5 ක Out Put එකක් ලබාගත හැකි අතර, එනම් චැනල් 2 න් වොට් 10 ක Out Put එකක් ලබාගත හැක. පරිපථය සදහා 12v ඇම්පියර් 1 ක පමණ වෝල්ටීයතාවයක් ලබාදිය යුතුවේ. BA 5417 IC උපාංගය සදහා ඉතා හොද Heat Sink යෙදිය යුතු වන අතර, ස්පිකර් සදහා ඕම්ස් 4, 5W ස්පිකර් දෙකක් භාවිතා කරන්න. මෙම Stereo Amplifier පරිපථය Car Audio සදහා ඉතාමත් යෝග්‍ය පරිපථයකි.
Monday, August 16, 2021
සරල ඉන්වර්ටරයක් සාදාගමු...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා සරල ඉන්වර්ටරයක් සාදාගන්නා ආකාරයයි. එනම් මෙම පරිපතයට කාර් බැටරියකින් හෝ රිචාජබල් බැටරියකින් 12 v ලබාදුන් විට, 230v ලබාගන්න පුළුවන්.මෙය ඉතා අඩු උපාංග ගණනකින් යුතු පරිපථයක් නිසා ඔබට ඉතා පහසුවෙන් සාදාගන්න පුළුවන්. මෙම පරිපථයේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ,සාමාන්‍යයෙන් ඉන්වර්ටර් පරිපත සදහා විශේෂයෙන් සකසන ලද Step Up ට්‍රාන්ස්ෆෝමර්ස් භාවිතා කලද මෙම පරිපථයේ, සාමාන්‍ය 12v Step Down ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කර තිබීමයි.තවද මෙම පරිපථය 2 N 3055 Power Transistor දෙකක් පාදක කරගෙන නිර්මාණය වී ඇත.
අවශ්‍ය උපාංග.
R1 සහ R2 - 100 Ohms, 10 Watt Wire Wound රෙසිස්ටර්
R3 සහ R4 - 15 Ohms, 10 Watt Wire Wound රෙසිස්ටර්
T1 සහ T2 - 2 N 3055 ට්‍රාන්සිස්ටර්
12 v, 5 Amp Full wave ට්‍රාන්ස්ෆොර්මර් - 01
12v, ඇම්පියර් 32 හෝ ඊට වැඩි කාර් බැටරියක් හෝ රිචාජබල් බැටරියක්.
R3 සහ R4 - 15 Ohms, 10 Watt Wire Wound රෙසිස්ටර්
T1 සහ T2 - 2 N 3055 ට්‍රාන්සිස්ටර්
12 v, 5 Amp Full wave ට්‍රාන්ස්ෆොර්මර් - 01
12v, ඇම්පියර් 32 හෝ ඊට වැඩි කාර් බැටරියක් හෝ රිචාජබල් බැටරියක්.
Wire Wound රෙසිස්ටර් යනු කුමක්ද කියා ඔබට සමහර විට ගැටළුවක් වී ඇති. සාමාන්‍යයෙන් රෙසිස්ටර්,නිෂ්පාදනය කිරීමේදී, කාබන් රෙසිස්ටර් සහ වයර් වවුන්ඩ් රෙසිස්ටර් යනුවෙන් වර්ග දෙකකට බෙදේ. Wire Wound රෙසිස්ටරයක් යනු, Ceramic Rod එකක් මත ප්‍රතිරෝධක තාවයකින් යුතු සිහින් කම්බියක් ඔත සාදන ලද රෙසිස්ටර් වේ. එනම් එම කම්බියේ දෙකෙළවර ,රෙසිස්ටරයේ දෙකෙළවර වේ. ඔබගේ පහසුව සදහා Wire Wound රෙසිස්ටර් කිහිපයක සාමාන්‍ය පෙනුම පහතින් ඉදිරිපත් කර ඇත.
මෙම පරිපථයේ ඇති 2 N 3055 ට්‍රාන්සිස්ටර් ඔබ මිලට ගත් විට, එහි ඇත්තේ පාද දෙකක් පමණක් බව ඔබට පෙනුනද, මෙහි තුන්වන පාදය ලෙස ක්‍රියා කරන්නේ, මෙම ට්‍රාන්සිස්ටරයේ බද (Body) කොටසයි. මෙම ට්‍රාන්සිස්ටරයේ පාද තුන හදුනා ගන්න ආකාරය පහත රුප වලින් ඔබට අවබෝධ වනු ඇත.
තවද මෙම පරිපථය ක්‍රියාකිරිමේදී 2 N 3055 ට්‍රාන්සිස්ටර් රත්වන හෙයින් ට්‍රාන්සිස්ටර් දෙක සදහා අනිවාර්යයෙන්ම Heat Sink යෙදිය යුතුයි. Heat Sink යොදන විට ට්‍රාන්සිස්ටරයේ Base සහ Emitter පාද වල නොගැවෙන ලෙස Heat Sink සවිකිරීමට ඔබ වග බලා ගත යුතුවේ. Collector පාදය ට්‍රාන්සිස්ටරයේ Body එක වන නිසා ට්‍රාන්සිස්ටර් දෙක සදහා වෙන වෙනම Heat Sink සවිකිරීමද අනිවාර්ය අංගයක් වේ.
Subscribe to:
Comments (Atom)














































