Tuesday, May 4, 2021

Touch Switch එකක් සාදමු.....

 


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ස්පර්ශ සංවේදී ස්විචයක් සාදාගත හැකි පරිපථයක්. ඕනෑම විදුලි උපකරණයකට පරිපථයේ ඇති රිලේ උපාංගය හරහා විදුලිය සපයා,මෙම පරිපථය ආධාරයෙන් එය On ,Off  කල හැක. CD 4011 නමැති IC උපාංගය පාදක කරගෙන නිර්මාණය වී ඇති මෙම පරිපථය අවම උපාංග ගණනක් සහිත ඉතාම සරල පරිපථයක්. පරිපථයේ On  , Off යනුවෙන් සදහන්ව ඇති ස්ථානයට Touch Plate ලෙස කුඩා,  තුනී ඇලුමිනියම් තහඩු තුනක් සවි කරන්න. පහතින් දැක්වෙන්නේ මෙම පරිපතයයි.


පරිපථය සාදාගැනීමෙන් අනතුරුව 12 v වෝල්ටීයතාවයක් ලබාදෙන්න. පරිපථයේ ඇති මැද Touch Plate එකත්, ඉහල Touch Plate එකත් හසුවනසේ ස්පර්ශ කලවිට, රිලේ උපාංගය හරහා ඔබ සවි කරන ලද විදුලි උපකරණය On වන අතර, පරිපථයේ ඇති මැද Touch Plate එකත්, පහල  Touch Plate එකත් හසුවනසේ ස්පර්ශ කලවිට, රිලේ උපාංගය හරහා ඔබ සවි කරන ලද විදුලි උපකරණය Off කිරීමත් .සිදුකල හැක. තවද CD 4011 නමැති IC උපාංගයේ සාමාන්‍ය පෙනුම  එහි පාද හදුනාගන්න ආකාරයද පහතින් දක්වා ඇත.


No comments:

Post a Comment