Saturday, January 30, 2021
Friday, January 29, 2021
12v Duel Power Supply...
පහතින් දැක්වෙන්නේ එකම Power Supply එකෙන් 12v වෝල්ටීයතාවයන් දෙකක් ලබාගත හැකි Power Supply පරිපථයකි. මෙවැනි Duel Power Supply වලින් ප්‍රයෝජනයක් තියෙනවද කියලා සමහර විට ඔබ කල්පනා කරනවා ඇති. බොහෝ වේලාවට STK පංතියේ IC උපාංග යොදා නිර්මාණය කර ඇති Amplifier පරිපථ සදහා භාවිතා වන්නේ මෙවැනි Duel Power Supply තමයි. ට්‍රාන්ස්ෆෝමරය සදහා 14v ඇම්පියර් 1 ප්‍රමාණයේ ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැක. පරිපථයේ පෙන්වා තිබෙන්නේ Bridge Rectifier එකක් වුවද, IN 4007 Rectifier හතරක් වුවද යොදාගත හැක. LM 7812 සහ LM 7912 Regulator IC උපාංග දෙකක්ද මෙහි භාවිතා කරන අතර ඒවා සදහා Heat Sink දෙකක් යෙදීමට වග බලා ගන්න.
Thursday, January 28, 2021
12v Lamp Flasher...
පහතින් ඉදිරිපත් කරතිබෙන්නේ, තවත් 12v Flasher පරිපථයකි. මෙම පරිපථය වෙසක් උත්සව සැරසිලි සදහා වුවද භාවිතා කළ හැක. පරිපථය BC 557 සහ ට්‍රාන්සිස්ටරයකින් සහ IRF 530 Field Effect ට්‍රාන්සිස්ටරයකින් සමන්විත වන අතර පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. බල්බය සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ 12v බල්බයක් භාවිතා කල හැක. තවද ඔබට අවශ්‍ය නම් පරිපථයේ 12v බල්බය තිබෙන ස්ථානයට 12v රිලේ උපාංගයක් සවිකර රිලේ උපාංගය හරහා 230v බල්බයක් වුවද සවි කල හැක.
Tuesday, January 26, 2021
ආරක්‍ෂක විදුලි පහන් නිෂ්පාදනය.
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ස්වයං රැකියාවක් ලෙස ඉතාමත් හොද වෙළදපොලක් සාදාගත හැකි නිෂ්පාදනය. ඒ තමයි ආරක්‍ෂක විදුලි පහන් නිෂ්පාදනය. මෙම විදුලි පහන සාදාගත් පසු මෙම විදුලි පහන ඉදිරියට යම් කෙනකු පැමිණිය වහාම මෙම විදුලි පහන ස්වයන්ක්‍රියව දැල්වෙනවා.යම් කාලයක් විදුලි පහන දැල්වී නිවී යන අතර විදුලිපහන ඉදිරියට පැමිණි පුද්ගලයා නැවත යම් චලනයක් දැක්වූ වහාම නැවතත් විදුලි පන දැල්වෙනවා. ඒවගේම ඔබ කැමතිනම් විදුලි පහන දල්වෙනවත් සමගම එලාම් එකක් වුවත් නාද වීමට සැලැස්විය හැකියි. ඒවාගේම මෙහි විදුලි පහන සදහා Led Flash Light ම භාවිතා කරන්න අවශ්‍ය නැහැ. ඔබ කමති ඕනෑම විදුලි පහනක් මේ සදහා භාවිතා කරන්න පුළුවන්. මෙය Sensor සහ Driver Circuit යන කොටස් දෙකකින් සමන්විත වනවා.
මෙයට අවශ්‍යවන PIR සෙන්සරයක් ( Passive Infrared Sensor ) මම පහතින් දක්වා ඇති අතර එය දැනට වෙළදපොලෙන් මිලට ගන්න පුළුවන්. මිලට ගන්න පුළුවන් ස්ථානයත් මම ඔබට කියනවා.
PIR සෙන්සරයක ඉදිරි පෙනුම
PIR සෙන්සරයක පසු පෙනුම
PIR සෙන්සර් එකක පෙර සැකසුම් සිදුකරන ආකාරය.
PIR සෙන්සර් එකක පෙර සැකසුම් සිදුකරන ආකාරය පහත රුපයෙන් පෙන්වා ඇත. එහි Sensitivity Adjust යනුවෙන් ඇති Preset එක මගින් PIR සෙන්සර් එකේ සංවේදී දුර අඩු වැඩි කල හැක. ඒ වගේම Time Delay Adjust නැමති Preset එක මගින්, PIR සෙන්සර් එක ක්‍රියාකර බල්බය දැල්වුණු පසු නැවත බල්බය නිවෙන්නට ගතවන කාලය අඩු වැඩි කල හැක. තවද, මෙහි පෙන්වා ඇති Jumper එක H අවස්ථාවට සවිකර තැබූ විට, සෙන්සරය ක්‍රියා කර බල්බය දැල්වුණු පසු සැකස තැබූ කාලයෙන් පසුව බල්බය නිවී යන අතර, නැවත සෙන්සරය ඉදිරිපිටට යම් කෙනෙකු පැමිණියහොත් නැවත බල්බය දැල්වේ. ඒ වගේම Jumper එක, L අවස්ථාවට සවිකර තැබූ විට, සෙන්සරය ක්‍රියාකර බල්බය දැල්වුණු පසු දිගටම බල්බය දැල්වී පවතී. එවිට මෙම ආරක්ෂක විදුලි පහනේ ස්විචය Off කර බල්බය නිවදැමිය යුතුවේ.
තවද, GND , OUT PUT , VCC යනුවෙන් ඇති ස්ථාන වයර් මගින් පහතින් ඉදිරිපත්කර ඇති Driver පරිපතයට සවිකළ යුතුවේ.
පරිපථය සාදා, පරිපථයේ දක්වා ඇති ආකාරයට රිලේ උපාංගය හරහා බල්බයක් හෝ එලාම් එකක් සවි කරන්න. 12v Power Supply එකකින් පරිපතයට විදුලිය සැපයිය යුතු අතර, ඔබට අවශ්‍ය නම් 12v , Transformer රහිත Power Supply එකකින් වුවද විදුලිය සැපයිය හැක. පරිපථය නිවැරදිව සාදා ගත්තේනම්, සෙන්සරය ඉදිරිපිටට යම් කෙනෙකු පැමිණි වහාම බල්බය දැල්වෙනු ඇත.
PIR සෙන්සරය පිටකොටුවේ Unitech ආයතනයෙන් ඔබට මිලදී ගත හැක. මිල රු. 250 පමණි.
Unitech Trading (pvt) Ltd,
No.15,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2334100
PIR සෙන්සර් එකක පෙර සැකසුම් සිදුකරන ආකාරය පහත රුපයෙන් පෙන්වා ඇත. එහි Sensitivity Adjust යනුවෙන් ඇති Preset එක මගින් PIR සෙන්සර් එකේ සංවේදී දුර අඩු වැඩි කල හැක. ඒ වගේම Time Delay Adjust නැමති Preset එක මගින්, PIR සෙන්සර් එක ක්‍රියාකර බල්බය දැල්වුණු පසු නැවත බල්බය නිවෙන්නට ගතවන කාලය අඩු වැඩි කල හැක. තවද, මෙහි පෙන්වා ඇති Jumper එක H අවස්ථාවට සවිකර තැබූ විට, සෙන්සරය ක්‍රියා කර බල්බය දැල්වුණු පසු සැකස තැබූ කාලයෙන් පසුව බල්බය නිවී යන අතර, නැවත සෙන්සරය ඉදිරිපිටට යම් කෙනෙකු පැමිණියහොත් නැවත බල්බය දැල්වේ. ඒ වගේම Jumper එක, L අවස්ථාවට සවිකර තැබූ විට, සෙන්සරය ක්‍රියාකර බල්බය දැල්වුණු පසු දිගටම බල්බය දැල්වී පවතී. එවිට මෙම ආරක්ෂක විදුලි පහනේ ස්විචය Off කර බල්බය නිවදැමිය යුතුවේ.
තවද, GND , OUT PUT , VCC යනුවෙන් ඇති ස්ථාන වයර් මගින් පහතින් ඉදිරිපත්කර ඇති Driver පරිපතයට සවිකළ යුතුවේ.පරිපථය සාදා, පරිපථයේ දක්වා ඇති ආකාරයට රිලේ උපාංගය හරහා බල්බයක් හෝ එලාම් එකක් සවි කරන්න. 12v Power Supply එකකින් පරිපතයට විදුලිය සැපයිය යුතු අතර, ඔබට අවශ්‍ය නම් 12v , Transformer රහිත Power Supply එකකින් වුවද විදුලිය සැපයිය හැක. පරිපථය නිවැරදිව සාදා ගත්තේනම්, සෙන්සරය ඉදිරිපිටට යම් කෙනෙකු පැමිණි වහාම බල්බය දැල්වෙනු ඇත.
PIR සෙන්සරය පිටකොටුවේ Unitech ආයතනයෙන් ඔබට මිලදී ගත හැක. මිල රු. 250 පමණි.
Unitech Trading (pvt) Ltd,
No.15,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2334100
Monday, January 25, 2021
Sunday, January 24, 2021
Friday, January 22, 2021
Polarity & Overload Protected 5v Power Supply.
බලසැපයුම් පරිපථයක අවූට් පුට් අග්‍ර දෙක වැරදීමකින් හරි ෂෝර්ට් වුනොත් ආරක්ෂාවක් යොදා නැති එකක් නම් එහි ප්‍රධාන IC එක දැවීයනවා..අද මම ඉදිරිපත් කරන පරිපතයෙන් 7805 යොදා තනා ඇති POWER SUPPLY එකක එහි අග්‍ර ලුහුවත් වුනත් එයට හානි වෙන්නේ නෑ..මේ විදිහට හදා ගන්න.7805 සදහා හීට් සින්ක් යොදන්න. මෙම පරිපථයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ, ආදී වොල්ටියතවයකදී වුවද, Out Put 5v වෝල්ටීයතාවය ස්වයන්ක්‍රියව විසන්ධි කිරීමයි.
Thursday, January 21, 2021
Diodes ගැන දැනගන්න.
අපට හමුවන බොහෝ පරිපත වල මෙන්ම බොහෝ ඉලෙක්ට්‍රොනික් උපකරණ වල ඇති පරිපතවලත් දකින්නට ලැබෙන උපාංගයකි Diode එක. Diode වල ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ එක් දිශාවකට පමණක් විදුලිය ගලායාමට සැලැස්වීමයි. එම නිසා ප්‍රත්‍යවර්ත ධාරාවක් Diode එකට ලබාදුන්විට එයින් Out put එක වශයෙන් අපට ලැබෙන්නේ, එක දිශාවකට පමණක්(සරල) ගලන ධාරාවකි. වර්තමානයේ Diodes සියල්ලක්ම පාහේ සාදා ඇත්තේ අර්ධ සන්නායක වලින් වන අතර මේ අතරින් සිලිකන් ප්‍රධාන තැනක් ගනී. Signal Diodes සාදනවිට පමණක් බොහෝ විට ජර්මේනියම් යොදා ගනී.
Diode වර්ග.
(1) Rectifier Diodes.
ප්‍රත්‍යවර්ත ධාරාවක් (AC ) සරල ධාරාවක්(DC) බවට පත් කිරීමට යොදා ගන්න මෙම Rectifier Diodes සිලිකන් වලින් සාදා ඇත.
(2) Signal Diodes
ජර්මේනියම් වලින් නිපදව ඇති මෙම Signal Diodes බහුල වශයෙන් ගුවන්විදුලි යන්ත්‍ර වල සහ රූපවාහිනී යන්ත්‍ර වල දැකිය හැක.
(3) Light Emmiting Diodes.
Light Emmiting Diodes යනු අප ඉතා බහුලව භාවිතා කරන Led බල්බ් වේ.
(4) Photo Conducting Diodes
ස්වයන්ක්‍රියව සහ දුරස්ථව ක්‍රියාත්මක වන බොහෝ උපකරණ වල මෙම Photo Conducting Diodes දැකිය හැක.LDR (Light Dependent Resistor ලෙසද හදුන්වන්නේ මෙම Photo Conducting Diodes වේ.
(5) Zener Diodes
මෙම Zener Diodes විවිධ වොල්ටියතාවලින් ලබාගත හැකි අතර පරිපතවල වෝල්ටීයතාවය සමතුලිත කරගැනීම සදහා යොදාගැනේ.
(6) Thyristor / SCR
Silicon Controlled Rectifier යනුවෙන් හැදින්වෙන මෙය,ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන ස්විචයක් ලෙස ප්‍රත්‍යවර්ත බලය පාලනය කිරීමට යොදා ගනී.
(7) Triak
ප්‍රත්‍යවර්ත ධාරා පාලනයට පමණක් යොදාගන්න මෙය Thyristor එක මෙන් නොව, ප්‍රත්‍යවර්ත ධාරාවේ ධන සහ රින අර්ධ දෙකටම ගමන් කල හැක.
Monday, January 18, 2021
සෝලා මොබයිල් ෆෝන් චාජරයක් සාදමු...
අද අපි බලමු සෝලා මොබයිල් ෆෝන් චාජරයක් සාදන හැටි.. මේ සදහා ඔබට ප්‍රධාන වශයෙන් 12v 4w ප්‍රමාණයේ සෝලා පැනලයක් සහ LM 7805 Regulator IC උපාංගයක් අවශ්‍ය වනවා. දැන් දැන් බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ වල පිහිටි Communication වල සිය පරිබෝගිකයින්ට Phone Charge කිරීමේ පහසුකම් සලසා තිබෙන අතර එවැනි ආයතනයන්ට මෙවැනි සෝලා මොබයිල් ෆෝන් චාජරයක් සදා ගැනීම මගින් කිසිදු වියදමකින් තොරව එම සේවාව සැපයිය හැකි වනවා.
Sunday, January 17, 2021
Adjustable High Current Regulated Power Supply...
පහතින් දැක්වෙන්නේ ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් Power Supply පරිපථ දෙකකි. මෙහි විශේෂත්වය වන්නේ, 4.5v සිට 15v දක්වා ඇම්පියර් 5 ධාරාවක් සහිතව ලබාගත හැකි වීමයි. පරිපථ දෙකේ ඇති 5K Preset එක මගින් ඔබට අවශ්‍ය වෝල්ටීයතාවය සකසා ගත හැක. පරිපත දෙක සදහා 8v සිට 20v දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, 2N 3055 හෝ TIP 3055 ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink දීම අනිවාර්ය වේ.
Saturday, January 16, 2021
Solar Garden Lamp...
අද මම කියලා දෙන්නේ ඔබටම හදා ගන්න පුළුවන් සරල පරිපථයක්.මෙය යොදලා සුර්ය ආලෝකයෙන් බැටරියක් ආරෝපණය කරලා led බල්බ දල්වන්න පුළුවන්. වෙරෝ බෝර්ඩ් එකක් ගෙන අනවශ්‍ය පාත් ඉවත්කර පරිපථය ගොඩනගන්න.හොඳින් ආලෝකය ලැබෙන තැනක සුර්ය පැනලය සවිකරන්න.මෙවැනි කුඩා පැනල පිටකොටුවේ බොහොමයක් ඉලෙක්ට්‍රොනික කඩ සාප්පු වලින් මිලට ගත හැක.
Wednesday, January 13, 2021
Tuesday, January 12, 2021
Automatic Led Emergency Lamp...
පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ Led බල්බ 12 කින් යුතු Automatic Emergency Lamp පරිපථයක්. මෙය සාදාගෙන 230v විදුලිය සපයා තැබූ පසු, විදුලි බලය ඇනහිටි ඕනෑම අවස්ථාවක ස්වයන්ක්‍රීයව මෙහි ඇති Led බල්බ 12 දැල්වෙනවා. ඉතින් විදුලි බලය ඇනහිටි අවස්ථාවක ඔබ පත්වන අපහසුතාවය මගහරවා ගන්න මෙය ඔබට ඉතා පරයෝජනවත් වේවි. එහෙමත් නැත්නම්, මෙයට සුදුසු ආවරණයක් සාදාගතහොත්, මෙය නිෂ්පාදනය කර වෙළදපොලට ඉදිරිපත් කරන්නත් ඔබට පුළුවන්.
LM 317 IC උපාංගය සහ BC 548 ට්‍රාන්සිස්ටරය සහ BD 140 මෙම පරිපථයේ ඇති ප්‍රධාන උපාංග වනවා. ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 500 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැකි අතර Led බල්බ 12 සදහා දීප්තිමත් සුදු ආලෝකය සහිත Led බල්බ භාවිතා කරන්න. තවද මෙම පරිපථයේ ඇති බැටරිය සදහා, පහත පෙන්වා ඇති ආකාරයේ 6v 4.5 ඇම්පියර් Rechargeable බැටරියක් භාවිතා කරන්න. පරිපථය ප්‍රධාන විදුලියට සම්බන්ධ කර තබා ඇති විට, මෙම බැටරිය Charge වීමට අවශ්‍ය වෝල්ටීයතාවය, පරිපථයේ ඇති 2.2K Preset එක මගින් සකසා ගත හැක. එය සිදු කරන්නේ මෙසේය. පරිපථය 230v විදුලියට සම්බන්ධ කර මල්ටිමිටරය DC වෝල්ට් මැනීමේ පරාසයට යොදා, බැටරියට සවිකර මල්ටිමිටරයෙන් Volt 6.8 පෙන්වනතෙක් 2.2K Preset එක කරකවා තබන්න.
Subscribe to:
Comments (Atom)




















































