Tuesday, January 12, 2021

Automatic Led Emergency Lamp...


පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ Led බල්බ 12 කින් යුතු Automatic Emergency Lamp පරිපථයක්. මෙය සාදාගෙන 230v විදුලිය සපයා තැබූ පසු, විදුලි බලය ඇනහිටි ඕනෑම අවස්ථාවක ස්වයන්ක්‍රීයව මෙහි ඇති Led බල්බ 12 දැල්වෙනවා. ඉතින් විදුලි බලය ඇනහිටි අවස්ථාවක ඔබ පත්වන අපහසුතාවය මගහරවා ගන්න මෙය ඔබට ඉතා පරයෝජනවත් වේවි. එහෙමත් නැත්නම්, මෙයට සුදුසු ආවරණයක් සාදාගතහොත්, මෙය නිෂ්පාදනය කර වෙළදපොලට ඉදිරිපත් කරන්නත් ඔබට පුළුවන්.
LM 317 IC උපාංගය සහ BC 548 ට්‍රාන්සිස්ටරය සහ BD 140 මෙම පරිපථයේ ඇති ප්‍රධාන උපාංග වනවා. ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 500 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැකි අතර Led බල්බ 12 සදහා දීප්තිමත් සුදු ආලෝකය සහිත Led බල්බ භාවිතා කරන්න. තවද මෙම පරිපථයේ ඇති බැටරිය සදහා, පහත පෙන්වා ඇති ආකාරයේ 6v  4.5 ඇම්පියර් Rechargeable බැටරියක් භාවිතා කරන්න. පරිපථය ප්‍රධාන විදුලියට සම්බන්ධ කර තබා ඇති විට, මෙම බැටරිය Charge වීමට අවශ්‍ය වෝල්ටීයතාවය, පරිපථයේ ඇති 2.2K Preset එක මගින් සකසා ගත හැක. එය සිදු කරන්නේ මෙසේය. පරිපථය 230v විදුලියට සම්බන්ධ කර මල්ටිමිටරය DC වෝල්ට් මැනීමේ පරාසයට යොදා, බැටරියට සවිකර මල්ටිමිටරයෙන් Volt 6.8 පෙන්වනතෙක්  2.2K Preset එක කරකවා තබන්න.  

No comments:

Post a Comment