Thursday, December 31, 2020

20W ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයරයක් සාදමු.

 

මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ට්‍රාන්සිස්ටර් 11 කින් යුත් 20W  ඇම්ප්ලිෆයරයක් සාදා ගන්නා ආකාරයයි. මෙය PNP ට්‍රාන්සිස්ටර් 8 කින් ද, NPN ට්‍රාන්සිස්ටර් 5 කින් ද .සමන්විත වනවා..Q1 සහ Q2 වශයෙන් සදහන් ට්‍රාන්සිස්ටර්  සදහා අනිවාර්යෙන්ම Heat Sink යෙදිය  යුතු අතර ට්‍රාන්සිස්ටර් දෙක සදහා වෙනවෙනම Heat Sink යොදන්න. පරිපථය සදහා ඇම්පියර් 5 ක 12v සිට 20v දක්වා වෝල්ටීයතාවයක් සැපයිය හැකි අතර කිසිම අවස්ථාවක 20v වලට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබාදීමෙන් වලකින්න. ස්පීකරය සදහා 4 Ohms, 30w පමණ ස්පීකරයක් භාවිතා කල හැක. 

   විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න. 


R11.5KΩ ¼W
R2150Ω ¼W
R31KΩ ¼W
R40.22Ω 2W
R50.22Ω 2W
R639KΩ ¼W
R71KΩ ¼W
R8120Ω ¼W
R96.8KΩ ¼W
R106.8KΩ ¼W
R1147KΩ ¼W
R1247KΩ ¼W
R132.2KΩ ¼W
R14180KΩ ¼W
R1518KΩ ¼W
C122pF Ceramic
C24.7µF 16V
C3 1000µF 25V
C4100µF 25V
D11N4148
D21N4148
 Q1 2SD313
 Q2 2SB507
 Q3 2SA733
 Q4 2SB560
 Q5 2SD400
 Q6, Q7, Q8, Q9, Q10 2SA733
 Q11 2SD400

Wednesday, December 30, 2020

NiCd-NiMH Battery Charger...


පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, NiCd ( nickel–cadmium ) සහ  NiMh ( nickel–metal hydroxide ) බැටරි චාර්ජ් කල හැකි පරිපථයකි. LM 317 IC උපාංගය සහ BC 547 ට්‍රාන්සිස්ටර් 3 මෙහි ඇති ප්‍රධානතම උපාංග වනවා. LM 317 IC උපාංගයේ, පින් හදුනාගන්න ආකාරය පරිපථය තුලම පෙන්වා ඇති අතර  BC 547 ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරය මිට පෙර  බොහෝ පරිපථවල පෙන්වා ඇති නිසා දැන් ඔබට එය ගැටළුවක් නොවනු ඇති. මෙම පරිපථය මගින් එක් වර්ගයකින් බැටරි දෙක බැගින් බැටරි හයක් චාර්ජ් කල හැකියි. එම බැටරි වර්ගයන් AA , AAA , PP3 / 6F22 වනවා. පරිපථය සදහා ලබාදිය හැකි අවම වෝල්ටීයතාවය 9v  වන අතර උපරිම වෝල්ටීයතාවය 25v වේ.   




Monday, December 28, 2020

Very Small & Simple Audio Amplifier...

 

පහතින්  ඉදිරිපත්කර තිබෙන්නේ,ඉතා කුඩා සරල Audio Amplifier පරිපථයක්. LM 386 IC එකට අමතරව මෙම පරිපථයේ ඇත්තේ, 1000uf කන්ඩෙන්සරයක් සහ 10k Volume Control එකක් පමණි. පරිපථය සදහා 6v වෝල්ටීයතාවයක් ලබාදෙන්න. මෙම Audio Amplifier පරිපථයේ Out Put එක වොට් 1.25 කි. ස්පීකරය සදහා වොට් 2 ක පමණ, ඕම්ස් 8 ප්‍රමාණයේ කුඩා ස්පීකරයක් භාවිතා කල හැක.




Saturday, December 26, 2020

Car Interior Light Fader...

 

අද මම ඔබට අරගෙන ආවේ, නවීන රථවාහන වල තිබෙන අංගයක්, පැරණි වහනවලටද එක්කල හැකි පරිපථයක්. ඔබ දන්නවා නවීන රථවාහනවල ඇතුලත තිබෙන ලයිට් එක වාහනයේ දොරවල් වැසු විට එලිය ක්‍රමක්‍රමයෙන් අඩු වී නිවී යන බව. එම නිසා වාහනය  පනගන්වන්න යතුර දාගන්න අපහසුවක් වෙන්නේ නැහැ. එත් පරණ වාහනවල දොර වැසු සැනින්ම ඇතුලත ලයිට් එක නිවී යනවා. ඉතින් මම පහතින් ඉදිරිපත් කර ඇති පරිපතයෙන් පුළුවන් පැරණි වාහන වලත් ඇතුලත ලයිට් එක ක්‍රමයෙන් නිවී යන ආකාරයට සකසා ගන්න. 















මෙම පරිපථය ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටරයකින් සහ Field Effect Transistor එකකින් සමන්විත වන අතර, වාහනයේ බටරියෙන්ම පරිපථයට 12v ලබාදෙන්න. පරිපථයේ S1, S2, S3, S4 ලෙස පෙන්වා ඇත්තේ, වාහනයේ දොර ස්විච හතරයි. පරිපථයේ B1 ලෙස පෙන්වා ඇත්තේ, වාහනයේ ඇතුලත ලයිට් එකයි. Field Effect Transistor එක සදහා කුඩා Heat Sink එකක් යෙදීම අත්‍යවශ්‍ය වේ.

Friday, December 25, 2020

Diodes ගැන දැනගන්න.

 

අපට හමුවන බොහෝ පරිපත වල මෙන්ම බොහෝ ඉලෙක්ට්‍රොනික් උපකරණ වල ඇති පරිපතවලත් දකින්නට ලැබෙන උපාංගයකි Diode එක.  Diode වල ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ එක් දිශාවකට පමණක් විදුලිය ගලායාමට සැලැස්වීමයි. එම නිසා ප්‍රත්‍යවර්ත ධාරාවක් Diode එකට ලබාදුන්විට එයින් Out put එක වශයෙන් අපට ලැබෙන්නේ, එක දිශාවකට පමණක්(සරල) ගලන ධාරාවකි. වර්තමානයේ Diodes සියල්ලක්ම පාහේ සාදා ඇත්තේ අර්ධ සන්නායක වලින් වන අතර මේ අතරින් සිලිකන් ප්‍රධාන තැනක් ගනී. Signal  Diodes සාදනවිට පමණක් බොහෝ විට ජර්මේනියම් යොදා ගනී.

 Diode වර්ග.

 (1)  Rectifier Diodes.

ප්‍රත්‍යවර්ත ධාරාවක් (AC ) සරල ධාරාවක්(DC) බවට පත් කිරීමට යොදා ගන්න මෙම Rectifier Diodes සිලිකන් වලින් සාදා ඇත.





(2) Signal Diodes 

ජර්මේනියම් වලින් නිපදව ඇති මෙම Signal Diodes බහුල වශයෙන් ගුවන්විදුලි යන්ත්‍ර වල සහ රූපවාහිනී යන්ත්‍ර වල දැකිය හැක.



(3)  Light Emmiting Diodes.

Light Emmiting Diodes යනු අප ඉතා බහුලව භාවිතා කරන Led බල්බ් වේ.




(4)  Photo Conducting Diodes 

ස්වයන්ක්‍රියව සහ දුරස්ථව ක්‍රියාත්මක වන බොහෝ උපකරණ වල මෙම Photo Conducting Diodes දැකිය හැක.LDR (Light Dependent Resistor ලෙසද හදුන්වන්නේ මෙම Photo Conducting Diodes වේ.



(5)  Zener Diodes 

මෙම Zener Diodes විවිධ වොල්ටියතාවලින් ලබාගත හැකි අතර පරිපතවල වෝල්ටීයතාවය සමතුලිත කරගැනීම සදහා යොදාගැනේ.

(6) Thyristor / SCR 

Silicon Controlled Rectifier යනුවෙන් හැදින්වෙන මෙය,ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන ස්විචයක් ලෙස ප්‍රත්‍යවර්ත බලය පාලනය කිරීමට යොදා ගනී.




(7)  Triak 

ප්‍රත්‍යවර්ත ධාරා පාලනයට පමණක් යොදාගන්න මෙය Thyristor එක මෙන් නොව, ප්‍රත්‍යවර්ත  ධාරාවේ ධන සහ රින අර්ධ දෙකටම ගමන් කල හැක.

Tuesday, December 22, 2020

Light Sensitive Fire Alarm...

 

මම අද ඔබට ඉදිරිපත් කරන්නේ, ආලෝකයට සංවේදීව ක්‍රියාත්මක වන ගිනි අනතුරු ඇගවිමේ එලාම් පරිපථයක්. NE 555 IC උපාංගයකින් සහ BC 547 ට්‍රාන්සිස්ටරයකින් සහ L 14F 1 Photo ට්‍රාන්සිස්ටරයකින් මෙම පරිපථය සමන්විත වනවා. NE 555 සහ BC 547 ඔබට ඉතා හුරු පුරුදු උපාංග වුවත්   L 14F 1 Photo ට්‍රාන්සිස්ටරය ඔබට නුහුරු උපාංගයක් වේවි. මෙම පරිපථයේ සංවේදකය (Sensor ) එක ලෙස ක්‍රියා කරන්නේ මෙම  L 14F 1 Photo ට්‍රාන්සිස්ටරයයි. මෙම photo ට්‍රාන්සිස්ටරයේ ඉහල කොටසට ආලෝකය වැටුණු විගස Alarm එක නාද වනු ඇත. පරිපථය සදහා 9v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු අතර, ඒ සදහා 9v බැටරියක් භාවිතා කල හැක. ස්පීකරය සදහා ඕම්ස් 8 ක 0.5 w ස්පීකරයක් භාවිතා කරන්න.

L14F1 Photo Transistor 

Wednesday, December 16, 2020

LED Christmas Lights Circuit...

 

පහතින් දැක්වෙන්නේ තවත්, උත්සව අවස්ථාවන් සදහා භාවිතා කල හැකි Led පරිපථයකි. Led බල්බ 11 කින් සමන්විත මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. CD 4060 IC උපාංගය සදහා IC Base එකක් භාවිතා කරන්නේ නම් අලුත්වැඩියා කටයුතු වලදී ඔබට ඉතා පහසු වනු ඇති.

Monday, December 14, 2020

12w Transistor Amplifier...


ඉතාමත් උසස් තත්වයේ 12w Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථයේ ප්‍රධානතම උපාංග ලෙස UA 741 IC උපාංගය සහ PNP සහ NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් හතර සැලකෙනවා. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 වන අතර ස්පීකරය සදහා වොට් 15 ක පමණ ස්පීකරයක් භාවිතා කල හැක. 



Saturday, December 12, 2020

Vehicle Interior Lights Delay Circuit...

 

අද මම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් තවත් පරිපථයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි වාහනයක ඇතුලත කැබින් ලයිට් එක වාහනයේ දොර වැසුවාට පසු යම් වෙලාවක් ප්‍රමාද වී ස්වයන්ක්‍රීයව නිවී යන පරිපථයක්. අලුතෙන් එන සෑම වහනයකම වගේ මෙම පහසුකම සපයා තිබෙනවා. BUZ 74 Field Effect Transistor යක් සහ BC 337 ට්‍රාන්සිස්ටරයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. පරිපථයේ La 1 ලෙස සදහන් වන්නේ, වාහනයේ කැබින් ලයිට් එක වන අතර, S 1 ලෙස සදහන්ව ඇත්තේ, වාහනයේ Door Switch එකයි.  

උත්සාහ කළහොත් පහත රුපයේ ආකාරයට නිෂ්පාදනයක් ලෙස  මෙය වෙළදපොලට ඉදිරිපත් කිරීමට ඔබට හැකිවේවි.

Thursday, December 10, 2020

LA 3161 Stereo Preamplifier...

 

මෙම  Stereo Premplifier පරිපථයේ Out Put එක මිලි වොට් 200 කි. මෙය  Stereo Preamplifier පරිපථයක් වන අතර, සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ. මෙම Stereo Premplifier පරිපථයේ Out Put එක ඕනෑම Stereo Power Amplifier පරිපථයක In Put එකට සවි කරන්න. LA 3161 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙය, ඉතාමත් උසස් තත්වයේ Stereo Premplifier පරිපථයකි.

Tuesday, December 8, 2020

LED Christmas Lights Decoration Circuit


ඉතින් නත්තල් කාලෙට ඔබින විසිතුරු Led නිර්මාණයක් තමයි මම අද ඔබට ගෙනාවේ. Led බල්බ් 11 කින් සමන්විත මෙම පරිපථයේ ප්‍රධානතම උපාංගය වන්නේ, CD 4060 IC උපාංගයයි. මෙම පරිපථයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ, IC උපාංගය හැරුණු කොට මෙහි ඇත්තේ රෙසිස්ටර් දෙකක් සහ කැපෑසිටර් එකක් පමණි. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 9v විදුලි බලයක් ලබාදෙන්න.