Tuesday, April 21, 2020

CFL බල්බ සර්කිට් එකෙන් 20 W ටියුබ් ලයිට් එකක් දල්වමු...


අද මම ඔබට කියල දෙන්නේ ඔබ භාවිතා කර ඉවත දමන CFL බල්බ වලින් තව දුරටත් වැඩක් ගන්න හැටි....ඕනෑම CFL බල්බයක් කොටස් දෙකකින් යුක්ත වනවා...ඒ තමයි, CFL බල්බ කොටස සහ එහි ඇති ඉලෙක්ට්‍රොනික් Driver එක. ප්‍රධාන වශයෙන් CFL බල්බයක් අක්‍රිය වීමට හේතු දෙකක් තිබෙනවා..පළමුවැන්න තමයි, CFL බල්බ කොටසේ දෙකෙළවර ඇති සුත්‍රිකා ( Filament) දෙකම හෝ එකක් දැවී යාම. අනෙක තමයි, Electronic Driver එකේ දෝෂයක් හටගැනීම. ඊළගට අප දැන් සොයාගත යුතු වනවා කුමන කොටසේද වරද තිබෙන්නේ කියා.. CFL බල්බයේ Driver සර්කිට් එකට සවි කර ඇති Filament වයර් හතර ගලවන්න. දැන් අපි CFL  බල්බයේ දෙකෙළවර ඇති Filament දෙක පරික්ෂා කරමු. ඔබට පේනවා ඇති CFL බල්බයේ  එක කෙළවරක වයර් දෙකක් තිබෙනවා.. මෙම වයර් දෙකෙන් එකකට 230v Live වයරය පමණක් සවිකර  බල්බයේ අනෙක් වයරයට Tester එක තබන්න. Tester එක දැල්වේනම් එම Filament එක හොද තත්වයේ ඇත. අනෙක් කෙලවරේ ඇති Filament එකත් ඒ ආකාරයටම පරික්ෂ කරන්න. Filament දැවී ඇත්නම් Tester එක නොදැල්වේ. Filament දැවී ගොස් ඇත්නම්, Driver සර්කිට්  එක හොද තත්වයේ ඇති බවට බොහෝ දුරට නිගමනය කල හැක.

ඔබට මෙහිදී, 20 W ටියුබ් ලයිට් එකක් දැල්වීම සදහා භාවිතා කල හැකි වන්නේ, වොට් 18 ත් වොට් 24 ත් අතර CFL බල්බයක Driver සර්කිට් එක පමණයි.

දැන් ඉහත රුපයේ පරිදි Driver සර්කිට් එකේ Filament වයර් සවිවී තිබු ස්ථාන හතරට වයර් හතරක් පාස්සා ගන්න. දැන් පහත රුපයේ පරිදි Driver සර්කිට් එක ටියුබ් ලයිට් එකට සවි කරන්න.


ඉන්පසු Driver සර්කිට් එකට 230v විදුලිය සපයන්න. මේ ආකාරයට ටියුබ් ලයිට් දැල්වීම විදුලිය වැයවීම අතින්ද ආර්ථික වශයෙන් ඔබට වාසිදායක වනු ඇත.

No comments:

Post a Comment