පරිපථයේ සදහන් L1 කොයිලය සදහා, Telephone එකට එන වයර් දෙකෙන් එක වයරයක් වටා, 28 SWG කොයිල් කම්බියෙන් පොටකට පොටක් ගෑවෙන සේ පොටවල් 50 ක් ඔතන්න. කොයිලයේ එක පැත්තක් BC 107 ට්‍රාන්සිස්ටරයට සවි කරන්න. අනෙක් කෙලවර නිදහසේ තබන්න.
Friday, January 31, 2020
Thursday, January 30, 2020
Wednesday, January 29, 2020
ප්‍රබල කාර් ස්ටීරියෝ ඇම්ප්ලිෆයරයක් සාදමු...
පහතින් දක්වා ඇති කාර් ස්ටීරියෝ ඇම්ප්ලිෆයරය වොට් 44 බලයකින් යුක්ත වනවා. මෙම පරිපථය TDA 1554Q IC උපාංගය යොදා නිර්මාණය කර ඇති අතර, පරිපතයට අවශ්‍ය 12v විදුලිය මෝටර් රථයේ බැටරියෙන්ම ලබාදිය හැක. පරිපථයේ F1 ලෙස සදහන්ව ඇත්තේ, පරිපත්යේ ආරක්ෂාව සදහා වූ ඇම්පියර් 5 ක Fuse එකකි. තවද පරිපථයේ J1 ලෙස සදහන්ව ඇත්තේ, ඇම්ප්ලිෆයරයට Audio In කිරීම සදහා වන Stereo Socket එකකි. එමෙන්ම J2 ලෙස සදහන්ව ඇත්තේ, පරිපතයට 12v විදුලිය ලබාදෙන, DC Socket එකයි.
ස්පීකර්ස් සදහා ඕම්ස් 4, වොට් 22 හෝ ඊට වැඩි වොට් ප්‍රමාණයක, ස්පීකර් දෙක භාවිතා කල යුතු අතර, TDA 1554Q IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් යෙදිමද අනිවාර්ය වනවා.
Audio In Stereo Socket
12v DC Socket
Tuesday, January 28, 2020
Saturday, January 25, 2020
Led බුදු පහන් පරිපථය...
මෙම Led බුදු පහන් පරිපථයට අඩංගු Led බල්බ ගණන 5 කි. මේ සදහා ඕනෑම වර්ණයක සාමාන්‍ය Led බල්බ ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබගේ අභිමතය පරිදි,සාමාන්‍ය Led බල්බ අතරට Automatic Led බල්බත් යොදා ගත හැකිවනවා. ඒ වාගේම, සාමාන්‍ය අවස්ථාවේදී,සුදු පැහැයෙන් දිස්වන,දැල්වූ විට අදාල වර්ණයෙන් දැල්වෙන Led බල්බවල එලිය විහිදී යමක් නොවී එකම තැනකට Spot වන නිසා එම බල්බ මේ සදහා යොදා නොගත යුතුයි. බුදු පහනේ අලංකාරය වැඩි කර ගැනීම සදහා, සාමාන්‍ය අවස්ථාවේදීත්,දැල්වෙන අවස්ථාවේදීත්,එකම වර්ණයෙන් දිස්වන Led බල්බ මේ සදහා භාවිතා කරන්න.
පහතින් ඉදිරිපත් කර ඇති එම පරිපථයේ, ඍජුකරන ක්‍රියාවලිය සදහා IN 4007Rectifier 04 ක් භාවිතා කර ඇති අතර, 4 x IN 4007 ලෙස පරිපථයේ සදහන්ව ඇත්තේ එයයි.
මෙම බුදු පහන සදහා Led බක්බ 5 ට වඩා යෙදීමට ඔබට අවශ්‍ය නම් පරිපතයේ සදහන්ව ඇති R2 රෙසිස්ටරය සදහා 470 ඕම්ස් වලට වඩා අඩු අගයක රෙසිස්ටරයක් යොදාගන්න. මෙම පරිපථයට අවශ්‍ය සියලුම උපාංග ඕනෑම සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සැල් වලින් ලබාගත හැකි අතර, බල්බයේ හවුසින් එක පිටකොටුවේ පළමු හරස් විදියේ, පිහිටි අංක 88 ගොඩනැගිල්ලේ වෙළද සැල් වලින් ලබාගත හැක. එහි ඇති එක ආයතනයක ලිපිනය මා පහතින් ඉදිරිපත් කර ඇත.
No.88-28 Electronic Plaza,
(Opposite Peoples Bank),
1st. Cross Street,
Colombo 11.
Tel. 011 2335780, 0777 663069
Friday, January 24, 2020
USB Powered Mobile Phone Charger...
USB Port එකකින් විදුලිය ලබාගෙන ඕනෑම Mobile Phone එකක් චාර්ජ් කල හැකි USB Powered Mobile Phone Charger පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. BD 139 ට්‍රාන්සිස්ටරය උපයෝගී කරගෙන ඉතාමත් අඩු උපාංග ගණනකින් මෙම පරිපථය නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වනවා. පරිපථයේ D2 ලෙස පෙන්වා ඇත්තේ, 4.7v සෙනර් ඩයෝඩයකි.
Parts List
Q1 = BD139
D1 = 1N4001
D2 = 4.7V – 1/2w
R1 = 560R – 1/2w
C1 = 16V – 100uf
D1 = 1N4001
D2 = 4.7V – 1/2w
R1 = 560R – 1/2w
C1 = 16V – 100uf
Sunday, January 19, 2020
Wednesday, January 15, 2020
කාර් බැටරි වෝල්ටීයතා පරීක්‍ෂක දර්ශකයක් හදමු. ( Car Battery Voltage Monitor )
කාර් බැටරි නැවත ආරෝපණය කරන විට නිසි අවධානයක් යොමු නොකළ හොත් බැටරිය Over Charge වී විනාශ වීමට බොහෝ විට ඉඩ තිබෙනවා..ඉතින් මෙම තත්වයෙන් මිදීමට, බැටරිය ආරෝපණය කලයුතු මට්ටම තීරණය කරගැනීමට උපකරණයක් සාදා ගත හැකි නම් එය ඉතා වටිනා දෙයක් වනවා...මම පහතින් ඉදිරිපත් කර ඇති පරිපථයෙන් ඔබට එවැනි උපකරණයක් පහසුවෙන් සාදා ගත හැකි වේවි. පාද 14 කින් යුත් LM 709 නමැති IC උපාංගය අනුසාරයෙන් මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා...
මෙම පරිපථයේ Indicator එක වශයෙන් යොදාගන්නේ ද්විත්ව වර්ණ Led බල්බයකි. බැටරියේ වෝල්ටීයතාවය වෝල්ට් 13.5 වඩා වැඩි වූ විට රතුපාටින් Led එක දැල්වෙන අතර, බැටරියේ වෝල්ටීයතාවය වෝල්ට් 10 ට වඩා අඩු වූ විට කොළ පාටින් Led එක දැල්වේ. පරිපථය සාදා ගැනීමෙන් අනතුරුව, 10v පමණ වෝල්ටීයතාවයක් සපයා, පරිපථයේ VR1 ලෙස දක්වා ඇති 10k ප්රෙසෙට් එක කරකවා කොළපාටින් Led එක දැල්වෙන පරිදි සකසා ගන්න.
Dual Colour Led
LM 709 IC උපාංගයේ සාමාන්‍ය පෙනුම සහ එහි පාද හදුනාගන්න ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.
Tuesday, January 14, 2020
Led විදුලි පහන් වලටත් ඩිමර් ස්විචයක්...
සාමාන්‍ය සුත්‍රිකා විදුලි පහන් වලට භාවිතා කරන Dimmer Switch Led විදුලි පහන් වලට භාවිතා කරන්න බෑ කියල ඔබ දන්නවා ඇති. ඉතින් ඒ නිසා ඔන්න මම අරගෙන ආවා Led විදුලි පහන් සදහා භාවිතා කල හැකි Dimmer Switch පරිපථයක්. මෙය IC උපාංග දෙකකින් සමන්විත වනවා. ඉන් එකක් තමයි ඔබ හොදින් දන්නා NE 555 IC උපාංගය. අනෙක් IC උපාංගය සදහා, MC 3061- M, MC 3062- M, MC 3063- M යන IC උපාංග තුනෙන් ඕනෑම IC උපාංගයක් භාවිතා කල හැක. පරිපථයේ ඇති 100k Variable Resistor එක මගින් Led විදුලි පහනේ ආලෝකය අඩු වැඩි කල හැක.
Friday, January 10, 2020
Tuesday, January 7, 2020
FM ට්‍රාන්ස්මිටරයක් සාදමු...
අද මම ඔබට අරගෙන ආවේ තවත් ඉතා කුඩා FM ට්‍රාන්ස්මීටර් පරිපථයක්. 2N 2222 NPN ට්‍රාන්සිස්ටරයක් ආධාරයෙන් මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා වෝල්ට් 3ක විදුලිබලයක් ලබාදීම අවශ්‍ය වනවා. ඒ සදහා බැටරියක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වන අතර, පවර් පැක් එකකින් විදුලිය ලබාදුන හොත්, ගුවන් විදුලි යන්ත්‍රයෙන් හම් එකක් ඇතිවනු ඇත. එයට හේතුව පවර් පැක් එකෙන් ඉතා සුමට ධාරාවක් නොලැබීමයි.
පරිපථයේ ඇති L1 කොයිලය සදහා, 24 SWG කොයිල් කම්බියෙන්, විෂ්කම්භය සෙන්ටිමීටර් එකක් පමණ වනසේ පොටවල් 5 ක් ඔතාගන්න. ඇන්ටනාව සදහා සෙන්ටිමීටර් 25 ක පමණ කොපර් වයරයක් භාවිතා කළ හැක. පරිපථය ප්‍රින්ටඩ් බෝඩ් එකක එකලස් කර ගැනීමෙන් උසස් ප්‍රතිපල ලබාගත හැකි වන අතර කොයිලයේ පොටවල් අතර පරතරය අඩු වැඩි කිරීම මගින්, ඔබට අවශ්‍ය Frequency එක සකසා ගත හැක. මෙම FM ට්‍රාන්ස්මිටරය මීටර් 50 ක් පමණ දුරට ක්‍රියාත්මකවේ.
Sunday, January 5, 2020
ඩිජිටල් වොලියුම් කන්ට්‍රෝල්...
අද මම ඔබට අරගෙන ආවේ Digital Volume Control පරිපථයක්. මෙම Digital Volume Control එක ඕනෑම උපකරණයක දැනට තිබෙන Manual Volume Control එක ඉවත් කර එම ස්ථානයට මෙම Digital Volume Control එක සවි කරන්න පුළුවන්. පරිපථයේ S1 සහ S2 ලෙස සදහන්ව ඇත්තේ පහතින් පෙන්වා ඇති ආකාරයේ Push to On ස්විච් දෙකක්. මෙහි S1 ස්විචය Press කරගෙන සිටින විට Volume එක වැඩි වන අතර, S2 Press කරගෙන සිටින විට Volume එක අඩුවේ. DS 1669 IC උපාංගය යොදා ගෙන නිර්මාණය කර ඇති මෙම පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 5 ක් වේ.
Push to On Switch
Saturday, January 4, 2020
Friday, January 3, 2020
Thursday, January 2, 2020
Subscribe to:
Comments (Atom)




























