Tuesday, January 7, 2020

FM ට්‍රාන්ස්මිටරයක් සාදමු...


අද මම ඔබට අරගෙන ආවේ තවත් ඉතා කුඩා FM ට්‍රාන්ස්මීටර් පරිපථයක්. 2N 2222 NPN ට්‍රාන්සිස්ටරයක් ආධාරයෙන් මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා වෝල්ට් 3ක විදුලිබලයක් ලබාදීම අවශ්‍ය වනවා. ඒ සදහා බැටරියක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වන අතර, පවර් පැක් එකකින් විදුලිය ලබාදුන හොත්, ගුවන් විදුලි යන්ත්‍රයෙන් හම් එකක් ඇතිවනු ඇත. එයට හේතුව පවර් පැක් එකෙන් ඉතා සුමට ධාරාවක් නොලැබීමයි.
පරිපථයේ ඇති L1 කොයිලය සදහා, 24 SWG කොයිල් කම්බියෙන්, විෂ්කම්භය සෙන්ටිමීටර් එකක් පමණ වනසේ පොටවල් 5 ක් ඔතාගන්න. ඇන්ටනාව සදහා සෙන්ටිමීටර් 25 ක පමණ කොපර් වයරයක් භාවිතා කළ හැක. පරිපථය ප්‍රින්ටඩ් බෝඩ් එකක එකලස් කර ගැනීමෙන් උසස් ප්‍රතිපල ලබාගත හැකි වන අතර කොයිලයේ පොටවල් අතර පරතරය අඩු වැඩි කිරීම මගින්, ඔබට අවශ්‍ය Frequency එක සකසා ගත හැක. මෙම FM ට්‍රාන්ස්මිටරය  මීටර් 50 ක් පමණ දුරට ක්‍රියාත්මකවේ.

No comments:

Post a Comment