Sunday, September 1, 2019

සරල බුදුරැස්මාලාවක් සාදමු...


ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල බුදුරැස්මාලා පරිපථයක්. ඒ වගේම මෙම පරිපතය අවම උපාංග ගණනකින් සමන්විත වීමත් විශේෂත්වයක්. තවද, NE 555 සහ CD 4017 නැමති IC උපාංග දෙකකින් සමන්විත මෙම පරිපථයේ Led බල්බ 10 න් එක්වරකට දැල්වෙන්නේ එක බල්බයක් පමණි. ඔබට අවශ්‍ය නම් මෙම සෑම Led බල්බයකටම සමාන්තරගත ලෙස තවත් Led බල්බයක් බැගින් එක්  කල හැක. පරිපථයේ VR යනුවෙන් සදහන් කර ඇත්තේ 100 K Variable Resistor එකකි. මෙය මගින් Led බල්බ දැල්වෙන වේගය පාලනය කල හැක.

අවශ්‍ය උපාංග.

NE 555 IC උපාංග  - 01
CD 4017 IC උපාංග - 01
100 uf Capasitor - 01
1 uf Capasitor - 01
0.010 uf Capasitor - 01
1.5 K Resistor - 01
470 Ohms රෙසිස්ටෝර් -10
100 K Variable Resistor - 01
Led බල්බ 10 ක් හෝ 20 ක්.

 පහත රූප මගින් IC උපාංග දෙකෙහි Pin හදුනාගන්න. 







පරිපථය එකලස් කිරීමෙන් පසු Power Pack එකකින් 12v විදුලි බලයක් සපයන්න. තවද පරිපථයේ පෙන්වා ඇති Capasitors තුනෙහිම කළු පාටින් පාට කර ඇති පාදය - පාදය වේ.  

No comments:

Post a Comment