Saturday, September 28, 2019

ට්‍රාන්ස්ෆෝමරය ගැන දැනගන්න.


අප එදිනෙදා  ජිවිතයේ භාවිතා කරන බොහෝ විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණවල Transformers භාවිතා වනවා. ඉතින් ඉලෙක්ට්‍රොනික් විෂය ගැන උනන්දුවක් දක්වන ඔබට Transformer එකක සැකැස්ම සහ එහි ක්‍රියාකාරිත්වය දැන  සිටීම ඉතා වැදගත් වනවා.Transformers වර්ග දෙකක් තිබෙන අතර පළමු වර්ගය Stepdown  Transfomer ලෙස හදුන්වයි. වැඩි වෝල්ටීයතාවයක් ලබාදී, අඩු  වෝල්ටීයතාවයක් ලබාගන්නා Transformers මෙලෙස හදුන්වයි.

අනෙක් වර්ගය Stepup Transfomer ලෙස හදුන්වයි. අඩු වෝල්ටීයතාවයක් ලබාදී, වැඩි වෝල්ටීයතාවයක් ලබාගන්නා Transformers මෙලෙස හදුන්වනු ලබයි. මෙම කුමන හෝ වර්ගයක හෝ  Transformer ගැන කතා කිරීමේදී, ඕනෑම ට්‍රාන්ස්ෆොර්මරයක් දගර ( Coil ) දෙකකින් සමන්විත වනවා. ඒවා හදුන්වන්නේ ප්‍රථමික දගරය ( Primary Coil ) සහ ද්විතීයික දගරය ( Secondry  Coil ) වශයෙනි.  එනම් ඕනෑම ට්‍රාන්ස්ෆෝමරයක වෝල්ටීයතාවය ලබාදෙනු ලබන්නේ Primary Coil එකට වන අතර ඉන් පිටවන වෝල්යියතාවය ලබාගන්නේ Secondry Coil  එකෙනි.

Stepdown  Transformer එකක Primary Coil එකෙහි පොටවල් ගණන වැඩි අතර Secondry Coil එකෙහි පොටවල් ගණන අඩුවේ.


ඒවාගේම, Stepup Transformer එකක  Primary Coil එකෙහි පොටවල් ගණන අඩු  අතර Secondry Coil එකෙහි පොටවල් ගණන වැඩි වේ.



Thursday, September 19, 2019

ඉතාමත් සරල FM මයික්‍රෆෝනයක් සාදමු...


අදි ඉදිරිපත් කරන මෙම පරිපතයත් සමග, තවත් ගුවන් විදුලි තරංග ආශ්‍රිත පරිපථ කීපයක් ඉදිරියේදී  ඔබට ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වනවා. 2 N 2222 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් පාදක කරගනිමින් නිමවී ඇති මෙම පරිපථයේ ඉතා අවම උපාංග ගණනක් භාවිතා කර ඇති නිසා මෙය ඉතා පහසුවෙන් ඔබට සාදාගැනීමටහැකි වේවි. මෙම FM මයික්‍රෆෝන පරිපතයෙන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම මෙම පරිපථය ප්‍රින්ටඩ් බෝඩ් එකක් මත නිර්මාණය කලයුතු වනවා. පහතින් ඉදිරිපත් කර ඇත්තේ එම පරිපතයයි.


 L 1 කොයිලය සාදාගැනීම.

24 SWG කොයිල් කම්බියෙන් සෙන්ටිමීටර් 1 ක පමණ විශ්කම්භයෙන් යුක්තව පොටවල් පහක් ඔතාගත යුතුවේ.

 පරිපථයේ M 1 ලෙස දක්වා ඇත්තේ Condenser Mic එකකි. මෙම  FM මයික්‍රෆෝන පරිපථය FM  88 - 108 Mhz අතර ක්‍රියාත්මක වන අතර, මයික්‍රෆෝනය ක්‍රියා කරන සංක්යාතය, L 1 කොයිලය හැකිලීම හා දිගහැරීම මගින් වෙනස් කර ගත හැක. පරිපථයේ පෙන්වා ඇති ඇන්ටෙනාව සදහා, 25 cm පමණ දිග වයර් කැබැල්ලක් යොදන්න.  පරිපථය සාදා 3v විදුලියක් සපයා,මයික්‍රෆෝනයෙන් කතා කරමින් FM රේඩියෝවක මීටරය සුසර කරන්න. එවිට යම් ස්ථානයකදී, ඔබ කතා කරන දෑ FM රේඩියෝවෙන් ඇසෙනූ ඇත.

Wednesday, September 18, 2019

USB Led Lamp එකක් සාදමු...


මෙම USB Led Lamp පරිපථය  ඔබට ගොඩක් වැදගත් පරිපථයක් වේවි. රාත්‍රී කාලයේදී ඔබ පරිගණකයේ වැඩ කරන විට, පරිගණකය ඇති කාමරයේ විදුලි පහන නිවා දමා, පරිගණකයෙන් වැඩකිරීමට Keyboard එකට අවශ්‍ය ආලෝකය මෙම USB Led Lamp එක තුලින් ලබා ගන්න පුළුවන්. ඔබට ඉතා හුරු පුරුදු BC 558 ට්‍රාන්සිස්ටරයක් අනුසාරයෙන් මෙම පරිපථය නිර්මාණය වී තිබෙනවා. පහතින් ඉදිරිපත් කර ඇත්තේ මෙම පරිපතයයි.

පරිපථයේ D3 Led ලෙස සදහන්ව ඇත්තේ,පරිගණකයේ USB Port එකට මෙම පරිපථය සවිකලවිට එම සම්බන්ධතාවය ලැබුණු බව අගවන Led බල්බයකි. පරිපථයේ B1 ලෙස සදහන්ව ඇත්තේ, නැවත ආරෝපණය කළහැකි ආකාරයේ නිකල් කැඩ්මියම් බැටරි දෙකකි. එනම් මෙම පරිපථය සාදා පරිගණකයේ USB Port එකට සවිකළ විට මෙම නිකල් කැඩ්මියම් බැටරි දෙක ආරෝපණය වන අතර, පරිපථයේ S1 ලෙස දක්වා ඇති ස්විචය ON කලවිට D4 සහ D5 වශයෙන් සදහන්ව ඇති සුදු පැහැති Led බල්බ දෙක දැල්වේ.. බැටරි ආරෝපණය වී ඇති අවස්ථා වලදී, මෙම පරිපථය පරිගණකයේ USB Port එකෙන් ගලවා  තබා වුවද භාවිතා කල හැක.

USB Port එකට සම්බන්ධතාවය ලබාදීමට Pin හදුනාගැනීම සදහා පහත රුපය උපයෝගී කරගන්න.

BC  558 Transistor
Ni-Cd Battery

Tuesday, September 17, 2019

Led Sound Level Meter...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් Led Sound Level Meter එකක් සාදාගත හැකි පරිපථයකි. මෙම පරිපථය  ප්‍රධාන වශයෙන් LM 3915 IC උපාංගයක් සහ ඔබට  පුරුදු BC 558 ට්‍රාන්සිස්ටරයක් භාවිතා කර තිබෙනවා. මෙම  Led Sound Level Meter පරිපථය සාදා එහි IN PUT යනුවෙන් සදහන් කර ඇති ස්ථානය සහ Earth සලකුණ ඇති ස්ථානය, ඕනෑම ස්පිකරයකට හෝ ඕනෑම ඇම්ප්ලිෆයරයක  IN PUT ස්ථානයකට සවිකළ හැක. පරිපතයට වෝල්ට් 9 ක විදුලි බලයක් ලබා දෙන්න. එවිට ශබ්දයේ තිර්ව තාවය අනුව පරිපථයේ ඇති LED බල්බ 10 දැල්වෙනු ඇත. උසස් තත්වයේ ඇම්ප්ලිෆයර්වල සහ Sound Setup වල ඇත්තේද මේ ආකාරයේ පරිපතයකි.

C1                           2.2uF 25V Electrolytic Capacitor
C2, C3                    0.1uF Ceramic Disc Capacitor
R1, R3                    1K 1/4W Resistor
R2                          10K 1/4W Resistor
R4                          100K 1/4W Resistor
R5                          1M 1/4W Resistor
D1                          1N4001 Silicon Diode
Q1                          BC 558 PNP Transistor
LED1-LED10         Standard LED
U1                          LM3915 Audio Level IC


පරිපථයේ +v යනුවෙන් සදහන් ස්ථාන  කර එම ස්ථානයට + විදුලියත්, පරිපථයේ Earth සලකුණ ඇති ස්ථාන එකට එකතු  කර එම ස්ථානයට ( - ) විදුලියත් ලබාදෙන්න.

 LM 3915 IC උපාංගයේ Pin හදුනාගන්නා ආකාරය.
 BC 558 ටන්සිස්ටරයේ Pin හදුනාගන්නා ආකාරය.   

Sunday, September 15, 2019

ඇන්ටෙනා සහ බූස්ටර් සදහා මැචින් ට්‍රාන්ස්ෆෝමර් ඔතා ගන්නා ආකාරය...


ඇන්ටෙනා සහ බූස්ටර් සෑදීමේදී, ඕම්ස් 75 - 300 බවට හැරවීමටත්, ඕම්ස් 300 - 75 බවට හැරවීමටත්, අපට මැචින් ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කල යුතු වනවා. මෙම මැචින් ට්‍රාන්ස්ෆෝමර් සදා ගැනීමට අවශ්‍ය වන ෆෙරයිට් කෝර් එක සහ කම්බි,අපට වෙළද පොලෙන් මිලට ගත හැකි වුවත්, ගොඩාක් දෙනෙකුට මෙය ඔතා සකස් කරගන්න ආකාරය පිලිබදව නිසි අවබෝධයක් නැහැ. 

ඉතින් එම නිසා, ඇන්ටෙනා සහ බූස්ටර් සදහා මැචින් ට්‍රාන්ස්ෆෝමර් ඔතා ගන්නා ආකාරය මම පහතින් ඔබට ඉදිරිපත් කර තිබෙනවා...

 

Friday, September 13, 2019

ට්‍රාන්සිස්ටර් දෙකක FM ට්‍රාන්ස්මීටර් පරිපථය...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රබල ,එනම් 2N 3904 ට්‍රාන්සිස්ටර් දෙකක් යොදා ගනිමින් සාදා ගත හැකි FM ට්‍රාන්ස්මීටර් පරිපථයක්. මෙම පරිපතයද අනිවාර්යෙන්ම ප්‍රින්ටඩ් බෝඩ් එකක් සාදා ගෙන ඒ මත සාදා ගත යුතු වනවා. මෙය FM 88MHz - 108MHz අතර තරංග කලාපයේ ක්‍රියාත්මක වන අතර, පරිපථයේ ඇති 20pf වේරියබල් කැපසිටරය එක මගින් ඔබට අවශ්‍ය Frequency එක සකසා ගත හැක. පරිපථයේ L1 වශයෙන් සදහන් කොයිලය සදහා 22 SWG කොයිල් කම්බියෙන් මිලිමීටර 6 පමණ විෂ්කම්භය සිටින සේ පොටවල් 6 ක් ඔතා ගත යුතු වන අතර, පරිපථයේ පෙන්වා ඇති ආකාරයට කොයිලයේ දෙකෙළවර මෙන්ම, කොයිලයේ තුන්වන පොටේ ස්ථානයක්ද සුරා එනමලය ඉවත්කර එම ස්ථානයද පරිපතයට සම්බන්ධ කලයුතු වේ. පරිපථය සදහා 9v විදුලි බලයක්  ලබාදෙන්න.පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ එම ට්‍රාන්ස්මීටර් පරිපතයයි.



Variable Capacitor


 කොයිලය සාදා ගන්න ආකාරය..
වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය...

 ට්‍රාන්ස්මීටර් පරිපත ක්‍රියාත්මක කිරීම සදහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වන අතර, මෙම පරිපථය අත්හදාබැලිමට පමණක් සීමාකල යුතුවේ. අනිසි භාවිතය හේතුවෙන් ඇතිවන නීතිමය තත්වයන්ට Prestar Web හෝ එහි කතෘ කිසිදු අයුරකින් වගකීමට බැදී නොමැති බව දන්වනු කැමැත්තෙමි.

Thursday, September 12, 2019

අත්පොඩියක් ගසා නිවසේ විදුලි උපකරණ ක්‍රියාත්මක කරමු... ( Sound Activated Switch )


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, ශබ්දයට සංවේදී ස්විචයක් සාදාගන්න ආකාරයයි. මෙයට Sound Activated Switch එහෙමත් නැත්නම් Clap Switch කියලත් කියනවා.මෙම පරිපථය සාදාගත් පසු පරිපථයේ රිලේ  උපාංගය හරහා ඕනෑම විදුලි උපකරණයක් සවි කර අත්පොඩියක් ගැසූ සැනින් එම විදුලි උපකරණය ON කරන්නත්, නැවත අත්පොඩියක් ගැසූ සැනින් එය OFF කරන්නත් හැකියාව ලැබෙනවා.  CD 4017 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය වී ඇති මෙම පරිපථය, ට්‍රාන්සිස්ටර් තුනකින්ද , කන්ඩෙන්සර් මයික් එකකින්ද සමන්විත වනවා...


අවශ්‍ය උපාංග.

R1,R4=2.2k
R2=1M
R3=220K
R5,R6,=1K
T1,T3= S8050
T2= BC557
ALL DIODES=1N4148
IC1 = 4017
 C1,C4 = 0.22uF
C3=10UF/25V
C2=1uf/25V
RELAY=12V/400 OHM
MIC=ELECTRET CONDENSOR MIC

පරිපථය ක්‍රියාත්මක  කිරීමට 12v  විදුලියක් ලබාදියයුතු අතර, පරිපථයේ Load ලෙස සදහන් සදහන් ස්ථානයට විදුලි උපකරණයක්  සවිකර අත්පොඩි ශබ්දයෙන් එය ක්‍රියාත්මක කිරීමට හැක.

Condenser Mic

මෙම පරිපථය සදහා භාවිතා කරන කන්ඩෙන්සර් මයික් එකක සාමාන්‍ය පෙනුම මම පහතින් පෙන්වා ඇත.මෙය කිසිදු අපහසුවකින් තොරව, ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංග වෙළදසැල් වලින් මිලදී ගත හැක. කන්ඩෙන්සර් මයික් කියා ඉල්ලන්න.

CD 4017 IC

S 8050 Transistor

BC 557 Transistor

Wednesday, September 11, 2019

සැටලයිට් ඇන්ටෙනාවක LNBF එකෙහි කාර්යය...


ඔබට මතක ඇති අප මෙම වෙබ් අඩවිය ආරම්භ කල සමයේ, සැටලයිට් ඇන්ටෙනාවක් සවිකරගෙන, ඉන්දියානු රුපවාහිනී නාලිකා 40 පමණ නරබන ආකාරය මම ඔබට ඉදිරිපත් කලා. වර්තමානයේ ඕනෑම සැටලයිට් ඇන්ටෙනා එකක ප්‍රධානතම උපාංගයක් තමයි LNBF එක කියල කියන්නේ..මම මෙහිදී වර්තමානයේ කියල කිව්වේ අතීතයේ LNBF කියල උපාංගයක් නොතිබුන නිසා. LNBF එක වෙනුවට ඒ කාලයේ තිබුනේ, LNB නම් වූ උපාංගයක් සහ Feeder Horn නම් වූ උපාංගයක් තමයි. Feeder Horne එකේ කාර්ය තමයි සැටලයිට් එකේ සිට ලැබෙන තරංග ග්‍රහණය කරගැනීම. මේ සදහා Feeder Horn එක තුල,සිරස් සහ තිරස් අතට Copper Probe දෙකක් සවිකර තිබෙනවා. ඒ වාගේම LNB එකේ කාර්ය තමයි, Feeder Horn එක මගින් ග්‍රහණය කරගත් තරංග මාලාව Local Frequency එකක් බවට හැරවීම. පහතින් මම ඔබට  ඉදිරිපත් කර තිබෙන්නේ LNB එකක සහ Feeder Horn එකක රුප දෙකකි.

LNB

Feeder Horn

LNB කියලා කෙටියෙන් භාවිතා වන්නේ, Low Noise Block Converter යන්නයි. ඔබට පෙනෙනවා ඇති මෙම LNB එකෙත් Feeder Horn එකෙත් කුඩා සිදුරු සහිත කොටසක් තිබෙන බව. LNB එකත් Feeder Horn එකත් එකට සවි කරනු ලබන්නේ, සිදුරු සහිත කොටස් දෙක එකට තබා ඇන අධාරයෙනුයි.

පසු කාලීනව මෙම LNB කොටසත් Feeder Horn කොටසත් දෙකම එකට එකතු කර තනි උපාංගයක් නිර්මාණය වුනා. එම උපාංගය හැදින්වුයේ LNBF නමිනි. Low Noise Block Converter with Feeder Horn යන්න කෙටි කර LNBF නමින් වර්තමානයේ භාවිතා වනවා. LNB එකෙන් සහ Feeder Horn එකෙන් සිදු වූ කාර්යන් දෙකම දැන් මෙම LNBF උපංගයෙන්  සිදුවනවා.. එනම්,LNBF එකේ කාර්ය වනුයේ සැටලයිට් එක මගින් ලැබෙන තරංග ග්‍රහණය කරගෙන එය Local Frequency එකක් බවට හරවා වයර් මගින් සැටලයිට් රිසීවරයට යොමුකිරීමයි.

සැටලයිට් ඇන්ටෙනා, C Band සැටලයිට් ඇන්ටෙනා සහ Ku Band සැටලයිට් ඇන්ටෙනා ප්‍රධාන  වශයෙන්  කාණ්ඩ දෙකක් වන අතර, සැටලයිට් එකේ සිට සැටලයිට් ඇන්ටෙනාවේ LNBF එකට ලැබෙන තරංග මාලාවේ, Frequency එක පදනම්  කරගෙන මෙම වර්ග කිරීම සිදුකර ඇත. එම නිසා LNBF ද, C Band LNBF සහ Ku Band  LNBF  වර්ග .දෙකකි. පහතින් දක්වා ඇත්තේ, C Band LNBF එකක් සහ Ku Band  LNBF එකකි.

C Band LNBF
C Band LNBF එකකට, සැටලයිට් එකේ සිට ලැබෙන තරංග මාලාව (Down Link එක ) ගිගා හර්ට්ස් 3.7 - 4.2 GHz අතර වන අතර, එහි Local Frequency එක (Out Put Frequency) මෙග හර්ට්ස් 950 - 1750 MHz අතර වේ.

Ku Band LNBF

Ku  Band LNBF එකකට, සැටලයිට් එකේ සිට ලැබෙන තරංග මාලාව (Down Link එක ) ගිගා හර්ට්ස් 10.7 - 13.25 GHz අතර වන අතර, එහි Local Frequency එක (Out Put Frequency) මෙග හර්ට්ස් 975 - 10500 MHz අතර වේ.

Tuesday, September 10, 2019

Running Led Bulb System...


Led බල්බ හයකින් සමන්විත මෙම පරිපථය ක්‍රියාත්මක වන විට,බල්බ හය ගමන් කරන ආකාරයට දැල්වෙනවා. ඔබට ඉතා හුරු පුරුදු, NE 555 සහ CD 4017 IC උපාංග දෙකකින් සමන්විත මෙම පරිපථය, ක්‍රියාත්මක කිරීම සදහා වෝල්ට් 6 සිට වෝල්ට් 9 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබා දිය හැක.


පරිපථයේ රෙසිස්ටර් වල 100R සහ 220R යනුවෙන් සදහන්ව ඇති බව ඔබට පෙනෙනවා ඇති. 100R යනුවෙන් සදහන්ව ඇත්තේ 100 Ohms වන අතර 220R යනුවෙන් සදහන්ව ඇත්තේ 220 Ohms බව ඔබ වැටහ ගත යුතුයි. තවද පරිපථයේ 2u2 ලෙස සදහන්ව ඇත්තේ, 2.2uf ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සරයකි. NE 555 සහ CD 4017 IC උපාංග වල Pin හදුනාගන්න ආකාරය මිට කලින් ලිපි වලදී ඉදිරිපත්කර ඇති නිසා නැවත ඒවා ඉදිරිපත් නොකරමි. 

Monday, September 9, 2019

Led විදුලි පහන් වල දෝෂ සෙවීම සහ අලුත්වැඩියා කිරීම...


Led විදුලි පහන් නිෂ්පාදනය කරන ඔබ, ඒවා දෝෂ සොයා අලුත්වැඩියා කරන ආකාරයත්  දැනසිටීම ඉතා වැදගත් වනවා.. Led විදුලි පහන් භාවිතයේ ඇති තවත් වාසියක් තමයි, අනෙකුත් විදුලිපහන් වගේ අක්‍රිය වූ විට එය ඉවත දමන්න අවශ්‍ය නොවීම. Led විදුලි පහන් අලුත්වැඩියා කරමින් දීර්ග කාලීනව භාවිතා කරන්න පුළුවන්.
 Led විදුලි පහනක දෝෂ දෙකක් දකින්න පුළුවන්.
(1) විදුලි පහන නොදැල්වී  තිබීම.
(2) විදුලි පහන නිවි නිවී දැල්වීම.
මෙම දෝෂ දෙකම ඇලුමිනියම් හවුසින් එක සහිත 1W Led සහ Driver යොදා සාදන ලද විදුලි පහන් වලට මෙන්ම, ප්ලාස්ටික් හවුසින් එක සහිත SMD බල්බ සහ Capacitor යොදා සාදන ලද විදුලි පහන් වලටද පොදු වේ.
විදුලි පහන නොදැල්වේ නම් පළමුවෙන්ම එහි ඇති බල්බ පරීක්ෂා  කල යුතුවේ. බල්බ සවි වී ඇත්තේ Series ක්‍රමයට නිසා එක බල්බයක් පිලිස්සී ගියද විදුලි පහන අක්‍රිය වේ. ඔබ දැන් මල්ටිමිටරය භාවිතා කිරීමට දන්නා නිසා මල්ටිමිටරයෙන් මෙම බල්බ ඉතා පහසුවෙන් පරීක්ෂා කරන්න පුළුවන්. මල්ටිමිටරය ඕම්ස් මනින පරාසයට යොමුකර සෑම  Led බල්බයකම  + අග්‍රයට සහ (-) අග්‍රයට මල්ටිමිටරයේ වයර් දෙක තම පරීක්ෂා  කරන්න. මල්ටිමිටරය ඕම්ස් මනින පරාසයට යොමුකළ විට මල්ටිමිටරයේ රතු වයරය (-) ලෙස ක්‍රියා කරන අතර, මල්ටිමිටරයේ කළු වයරය + ලෙස ක්‍රියා කරයි. එම නිසා බල්බයේ + අග්‍රයට මල්ටිමිටරයේ කළු වයරයත්, බල්බයේ (-) අග්‍රයට මල්ටිමිටරයේ රතු වයරයත් තැබූ විට එම බල්බය දැල්වේ. එසේ නොදැල්වෙනම් එම බල්බය පිලිස්සී ඇත. ඒ ආකාරයට විදුලි පහනේ ඇති සෑම බල්බයක්ම පරික්ෂා කලයුතුවේ. එවිට පිලිස්සී ඇති බල්බ ගලවා අලුත් බල්බ එම ස්ථාන වලට පාස්සන්න.

 යම් විදුලි පහනක් නිවී නිවී දැල්වේනම්, විදුලි පහනේ ඇති එක බල්බයක් ඇතුලතින් විටෙක සන්ධි වීමත්, විටෙක විසන්ධි වීමත් සිදුවේ. මෙවැනි බල්බද මල්ටිමිටරයෙන් පරික්ෂා  කර සොයා ගත හැක. මල්ටිමිටරයෙන් බල්බ එකින් එක පරික්ෂා කිරීමේදී, සෑම බල්බයක්ම එක සමාන ආලෝකයක් ලබාදෙන අතර, එක බල්බයක් හෝ අඩු ආලෝකයකින් දැල්වේනම්, දෝෂ සහිත බල්බය වන්නේ එම බල්බයයි. එවිට එම බල්බය සදහා අලුත් බල්බයක් යොදන්න.
ඇලුමිනියම් හවුසින් එක සහිත 1W Led සහ Driver යොදා සාදන ලද විදුලි පහන් වල බල්බ වල දෝෂයක් නොමැති නම් දෝෂය ඇත්තේ ඩ්‍රයිවරයේය. එවිට එය අලුතෙන් යෙදීම සිදුකල යුතුවේ.
ප්ලාස්ටික් හවුසින් එක සහිත SMD බල්බ සහ Capacitor යොදා සාදන ලද විදුලි පහන් වල බල්බ වල දෝෂයක් නොමැති නම් දෝෂය ඇත්තේ එහි ඇති Electrolytic Condenser එකේ හෝ Fixed Capacitor  එකේ වේ. එවැනි අවස්ථා වල  Electrolytic Condenser එක සහ Fixed Capacitor එක යන දෙකම  අලුතෙන් යෙදීම සිදුකල යුතුවේ.          

Sunday, September 8, 2019

Led ටියුබ් ලයිට් එකලස් කිරීම...


පැරණි ටියුබ් ලයිට් වෙනුවට දැන් ඔබටත් පුළුවන් Led ටියුබ් ලයිට් එකලස් කරගන්න. මෙම Led ටියුබ් ලයිට්, පැරණි ටියුබ් ලයිට් වගේම අඩි 2 සහ 4 වශයෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මෙම Led ටියුබ් ලයිට් වලට Driver එකකුත් ඔබ මිලදී ගන්න ඕන. තවද ඔබ Driver එක මිලදී ගැනීමේදී,ඔබ මිලට ගත් Led ටියුබ් ලයිට් එකට ගැලපෙන Driver එකක් ගැනීම සැලකිලිමත් වෙන්න ඕන. පහතින් මම ඉදිරිපත් කරලා තිබෙන්නේ එම Led ටියුබ් ලයිට් එක එකලස් කරගන්න ආකාරයයි.
 
 
 
මෙම Led ටියුබ් ලයිට් සහ Led  ටියුබ් ලයිට් Drivers පහත සදහන් ආයතනයෙන් ඔබට මිලදී ගන්න පුළුවන්.
 
Digital Electronics,
2nd Floor,
Wickrama Plaza Building,
Colombo 11.
Tel. 011 2321710

Friday, September 6, 2019

5 Band Graphic Equalizer එකක් සාදමු...


ඉතින් අද මම අරගෙන ආවේ 5 Band Graphic Equalizer සර්කිට් එකක්. ඇම්ප්ලිෆයර් එකකින් පිටවන ශබ්දය ඒ ඒ සංඛයාත පරාසයන්ට  අනුව සකසා ගුණාත්මක බැවින් ඉතා උසස් ශබ්දයක් මෙමගින් ලබාගන්න පුළුවන්. Pin 16 කින් යුතු LA 3600 නම් වූ IC උපාංගය පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය වී තිබෙනවා..මෙම පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා  වෝල්ට් 9 සිට වෝල්ට් 12 දක්වා වූ විදුලියක් සැපයිය යුතු වනවා. Vcc යනුවෙන් සදහන් ස්ථානයට + විදුලියත්, Earth සලකුණු යොදා ඇති සෑම ස්ථානයක්ම එකට එකතුකර එම ස්ථානයට (-) විදුලියත් ලබා දෙන්න. පහතින් දක්වා ඇත්තේ එම පරිපතයයි.

පරිපථයේ Audio In යනුවෙන් සදහන් ස්ථානයට ඔබ ශබ්දය සපයන Radio හෝ CD Player එක සවි කරන්න. ඉන්පසු පරිපථයේ Audio Out ස්ථානය ඇම්ප්ලිෆයර් එකකට සවිකරන්න.පරිපථයේ ඇති R1 සිට R5 දක්වා ඇති 100K කන්ට්‍රෝලර් මගින් අවශ්‍ය සංඛයාත පරාසයන් සකසා තබන්න.

මෙම පරිපථයේ ඇති R1 සිට R5 දක්වා ඇති 100K කන්ට්‍රෝලර් සදහා, කරකවන ඒවා වෙනුවට පහත රුප මගින් පෙන්වා ඇති ආකාරයේ Slide Controllers වුවද භාවිතා කල හැක.


LA 3600 නම් වූ IC උපාංගයේ Pin හදුනා ගන්න ආකාරය පහත රුපය මගින් ඉදිරිපත්කර ඇත.